15. නවපුරාණවග්ගො අට්ඨකථා
15. නවපුරාණ වර්ගය
1. කම්මසුත්තවණ්ණනා
1. කම්ම සූත්‍ර වර්ණනාව
නවපුරාණවග්ගස්ස පඨමෙ නවපුරාණානීති නවානි ච පුරාණානි ච. චක්ඛු, භික්ඛවෙ, පුරාණකම්මන්ති න චක්ඛු පුරාණං, කම්මමෙව පුරාණං, කම්මතො පන නිබ්බත්තත්තා පච්චයනාමෙන එවං වුත්තං. අභිසඞ්ඛතන්ති පච්චයෙහි අභිසමාගන්ත්වා කතං. අභිසඤ්චෙතයිතන්ති චෙතනාය පකප්පිතං. වෙදනියං දට්ඨබ්බන්ති වෙදනාය වත්ථූති පස්සිතබ්බං. නිරොධා විමුත්තිං ඵුසතීති ඉමස්ස තිවිධස්ස කම්මස්ස නිරොධෙන විමුත්තිං ඵුසති. අයං වුච්චතීති අයං තස්සා විමුත්තියා ආරම්මණභූතො නිරොධො කම්මනිරොධොති වුච්චති. ඉති ඉමස්මිං සුත්තෙ පුබ්බභාගවිපස්සනා කථිතා.
නව පුරාණ වර්ගයේ පළමුවැන්නෙහි නවපුරාණාති නවීන වූ ද, පැරණි වූ ද. චක්ඛුං භික්ඛවෙ පුරාණ කම්මං - ඇස පුරාණ නොවේ. කර්මයම පුරාණ වේ. කර්මයෙන්ම නිපන් බැවින් හේතුවේ නාමයෙන් මෙසේ කියන ලදී. අභිසඞ්ඛතං = හේතූන් විසින් උසස් ලෙසින් කරන ලද අභිසඤ්චෙතයිතං = චේතනාව විසින් පිළියෙළ කරන ලද වෙදනීයං දට්ඨබ්බං = වේදනාව සඳහා හේතුවන වස්තුවක් යයි දැකිය යුතුය. නිරොධා විමුත්තිං ඵුසති = මේ තුන් ආකාරවු කර්මයන්ගේ නිරුද්ධ වීමෙන් විමුක්තිය අවබෝධ වේ. අයංවුච්චති = එම විමුක්තියෙහි අරමුණ වු මෙම නිරෝධය කර්ම නිරෝධය යයි කියනු ලැබේ. මෙසේ මේ සූත්‍රයෙහි මුල් කොටසෙහි විස්තර කියන ලදී.
2-5. සප්පායසුත්තාදිවණ්ණනා
2-5. සප්පාය ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ නිබ්බානසප්පායන්ති නිබ්බානස්ස සප්පායං උපකාරපටිපදං. තතියාදීසුපි එසෙව නයො. පටිපාටියා පන චතූසුපි එතෙසු සුත්තෙසු සහ විපස්සනාය චත්තාරො මග්ගා කථිතා.
දෙවැන්නෙහි - නිබ්බාණ සප්පායං = නිවනට හේතු වන්නා වූ, උපකාරී වන පිළිවෙත තුන්වැන්න ආදියෙහි ද මේ පිළිවෙළමය. අනු පිළිවෙළින් මේ සූත්‍ර සතරෙහි ම විදර්ශනාව සමග මාර්ග සතර ගැන කියන ලදී.
6-7. අන්තෙවාසිකසුත්තාදිවණ්ණනා
6-7. අන්තෙවාසික ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨෙ අනන්තෙවාසිකන්ති අන්තො වසනකකිලෙසවිරහිතං. අනාචරියකන්ති ආචරණකකිලෙසවිරහිතං. අන්තස්ස වසන්තීති අන්තො අස්ස වසන්ති. තෙ නං සමුදාචරන්තීති තෙ එතං අධිභවන්ති අජ්ඣොත්ථරන්ති සික්ඛාපෙන්ති වා. “එවං වෙජ්ජකම්මං කරොහි, එවං දූතකම්ම”න්ති ඉති සික්ඛාපනසඞ්ඛාතෙන සමුදාචරණත්ථෙනස්ස තෙ ආචරියා නාම හොන්ති, තෙහි ආචරියෙහි සාචරියකොති වුච්චති. සෙසමෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. සත්තමං හෙට්ඨා කථිතනයමෙව.
