මාතුගාමසුත්තං
3. 1. 1.
3. 1. 1.
මාතුගාමසුත්තං
මාතුගාම සූත්රය
280. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තඅමනාපො හොති පුරිසස්ස. කතමෙහි පඤ්චහි: න ච රූපවා හොති, න ච භොගවා හොති, න ච සීලවා හොති, අලසො ච හොති, පජඤ්චස්ස න ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තඅමනාපො හොති පුරිසස්ස.
280. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් අමනාපවේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වේ, නො ද ධනවත් වේ, නො ද සිල්වත් වෙයි, අලසත් වේ, ඔහුට දාව ප්රජාවත් නො ලබයි. මහණෙනි, මේ අඞ්ගපසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් අමනාප වේ.
පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තමනාපො හොති පුරිසස්ස. කතමෙහි පඤ්චහි: රූපවා ච හොති, භොගවා ච හොති, සීලවා ච හොති, දක්ඛො ච හොති අනලසො, පජඤ්චස්ස ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තමනාපො හොති පුරිසස්සාති.
මහණෙනි, අඞ්ගපසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වෙයි. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, ධනවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්ෂ ද වේ, ඔහුට දාව ප්රජාවත් ලබයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ යි.
3. 1. 2.
3. 1. 2.
පුරිසසුත්තං
පුරිස සූත්රය
281. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තාමනාපො හොති මාතුගාමස්ස. කතමෙහි පඤ්චහි: න ච රූපවා හොති, න ච භොගවා හොති, න ච සීලවා හොති, අලසො ච හොති, පජඤ්චස්ස න ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තාමනාපො හොති මාතුගාමස්ස.
281. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වෙයි, නො ද භෝගවත් වෙයි, නො ද සිල්වත් වෙයි, අලසත් වෙයි, ඔහුට (දාව) ප්රජාව නො ද ලැබෙයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ.
පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තමනාපො හොති මාතුගාමස්ස. කතමෙහි පඤ්චහි: රූපවා ච හොති, භොගවා ච හොති, සීලවා ච හොති, දක්ඛො ච හොති අනලසො, පජඤ්චස්ස ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තමනාපො හොති මාතුගාමස්සාති.
මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, භෝගවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්ෂ ද වෙයි, ඔහුට (දාව) ප්රජාව ද ලැබෙයි. මහණෙනි, මේ පස්අඟින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ යි.