දුතිය ආකාසසුත‍්තං
2. 2. 3.
2. 2. 3.
දුතිය ආකාසසුත‍්තං
දුතිය ආකාස සූත්‍රය
261. සෙය්‍යථාපි භික‍්ඛවෙ ආකාසෙ විවිධා වාතා වායන‍්ති: පුරත්‍ථිමාපි වාතා වායන‍්ති -පෙ- අධිමත‍්තාපි වාතා වායන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං කායස‍්මිං විවිධා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, සුඛාපි වෙදනා උප‍්පජ‍්ජන‍්ති, දුක‍්ඛාපි වෙදනා උප‍්පජ‍්ජන‍්ති, අදුක‍්ඛමසුඛාපි වෙදනා උප‍්පජ‍්ජන‍්තී”ති.
261. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් හුළං හමා ද, පෙරදිග හුළං ද හමයි. ... අධික හුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුවවේදනාත් උපදිත්. දුක්වේදනාත් උපදිත්. මැදහත්වේදනාත් උපදිත් යි.
2. 2. 4.
2. 2. 4.
අගාරසුත‍්තං
අගාර සූත්‍රය
262. සෙය්‍යථාපි භික‍්ඛවෙ ආගන‍්තුකාගාරං. තත්‍ථ පුරත්‍ථිමායපි දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති, පච‍්ඡිමාය පි දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති, උත‍්තරායපි දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති, දක‍්ඛිණායපි දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. ඛත‍්තියාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති, බ්‍රාහ‍්මණාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති, වෙස‍්සාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති, සුද‍්දාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති.
262. මහණෙනි, යම්සේ ආගන්තුක ගෙයක් වේ ද, එහි පෙරදිගින් ද අවුත් වාසය කෙරෙති. පැළදිගින් ද අවුත් වාසය කෙරෙති. උතුරුදිගින් ද අවුත් වාසය කෙරෙති. දකුණුදිගින් ද අවුත් වාසය කෙරෙති. ක්‍ෂත්‍රියයෝත් අවුත් වාසය කෙරෙති. බ්‍රාහ්මණයෝත් අවුත් වාසය කෙරෙති. වෛශ්‍යයෝත් අවුත් වාසය කෙරෙති. ශුද්‍රයෝත් අවුත් වාසය කෙරෙති.
එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං කායස‍්මිං විවිධා වෙදනා උප‍්පජ‍්ජන‍්ති: සුඛාපි වෙදනා උප‍්පජ‍්ජන‍්ති, දුක‍්ඛාපි වෙදනා උප‍්පජ‍්ජන‍්ති, අදුක‍්ඛමසුඛාපි වෙදනා උප‍්පජ‍්ජන‍්ති. සාමිසාපි සුඛා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, නිරාමිසාපි සුඛා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, සාමිසාපි දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, නිරාමිසාපි දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, සාමිසාපි අදුක‍්ඛමසුඛා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. නිරාමිසාපි අදුක‍්ඛමසුඛා වෙදනා උප‍්පජ‍්ජතීති.
මහණෙනි, එසෙයින් ම මේ කයෙහි විවිධ වේදනාවෝ උපදිති: සුවවේදනාත් උපදිති. දුක්වේදනාත් උපදිති. මැදහත් වේදනාත් උපදිති. සාමිස සැපවේදනාත් උපදිති. නිරාමිස සුවවේදනාත් උපදිති. සාමිස දුක්වේදනාත් උපදිති. නිරාමිස දුක්වේදනාත් උපදිති. සාමිස මැදහත්වේදනාත් උපදිති. නිරාමිස මැදහත්වේදනාත් උපදිති යි.