3. අට්ඨසතපරියායවග්ගො අට්ඨකථා
3. අට්ඨසතපරියාය වර්ගය
1. මොළියසීවකසුත්තවණ්ණනා
1. මොළියසීවක සූත්‍ර වර්ණනාව
තතියවග්ගස්ස පඨමෙ මොළියසීවකොති සීවකොති තස්ස නාමං. චූළා පනස්ස අත්ථි, තස්මා මොළියසීවකොති වුච්චති. පරිබ්බාජකොති ඡන්නපරිබ්බාජකො. පිත්තසමුට්ඨානානීති පිත්තපච්චයානි. වෙදයිතානීති වෙදනා. තත්ථ පිත්තපච්චයා තිස්සො වෙදනා උප්පජ්ජන්ති. කථං? එකච්චො හි “පිත්තං මෙ කුපිතං දුජ්ජානං ඛො පන ජීවිත”න්ති දානං දෙති, සීලං සමාදියති උපොසථකම්මං කරොති, එවමස්ස කුසලවෙදනා උප්පජ්ජති. එකච්චො “පිත්තභෙසජ්ජං කරිස්සාමී”ති පාණං හනති, අදින්නං ආදියති, මුසා භණති, දස දුස්සීල්යකම්මානි කරොති, එවමස්ස අකුසලවෙදනා උප්පජ්ජති. එකච්චො “එත්තකෙනපි මෙ භෙසජ්ජකරණෙන පිත්තං න වූපසම්මති, අලං යං හොති. තං හොතූ”ති මජ්ඣත්තො කායිකවෙදනං අධිවාසෙන්තො නිපජ්ජති, එවං අස්ස අබ්යාකතවෙදනා උප්පජ්ජති.
තුන්වන වර්ගයේ පළමුවැන්නෙහි මොළිය සීවකො යනු ඔහුගේ නාමයයි. ඔහුගේ හිස මුදුනෙහි ශිඛාවක් ඇත. ඒ නිසා මොළිය සීවක යයි කියනු ලැබේ. පරිබ්බාජකො = ඡන්න නම් පිරිවැජියා පිත්ත සමුට්ඨානානි - පිත හේතු කොට ගෙන (උපන්) වෙදයිතානි = පිත හේතු කොට ගෙන වේදනාවන් තුනක් උපදී. කෙසේද යත් : ඇතැමෙක් “මා තුළ පිත කිපියේය, ජීවිතය වනාහී අවබෝධ කර ගැනීමට අපහසු වූවක්ය” යනුවෙන් සිතා දන් දෙති, සිල් ගනිති, පෙහෙවස් සමාදන් වෙති. මේ නිසා ඔහුට කුසල වේදනා උපදී. ඇතැමෙක් පිතට බෙහෙත් කරමියි ප්‍රාණීන් නසත්, නොදුන් දේ ගණිත්, මුසාබස් කියත්. දස දුසිල්කම් කරත්. මේ නිසා ඔහුට අකුසල වේදනා උපදී. ඇතැමෙක් “මෙ පමණ බෙහෙත් කිරීමෙනුදු මගේ පිත නොසන්සිඳෙයි. කම් නැත. යමක් සිදුවන්නේ නම් එය සිදු වේවා” යයි සිතා මධ්‍යස්ථව කායික වේදනාව ඉවසමින් වැතිර සිටිත්. මෙසේ ඔහු තුළ හෙළි නොකළ වේදනාව ද උපදී.
