යෙදුමෙන් කියවන්න

2. රහොගතවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. රහොගත වර්ගය

1. රහොගතසුත‍්තවණ‍්ණනා

1. රහෝගත සූත්‍ර වර්ණනාව

රහොගතවග‍්ගස‍්ස පඨමෙ යං කිඤ‍්චි වෙදයිතං, තං දුක‍්ඛස‍්මින‍්ති යං කිඤ‍්චි වෙදයිතං, තං සබ‍්බං දුක‍්ඛන‍්ති අත්‍ථො. සඞ‍්ඛාරානංයෙව අනිච‍්චතන‍්තිආදීසු යා එසා සඞ‍්ඛාරානං අනිච‍්චතා ඛයධම‍්මතා වයධම‍්මතා විපරිණාමධම‍්මතා, එතං සන්‍ධාය යං කිඤ‍්චි වෙදයිතං, තං දුක‍්ඛන‍්ති මයා භාසිතන‍්ති දීපෙති. යා හි සඞ‍්ඛාරානං අනිච‍්චතා, වෙදනානම‍්පි සා අනිච‍්චතා එව. අනිච‍්චතා ච නාමෙසා මරණං, මරණතො උත‍්තරි දුක‍්ඛං නාම නත්‍ථීති ඉමිනා අධිප‍්පායෙන සබ‍්බා වෙදනා දුක‍්ඛාති වුත‍්තා. අථ ඛො පන භික‍්ඛු මයාති ඉදං න කෙවලං අහං වෙදනානංයෙව නිරොධං පඤ‍්ඤාපෙමි, ඉමෙසම‍්පි ධම‍්මානං නිරොධං පඤ‍්ඤාපෙමීති දස‍්සනත්‍ථං ආරද‍්ධං. වූපසමො ච පස‍්සද‍්ධියො ච එවරූපාය දෙසනාය බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන වුත‍්තා. සඤ‍්ඤාවෙදයිතනිරොධග‍්ගහණෙන චෙත්‍ථ චත‍්තාරො ආරුප‍්පා ගහිතාව හොන‍්තීති වෙදිතබ‍්බා.

රහොගත වග්ගයේ පළමු වැන්නෙහි - යං කිඤ්චි වෙදයිතං තං දුක්‍ඛස්මිං = යම් කිසි වින්දනයක් ඇත්නම් ඒ සියල්ල දුක් සහිතය යන අර්ථයයි. සඞ්ඛාරානං යෙව අනිච්චතං = මේ ආදී ප්‍රකාශනයන්හිදී මෙසේ සංස්කාරයන්ගේ යම් අනිත්‍යතාවයක්, ක්ෂය වන ස්වභාවයක්, ව්‍යයවන ස්වභාවයක්. වෙනසකට පත් වීමේ ස්වභාවයක් වන්නේ නම්, ඒ සඳහා යම් කිසි වින්දනයක් වේ නම් එය දුක් සහිත බව මා විසින් කියන ලද්දේ යයි දැක්වේ. සංස්කාරයන්ගේ යම් අනිත්‍යතාවයක් වේද, වේදනාවන්ගේ ද ඒ අනිත්‍යතාවය ම පවතී. මේ මරණය යනු ද අනිත්‍ය තාවයයි. මරණයට වැඩි දුකක් නම් නැතැයි යන මේ අදහසින් සියලු වින්දනයන් දුක් සහිතම යයි අර්ථ දැක්වේ. අථඛො පන භික්‍ඛුමයා = මම හුදෙක් වේදනාවන්ගේම මෙම නිරෝධය පමණක් ප්‍රකාශ නො කරමි, මේ ධර්මයන්ගේ ද නිරෝධය ප්‍රකාශ කරමියි දැක්වීම පිණිස දේශනය අරඹන ලදී. මෙම දේශනාවෙහි දී අවබෝධ කරන්නවුන්ගේ අදහස් වශයෙන් සන්සිඳීම ද, සන්සුන් වීම ද පිළිබඳව කියන ලදී. සඤ්ඤං වෙදයිත නිරෝධය ග්‍රහණය කිරීමෙන් මෙහි අරූප ධ්‍යාන සතර ගන්නා ලද්දේම යයි දත යුතුය.

2-3. ආකාසසුත‍්තාදිවණ‍්ණනා

2-3. ආකාස ආදි සූත්‍ර වර්ණනා

දුතියෙ පුථූ වායන‍්ති මාලුතාති බහූ වාතා වායන‍්ති. සෙසං උත‍්තානත්‍ථමෙවාති. තතියං විනා ගාථාහි බුජ‍්ඣන‍්තානං අජ‍්ඣාසයෙන වුත‍්තං.

