කොට්ඨිත දුක‍්ඛ සුත‍්තං
1. 16. 8.
1. 16. 8.
කොට‍්ඨිත දුක‍්ඛ සුත‍්තං
කොට්ඨිතදුක්ඛ සූත්‍රය
163. සාවත්‍ථියං–
163. සැවැත්නුවර–
එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා -පෙ- විහරෙය්‍යන‍්ති. යං ඛො කොට‍්ඨිත දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. කිඤ‍්ච කොට‍්ඨිත, දුක‍්ඛං: චක‍්ඛුං ඛො කොට‍්ඨිත දුක‍්ඛං. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. රූපා දුක‍්ඛා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. චක‍්ඛුවිඤ‍්ඤාණං දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. චක‍්ඛුසම‍්ඵස‍්සො දුක‍්ඛො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො;
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්ව” යි. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිත, කිමෙක් දුක් වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුත්තේ ය. රූපයෝ දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
සොතං දුක‍්ඛං -පෙ- ඝානං දුක‍්ඛං -පෙ- ජිව‍්හා දුක‍්ඛා -පෙ- කායො දුක‍්ඛො -පෙ- මනො දුක‍්ඛො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. ධම‍්මා දුක‍්ඛා -පෙ- මනොවිඤ‍්ඤාණං දුක‍්ඛං -පෙ- මනොසම‍්ඵස‍්සො දුක‍්ඛො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යං ඛො කොට‍්ඨිත දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බොති.
කන දුක් ය ... නැහැය දුක් ය ... දිව දුක් ය ... කය දුක් ය ... සිත දුක් ය එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් දුක් ය ... මනෝවිඥානය දුක් ය ... මනපහස දුක් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.