යෙදුමෙන් කියවන්න

නිරාමිසසුත‍්තං

2. 3. 11.

2. 3. 11.

නිරාමිසසුත‍්තං

නිරාමිස සූත්‍රය

279. අත්‍ථි භික‍්ඛවෙ සාමිසා පීති, අත්‍ථි නිරාමිසා පීති, අත්‍ථි නිරාමිසා නිරාමිසතරා පීති. අත්‍ථි සාමිසං සුඛං, අත්‍ථි නිරාමිසං සුඛං, අත්‍ථි නිරාමිසා නිරාමිසතරං සුඛං. අත්‍ථි සාමිසා උපෙඛා, අත්‍ථි නිරාමිසා උපෙඛා, අත්‍ථි නිරාමිසා නිරාමිසතරා උපෙඛා. අත්‍ථි සාමිසො විමොක‍්ඛො, අත්‍ථි නිරාමිසො විමොක‍්ඛො, අත්‍ථි නිරාමිසා නිරාමිසතරො විමොක‍්ඛො.

279. මහණෙනි, සාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතියක් ඇත. සාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවයෙක් ඇත. සාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාවක් ඇත. සාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂයෙක් ඇත.

කතමා ච භික‍්ඛවෙ සාමිසා පීති: පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා. යා ඛො භික‍්ඛවෙ ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති පීති, අයං වුච‍්චති භික‍්ඛවෙ සාමිසා පීති.

මහණෙනි, සාමිසප්‍රීතිය කවර යත්: මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමැති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතුයුතු රූපය ... ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම්, මහණෙනි, මේ සාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ නිරාමිසා පීති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසා පීති.

මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරා පීති: යා ඛො භික‍්ඛවෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො දොසා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො මොහා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො උප‍්පජ‍්ජති පීති. අයං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරා පීති.

මහණෙනි, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් ප්‍රීතියක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ සාමිසං සුඛං: පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා. යං ඛො භික‍්ඛවෙ ඉමෙ පඤ‍්චකාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ සාමිසං සුඛං.

මහණෙනි, සාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපය. ... ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මහණෙනි, මේ සාමිස සුවය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ නිරාමිසං සුඛං: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙඛකො ච විහරති සතො සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසං සුඛං.

මහණෙනි, නිරාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව මැ අකුසල්දහමින් වෙන් ව මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙයි. ප්‍රීතියත් දුරුකිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි. ආර්‍ය්‍යයෝ ඒ යමකට කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස සුවය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරං සුඛං: යං ඛො භික‍්ඛවෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො දොසා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො මොහා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසානිරාමිසතරං සුඛං.

මහණෙනි, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය කවරේ ද යත්: මහණෙනි, රාගෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිඳුණ සිත පස්විකන මෝහයෙන් මිඳුණ සිත පස්විකන රහත් මහණහුට යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මහණෙනි, මෙය නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ සාමිසා උපෙඛා: පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා. යා ඛො භික‍්ඛවෙ ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති උපෙඛා, අයං වුච‍්චති භික‍්ඛවෙ සාමිසා උපෙඛා.

මහණෙනි, සාමිස උපේක්‍ෂාව කවර ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වු කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු රූපය … ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වු කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් උපේක්‍ෂාවක් උපදී නම්, මහණෙනි, මෙය සාමිස උපේක්‍ෂා ය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ නිරාමිසා උපෙඛා: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසා උපෙඛා.

මහණෙනි, නිරාමිස උපේක්‍ෂාව කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුවයත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාව ය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරා උපෙඛා: යා ඛො භික‍්ඛවෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො දොසා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො මොහා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො උප‍්පජ‍්ජති උපෙඛා, අයං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරා උපෙඛා.

මහණෙනි, නිරාසාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාව කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් උපේක්‍ෂාවක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාවට වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාව ය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සාමිසො විමොක‍්ඛො: රූපපටිසඤඤුත‍්තො විමොක‍්ඛො සාමිසො විමොක‍්ඛො. කතමො ච භික‍්ඛවෙ නිරාමිසො විමොක‍්ඛො: අරූපපටිසඤ‍්ඤුත‍්තො විමොක‍්ඛො නිරාමිසො විමොක‍්ඛො. කතමො ච භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරො විමොක‍්ඛො: යො ඛො භික‍්ඛවෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො දොසා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො මොහා චිත‍්තං විමුත‍්තං පච‍්චවෙක‍්ඛතො උප‍්පජ‍්ජති විමොක‍්ඛො, අයං වුච‍්චති භික‍්ඛවෙ නිරාමිසා නිරාමිසතරො විමොක‍්ඛොති.

මහණෙනි, සාමිස විමෝක්‍ෂය කවරේ ද යත්: රූපයෙන් යුත් විමෝක්‍ෂය සාමිස විමෝක්‍ෂ යි. මහණෙනි, නිරාමිස විමෝක්‍ෂය කවරේ ද යත්: අරූපයෙන් යුත් විමෝක්‍ෂය නිරාමිස විමෝක්‍ෂ යි. මහණෙනි, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂය කවරේ ද යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්කවින දෝසයෙන් මිදුණු සිත පස්කවින මෝහයෙන් මිදුණු සිත පස්කවින රහත් මහණ හට යම් විමෝක්‍ෂයෙක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂ යි කියනු ලැබේ.

අට‍්ඨසතපරියායවග‍්ගොතතියො.

තෙවැනි වූ අට්ඨසතපරියායවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

සීවකට‍්ඨසතං භික‍්ඛු පුබ‍්බෙඤාණඤ‍්ච භික‍්ඛුනා සමණබ්‍රාහ‍්මණා තීණි සුද‍්ධිකඤ‍්ච නිරාමිසන‍්ති.

සීවක අට්ඨසත භික්ඛු පුබ්බේඤාණ සම්බහුලභික්ඛු යන සූත්‍ර සය ද සමණබ්‍රාහ්මණ සූත්‍ර තුන ද ශුද්ධික නිරාමිස සූත්‍ර දෙක දැ යි එකොළොසෙකි.

වෙදනාසංයුත‍්තං නිට‍්ඨිතං.

වේදනා සංයුත්තය නිමි.