කොට්ඨිතඅනත්තසුත්තං
1. 16. 9.
1. 16. 9.
කොට්ඨිතඅනත්තසුත්තං
කොට්ඨික අනත්ත සූත්‍රය
164. සාවත්ථියං–
164. සැවැත්නුවර–
එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා -පෙ- විහරෙය්යන්ති. යො ඛො කොට්ඨිත අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කො ච කොට්ඨිත අනත්තා: චක්ඛුං ඛො කොට්ඨිත අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුසම්ඵස්සො අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යම්පිදං චක්ඛුසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො.
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා” යි. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනත් වෙ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනත් ය. එහි ලා තොපගේ ඡන්දය පහකට යුත්තේ ය. රූප අනත් ය, එහි ලා තොපගේ ඡන්දය පහකටයුත්තේ ය. චක්ෂුර්විඥානය අනත් ය, එහි ලා තොපගේ ඡන්දය පහකටයුත්තේ ය. ඇස්පහස අනත් ය, එහි ලා තොපගේ ඡන්දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්දය පහකටයුත්තේ ය.
සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ධම්මා අනත්තා -පෙ- මනොවිඤ්ඤාණං අනත්තා -පෙ- මනොසම්ඵස්සො අනත්තා -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යො ඛො කොට්ඨිත අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. එහි ලා තොපගේ ඡන්දය පහකටයුත්තේ ය. දහම් අනත් ය ... මනෝවිඥානය අනත් ය ... මනපහස අනත් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුත්තේ යි.