දෙවැන්නෙහි - පුථු වායති මාලුතා = බොහෝ වූ වාතය හමයි. සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය. තුන් වැන්න ගාථාවලින් තොරව, අවබෝධ කර ගන්නවුන්ගේ අදහසින් යුතුව කියන ලදී.

4. අගාරසුත‍්තවණ‍්ණනා

4. අගාර සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පුරත්‍ථිමාති පුරත්‍ථිමාය. එවං සබ‍්බත්‍ථ. සාමිසාපි සුඛා වෙදනාතිආදීසු සාමිසා සුඛා නාම කාමාමිසපටිසංයුත‍්තා වෙදනා. නිරාමිසා සුඛා නාම පඨමජ‍්ඣානාදිවසෙන විපස‍්සනාවසෙන අනුස‍්සතිවසෙන ච උප‍්පන‍්නා වෙදනා. සාමිසා දුක‍්ඛා නාම කාමාමිසෙනෙව සාමිසා වෙදනා, නිරාමිසා දුක‍්ඛා නාම අනුත‍්තරෙසු විමොක‍්ඛෙසු පිහං උපට‍්ඨාපයතො පිහපච‍්චයා උප‍්පන‍්නදොමනස‍්සවෙදනා. සාමිසා අදුක‍්ඛමසුඛා නාම කාමාමිසෙනෙව සාමිසා වෙදනා. නිරාමිසා අදුක‍්ඛමසුඛා නාම චතුත්‍ථජ‍්ඣානවසෙන උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛා වෙදනා.

සිවු වැන්නෙහි - පුරත්‍ථිමා = පෙරදිග දිසාවෙහි සියළු තැන්හිම මෙසේය. සාමිසාපි සුඛා වෙදනා = මේ ආදියෙහි දී කාමාශක්ත ආමිසයන් හා සම්බන්ධ වූ වින්දනයන් “සාමිස සුඛ” (හෙවත් ආමිස සහිත වූ සුවයන්) ලෙස දැක්වේ. ප්‍රථම ධ්‍යානාදී වශයෙන් ද, විදර්ශනා වශයෙන් ද උපන් වින්දනයන් නිරාමිස සුඛ (හෙවත් ආමිස රහිත සුව) නම් වේ. කාමාශක්ත ආමිසයන් ගෙන් ලැබෙන ආමිස සහිත වින්දනයන් සාමිස දුක්‍ඛ (හෙවත් ආමිස සහිත දුක්) නම් වේ. උත්තම වූ මෝක්ෂයන් කෙරෙහි ප්‍රියතාවයෙන් යුතුව ක්‍රියා කරන්නහුගේ ප්‍රියතාව හේතුවෙන් උපන් දොම්නස් සහිත වේදනා නිරාමිස දුක් නම් වේ. කාමාශක්ත ආමිසයන්ගෙන් ලැබෙන ආමිස සහිත වින්දනයන් “ආමිස සහිත වූ සුවදුක් රහිත බව” (හෙවත් සාමිස අදුක්‍ඛ මසුඛ) නම් වේ. චතුර්ථ ධ්‍යාන වශයෙන් උපන් සුවදුක් රහිත වින්දනයන් (හෙවත් අදුක්‍ඛමසුඛ වේදනාවන්) නිරාමිස වූ සුවදුක් රහිත බව (හෙවත් නිරාමිස අදුක්‍ඛම සුඛ) නම් වේ.

5-8. සන‍්තකසුත‍්තාදිවණ‍්ණනා

5-8. සන්තක ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමාදීනි චත‍්තාරි හෙට‍්ඨා කථිතනයානෙව. පුරිමානි පනෙත්‍ථ ද‍්වෙ පරිපුණ‍්ණපස‍්සද‍්ධිකානි, පච‍්ඡිමානි උපඩ‍්ඪපස‍්සද‍්ධිකානි. දෙසනාය බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන වුත‍්තානි.

පස්වැන්න ආදී කොට ඇති සතර යට කියන ලද අයුරින් ම දත යුතුය. මෙහි මුල් සූත්‍ර දෙක සම්පූර්ණ නිවී යාම සඳහා ද, පසු සූත්‍ර දෙක අර්ථ වශයෙන් නිවී යාම සඳහා ද දේසනාවෙන් අවබෝධ කරවීම පිණිස කියන ලදී.

