අට්ඨකසුත්තං
2. 2. 7.
2. 2. 7.
අට්ඨකසුත්තං
අට්ඨක සූත්‍රය
265. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනා සමුදයො? කතමො වෙදනා නිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
265. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ‘වේදනාව කවරී ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාද කිමෙක් ද? ආදීනව කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛවෙ වෙදනා. ඵස්සසමුදයා වෙදනා සමුදයො ඵස්සනිරොධා වෙදනා නිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණං.
මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්දරාගය දුරුලීමෙක් ඡන්දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
අථ ඛො පන භික්ඛවෙ මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො: පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති.
වැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වෙයි ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
අථ ඛො පන භික්ඛවෙ මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති, -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
වැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය, පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
ඡයිමා භික්ඛවෙ පස්සද්ධියො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා පටිප්පස්සද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති පටිප්පස්සද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා පටිප්පස්සද්ධා හොන්ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
මහණෙනි, මේ සන්හිඳුම් සයෙකි. ‘පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතක්කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නී වෙයි, සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.