16. නන්දික්ඛයවග්ගො අට්ඨකථා
16. නන්දික්ඛය වර්ගය
1-4. අජ්ඣත්තනන්දික්ඛයඅනිච්චසුත්තාදිවණ්ණනා
1-4. අජ්ඣත්තනන්දික්ඛය අනිච්ච ආදි සූත්ර වර්ණනා
නන්දික්ඛයවග්ගස්ස පඨමෙ නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයොති නන්දියා ච රාගස්ස ච අත්ථතො එකත්තා වුත්තං. සුවිමුත්තන්ති අරහත්තඵලවිමුත්තිවසෙන සුට්ඨු විමුත්තං. සෙසමෙත්ථ දුතියාදීසු ච උත්තානමෙව.
නන්දික්ඛය වරගයේ පළමු වැන්නෙහි නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො = “නන්දි” යන්නේද “රාග” යන්නේද අරුත් වශයෙන් ඇත්තේ එකක් යයි කියන ලදී. සුවිමුත්තං = අර්හත් ඵල විමුක්ති වශයෙන් “සුට්ඨු විමුත්තං” යන පදයන්හි අරුත් දෙන සේ “සුවිමුත්ත” යි සෑදී ඇත. මෙහි දෙවැන්න ආදියෙහි සෙස්සද පහසු වන්නේ ය.
5-6. සමාධිසුත්තාදිවණ්ණනා
5-6. සමාධි ආදි සූත්ර වර්ණනා
පඤ්චමං සමාධිවිකලානං, ඡට්ඨං පටිසල්ලානවිකලානං චිත්තෙකග්ගතඤ්ච කායවිවෙකඤ්ච ලභන්තානං එතෙසං කම්මට්ඨානං ඵාතිං ගමිස්සතීති ඤත්වා කථිතං. තත්ථ ඔක්ඛායතීති (පච්චක්ඛායති) පඤ්ඤායති පාකටං හොති. ඉති ද්වීසුපි එතෙසු සහ විපස්සනාය චත්තාරො මග්ගා කථිතා.
පස්වැන්න සමාධියේ ඌනතාවයක් ඇති අය පිළිබඳව වේ. සය වැන්න සමවත් විවේකයෙහි ඌනතාවයක් ඇති, සිතෙහි එකඟතාවයද, කයෙහි විවේකය ද ලබන මොවුන්ගේ කමටහන් වර්ධනය වන්නේයයි දැන කියන ලදී. එහි, ඔක්ඛායති යනු පෙනෙයි, ප්රකට වෙයි යන අරුත් දෙයි. මෙසේ මේ දෙකෙහිම විදර්ශනාව සමග සතර මඟ කියන ලදී.
7-9. කොට්ඨිතඅනිච්චසුත්තාදිවණ්ණනා
7-9. කොට්ඨිත අනිච්ච ආදි සූත්ර වර්ණනා
සත්තමාදීසු තීසු ථෙරස්ස විමුත්තිපරිපාචනියා ධම්මාව කථිතා.
සත් වැන්න ආදී සූත්ර තුනෙහි තෙරුන්ගේ විමුක්තිය මේරීමට පත් කරවන්නාවූ ධර්මයෝද කියන ලදහ.
10-12. මිච්ඡාදිට්ඨිප්පහානසුත්තාදිවණ්ණනා
10-12. මිච්ඡාදිට්ඨිප්පහාන ආදි සූත්ර වර්ණනා
දසමාදීනි තීණි පාටියෙක්කෙන පුග්ගලජ්ඣාසයවසෙන වුත්තානි. තෙසං අත්ථො වුත්තනයෙනෙව වෙදිතබ්බොති.
දසවැන්න ආදීසූත්ර තුන වෙන් වෙන් ව පුද්ගල අදහස් වශයෙන් කියන ලදී. ඒවායේ අරුත් පෙර කියන ලද පිළිවෙළටම දත යුත්තේ වෙයි.
නන්දික්ඛයවග්ගො සොලසමො.
පළමුවන නන්දික්ඛය වග්ගය නිමියේය.