දුතියසන්තකසුත්තං
2. 2. 6.
2. 2. 6.
දුතියසන්තකසුත්තං
දුතිය සන්තක සූත්‍රය
264. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: කතමා නු ඛො ආනන්ද වෙදනා? කතමො වෙදනා සමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
264. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්ද, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
භගවම්මූලකා නො භන්තෙ ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙනහානන්ද සුණොහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. භගවත්හු නේතෘ කොට ඇතියහ. භගවත්හු පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මැනවි. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ යි. ආනන්ද, එසේ වී නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය වහන්සැ’යි. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
තිස්සො ඉමා ආනන්ද වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති ආනන්ද වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා සෙය්යථිදං: සම්මා දිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො, යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො, යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං වෙදනාය නිස්සරණං.
ආනන්ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. ආනන්ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වෙදනාසමුදය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරීඅටඟිමඟ ම වෙදනානිරොදගාමිනී පටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාදය යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්දරාගය දුරුකිරීමෙක් ඡන්දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
අථ ඛො පනානන්ද මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො, පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති: ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති.
ආනන්ද, වැලි දු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙති. රහත් මහණහුගේ රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
අථ ඛො පනානන්ද මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො, පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති: ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
ආනන්ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
අථ ඛො පනානන්ද, මයා අනුපුබ්බසඞ්ඛාරානං පස්සද්ධි අක්ඛාතා, පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති: ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
ආනන්ද, යළිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලදි. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.