ආවෙණිකදුක‍්ඛසුත‍්තං
3. 1. 3.
3. 1. 3.
ආවෙණිකදුක‍්ඛසුත‍්තං
ආවේණිකදුක්ඛ සූත්‍රය
282. පඤ‍්චිමානි භික‍්ඛවෙ, මාතුගාමස‍්ස ආවෙණිකානි දුක‍්ඛානි යානි මාතුගාමො පච‍්චනුභොති අඤ‍්ඤත්‍රෙව පුරිසෙහි. කතමානි පඤ‍්ච: ඉධ භික‍්ඛවෙ මාතුගාමො දහරොව සමානො පතිකුලං ගච‍්ඡති, ඤාතකෙහි විනා හොති. ඉදං භික‍්ඛවෙ, මාතුගාමස‍්ස පඨමං ආවෙණිකං දුක‍්ඛං, යං මාතුගාමො පච‍්චනුභොති අඤ‍්ඤත්‍රෙව පුරිසෙහි. පුන චපරං භික‍්ඛවෙ, මාතුගාමො උතුනී හොති. ඉදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස දුතියං ආවෙණිකං දුක‍්ඛං යං මාතුගාමො පච‍්චනුභොති අඤ‍්ඤත්‍රෙව පුරිසෙහි.
282. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් අනුභව කෙරේ නම් මාගමට උරුම වූ (එබඳු) මේ දුක් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙහි මාගම තුරුණු වූවා ම සැමිකුලයට යෙයි. නෑයන්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පළමුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ඔසප් ඇත්තී වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ දෙවෙනි දුක යි.
පුන චපරං භික‍්ඛවෙ මාතුගාමො ගබ‍්භිනී හොති. ඉදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස තතියං ආවෙණිකං දුක‍්ඛං, යං මාතුගාමො පච‍්චනුභොති, අඤ‍්ඤත්‍රෙව පුරිසෙහි. පුන චපරං භික‍්ඛවෙ මාතුගාමො විජායති. ඉදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස චතුත්‍ථං ආවෙණිකං දුක‍්ඛං, යං මාතුගාමො පච‍්චනුභොති, අඤ‍්ඤත්‍රෙව පුරිසෙහි. පුන චපරං භික‍්ඛවෙ මාතුගාමො පුරිසස‍්ස පාරිචරියං උපෙති. ඉදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස පඤ‍්චමං ආවෙණිකං දුක‍්ඛං, යං මාතුගාමො පච‍්චනුභොති, අඤ‍්ඤත්‍රෙව පුරිසෙහි. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච මාතුගාමස‍්ස ආවෙණිකානි දුක‍්ඛානි, යානි මාතුගාමො පච‍්චනුභොති අඤ‍්ඤත්‍රෙව පුරිසෙහීති.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ගැබිනි වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ තෙවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම (දරුවන්) වදයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ සිවුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම පුරුෂයාගේ පරිචරියාවට එළඹෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පස්වන දුක යි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් විඳී නම් මාගමට උරුම වූ දුක් පස මොහු යි.