සාමම්පි ඛො එතන්ති තං තං පිත්තවිකාරං දිස්වා අත්තනාපි එතං වෙදිතබ්බං. සච්චසම්මතන්ති භූතසම්මතං. ලොකොපි හිස්ස සරීරෙ සබලවණ්ණතාදිපිත්තවිකාරං දිස්වා “පිත්තමස්ස කුපිත”න්ති ජානාති. තස්මාති යස්මා සාමඤ්ච විදිතං ලොකස්ස ච සච්චසම්මතං අතිධාවන්ති, තස්මා. සෙම්හසමුට්ඨානාදීසුපි එසෙව නයො. එත්ථ පන සන්නිපාතිකානීති තිණ්ණම්පි පිත්තාදීනං කොපෙන සමුට්ඨිතානි. උතුපරිණාමජානීති විසභාගඋතුතො ජාතානි. ජඞ්ගලදෙසවාසීනඤ්හි අනුපදෙසෙ වසන්තානං විසභාගො උතු උප්පජ්ජති, අනුපදෙසවාසීනඤ්ච ජඞ්ගලදෙසෙති එවං මලයසමුද්දතීරාදිවසෙනාපි උතුවිසභාගතා උප්පජ්ජතියෙව. තතො ජාතාති උතුපරිණාමජාතානි නාම.
සාමම්පි ඛො එතං = ඒ ඒ පිත්ත විකාරයන් දැක තමා විසින් ද මෙය දැන ගත යුතුය. සච්චසම්මතං = සිදු වී ඇතැයි සම්මත වූ දෙය ලෝකයා ද ඔහුගේ ශරීරයෙහි ලප මතු වීම්, වර්ණ වෙනස්වීම් ආදී පිත්ත විකාරයන් දැක මොහුගේ පිත කිපියේයි දැන ගනිති. තස්මා = යම් හෙයකින් තමා විසින් ම දන්නා ලද්දා වූ ද, ලෝකයා අතර පවා සත්‍යයයි සම්මත වී ඇත්තාවූ ද කරුණු වේශයෙන් පැතිරේද ඒ හේතුවෙන් මෙසේ කියන ලදී. සෙම හේතුවෙන් උපන් රෝග ආදියෙහි දී ද මේ පිළිවෙළම වේ. මෙහිදී වානහී සන්තිපාතිකානි යනු පිත් ආදී ත්‍රි දෝෂයන්හිම කෝපයෙන් හටගත් රෝගයන්ය. උතුපරිණාමජානි = ඍතු විරුද්ධතාවයෙන් උපන්. ඈත පෙදෙස්හි වෙසෙන වනවාසීන් හට වනාහී ඍතුව විෂම ලෙස ඇති වෙයි. “අනුප්පවා සීනං” යනු (හෙවත් ඈත පෙදෙස්හි වසන) වනාන්තර ප්‍රදේශයෙහි වසන යන අදහසයි. මෙසේ මාණික්‍ය සමුද්‍ර තීර ආදී වශයෙන් වුව ද ඍතු විෂමතාවය උපදනේමය. එයින් හටගත් යන අරුතින් “සෘතු පරිණාමජ” (හෙවත් ඍතු වෙනසින් හටගත්) යනුවෙන් යෙදේ.
විසමපරිහාරජානීති මහාභාරවහනසුධාකොට්ටනාදිතො වා අවෙලාය චරන්තස්ස සප්පඩංසකූපපාතාදිතො වා විසමපරිහාරතො ජාතානි. ඔපක්කමිකානීති “අයං චොරො වා පාරදාරිකො වා”ති ගහෙත්වා ජණ්ණුකකප්පරමුග්ගරාදීහි නිප්පොථනඋපක්කමං පච්චයං කත්වා උප්පන්නානි. එතං බහි උපක්කමං ලභිත්වා කොචි වුත්තනයෙනෙව කුසලං කරොති, කොචි අකුසලං, කොචි අධිවාසෙන්තො නිපජ්ජති. කම්මවිපාකජානීති කෙවලං කම්මවිපාකතො, ජාතානි. තෙසුපි හි උප්පන්නෙසු වුත්තනයෙනෙව කොචි කුසලං කරොති, කොචි අකුසලං, කොචි අධිවාසෙන්තො නිපජ්ජති. එවං සබ්බවාරෙසු තිවිධාව වෙදනා හොන්ති.