සය වැන්නෙහි - අනන්තෙ වාසිකං = අභ්‍යන්තරයෙහි කෙලෙස් රහිත අනාචරියකං = එක්ව හැසිරෙන කෙළෙස් රහිත. අන්තස්ස වසන්ති = මොහුගේ අභ්‍යන්තරයෙහි වසති තෙ නං සමුදා චරන්ති = ඔව්හු එය මැඩ පවත්වති, වසා ගෙන සිටිති, හෝ හික්මවති. මෙසේ වෙදකම කරව, මෙසේ දුත කර්ම කරව යන ආදී ලෙසින් හික්මවීම් වශයෙන් නිතර හැසිරෙන නිසා ඔව්හු ආචාර්යවරු නම් වෙති. ඒ ආචාර්යවරුන් නිසා “සාචරියක” (හෙවත් ආචාර්යවරුන් සහිත) යනුවෙන් කියනු ලැබේ. සෙස්ස මෙහි කියන ලද පිළිවෙලින්ම දත යුත්තේය. සත්වැන්න යට කියන ලද පරිදිම වේ.
8. අත්ථිනුඛොපරියායසුත්තවණ්ණනා
8. අත්ථිනුඛොපරියාය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ යං පරියායං ආගම්මාති යං කාරණං ආගම්ම. අඤ්ඤත්රෙව සද්ධායාති විනා සද්ධාය සද්ධං අපනෙත්වා. එත්ථ ච සද්ධාති න පච්චක්ඛා සද්ධා. යො පන පරස්ස එවං කිර එවං කිරාති කථෙන්තස්ස සුත්වා උප්පන්නො සද්දහනාකාරො, තං සන්ධායෙතං වුත්තං. රුචිආදීසුපි රුචාපෙත්වා ඛමාපෙත්වා අත්ථෙතන්ති ගහණාකාරො රුචි නාම, එවං කිර භවිස්සතීති අනුස්සවනං අනුස්සවො, නිසීදිත්වා එකං කාරණං චින්තෙන්තස්ස කාරණං උපට්ඨාති, එවං උපට්ඨිතස්ස අත්ථෙතන්ති ගහණං ආකාරපරිවිතක්කො නාම, කාරණවිතක්කොති අත්ථො. කාරණං චින්තෙන්තස්ස පාපිකා ලද්ධි උප්පජ්ජති, තං අත්ථෙසාති ගහණාකාරො දිට්ඨිනිජ්ඣානක්ඛන්ති නාම. අඤ්ඤං බ්යාකරෙය්යාති ඉමානි පඤ්ච ඨානානි මුඤ්චිත්වා අරහත්තං බ්යාකරෙය්ය. ඉමස්මිං සුත්තෙ සෙඛාසෙඛානං පච්චවෙක්ඛණා කථිතා.
