යෙදුමෙන් කියවන්න

කොට‍්ඨිතඅනිච‍්චසුත‍්තං

1. 16. 7.

1. 16. 7.

කොට‍්ඨිතඅනිච‍්චසුත‍්තං

කොට්ඨිත අනිච්ච සූත්‍රය

162. අථ ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

162. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේසනා කරන සේක්වා යි.

යං ඛො කොට‍්ඨිත අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො: කිඤ‍්ච කොට‍්ඨිත අනිච‍්චං, චක‍්ඛුං ඛො කොට‍්ඨිත අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. රූපා අනිච‍්චා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො.

කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනිස වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රූප අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.

සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා අනිච‍්චා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. රසා අනිච‍්චා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං ජිව‍්හා සම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො.

කන ... නැහැය ... දිව අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රස අනිස ය ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.

කායො -පෙ- මනො අනිච‍්චො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො; ධම‍්මා අනිච‍්චා -පෙ- මනොවිඤ‍්ඤාණං අනිච‍්චං -පෙ- මනොසම‍්ඵස‍්සො අනිච‍්චො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්ස පච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යං ඛො කොට‍්ඨිත, අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බොති.

කය ... සිත අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනිස ය ... මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහිලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.