යෙදුමෙන් කියවන්න

සන‍්තකසුත‍්තං

2. 2. 5.

2. 2. 5.

සන‍්තකසුත‍්තං

සන්තක සූත්‍රය

263. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: කතමා නු ඛො භන‍්තෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස‍්සාදො? කො ආදීනවො? කිං නිස‍්සරණන‍්ති?

263. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාව කවරක් ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරේ ද? වේදනාවෙහි ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.

තිස‍්සො ඉමා ආනන්‍ද, වෙදනා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා වුච‍්චන‍්ති ආනන්‍ද, වෙදනා. ඵස‍්සසමුදයා වෙදනාසමුදයො ඵස‍්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො වෙදනානිරොධගාමිනී පටිපදා. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං වෙදනාය අස‍්සාදො. යා වෙදනා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං වෙදනාය නිස‍්සරණං.

ආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනී පටිපදාව යි. එනම් - සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.

අථ ඛො පනානන්‍ද, මයා අනුපුබ‍්බසඞ‍්ඛාරානං නිරොධො අක‍්ඛාතො. පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා නිරුද‍්ධා හොති -පෙ- සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස සඤ‍්ඤා ච වෙදනා ච නිරුද‍්ධා හොන‍්ති. ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගො නිරුද‍්ධො හොති, දොසො නිරුද‍්ධො හොති, මොහො නිරුද‍්ධො හොති. අථ ඛො පනානන්‍ද, මයා අනුපුබ‍්බසඞ‍්ඛාරානං වූපසමො අක‍්ඛාතො. පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා වූපසන‍්තා හොති -පෙ- සඤ‍්ඤා වෙදයිතනිරොධං සමාපන‍්න්‍යස සඤ‍්ඤා ච වෙදනා ච වූපසන‍්තා හොන‍්ති. ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගො වූපසන‍්තො හොති, දොසො වූපසන‍්තො හොති, මොහො වූපසන‍්තො හොති.

ආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි. ආනන්‍ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වෙයි.

අථ ඛො පනානන්‍ද, මයා අනුපුබ‍්බසඞ‍්ඛාරානං පස‍්සද‍්ධි අක‍්ඛාතා. පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා පටිප‍්පස‍්සද‍්ධා හොති, දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරා පටිප‍්පස‍්සද‍්ධා හොන‍්ති, තතියං ඣානං සමාපන‍්නස‍්ස පීති පටිප‍්පස‍්සද‍්ධා හොති, චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අස‍්සාසපස‍්සාසා පටිප‍්පස‍්සද‍්ධා හොන‍්ති, ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤා පටිප‍්පස‍්සද‍්ධා හොති, විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා පටිප‍්පස‍්සද‍්ධා හොති. ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා පටිප‍්පස‍්සද‍්ධා හොති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා පටිප‍්පස‍්සද‍්ධා හොති. සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස සඤ‍්ඤා ච වෙදනා ච පටිප‍්පස‍්සද‍්ධා හොන‍්ති. ඛීණාසවස‍්ස භික‍්ඛුනො රාගො පටිප‍්පස‍්සද‍්ධො හොති, දොසො පටිප‍්පස‍්සද‍්ධො හොති, මොහො පටිප‍්පස‍්සද‍්ධො හොතීති.

ආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වෙයි. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්හුන්නී වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හුන්නී වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්හුන්නී වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්හුන්නී වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.