විසම පරිහාරජානි = මහ බරක් ගෙන යන්නවුන් වෙත ලී, උල් ආදිය ගැනීමෙන් ද, නො කල්හි ඇවිදින්නවුන් සර්ප දෂ්ට කිරීම්, වළවල්හි වැටීම් ආදියට ලක් වීමෙන් ද අහිතකර (ආහාර වැනි) දේ භාවිතයෙන් ද සිදු වූ (හානි) ඔපක්කමිකානි “මේ තෙමේ සොරෙක්ය” කියා හෝ, “පර අඟනන් සොයා යන්නෙක්ය” කියා හෝ අල්වා ගෙන දණහිස්, වැලමිටි, මුගුරු ආදියෙන් පහර දීම වැනි ක්‍රියාවන්ගේ හේතුවෙන් උපන් (රෝග) මේ බාහිර උපක්‍රම (වලින් හානි) ලබා යම් කිසිවෙක් පෙර කියූ පිළිවෙළින් ම කුසල් කරත්, කිසිවෙක් අකුසල් කරත්, කිසිවෙක් ඒවා ඉවසමින් නිහඬව කල් ගෙවත් කම්ම විපාකජානි = හුදෙක් කර්ම විපාක වශයෙන් උපන් (රෝග) එම රෝග උපන් කල්හි ද පෙර කියූ පිළිවෙළින් ම කිසිවෙක් කුසල් කරත්. කිසිවෙක් අකුසල් කරත්, කිසිවෙක් ඉවසමින් නිහඬව කල් ගෙවත් මෙසේ හැම විටම වේදනාව ත්‍රිවිධ වේ.
තත්ථ පුරිමෙහි සත්තහි කාරණෙහි උප්පන්නා සාරීරිකා වෙදනා සක්කා පටිබාහිතුං, කම්මවිපාකජානං පන සබ්බභෙසජ්ජානිපි සබ්බපරිත්තානිපි නාලං පටිඝාතාය. ඉමස්මිං සුත්තෙ ලොකවොහාරො නාම කථිතොති.
එහි මුල් කරුණු සතෙන් උපන් ශාරීරික වේදනාවන් වැළැක්විය හැකි වේ. කර්ම විපාක වශයෙන් හටගත් රෝගයක් වැළැක්වීමට සියලුම ඖෂධ ද, සියලුම පිරිත් ද වුවත් ප්‍රමාණවත් නො වේ. මේ සූත්‍රයෙහි ලෝකව්යවහාරයම කියන ලදී.
2-10. අට්ඨසතපරියායසුත්තාදිවණ්ණනා
2-10. අට්ඨසතපරියාය ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ අට්ඨසතපරියායන්ති අට්ඨසතස්ස කාරණභූතං. ධම්මපරියායන්ති ධම්මකාරණං. කායිකා ච චෙතසිකා චාති එත්ථ කායිකා කාමාවචරෙයෙව ලබ්භන්ති, චෙතසිකා චතුභූමිකාපි. සුඛාතිආදීසු සුඛා වෙදනා අරූපාවචරෙ නත්ථි, සෙසාසු තීසු භූමීසු ලබ්භන්ති, දුක්ඛා කාමාවචරාව, ඉතරා චතුභූමිකා. පඤ්චකෙ සුඛින්ද්රියදුක්ඛින්ද්රියදොමනස්සින්ද්රියානි කාමාවචරානෙව, සොමනස්සින්ද්රියං තෙභූමකං, උපෙක්ඛින්ද්රියං චතුභූමකං. ඡක්කෙ පඤ්චසු ද්වාරෙසු වෙදනා කාමාවචරාව, මනොද්වාරෙ චතුභූමිකා, අට්ඨාරසකෙ ඡසු ඉට්ඨාරම්මණෙසු සොමනස්සෙන සහ උපවිචරන්තීති සොමනස්සූපවිචාරා. සෙසද්වයෙපි එසෙව නයො. ඉති අයං දෙසනා විචාරවසෙන ආගතා, තංසම්පයුත්තානං පන සොමනස්සාදීනං වසෙන ඉධ අට්ඨාරස වෙදනා වෙදිතබ්බා.
