පටිසල‍්ලානසුත‍්තං
1. 16. 6.
1. 16. 6.
පටිසල‍්ලානසුත‍්තං
පටිසල්ලාන සූත්‍රය
161. එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකම‍්බවනෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති -පෙ- පටිසල‍්ලානෙ භික‍්ඛවෙ යොගමාපජ‍්ජථ පතිසල‍්ලීනස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො යථාභූතං ඔක‍්ඛායති කිඤ‍්ච යථාභූතං ඔක‍්ඛායති:
161. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණහට තතු සේ පෙනෙයි. කිමෙක් තතු සේ පෙනේ ද යත්:
චක‍්ඛුං අනිච‍්චන‍්ති යථාභූතං ඔක‍්ඛායති, රූපා අනිච‍්චාති යථාභූතං ඔක‍්ඛායති, චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං ඔක‍්ඛායති, චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං ඔක‍්ඛායති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං ඔක‍්ඛායති.
ඇස අනිසැ යි තතු සේ පෙනෙයි. රූප අනිසහ යි තතු සේ පෙනෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ පෙනෙයි.
සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනිච‍්චොති යථාභූතං ඔක‍්ඛායති, ධම‍්මා අනිච‍්චාති යථාභූතං ඔක‍්ඛායති. මනොවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං ඔක‍්ඛායති. මනොසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං ඔක‍්ඛායති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං ඔක‍්ඛායති. පටිසල‍්ලානෙ භික‍්ඛවෙ, යොගමාපජ‍්ජථ. පටිසල‍්ලීනස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො යථාභූතං ඔක‍්ඛායතීති.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතුසේ පෙනේ. දහම් අනිසහ යි තතුසේ පෙනෙයි. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද හෙ ද අනිසැ යි තතුසේ පෙනෙයි. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි විවේකයෙන් යුත් මහණහට තත්වූ පරිද්දෙන් පෙනේ යි.