9-10. පඤ‍්චකඞ‍්ගසුත‍්තාදිවණ‍්ණනා

9-10. පඤ්චකඞ්ග ආදි සූත්‍ර වර්ණනා

නවමෙ පඤ‍්චකඞ‍්ගො ථපතීති පඤ‍්චකඞ‍්ගොති තස‍්ස නාමං, වාසිඵරසුනිඛාදනදණ‍්ඩමුග‍්ගරකාළසුත‍්තනාළිසඞ‍්ඛාතෙහි වා පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතත‍්තා සො පඤ‍්චකඞ‍්ගොති පඤ‍්ඤාතො. ථපතීති වඩ‍්ඪකීජෙට‍්ඨකො. උදායීති පණ‍්ඩිතඋදායිත්‍ථෙරො. පරියායන‍්ති කාරණං. ද‍්වෙපානන්‍දාති ද‍්වෙපි, ආනන්‍ද, පරියායෙනාති කාරණෙන. එත්‍ථ ච කායිකචෙතසිකවසෙන ද‍්වෙ වෙදිතබ‍්බා, සුඛාදිවසෙන තිස‍්සොපි, ඉන්‍ද්‍රියවසෙන සුඛින්‍ද්‍රියාදිකා පඤ‍්ච, ද‍්වාරවසෙන චක‍්ඛුසම‍්ඵස‍්සජාදිකා ඡ, උපවිචාරවසෙන “චක‍්ඛුනා රූපං දිස‍්වා සොමනස‍්සඨානියං රූපං උපවිචරතී”තිආදිකා අට‍්ඨාරස, ඡ ගෙහසිතානි සොමනස‍්සානි, ඡ නෙක‍්ඛම‍්මසිතානි, ඡ ගෙහසිතානි දොමනස‍්සානි, ඡ නෙක‍්ඛම‍්මසිතානි, ඡ ගෙහසිතා උපෙක‍්ඛා, ඡ නෙක‍්ඛම‍්මසිතාති එවං ඡත‍්තිංස. තා අතීතෙ ඡත‍්තිංස, අනාගතෙ ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නෙ ඡත‍්තිංසාති එවං අට‍්ඨසතං වෙදනා වෙදිතබ‍්බා.

නව වැන්නෙහි - පඤ්චඞ්ගො ථපති = පඤ්චඞ්ග යනු ඔහුට කියනු ලබන නාමයයි. වෑය, පොරව, නියන, දඩුමුගුරු, දැලිනූල යන අංග පසෙන් යුතු වන බැවින් හෙතෙම පඤ්චඞ්ග (හෙවත් අංග පසකින් යුත් තැනැත්තා) යයි හඳුන්වනු ලැබේ. “ඵපති” යනු ප්‍රධාන වඩුවා ය. උදායි = පණ්ඩිත උදායී තෙරණුවෝය. පරියායං = කාරණාව ද්වෙවානන්‍ද = ආනන්දයෙනි (මෙහි කාරණා) දෙකක් වේ. පරියායෙන යන කරුණින් මෙහි ද කායික හා චෛතසික වශයෙන් දෙකක් යයි දත යුතුය. “සුඛ” ආදී වශයෙන් (සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ යනුවෙන්) තුනක් යයි ද, ඉන්‍ද්‍රිය වශයෙන් සුවය (හා දුක) විඳිනා ඉන්‍ද්‍රියයන් යනුවෙන් පසක් යයි ද, දොරටු වශයෙන් ඇස හා ස්පර්ශ වීමෙන් උපදින විඤ්ඤාණය ආදී සයක් යයි ද යන මේ අයුරින් අටළොසකි. (ඒ මෙසේය :- පරියාය හෙවත් කාරණා දෙකකි (2) + කායික, චෛතසික වශයෙන් දෙකකි. (2)+ සුඛ ආදී වින්දන තුනකි (3) + ඉන්‍ද්‍රියයන් පහකි (5) + දොරටු හයකි (6) = (18) සියල්ලෙහි එකතුව අටළොසකි) උපවිචාර වශයෙන් ඇසෙන් රූප දැක සොම්නසට හේතුවන රූප වෙතට යොමු වන ලෞකික සෝමනස්සයන් සය ද, නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත වින්දනයන් සය ද, ලෞකික උපේක්ෂා සහගත වින්දනයන් සය ද (යන අටළොස හා පෙර කී අටළොස) සමඟ සතිසක් වූ වින්දනයන් අතීතයෙහි උපන් සතිසක් ද, අනාගතයෙහි උපදින සතිසක් ද වත්මනෙහි උපදින සතිසක් ද වශයෙන් වින්දනයන් එකසිය අටක් (36 x 3= 108) යයි දතයුතු

