අජ‍්ඣත‍්තනන්‍දික‍්ඛයඅනිච‍්චසුත‍්තං
1. 16. 1.
1. 16. 1.
අජ‍්ඣත‍්තනන්‍දික‍්ඛයඅනිච‍්චසුත‍්තං
අජ්ඣත්තනන්‍දික්ඛය අනිච්ච සූත්‍රය
156. සාවත්‍ථියං–
156. සැවැත්නුවර–
අනිච‍්චං යෙව භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුං අනිච‍්චන‍්ති පස‍්සති. සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. සම‍්මා පස‍්සං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං ‘සුවිමුත‍්තන‍්ති’ වුච‍්චති. අනිච‍්චං යෙව භික‍්ඛවෙ, භික‍්ඛු සොතං අනිච‍්චන‍්ති පස‍්සති -පෙ- ඝානං අනිච‍්චන‍්ති පස‍්සති -පෙ- ජිව‍්හං අනිච‍්චන‍්ති පස‍්සති අනිච‍්චන‍්ති පස‍්සති -පෙ- කායං අනිච‍්චන‍්ති පස‍්සති -පෙ- අනිච‍්චං යෙව භික‍්ඛවෙ භික‍්ඛු මනං අනිච‍්චන‍්ති පස‍්සති සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. සම‍්මා පස‍්සං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චතීති.
මහණෙනි, මහණ තෙමේ අනිත්‍යවූ ම ඇස අනිත්‍ය යැ යි දකී ද, ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ තෙමේ අනිත්‍ය වූ ම ශ්‍රෝත්‍රය අනිත්‍ය යැ යි දකී ද ඝ්‍රාණය අනිත්‍ය යැ යි දකී ද දිව අනිත්‍ය යැ යි දකී ද කය අනිත්‍ය යැ යි දකී ද මහණෙනි, මහණ තෙමේ අනිත්‍ය වූ ම මනස අනිත්‍යයැ යි දකී ද ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
1. 16. 2.
1. 16 .2.
බහිද‍්ධානන්‍දික‍්ඛයඅනිච‍්චසුත‍්තං
බහිද්ධානන්‍දික්ඛය අනිච්ච සූත්‍රය
157. අනිච‍්චෙයෙව භික‍්ඛවෙ භික‍්ඛු රූපෙ අනිච‍්චාති පස‍්සති, සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. සම‍්මා පස‍්සං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති. අනිච‍්චෙයෙව භික‍්ඛවෙ භික‍්ඛු සද‍්දෙ -පෙ- ගන්‍ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ -පෙ- ධම‍්මෙ අනිච‍්චාති පස‍්සති, සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. සම‍්මා පස‍්සං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො, නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චතීති.
157. මහණෙනි, මහණ අනිස වූ ම රූපයන් අනිස යැ යි දකියි. ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ අනිස වූ ම සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ යි දකී නම් එය ඔහුගේ සම්මාදිට්ඨි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.