යෙදුමෙන් කියවන්න

1. මාතුගාමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. මාතුගාම වර්ගය

1-2. මාතුගාමසුත‍්තාදිවණ‍්ණනා

1-2. මාතුගාම ආදි සූත්‍ර වර්ණනා

මාතුගාමසංයුත‍්තස‍්ස පඨමෙ අඞ‍්ගෙහීති අගුණඞ‍්ගෙහි. න ච රූපවාති න රූපසම‍්පන‍්නො විරූපො දුද‍්දසිකො. න ච භොගවාති න භොගසම‍්පන‍්නො නිද‍්ධනො. න ච සීලවාති න සීලසම‍්පන‍්නො දුස‍්සීලො. අලසො චාති කන‍්තනපචනාදීනි කම‍්මානි කාතුං න සක‍්කොති, කුසීතො ආලසියො නිසින‍්නට‍්ඨානෙ නිසින‍්නොව, ඨිතඨානෙ ඨිතොව නිද‍්දායති එව. පජඤ‍්චස‍්ස න ලභතීති අස‍්ස පුරිසස‍්ස කුලවංසපතිට‍්ඨාපකං පුත‍්තං න ලභති, වඤ‍්ඣිත්‍ථී නාම හොති. සුක‍්කපක‍්ඛො වුත‍්තවිපරියායෙන වෙදිතබ‍්බො. දුතියං පඨමෙ වුත‍්තනයෙනෙව පරිවත‍්තෙතබ‍්බං.

මාතුගාම සංයුත්තයේ පළමු වැන්නෙහි අඞ්ගෙහි සුබ නොවන අංගයන්ගෙන් යුත් නචරූපවා = පිරිහී ගිය රූපය ඇති, විරූපී, දැකීමට ප්‍රිය නොවන නචභොගවා = වස්තු සම්පත්තිය නැති. ධනවත් නොවන නචසීලවා = සීලය පිරිහුණා වූ, දුසිල්වූ අලසොච = නූල් කැටීම් පිසීම් ආදී කටයුතු කිරීමට නො හැකි වෙයි. - කුසීත, අලස, හුන් තැන හිඳගෙනමද, සිටි තැන සිට ගෙනම ද නිදන්නේය. පජඤ්චස්ස නලභති = මේ පුරුෂයාට කුල පරම්පරාව පිහිටුවන්නා වූ පුතකු නො ලැබේ. ස්ත්‍රිය වඳ තැනැත්තියක් වෙයි. පුර පක්ෂය (සඳ ඇති දෙසතිය) කියන ලද කරුණු වෙනස් කිරීමෙන් දත යුතුය. දෙවැන්න පළමු වැන්නෙහි කියන ලද පිළිවෙළින්ම වෙනස් කළ යුතුය.

3. ආවෙණිකදුක‍්ඛසුත‍්තවණ‍්ණනා

3. ආවෙණිකදුක්ඛ සූත්‍ර වර්ණනාව

තතියෙ ආවෙණිකානීති පාටිපුග‍්ගලිකානි පුරිසෙහි අසාධාරණානි. පාරිචරියන‍්ති පරිචාරිකභාවං.

තෙවැන්නෙහි - ආවේණිකානි = පෞද්ගලිකව හිමිකම් ඇත්තාවූ, අන් පුද්ගලයන් සමඟ පොදු නොවන්නා වූ, පාරිචරියං = සේවකයකු සේ ක්‍රියා කරන බව.

4-9. තීහිධම‍්මෙහිසුත‍්තාදිවණ‍්ණනා

4-9. තීහි ධම්මෙහි ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථෙ මච‍්ඡෙරමලපරියුට‍්ඨිතෙනාති පුබ‍්බණ‍්හසමයස‍්මිඤ‍්හි මාතුගාමො ඛීරදධිසඞ‍්ගොපනරන්‍ධනපචනාදීනි කාතුං ආරද‍්ධො, පුත‍්තකෙහිපි යාචියමානො කිඤ‍්චි දාතුං න ඉච‍්ඡති. තෙනෙතං වුත‍්තං “පුබ‍්බණ‍්හසමයං මච‍්ඡෙරමලපරියුට‍්ඨිතෙන චෙතසා”ති. මජ‍්ඣන‍්හිකසමයෙ පන මාතුගාමො කොධාභිභූතොව හොති, අන‍්තොඝරෙ කලහං අලභන‍්තො පටිවිස‍්සකඝරම‍්පි ගන‍්ත්‍වා කලහං කරොති, සාමිකස‍්ස ච ඨිතනිසින‍්නට‍්ඨානානි විලොකෙන‍්තො විචරති. තෙන වුත‍්තං “මජ‍්ඣන‍්හිකසමයං ඉස‍්සාපරියුට‍්ඨිතෙන චෙතසා”ති. සායන‍්හෙ පනස‍්සා අසද‍්ධම‍්මපටිසෙවනාය චිත‍්තං නමති. තෙන වුත‍්තං “සායන‍්හසමයං කාමරාගපරියුට‍්ඨිතෙන චෙතසා”ති. පඤ‍්චමාදීනි උත‍්තානත්‍ථානෙව.

සිවු වැන්නෙහි - මච්ඡෙරමල පරියුට්ඨිතෙන = පෙරවරු කාලයෙහි වනාහී කිරි හා දීකිරි රැකීම. පවනෙහි තැබීම ආදිය කිරීමට පටන් ගත් ස්ත්‍රිය කුඩා පුතුන් විසින් ඉල්ලනු ලබන්නී නමුදු කිසිවක් දීමට නො කැමති වෙයි. ඒ නිසා “පෙරවරුවෙහි මසුරු මලයෙන් මැඩුණු සිතින්” (හෙවත් පුබ්බණ්හ සමයං මච්ඡෙරමල පරියුට්ඨිතෙන චෙතසා) යන මෙය කියන ලදී. දහවල මැද කල්හි වනාහී ස්ත්‍රිය ක්‍රෝධයෙන් ඇලලී ගොස් සිටින්නී වෙයි. ඇතුළු ගෙයි කලහයකට ඉඩක් නො ලබන්නී නම් අසල් නිවසකට ගොස් හෝ කලහ කරයි. සැමියා පිළිබඳව ද ඔහු සිටි සහ හුන් තැන් බලමින් ඇවිදියි. එබැවින් “දහවල මැද කල්හි ඊර්ෂ්‍යාවෙන් ඇළලී ගිය සිතින්” (හෙවත් මජ්ඣන්තික සමයං ඉස්සා පරියුට්ඨිතෙන චෙතසා) යයි කියන ලදී. සවස් කල්හි වනාහී අසද්ධර්මයෙහි හැසිරීම සඳහා සිත යොමුවෙයි. එබැවින් “සවස් කල්හි කාමරාගයෙන් වෙළී ගිය සිතින්” (හෙවත් සායණ්හ සමයං කාමරාග පරියුට්ඨිතෙන චෙතසා) යයි කියන ලදී. පස්වැන්න ආදිය පහසු අරුත් ඇත්තේ ම වෙයි.