අත‍්තානුදිට‍්ඨිප‍්පහානසුත‍්තං
1. 16. 12.
1. 16. 12.
අත‍්තානුදිට‍්ඨිප‍්පහානසුත‍්තං
අත්තානුදිට්ඨිප්පහාන සූත්‍රය
167. සාවත්‍ථියං–
167. සැවැත්නුවර–
එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: කථන‍්නුඛො භන‍්තෙ ජානතො කථං පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයතීති?
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යත්:
චක‍්ඛුං ඛො භික‍්ඛු අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති. රූපෙ අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති. චක‍්ඛුවිඤ‍්ඤාණං අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති. චක‍්ඛුසම‍්ඵස‍්සං අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති.
මහණ, ඇස අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූපයන් අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ යම් මේ විඳුමෙක් වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ.
සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හං -පෙ- කායං -පෙ- මනං අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති. ධම‍්මෙ අනත‍්තතො -පෙ- මනොවිඤ‍්ඤාණං අනත‍්තතො -පෙ- මනොසම‍්ඵස‍්සො අනත‍්තතො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනත‍්තතො ජානතො පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයති. එවං ඛො භික‍්ඛු ජානතො එවං පස‍්සතො අත‍්තානුදිට‍්ඨි පහීයතීති.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් අනාත්ම විසින් ... මනෝවිඥානය අනාත්ම විසින් ... මනෝසම්ඵස්සය අනත් විසින් ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
නන්‍දික‍්ඛයවග‍්ගො සොළසමො.
සොළොස්වැනි නන්‍දික්ඛය වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
නන්‍දික‍්ඛයෙන චත‍්තාරො - ජීවකම‍්බවනෙ දුවෙ කොට‍්ඨිතෙන තයො වුත‍්තා - මිච‍්ඡාසක‍්කාය අත‍්තනොති.
නන්‍දික්ඛය නමින් සතරෙක් ද, ජීවකම්බවනයෙහි දෙකෙක් ද, කොට්ඨිත නමින් තුනෙක් ද, මිච්ඡාදිට්ඨිප්පහාන, සක්කායදිට්ඨිප්පහාන, අත්තානුදිට්ඨිප්පහාන යි තුනෙක් දැ යි මෙසේ සූත්‍ර දොළොසෙක් වදාරන ලදි.