අට වැන්නෙහි - යං පරියායං අගම්මා = යම් කරුණකට පැමිණ අඤ්ඤත්රෙව සද්ධාය = විශ්වාසයෙන් තොරව, විශ්වාසය ඉවත් කොට මෙහිදී “සද්ධා” යනු ප්රත්යක්ෂ විශ්වාසය නොවේ. යමකු “මෙසේ වන්නේ” යනුවෙන් තවත් අයකු හට කියූ දෙයක් අසා එය විශ්වාසයට ගැනීම පිළිබඳව මෙය කියන ලදී. රුචි ආදියෙහි දී රුචි කරවා කමා කරවා යන අර්ථ ග්‍රහණය වූ ආකාරය රුචි නම් වේ. මෙසේ “සිදු වන්නේ ල” යනුවෙන් අසන්නට ලැබීම අනුස්සව වේ. හිඳගෙන එක් කරුණක් සිතන්නහුට කරුණ වැටහේ. මෙසේ වැටහීම ලැබුවහුට මෙය අර්ථය යයි ග්‍රහණය වීම ආකාර පරිවිතක්කො නම් වේ. කරුණු පිළිබඳව කල්පනා කිරීම යන අර්ථයයි. හිඳගෙන කල්පනා කරන්නාහුට පාපී සිතුවිලි උපදී. එහි අර්ථය මෙසේ යයි ග්‍රහණය කරගන්නා ආකාරය දිට්ඨිනිජ්ඣා නක්ඛන්ති (හෙවත් විවිධ දෘෂ්ටීන් ඉවසා සිටීම) නම් වේ. අඤ්ඤං බ්යාකරෙය්ය = මේ පස්වැදෑරුම් කරුණු ඉවත් කොට රහත්බව ප්‍රකාශ කරන්නේය. මේ සූත්‍රයෙහි පුහුදුන් අයගේ හා රහතුන්ගේ ප්රත්යවේක්ෂණය (හෙවත් නුවණින් සලකා බලන ආකාරය කියන ලදී.
9-10. ඉන්ද්රියසම්පන්නසුත්තාදිවණ්ණනා
9-10. ඉන්ද්රියසම්පන්න ආදි සූත්‍ර වර්ණනා
නවමෙ ඉන්ද්රියසම්පන්නොති පරිපුණ්ණින්ද්රියො. තත්ථ යෙන ඡ ඉන්ද්රියානි සම්මසිත්වා අරහත්තං පත්තං, සො තෙහි නිබ්බිසෙවනෙහි ඉන්ද්රියෙහි සමන්නාගතත්තා, චක්ඛාදීනි වා ඡ ඉන්ද්රියානි සම්මසන්තස්ස උප්පන්නෙහි සද්ධාදීහි ඉන්ද්රියෙහි සමන්නාගතත්තා පරිපුණ්ණින්ද්රියො නාම හොති, තං සන්ධාය භගවා චක්ඛුන්ද්රියෙ චෙතිආදිනා නයෙන දෙසනං විත්ථාරෙත්වා එත්තාවතා ඛො භික්ඛු ඉන්ද්රියසම්පන්නො හොතීති ආහ. දසමං හෙට්ඨා වුත්තනයමෙවාති.
නව වැන්නෙහි - ඉන්ද්රිය සම්පන්නො = පිරිපුන් ඉඳුරන් ඇත්තේ. එහි - යමකු විසින් ඉන්ද්රියයන් සය විමසා බලා රහත් බවට පත් වූයේ ද, හෙතෙම තමාට සුවය නො සොයන ඉන්ද්රියයන්ගෙන් යුක්ත බැවින් ද, ඇස් ආදී වූ ඉඳුරන් සය විමසා බලන ඔහු (ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යනුවෙන් හැඳින්වෙන) උපන් ශ්‍රද්ධා ආදී ඉන්ද්රියයන්ගෙන් යුක්ත බැවින් ද “පරිපුණ්ණින්ද්රිය (පිරිපුන් ඉඳුරන් ඇත්තේ) නම් වෙයි. ඒ සඳහා ඔහුට භාග්‍යවතුන් වහන්සේ චක්ඛුන්ද්රියෙව යන ආදී පිළිවෙළින් දේසනාව විස්තර කොට එත්තාවතා ඛො භික්ඛු ඉන්ද්රිය සම්පන්නො හොති හෙවත් භික්ෂු තෙමේ මේ පමණකින් ඉන්ද්රිය සම්පන්න වේයයි වදාළහ. දසවැන්න යට කියන ලද පිළිවෙළ අනුවම වන්නේය.
නවපුරාණවග්ගො පඤ්චදසමො.
පස්වන නව පුරාණ වර්ගය නිමියේය.
තතියො පණ්ණාසකො.
තෙවන පණ්ණාසකය සමාප්තයි.