යෙදුමෙන් කියවන්න

පඤ‍්චකඞ‍්ගසුත‍්තං

2. 2. 9.

2. 2. 9.

පඤ‍්චකඞ‍්ගසුත‍්තං

පඤ්චකඞ්ග සූත්‍රය

267. අථ ඛො පඤ‍්චකඞ‍්ගො ථපති යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච: කති නු ඛො භන‍්තෙ උදායි වෙදනා වුත‍්තා භගවතාති?

267. එකල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කී ය: “වහන්ස, උදායි තෙරණුවනි, කෙතෙක් වේදනාවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු දැ?” යි.

තිස‍්සො ඛො ගහපති වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ගහපති තිස‍්සො වෙදනා වුත‍්තා භගවතාති.

ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ගැහැවිය, මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.

එවං වුත‍්තෙ පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච: න ඛො භන‍්තෙ උදායි තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා. ද‍්වෙ භන‍්තෙවෙදනා වුත‍්තා භගවතා සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා. යායං භන‍්තෙ අදුක‍්ඛමසුඛා වෙදනා, සන‍්තස‍්මිං එසා පණීතෙ සුඛෙ වුත‍්තා භගවතාති.

මෙසේ කී කල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කීය: “වහන්ස, උදායි තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නො වදාරන ලද, සුව වේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවෙක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.

දුතියම‍්පි ඛො ආයස‍්මා උදායී පඤ‍්චකඞ‍්ගං ථපතිං එතදවොච: න ඛො ගහපති ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා. තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා තිස‍්සො වෙදනා වුත‍්තා භගවතාති.

දෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ‘ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නො වදාරන ලදි. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සුව වේදනා ය දුක් වේදනා ය නොදුක් නො සුව වේදනා’යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැයි.

දුතියම‍්පි ඛො පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච: න ඛො භන‍්තෙ උදායි තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා. ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා. යායං භන‍්තෙ අදුක‍්ඛමසුඛා වෙදනා සන‍්තස‍්මිං එසා පණීතෙ සුඛෙ වුත‍්තා භගවතාති.

දෙවන්වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුනට මෙය කීය: “වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි, සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ”යි.

තතියම‍්පි ඛො ආයස‍්මා උදායී පඤ‍්චකඞ‍්ගං ථපති එතදවොච: න ඛො ගහපති ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා. තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා තිස‍්සො වෙදනා වුත‍්තා භගවතාති.

තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොම වදාරන ලදි. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය මැදහත්වේදනා යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.

තතියම‍්පි ඛො පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච: න ඛො භන‍්තෙ උදායි තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා. ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා. යායං භන‍්තෙ අදුක‍්ඛමසුඛා වෙදනා, සන‍්තස‍්මිං එසා පණීතෙ සුඛෙ වුත‍්තා භගවතාති. නෙව ඛො අසක‍්ඛි ආයස‍්මා උදායී පඤ‍්චකඞ‍්ගං ථපතිං සඤ‍්ඤාපෙතුං, න පන අසක‍්ඛි පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං සඤ‍්ඤාපෙතුං.

තෙවන වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය: වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නො දුක් මැදහත් වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවනට හඟවන්නට නොම හැකි වූහ. පඤ්චකඞ්ගවඩුවා ද ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නො ද හැකි විය.

අස‍්සොසි ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මතො උදායිස‍්ස පඤ‍්චකඞ‍්ගෙන ථපතිනා සද‍්ධිං ඉමං කථාසල‍්ලාපං. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො යාවතකො ආයස‍්මතො උදායිස‍්ස පඤ‍්චකඞ‍්ගෙන ථපතිනා සද‍්ධිං අහොසි කථාසල‍්ලාපො තං සබ‍්බං භගවතො ආරොචෙසි.

ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ වූ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ කථාසල්ලාපය යම්තාක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.

සන‍්තං යෙව ඛො ආනන්‍ද පරියායං පඤ‍්චකඞ‍්ගො ථපති උදායිස‍්ස භික‍්ඛුනො නාබ‍්භනුමොදි, සන‍්තඤ‍්ච පනානන්‍ද, පරියායං උදායී භික‍්ඛු පඤ‍්චකඞ‍්ගස‍්ස ථපතිනො නාබ‍්භනුමොදි. ද‍්වෙපි මයා ආනන්‍ද, වෙදනා වුත‍්තා පරියායෙන. තිස‍්සොපි මයා වෙදනා වුත‍්තා පරියායෙන. පඤ‍්චපි මයා වෙදනා වුත‍්තා පරියායෙන. ඡපි මයා වෙදනා වුත‍්තා පරියායෙන. අට‍්ඨාරසාපි මයා වෙදනා වුත‍්තා පරියායෙන. ඡත‍්තිංසාපි මයා වෙදනා වුත‍්තා පරියායෙන. අට‍්ඨසතම‍්පි මයා වෙදනා වුත‍්තා පරියායෙන.

ආනන්‍ද, පඤ්චකඞ්ගවඩුවා උදායි මහණහුගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්‍ද, උදායි මහණ ද පඤ්චකඞ්ගවඩුවාගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්‍ද, මා විසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදී. මා විසින් නයවශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදී.