දෙවැන්නෙහි - අට්ඨ සත පරියායං = කරුණු එක සිට අටක් වූ ධම්ම පරියායං = ධර්ම කරුණ. කායිකාච චෙතසිකාච = මෙහි කායික වින්දන ආදිය කාමාවචර භූමියෙහි ම ලබත් චෛතසික වින්දන ආදිය (කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකොත්තර යන) භූමීන් සතරෙහිදීම ලබත්. සුඛා යන ආදියෙහි සුවදායී වින්දන අරූපාවචර භූමියෙහි නැත. සෙසු භූමි තුනෙහිදී ලැබේ. දුක කාමාවචර වේ. ඉතිරි වින්දන චාතුර්භූමික වේ. පඤ්චකයෙහි සුඛ, දුක්ඛ, දෝමනස්ස යන ඉන්ද්රියයන් කාමාවචර ම වේ. සෝමනස්ස ඉන්ද්රිය ත්‍රෛභූමික වේ. උපේක්ෂා ඉන්ද්රියය චාතුර්භූමික වේ. ෂට්කයෙහි (හයේ සමූහයෙහි) (චක්ඛු සොතාදී) දොරටු පසෙහි වේදනාවන් කාමාවචර ම වේ. මනස නමැති දොරටුවෙහි වින්දන චාතුර්භූමික වේ. අටළොසක් වූ ඉෂ්ටාරම්මණ සයෙහි සෝමනස්සය සමග හැසිරේය යන අදහසින් “සෝමනස්සුප විචාර” නම් වේ. සෙසු දෙකෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ මේ දේශනාව විචාර වශයෙන් පැමිණ ඇත. එකට යෙදුණ සෝමනස්ස ආදීන්ගේ වශයෙන් මෙහි අටළොස් වැදෑරුම් වූ වේදනාවන් දත යුතුය.
ඡ ගෙහසිතානි සොමනස්සානීතිආදීසු “චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං, ඉදං වුච්චති ගෙහසිතං සොමනස්ස”න්ති (ම· නි· 3.306). එවං ඡසු ද්වාරෙසු වුත්තකාමගුණනිස්සිතානි සොමනස්සානි ඡ ගෙහසිතසොමනස්සානි නාම.
ඡ ගෙහසිතානි සොමනස්සානි = මේ ආදියෙහි සිතට ප්‍රියවන්නා වූ. සිත් ඇද ගන්නා වූ මනාප වූ, මනරම් වූ, ලෞකික ආමිසයට සම්බන්ධ වූ, ඇසින් දැකිය යුතු වූ රූපයන් ලැබීම හෝ ලැබීමෙන් පෙර හෝ කලින් ලබා ඇති. අතීතයට අයත් වූ. නිරුද්ධ වූ, විපර්යාසයට පත් වූ බව හෝ යන මේ ස්වභාවයන් සිහි කරන තැනැත්තා හට මෙවැනි යම් සොම්නසක් උපදීද එය ලෞකික වූ සෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (චක්ඛු සෝතාදී) දොරටු සයෙහි ගැටෙන පෙර කී කාම ගුණයන් ආශ්රිත වූ සෝමනස්සයන් සය ලෞකික වූ සෝමනස්සයන් නම් වේ.
“රූපානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච, සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්ස”න්ති (ම· නි· 3.306) එවං ඡසු ද්වාරෙසු ඉට්ඨාරම්මණෙ ආපාථගතෙ අනිච්චතාදිවසෙන විපස්සනං පට්ඨපෙත්වා උස්සුක්කාපෙතුං සක්කොන්තස්ස “උස්සුක්කිතා මෙ විපස්සනා”ති සොමනස්සජාතස්ස උප්පන්නසොමනස්සානි ඡ නෙක්ඛම්මසිතසොමනස්සානි නාම.
