යෙදුමෙන් කියවන්න

බහිද‍්ධා නන්‍දික‍්ඛයයොනිසුත‍්තං

1. 16. 4.

1. 16. 4.

බහිද‍්ධා නන්‍දික‍්ඛයයොනිසුත‍්තං

බාහිර නන්‍දික්ඛයයෝනිසො සූත්‍රය

159. සාවත්‍ථියං–

159. සැවැත්නුවර–

රූපෙ භික‍්ඛවෙ යොනිසො මනසිකරොථ, රූපානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. රූපෙ භික‍්ඛවෙ භික‍්ඛු යොනිසො මනසිකරොන‍්තො රූපානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො රූපෙසු නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො, නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති.

මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරවු. රූපයෙහි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ රූපය නුවණින් මෙනෙහි කරන්නේ රූපයෙහි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ රූපයෙහි කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.

සද‍්දෙ භික‍්ඛවෙ -පෙ- ගන්‍ධෙ භික‍්ඛවෙ -පෙ- රසෙ භික‍්ඛවෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ භික‍්ඛවෙ -පෙ- ධම‍්මෙ භික‍්ඛවෙ භික‍්ඛු යොනිසො මනසි කරොථ, ධම‍්මානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. ධම‍්මෙ භික‍්ඛවෙ භික‍්ඛු යොනිසො මනසිකරොන‍්තො ධම‍්මානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො, නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චතීති.

මහණෙනි, සද ... මහණෙනි, ගඳ ... මහණෙනි, රස ... මහණෙනි, පහස් ... මහණෙනි, දහම් නුවණින් මෙනෙහි කරවු. දහම්හි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ දහම් නුවණින් මෙනෙහි කරන්නේ දහම්හි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ දහම්හි කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.