අත්ථිනුඛොපරියායසුත්තං
1. 15. 8.
1. 15. 8.
අත්ථිනුඛොපරියායසුත්තං
අත්ථිනුඛොපරියාය සූත්‍රය
153. සාවත්ථියං–
153. සැවැත්නුවර–
අත්ථි නු ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය, අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරෙය්ය: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති?
මහණෙනි, මහණ තෙමේ යම් කරුණකට පැමිණ ඇදහීමෙන් තොර ව ම රුචියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇද්දැ?යි.
භගවම්මූලකා නො භන්තෙ, ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. අයැදිමි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
අත්ථි භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරෙය්ය: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති:
මහණෙනි, මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇත. මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් එබඳු කරුණ කවරේ ද යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති, අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති: යන්තං භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති, අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති: අපි නු මෙ භික්ඛවෙ, ධම්මා සද්ධාය වා වෙදිතබ්බා, රුචියා වා වෙදිතබ්බා, අනුස්සවෙන වා වෙදිතබ්බා, ආකාරපරිවිතක්කෙන වා වෙදිතබ්බා, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා වා වෙදිතබ්බා? නො හෙතං භන්තෙ, නනු මෙ භික්ඛවෙ, ධම්මා පඤ්ඤාය දිස්වා වෙදිතබ්බාති? එවම්භන්තෙ.
මහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද; මහණෙනි, මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දතයුත්තාහු ද රිසියෙන් හෝ දතයුත්තාහු ද ඇසීමෙන් හෝ දතයුත්තාහු ද, අයුරු සැලකීමෙන් හෝ දතයුත්තාහු ද, ලබ්ධි විසින් ගැනුමෙන් හෝ දතයුත්තාහු දැ?යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේය.
අයං ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් මේ ඒ කරුණ යි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා සන්තං වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති, අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති. යන්තං භික්ඛවෙ, භික්ඛු මනසා ධ්මමං විඤ්ඤාය සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති. අපි නු ඛො මෙ භික්ඛවෙ, ධම්මා සද්ධාය වා වෙදිතබ්බා -පෙ- දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා වා වෙදිතබ්බාති? නොහෙතං භන්තෙ. නනු මෙ භික්ඛවෙ, ධම්මා පඤ්ඤාය දිස්වා වෙදිතබ්බාති? එවම්භන්තෙ.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද, මහණෙනි, මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දත යුත්තාහු ද ... ලබ්ධි විසින් ගැනීමෙන් හෝ දත යුත්තාහු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේ ය.
අයම්පි ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම රිසියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කෙරේ නම් මෙ ද ඒ කරුණ යි.