යෙදුමෙන් කියවන්න

අජ‍්ඣත‍්තනන්‍දික‍්ඛයයොනිසුත‍්තං

1. 16. 3.

1. 16. 3.

අජ‍්ඣත‍්තනන්‍දික‍්ඛයයොනිසුත‍්තං

අජ්ඣත්ත නන්‍දික්ඛයයෝනිසො සූත්‍රය

158. චක‍්ඛුං භික‍්ඛවෙ යොනිසො මනසි කරොථ, චක‍්ඛුඅනිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. චක‍්ඛුං භික‍්ඛවෙ භික‍්ඛු යොනිසො මනසිකරොන‍්තො චක‍්ඛුඅනිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති.

158. මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරවු, ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දක්නේ ඇසෙහිත් කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.

සොතං භික‍්ඛවෙ යොනිසො මනසිකරොථ -පෙ- ඝානං භික‍්ඛවෙ යොනිසො මනසිකරොථ -පෙ- ජිව‍්හං භික‍්ඛවෙ යොනිසො මනසි කරොථ ජිව‍්හානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. ජිව‍්හං භික‍්ඛවෙ භික‍්ඛු යොනිසො මනසිකරොන‍්තො ජිව‍්හානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො ජිව‍්හායපි නිබ‍්බින්‍දති -පෙ- චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති.

මහණෙනි, කන නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, නැහැය නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, දිව නුවණින් මෙනෙහි කරවු. දිව්හි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ දිව නුවණින් මෙනෙහි කරන්නේ දිව්හි අනිස් බවද තතු සේ නුවණින් දක්නේ දිව්හිත් කලකිරෙයි ... සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.

කායං භික‍්ඛවෙ යොනිසො මනසිකරොථ -පෙ- මනං භික‍්ඛවෙ යොනිසො මනසි කරොථ, මනානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. මනං භික‍්ඛවෙ භික‍්ඛු යොනිසො මනසිකරොන‍්තො මනානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චතීති.

මහණෙනි, කය නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, සිත නුවණින් මෙනෙහි කරවු ... සිත්හි අනිස බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ සිත නුවණින් මෙනෙහි කරන්නේ සිත්හි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ සිතෙහිත් කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාග ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.