රූපයන්ගේ අනිත්‍ය බව හා විපරිණාමයෙහි විරාගය ද, නිරෝධය ද දැන පෙර වූ රූපයන් ද, දැන් පවත්නා සියළුම රූපයන් ද අනිත්‍යය, දුඃඛය, විපරිණාම ස්වභාවය ඇත්තේය යනුවෙන් මෙසේ මෙය තත් වූ පරිදි නිවැරදි නුවණින් දකින්නහුට සෝමනස්සය උපදී. මෙබඳු වූ යම් සෝමනස්සයක් වේද, එය නෛෂ්ක්‍රම්‍යය ආශ්රිත වූ සෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (චක්ඛු, සෝත ආදී) දොරටු සය වෙත ප්‍රිය වූ අරමුණු යොමු වූ කල්හි අනිත්‍යය ආදී වශයෙන් විදර්ශනාව පිහිටුවා උනන්දු කරවා “උනන්දු වූ තමා තුළ විදර්ශනාව වැඩේය යි සොම්නස උපන්නහු තුළ උපන් සෝමනස්සයන් නෛෂ්ක්‍රම්‍යය ආශ්රිත වූ සෝමනස්සයන් සය වන්නේය.
“චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං. යං එවරූපං දොමනස්සං, ඉදං වුච්චති ගෙහසිතං දොමනස්ස”න්ති. එවං ඡසු ද්වාරෙසු “ඉට්ඨාරම්මණං නානුභවිස්සාමි නානුභවාමී”ති විතක්කයතො උප්පන්නානි කාමගුණනිස්සිතදොමනස්සානි ඡ ගෙහසිතදොමනස්සානි නාම.
යම් යම් ස්වභාව විශේෂයන් මනාව දක්නා වූ තැනැත්තා හට යම් දොම්නසක් උපදීද, එය ලෞකික දෝමනස්සය යයි කියනු ලැබේ. (ඒ ස්වභාවයන් නම් මේවාය) සිතට ප්‍රිය වන්නා වූ, සිත් ඇද ගන්නා වූ, මනරම්වූ, ලෞකික ආමිසයට සම්බන්ධ වූ, ඇසින් දැකිය යුතු වූ රූපයන් නො ලැබීම යන මෙය එක් ස්වභාවයකි. එසේ නො ලැබීම හේතුවෙන් ඇති වූ යථාර්ථවාදී දැක්මට පෙර පැවති තත්ත්වය තවත් ස්වභාවයකි. පෙර ලබා නැති, අතීතය නිරුද්ධ වූ, විපර්යාසයට පත් වූ බව යන මෙය තවද ස්වභාවයකි. (මේවා ලෞකික දෝමනස්සයන් උපදින හේතූන් වේ.) මෙසේ දොරටු සයෙහි ගැටෙන සිතට ප්‍රිය වූ අරමුණු මතුවට විඳ නොගන්නෙමියි ද, දැනු දු විඳ නො ගනිමියි ද සිතන තැනැත්තාහට උපන් කාම ගුණයන් ආශ්රිත දෝමනස්සයන් සය ලෞකික දෝමනස්සයන් නම් වේ.
“රූපානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච, සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපෙති ‘කුදාස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි, යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී”ති. ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති පිහපච්චයා දොමනස්සං. යං එවරූපං දොමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දොමනස්සන්ති; එවං ඡසු ද්වාරෙසු ඉට්ඨාරම්මණෙ ආපාථගතෙ අනුත්තරවිමොක්ඛසඞ්ඛාතඅරියඵලධම්මෙසු පිහං උපට්ඨාපෙත්වා තදධිගමාය අනිච්චතාදිවසෙන විපස්සනං පට්ඨපෙත්වා උස්සුක්කාපෙතුං අසක්කොන්තස්ස “ඉමම්පි පක්ඛං ඉමම්පි මාසං ඉමම්පි සංවච්ඡරං විපස්සනං උස්සුක්කාපෙත්වා අරියභූමිං පාපුණිතුං නාසක්ඛි”න්ති අනුසොචතො උප්පන්නානි දොමනස්සානි ඡ නෙක්ඛම්මසිතදොමනස්සානි නාම.
