මොළියසීවකසුත්තං
2. 3. 1.
2. 3. 1.
මොළියසීවකසුත්තං
මොළියසීවක සූත්‍රය
269. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො මොළියසීවකො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච: සන්ති හි භො ගොතම, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: “යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං පුබ්බෙකතහෙතූ”ති. ඉධ භවං ගොතමො කිමාහාති?
269. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සටුතු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. භවත් ගෞතමයෙනි, “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳි නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය” යි මෙබඳු වාද ඇති මෙබඳු දුටු ඇති ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක් දැ? යි.
පිත්තසමුට්ඨානානිපි ඛො සීවක ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං සීවක වෙදිතබ්බං, යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්තීති, ලොකස්සපි ඛො එතං සීවක සච්චසම්මතං. යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. තත්ර සීවක යෙ තෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො: “යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං පුබ්බෙකතහෙතූ”ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති, යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා නෙසං සමණබ්රාහ්මණානං මිච්ඡාති වදාමි.
සීවක, මෙහි පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ උපදිත්, සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු ය. සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි.
සෙම්හසමුට්ඨානානිපි ඛො සීවක -පෙ- වාතසමුට්ඨානානිපි ඛො සීවක -පෙ- සන්නිපාතිකානිපි ඛො සීවක -පෙ- උතුපරිණාමජානිපි ඛො සීවක -පෙ- විසමපරිහාරජානිපි ඛො සීවක -පෙ- ඔපක්කමිකානිපි ඛො සීවක -පෙ- කම්මවිපාකජානිපි ඛො සීවක ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං සීවක වෙදිතබ්බං. යථා කම්මවිපාකජානිපි ඛො සීවක ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති, ලොකස්සපි ඛො එතං සීවක සච්චසම්මතං යථා කම්මවිපාකජානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති, තනු සීවක යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: “යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතූ”ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති, යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා නෙසං සමණබ්රාහ්මණානං මිච්ඡාති වදාමීති.
සීවක, සෙමින් හටගන්නා වූ ද … සීවක, වාතයෙන් හටගන්නා වූ ද … සීවක, සන්නිපාතයෙන් හටගන්නා වූ ද ... සීවක, ඍතුවිපර්‍ය්‍යාසයෙන් හටගන්නා වූ ද … සීවක, විෂමපරිහරණයෙන් හටගන්නා වූ … සීවක, උපක්‍රමයෙන් හටගන්නා වූ ද … සීවක, කර්මවිපාකයෙන් හටගන්නා වූ ද, ඇතැම් වේදනාවෝ මෙහි උපදිත්. සීවක, කර්මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු යි. සීවක, කර්මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත්නම් එය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොට ගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ යයි සම්මත නම් එයත් ඉක්ම යෙති, එහෙයින් ඒ මහණ බමුණන්ගේ මුසා ය යි කියමි යි.
එවං වුත්තෙ මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
මෙසේ වදාළ කල්හි මොළිය සීවක පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා”යි.
පිත්තං සෙම්හඤ්ච වාතො ච සන්නිපාතා උතූනි ච විසමං ඔපක්කමිකො ච කම්මවිපාකෙන අට්ඨමීති.
පිත ද සෙම ද වාතය ද සන්නිපාතය ද ඍතු ද විෂම පරිහරණය ද උපක්‍රමය ද කර්මවිපාකයෙන් අටවැන්න ද වේ යි.