සමාධිසුත්තං
1. 16. 5.
1. 16. 5.
සමාධිසුත්තං
සමාධි සූත්‍රය
160. එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකම්බවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති; භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච: සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතස්ස භික්ඛවෙ භික්ඛුනො යථාභූතං ඔක්ඛායති. කිඤ්ච යථාභූතං ඔක්ඛායති:
160. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහෙයි. කිමෙක් තතු සේ වැටහේ ද යත්:
චක්ඛුං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, රූපා අනිච්චාති යථාභූතං ඔක්ඛායති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති; සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, ධම්මා අනිච්චාති යථාභූතං ඔක්ඛායති, මනොවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, මනොසම්ඵස්සො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති. සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතස්ස භික්ඛවෙ භික්ඛුනො යථාභූතං ඔක්ඛායතීති.
ඇස අනිසැ යි තතු සේ වැටහෙයි. රූ අනිසහ යි තතු සේ වැටහෙයි. චක්ෂුර්විඥානය අනිසැ යි තතු සේ වැටහෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ වැටහේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද, හෙ ද අනිසැ යි තතු සේ වැටහේ. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතු සේ වැටහේ. දහම් අනිසැ යි තතු සේ වැටහේ. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතු සේ වැටහේ . මනපහස අනිසැ යි තතු සේ වැටහේ. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද, අනිසැ යි තතු සේ වැටහේ. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහේ යි.