රූපයන්ගේ අනිත්‍ය බව හා විපරිණාමයෙහි විරාගය ද, නිරෝධය ද දැන පෙර වූ රූපයන් ද දැන් පවත්නා ඒ සියලුම රූපයන් ද අනිත්‍යය, දුඃඛය, විපරිණාම ස්වභාවය ඇත්තේය යනුවෙන් මෙසේ මෙය තත් වූ පරිදි නිවැරදි නුවණින් දැක, උත්තම වූ අර්හත් භාවය කෙරෙහි ප්‍රිය භාවය පිහිටුවා ගෙන කවර කලෙක නම් මම එම (රහත්) ස්වභාවයට සපැමිණ වසන්නෙම් ද (යනුවෙන් සිතමින්) ආර්යයන් වහන්සේලා මම රහත් ස්වභාවයට සපැමිණ වාසය කරන්නාහු යයි යනුවෙන් උතුම් වූ රහත් ස්වභාවයෙහි ප්‍රියතාවය පිහිටුවා ගන්නහුට ආසාව නිසා හටගත් දෝමනස්සය උපදී. මෙවැනි යම් දෝමනස්සය වේ නම් එය නෛෂ්ක්‍රම්‍යය ආශ්රිත දෝමනස්සය යයි කියනු ලැබේ. මෙසේ (පුද්ගලයාගේ) චක්ෂුරාදී දොරටු සයෙහි යම් විටෙක ප්‍රිය වූ අරමුණු පිහිටන්නේ ද, ඒ හේතුවෙන් (ඒ පුද්ගලයා) යම් කිසිවක් සඳහා අපොහොසත් වෙයි. කුමක් සඳහා ද යත් : උතුම් වූ මෝක්ෂ සංඛ්‍යාත ආර්ය ඵල ධර්මයන්හි රුචිය උපදවා එම ආර්ය ඵලයන් අවබෝධ කර ගැනීම පිණිස අනිත්‍ය ආදී විදර්ශනා පිහිටුවා උත්සාහ ගැනීමටයි. එම අපොහොසත් වීම නිසා මෙසේ සිතයි. කෙසේද යත් :- මේ අඩ මසෙහි හෝ මේ මාසයෙහි හෝ මේ වර්ෂයෙහි හෝ විදර්ශනාව දිරි ගන්වා අර්හත් සංඛ්‍යාත ආර්ය භූමියට පැමිණීමට නොහැකි වූයෙමි යනුයි. එසේ සිතමින් ඒ අනුව ශෝකවන පුද්ගලයාහට උපන් දෝමනස්සයන් සය නෛෂ්ක්‍රම්‍යය ආශ්රිත දෝමනස්සයන් නම් වේ.
“චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා, රූපං සා නාතිවත්තති, තස්මා සා උපෙක්ඛා ගෙහසිතාති වුච්චතී”ති; එවං ඡසු ද්වාරෙසු ඉට්ඨාරම්මණෙ ආපාථගතෙ ගුළපිණ්ඩකෙ නිලීනමක්ඛිකා විය රූපාදීනි අනතිවත්තමානා තත්ථෙව ලග්ගා ලග්ගිතා හුත්වා උප්පන්නකාමගුණනිස්සිතා උපෙක්ඛා ඡ ගෙහසිතඋපෙක්ඛා නාම.