එවං පරියායදෙසිතො ඛො ආනන්‍ද මයා ධම‍්මො. එවං පරියාය දෙසිතෙ ඛො ආනන්‍ද මයා ධම‍්මෙ යෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සුලපිතං, න සමනුමඤ‍්ඤිස‍්සන‍්ති, න සමනුජානිස‍්සන‍්ති, න සමනුමොදිස‍්සන‍්ති; නෙසං එතං පාටිකඞ‍්ඛං භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරිස‍්සන‍්තීති.

ආනන්‍ද, මෙසේ මා විසින් දහම් නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්‍ද, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම් ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාසිතය සුලපිතය එක්ව නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් “හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුවසැත්වලින් විදගනිමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතුයි.

එවං පරියායදෙසිතො ඛො ආනන්‍ද, මයා ධම‍්මො. එවං පරියාය දෙසිතෙ ඛො ආනන්‍ද, මයා ධම‍්මෙ යෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සුලපිතං සමනුමඤ‍්ඤිස‍්සන‍්ති සමනුජානිස‍්සන‍්ති, සමනුමොදිස‍්සන‍්ති, නෙසං එතං පාටිකඞ‍්ඛං, සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකී භූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරිස‍්සන‍්තීති.

ආනන්‍ද, මෙසේ මා විසින් ධර්‍මය නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්‍ද, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් “සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්‍රියඇසින් බලමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතු ය.

පඤ‍්චිමෙ ආනන්‍ද කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආනන්‍ද පඤ‍්ච කාමගුණා. යං ඛො ආනන්‍ද ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, ඉදං වුච‍්චති කාමසුඛං. යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරං චෙව පණීතතරඤ‍්ච.

ආනන්‍ද, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මන වඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ ය ... කනින් දතයුතු සදහු ය ... නැහැයෙන් දත යුතු ගඳහු ය ... දිවෙන් දතයුතු රස ය. ඉටු කැමති මන වඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය යි. ආනන්‍ද, මොහු පස්කම් ගුණයෝ ය. ආනන්‍ද, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කම්සුවය යි කියනු ලැබේ. ආනන්‍ද, යම් කෙනෙක් “පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති”යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත.

කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා ඉතා පිණී වූත් අනෙක් සුවය යි.

යෙ ඛො ආනන්‍ද, එවං වදෙය්‍යුං: “එතං පරමං සන‍්තං සුඛංසොමනස‍්සං පටිසංවෙදෙන‍්තී”ති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයිනයත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟකම ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අනෙක් සුවය යි.

යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති, උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍ද, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේත් මනාදැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය, සුවවිහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තුන්වන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා ප්‍රණීත වූත් අන් සුවය යි.

යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසති පාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්තසුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ සුවයත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.

යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු සබ‍්බසො රූප සඤ‍්ඤානං සමතික‍්කමා, පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා -පෙ-

ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම වීමෙන් පටිඝසංඥාවන්ගේ අභාවයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ...

යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: ‘එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තී’ති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා -පෙ- කතමඤ‍්චානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං -පෙ- ඉධානන්‍ද භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා -පෙ-

ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා … ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා … අන්සුවය කවරේ ද?: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මෙය වනාහි මේ සුවයට වඩා …

යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා -පෙ- කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං -පෙ- ඉධානන්‍ද භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා -පෙ-

ආනන්‍ද, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා … ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා … අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ...

යෙ ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: ‘එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තී’ති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ සුවය කවරේ ද: ආනන්‍ද, මේ මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන්සුවය යි.

යෙ ච ඛො ආනන්‍ද එවං වදෙය්‍යුං: ‘එතං පරමං සන‍්තං සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තී’ති ඉදං නෙසාහං නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: කතමඤ‍්චානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍ද, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මේ මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.

ඨානං ඛො පනෙතං ආනන්‍ද, විජ‍්ජති යං අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං වදෙය්‍යුං: “සඤ‍්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ, තඤ‍්ච සුඛස‍්මිං පඤ‍්ඤාපෙති. තයිදං කිංසු තයිදං කථංසූ”ති? එවංවාදිනො ආනන්‍ද අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: න ඛො ආවුසො භගවා සුඛං යෙව වෙදනං සන්‍ධාය සුඛස‍්මිං පඤ‍්ඤාපෙති. යත්‍ථ යත්‍ථාවුසො සුඛං උපලබ‍්භති, යං හි යං හි සුඛං තං තං තථාගතො සුඛස‍්මිං පඤ‍්ඤාපෙතී”ති.

ආනන්‍ද, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ ‘මහණ ගොයුම් තෙමේ සඤ්ඤාවේදයිතනිරෝධයක් කියයි එ ද සුවය යි පනවයි. ඒ මෙය කිමෙක් ද? ඒ මෙය කෙසේ දැ’යි. මෙසේ කියන්නාහු නම් මේ කරුණ ඇත. ආනන්‍ද, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුවවේදනාව ම සඳහා සුව යයි නො පනවති, ඇවැත්නි, යම් තැනක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුව ය යි පනවන සේකැ යි.