භික්ඛුසුත්තං
2. 2. 10.
2. 2. 10.
භික්ඛුසුත්තං
භික්ඛු සූත්‍රය
268. ද්වෙපි මයා භික්ඛවෙ වෙදනා වුත්තා පරියායෙන, තිස්සොපි මයා වෙදනා වුත්තා පරියායෙන, පඤ්චපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨාරසපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡත්තිංසාපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨසතම්පි මයා වෙදනා වුත්තා පරියායෙන.
268. මහණෙනි, මවිසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදි.
එවං පරියායදෙසිතො භික්ඛවෙ මයා ධම්මො. එවං පරියාය දෙසිතෙ ඛො පන භික්ඛවෙ මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනුමඤ්ඤිස්සන්ති, න සමනුජානිස්සන්ති, න සමනුමොදිස්සන්ති, නෙසං එතං පාටිකඞ්ඛං: ‘භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරිස්සන්තී’ති.
මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම දේශනා කරන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා කරන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුව සැත්වලින් පෙළමින් වෙසෙන්නාහු ය යි මෙය කැමති වියයුතු යි.
එවං පරියායදෙසිතො භික්ඛවෙ මයා ධම්මො. එවං පරියායදෙසිතෙ ඛො පන භික්ඛවෙ මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුමඤ්ඤිස්සන්ති, සමනුජානිස්සන්ති, සමනුමොදිස්සන්ති: නෙසං එතං පාටිකඞ්ඛං: සමග්ගා සම්මොදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරිස්සන්තී’ති.
මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම් දෙසන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘සමඟ වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙන්නාහ’යි මෙය කැමති වියයුතු යි.
පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච කාමගුණා.
මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ය ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.
යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති කාමසුඛං. යෙ ඛො භික්ඛවෙ එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථි භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: කතමඤ්ච භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මේ කම්සුවය යි කියනු ලැබේ. මහණෙනි, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’ යි මෙසේ කියන්නාහු නම්, ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණි වූත් අන් සුවය යි.
යො ඛො භික්ඛවෙ එවං වදෙය්යුං: ‘එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති. ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථි භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: කතමඤ්ච භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධ භික්ඛවෙ භික්ඛු -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, ඉදං ඛො භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහණෙනි, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සඤ්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ, තඤ්ච සුඛස්මිං පඤ්ඤාපෙති. තයිදං කිංසු, තයිදං කථංසූ”ති? එවං වාදිනො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “න ඛො ආවුසො භගවා සුඛං යෙව වෙදනං සන්ධාය සුඛස්මිං පඤ්ඤාපෙති. යත්ථ යත්ථාවුසො සුඛං උපලබ්භති, යං හි යං හි සුඛං තං තං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙතී”ති.
මහණෙනි, යම් හෙයෙකින් අන්තොටු පිරිවැජියෝ “මහණ ගොයුම්හු සඤ්ඤාවේදයිතනිරෝධයක් කියති, එය සුව ය යි ද පනවයි. ඒ කිමෙක් ද? ඒ කෙසේ දැ?” යි. මෙසේ කියන්නාහු නම්, මේ කරුණ ඇත. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුවවේදනාව සඳහා සුවය යි නො පනවන සේක. ඇවැත්නි, යම් යම් තැනෙක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුවය යි පනවන සේකැ යි.
රහොගතවග්ගො දුතියො.
දෙවැනි රහොගතවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
රහොගතං ද්වෙ ච ආකාසා අගාරං ද්වෙ ච සන්තකා අට්ඨකෙන ච ද්වෙ වුත්තා පඤ්චකඞ්ගොථ භික්ඛුනා.
රහෝගත සූත්‍ර ය, ආකාශසූත්ර දෙක ය, අගාරසූත්ර ය, සන්තකසූත්ර දෙක ය, අට්ඨක සූත්‍ර දෙක ය, පඤ්චකඞ්ගසූත්ර ය, භික්ඛුසූත්ර ය යි සූත්‍ර දශයෙකි.