පඤ‍්චිමෙ ආනන්‍ද කාමගුණාති අයං පාටියෙක‍්කො අනුසන්‍ධි. න කෙවලඤ‍්හි ද‍්වෙ ආදිං කත්‍වා වෙදනා භගවතා පඤ‍්ඤත‍්තා, පරියායෙන එකාපි වෙදනා කථිතා, තං දස‍්සෙන‍්තො පඤ‍්චකඞ‍්ගස‍්ස ථපතිනො වාදං උපත්‍ථම‍්භෙතුං ඉමං දෙසනං ආරභි. අභික‍්කන‍්තතරන‍්ති සුන්‍දරතරං. පණීතතරන‍්ති අතප‍්පකතරං. එත්‍ථ ච චතුත්‍ථජ‍්ඣානතො පට‍්ඨාය අදුක‍්ඛමසුඛා වෙදනා, සාපි සන‍්තට‍්ඨෙන පණීතට‍්ඨෙන ච සුඛන‍්ති වුත‍්තා. නිරොධො අවෙදයිතසුඛවසෙන සුඛං නාම ජාතො. පඤ‍්චකාමගුණවසෙන හි අට‍්ඨසමාපත‍්තිවසෙන ච උප‍්පන‍්නං වෙදයිතං සුඛං නාම, නිරොධො අවෙදයිතසුඛං නාම. ඉති වෙදයිතසුඛං වා හොතු අවෙදයිතසුඛං වා, නිද‍්දුක‍්ඛභාවසඞ‍්ඛාතෙන සුඛට‍්ඨෙන එකන‍්තසුඛමෙව ජාතං.

පඤ්චිමෙ ආනන්‍ද කාමගුණා = මෙය එකක් ලෙසම ගළපා ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාව භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනාව එකක්ය. දෙකක් ය ආදී වශයෙන් වෙන්ව ප්‍රකාශ කොට ඇත. පර්යාය වචනයෙන් වෙන්ව ප්‍රකාශ කොට නැත. පර්යාය වචනයෙන් ද එකම වේදනාවක් ගැනම කියන ලදි. එය දක්වමින් පඤ්චඞ්ග ථපති වාදය (හෙවත් අංග පසකින් යුත්, වඩුවා ඇසුරෙන් ගොඩ නැංවූ මතය) සනාථ කිරීමට මේ දේශනාව ඇරඹූහ. අභික්කන්ත තරං = වඩාත් සුන්දර වූ පණීත තරං = වඩා උසස් මෙහිදී චතුර්ථධ්‍යානයෙහි පටන් දුකින් ද, සුවයෙන් ද තොරවූ වින්දනය ආමිස සහිතය යන අරුතින් ද, ප්‍රණීතය යන අරුතින් ද “සැප” යයි කියන ලදී. නිරෝධය අවේදයිත සුඛධ (හෙවත් වින්දනයක් නැති බවේ සුවය) වශයෙන් “සැපය” යයි නම් ලැබීය. පඤ්චකාම ගුණ වශයෙන් වූ කලි අෂ්ට සමාපත්ති වශයෙන් ද උපන් වින්දනය “සැප” යයි නම් කෙරේ. නිරෝධය අවේදයිත සුඛය නම් වේ. මෙසේ වේදයිත සුඛ (හෙවත් වින්දනයක් ලබන සුවය) හෝ වේවා දුකක් නොවේය යන අදහසින්, සැපතක්ය යන අර්ථයෙන් ඒකාන්ත සැපයක් වන්නේයයි අදහස් කෙරේ.

යත්‍ථ යත්‍ථාති යස‍්මිං යස‍්මිං ඨානෙ. සුඛං උපලබ‍්භතීති වෙදයිතං සුඛං වා අවෙදයිතං සුඛං වා උපලබ‍්භති. තං තං තථාගතො සුඛස‍්මිං පඤ‍්ඤපෙති, තං සබ‍්බං තථාගතො නිද‍්දුක‍්ඛභාවං සුඛස‍්මිංයෙව පඤ‍්ඤපෙතීති ඉධ භගවා නිරොධසමාපත‍්තිං සීසං කත්‍වා නෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙසි. දසමං උත‍්තානත්‍ථමෙවාති.

යත්‍ථ යත්‍ථ = යම් යම් ස්ථානයන්හි සුඛං උපලබ්භති = වේදයිත සුවය හෝ අවේදයිත සුවය ලැබෙයි. තංතං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙති = තථාගතයන් වහන්සේ ඒ සියලු නිදුක් බවක්ම සුවයෙහිම ඇතුළත් කොට ප්‍රකාශ කරති. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තිය මුල් කොට අවබෝධ කරවිය යුතු පුද්ගලයන් වශයෙන් ඔවුන් හට අර්හත් භාවය කුළු ගැන්වීමෙන් දේශනාව නිම කළ සේක. දසවැන්න පැහැදිලි අරුත්වලින් යුතු වේමය.

රහොගතවග‍්ගො දුතියො.

දෙවන රහොගත වර්ගය නිමියේය.