යෙදුමෙන් කියවන්න

කම‍්මසුත‍්තං

1. 15. 1.

1. 15. 1.

කම‍්මසුත‍්තං

කම්ම සූත්‍රය

146. නවපුරාණානි භික‍්ඛවෙ, කම‍්මානි දෙසිස‍්සාමි, කම‍්මනිරොධඤ‍්ච, කම‍්මනිරොධගාමිනිඤ‍්ච පටිපදං. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති.

146. මහණෙනි, අලුත් කර්‍ම හා පැරණි කර්‍ම ද කර්‍මනිරෝධය ද කර්‍මනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ පුරාණං කම‍්මං: චක‍්ඛුං භික‍්ඛවෙ පුරාණං කම‍්මං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං වෙදනීයං දට‍්ඨබ‍්බං. සොතං පුරාණං කම‍්මං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං වෙදනීයං දට‍්ඨබ‍්බං. ඝානං පුරාණං කම‍්මං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං වෙදනීයං දට‍්ඨබ‍්බං. ජිව‍්හා පුරාණං කම‍්මං අභිසඞ‍්ඛතා අභිසඤ‍්චෙතයිතා වෙදනීයා දට‍්ඨබ‍්බා. කායො පුරාණං කම‍්මං අභිසඞ‍්ඛතො අභිසඤ‍්චෙතයිතො වෙදනීයො දට‍්ඨබ‍්බො. මනො පුරාණං කම‍්මං අභිසඞ‍්ඛතො අභිසඤ‍්චෙතයිතො වෙදනීයො දට‍්ඨබ‍්බො. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පුරාණං කම‍්මං.

මහණෙනි, පැරණි කර්‍මය කවරේ ද යත්: මහණෙනි, ඇස ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කන ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. නැහැය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. දිව ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. සිත ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. මහණෙනි, මේ පැරණි කර්‍ම යයි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ නවං කම‍්මං: යං ඛො භික‍්ඛවෙ එතරහි කම‍්මං කරොති කායෙන වාචාය මනසා, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, නවං කම‍්මං.

මහණෙනි, අලුත් කර්‍මය කවරේ ද යත්: දැන් කයින් වදනින් සිතින් යම් කර්‍මයක් කෙරේ නම් මහණෙනි, මේ අලුත් කර්‍ම යයි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කම‍්මනිරොධො: යො ඛො භික‍්ඛවෙ කායකම‍්මවචීකම‍්මමනොකම‍්මස‍්ස නිරොධා විමුත‍්තිං ඵුසති, අයං වුච‍්චති භික‍්ඛවෙ, කම‍්මනිරොධො.

මහණෙනි, කර්‍මනිරෝධය කවරේ ද යත්: මහණෙනි, යමෙක් කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍මයන්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්‍ශ කෙරේ නම් මහණෙනි, මේ කර්‍මනිරෝධ යයි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ කම‍්මනිරොධගාමිනී පටිපදා: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, කම‍්මනිරොධගාමිනී පටිපදා.

මහණෙනි, කර්‍ම නිරෝධගාමිනීප්‍රතිපදාව කවරයැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යි: එනම් සම්මාදිටිඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යි. මහණෙනි, මේ කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව යි කියනු ලැබේ.

ඉති ඛො භික‍්ඛවෙ දෙසිතං වො මයා පුරාණං කම‍්මං දෙසිතං නවං කම‍්මං, දෙසිතො කම‍්මනිරොධො, දෙසිතා කම‍්මනිරොධගාමිනී පටිපදා. යං වො භික‍්ඛවෙ, සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.

මහණෙනි, මෙසේ මා විසින් තොපට පැරණිකර්‍මය දේශනා කරන ලදී. අලුත්කර්‍මය දේශනා කරන ලදී. කර්‍මනිරෝධය දේශනා කරන ලදි. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් තොපට කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල සුන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමාවවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනාව යි.