ඉන්ද්රියසම්පන්නසුත්තං
1. 15. 9.
1. 15. 9.
ඉන්ද්රියසම්පන්නසුත්තං
ඉන්ද්රියසම්පන්න සූත්‍රය
154. සාවත්ථියං–
154. සැවැත්නුවර–
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉන්ද්රියසම්පන්නො, ඉන්ද්රියසම්පන්නොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ඉන්ද්රියසම්පන්නො හොතීති?
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ඉන්ද්රියසම්පන්න ය, ඉන්ද්රියසම්පන්න ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්ද්රියසම්පන්න වේ දැ? යි.
චක්ඛුන්ද්රියෙ චෙ භික්ඛු, උදයබ්බයානුපස්සී විහරන්තො චක්ඛුන්ද්රියෙ නිබ්බින්දති -පෙ- සොතින්ද්රියෙ -පෙ- ඝානින්ද්රයෙ -පෙ- ජිව්හින්ද්රියෙ -පෙ- කායින්ද්රියෙ -පෙ- මනින්ද්රියෙ චෙ භික්ඛු උදයව්යයානුපස්සී විහරන්තො මනින්ද්රියෙ නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. එත්තාවතා ඛො භික්ඛු ඉන්ද්රියසම්පන්නො හොතීති.
මහණ, ඉදින් චක්ඛුන්‍ද්‍රියයෙහි උදයව්‍යය අනුව දකිමින් වෙසෙන්නේ චක්ඛුන්‍ද්‍රියයෙහි කලකිරේ ද ... සෝතින්‍ද්‍රියයෙහි ... ඝානින්‍ද්‍රියයෙහි ... ජිව්හින්ද්රියයෙහි ... කායින්ද්රියයෙහි ... මහණ, ඉදින් මනින්ද්රියයෙහි උදයව්‍යය අනුව දකිමින් වෙසෙන්නේ මනින්ද්රියයෙහි කලකිරේ ද, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණ, මෙතෙකින් ඉන්ද්රියසම්පන්න වේ යි.