ඇසින් රූපය දැක අඥාන වූ, මුලාවට පත් වූ, මඟපල නොලැබූ, ක්ලේශ සීමාවන් ජය නොගත්, ක්ලේශ විපාකයන් ජය නොගත්, වරදෙහි ආදීනව නොදක්නා, නූගත්, පෘථග්ජන පුද්ගලයාහට යම්බඳු උපේක්ෂාවක් උපදනේ වේද, එම උපේක්ෂාවට රූපය ඉක්මවා යා හැකි නො වේ. ඒ නිසා ඒ උපේක්ෂාව ලෞකිකයයි කියනු ලැබේ. මෙසේ ඇස් කන් ආදී දොරටු සයෙහි පියකරු වූ අරමුණු ඉන්ද්රිය ගෝචර වී එහි උපන් රූප ආදිය ඉවත්ව නො ගොස් එහිම (එම ඉන්ද්රියයන්හිම එල්බ ගෙන, ඇලී ගෙන අසුචි පිඩෙක නිල මැස්සන් මෙන් කාම ගුණ ආශ්‍රිතව පවත්නා උපේක්ෂාව ලෞකික උපේක්ෂාව නම් වේ.
“රූපානං ත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං පුබ්බෙ චෙව රූපා එතරහි ච, ‘සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති උපෙක්ඛා. යා එවරූපා උපෙක්ඛා, රූපං සා අතිවත්තති, තස්මා සා උපෙක්ඛා නෙක්ඛම්මසිතාති වුච්චතී”ති; එවං ඡසු ද්වාරෙසු ඉට්ඨාදිආරම්මණෙ ආපාථගතෙ ඉට්ඨෙ අරජ්ජන්තස්ස අනිට්ඨෙ අදුස්සන්තස්ස අසමපෙක්ඛනෙ අමුය්හන්තස්ස උප්පන්නා විපස්සනාඤාණසම්පයුත්තා උපෙක්ඛා නෙක්ඛම්මසිතඋපෙක්ඛා නාම. ඉමස්මිං සුත්තෙ සබ්බසඞ්ගාහකො චතුභූමකධම්මපරිච්ඡෙදො කථිතො. තතියාදීනි උත්තානත්ථානෙව.
රූපයන්ගේ අනිත්‍යතාවය දැන විපරිණාමයෙහි විරාගය ද, නිරෝධය ද, පෙරවූ රූපයන් ද දැන් පවත්නා ඒ සියලු රූපයන් ද අනිත්‍යය, දුඃඛය, විපරිණාම ස්වභාවය ඇත්තේය යනුවෙන් මෙසේ මෙය තත් වූ පරිදි නිවැරදි නුවණින් දකින්නහුට යම් උපේක්ෂාවක් උපදින්නේ වේද මෙසේ වූ ඒ උපේක්ෂාව රූපය ඉක්මවා සිටියි. එබැවින් ඒ උපේක්ෂාවන් සය නෛෂ්ක්‍රම්‍යය ආශ්රිතයයි කියනු ලැබේ. මෙසේ (චක්ෂුරාදී) දොරටු සය වෙත ප්‍රිය වූ අරමුණු යොමු වූ කල්හි ප්‍රිය වූ (එම) අරමුණෙහි නො ඇලෙන්නාවූ ද, අප්‍රිය වූ අරමුණ කෙරෙහි ද්වේෂය නොකරන්නාවූ ද, නොසලකා හැරිය යුතු (හෙවත් උපේක්ෂාවෙන් සැලකිය යුතු) අරමුණෙහි මුලා නොවන්නාවූ ද පුද්ගලයා තුළ උපන් විදර්ශනා ඥානයෙන් යුක්ත වූ උපේක්ෂාවන් සය නෛෂ්ක්‍රම්‍යය ආශ්රිත උපේක්ෂාවන් නම් වේ. මේ සූත්‍රයෙහි සියල්ල එක්තැන් කරන ලද්දා වූ චාතුර්භූමික ධර්ම කොට්ඨාශය කියන ලදී. තුන් වැන්න ආදියෙහි පැහැදිලි අරුත් ඇත්තේමය.
11. නිරාමිසසුත්තවණ්ණනා
11. නිරාමිස සූත්‍ර වර්ණනාව
එකාදසමෙ සාමිසාති කිලෙසාමිසෙන සාමිසා. නිරාමිසතරාති නිරාමිසායපි ඣානපීතියා නිරාමිසතරාව. නනු ච ද්වීසු ඣානෙසු පීති මහග්ගතාපි හොති ලොකුත්තරාපි, පච්චවෙක්ඛණපීති ලොකියාව, සා කස්මා නිරාමිසතරා ජාතාති? සන්තපණීතධම්මපච්චවෙක්ඛණවසෙන උප්පන්නත්තා. යථා හි රාජවල්ලභො චූළුපට්ඨාකො අප්පටිහාරිකං යථාසුඛං රාජකුලං පවිසන්තො සෙට්ඨිසෙනාපතිආදයො පාදෙන පහරන්තොපි න ගණෙති.
එකොළොස් වැන්නෙහි - සාමිසා = කෙලෙස් සහිත ආමිසයන් යන අරුතින් “සාමිස” නම් වේ. නිරාමිස තරා = නිරාමිෂ වූ ධ්‍යානයෙන් ලත් ප්‍රීතිය නිසා ආමිෂයෙන් වඩාත් බැහැර වූයේ වෙයි. ධ්‍යානයන් දෙකෙහිදී ප්‍රීතිය මහග්ගත හෝ ලෝකෝත්තර නොවන්නේ ද? නුවණින් සලකා බැලීමේ ප්‍රීතිය ලෞකික වුව ද ඒ ප්‍රීතීය කුමක් හෙයින් ආමිසයෙන් තොර වූයේ වෙයි ද? ශාන්ත ප්‍රණීත ධර්මයන් නුවණින් සලකා බැලීම් වශයෙන් උපන් බැවිනි. යම් සේ වනාහී රජුට කුලුපග වූ සුලු සේවකයා බාධාරහිතව සුවසේ රජ මැදුරට පිවිසෙනුයේ සිටු සෙනෙවි ආදීනට පා පහර වැදුණ නමුදු සැලකිල්ලට නොගනියි.
කස්මා? රඤ්ඤො ආසන්නපරිචාරකත්තා. ඉති සො තෙහි උත්තරිතරො හොති, එවමයම්පි සන්තපණීතධම්මපච්චවෙක්ඛණවසෙන උප්පන්නත්තා ලොකුත්තරපීතිතොපි උත්තරිතරාති වෙදිතබ්බා. සෙසවාරෙසුපි එසෙව නයො.
කුමක් හෙයින්ද යත් රජුගේ ආසන්න සේවකයකු බැවිනි. මෙසේ හෙතෙම අන් අයට වඩා උසස් වෙයි. මෙසේ මෙම නිරාමිෂ ප්‍රීතිය ද ශාන්ත ප්‍රණීත ධර්මයන් නුවණින් සලකා බැලීම් වශයෙන් උපන් බැවින් ලෝකෝත්තර ප්‍රීතියට ද වඩා උසස් යයි දත යුතුය. සෙසු අවස්ථාවන්හිදී ද මේ පිළිවෙළම වේ.
විමොක්ඛවාරෙ පන රූපපටිසංයුත්තො විමොක්ඛො අත්තනො ආරම්මණභූතෙන රූපාමිසවසෙනෙව සාමිසො නාම, අරූපපටිසංයුත්තො රූපාමිසාභාවෙන නිරාමිසො නාමාති.
මෝක්ෂය ලබන අවස්ථාවේදී වනාහී රූපය හා සංයුක්තවූ මෝක්ෂය තමාට අරමුණු වූ රූප ආමිෂ වශයෙන් ම “සාමිස” (හෙවත් ආමිස සහිත වූයේ) නම් වේ. රූපය හා සංයුක්ත නොවූ මෝක්ෂය රූපයෙන් ද ආමිෂයෙන් ද තොර බැවින් නිරාමිෂ (හෙවත් ආමිෂ රහිත වූයේ) නම් වේ.
වෙදනාසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
වේදනා සංයුත්තය සමාප්තයි.