යෙදුමෙන් කියවන්න

ආකාසසුත‍්තං

2. 2. 2.

2. 2. 2.

ආකාසසුත‍්තං

ආකාස සූත්‍රය

260. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන‍්ති: පුරත්‍ථිමාපි වාතා වායන‍්ති, පච‍්ඡිමාපි වාතා වායන‍්ති, උත‍්තරාපි වාතා වායන‍්ති, දක‍්ඛිණාපි වාතා වායන‍්ති, සරජාපි වාතා වායන‍්ති, අරජාපි වාතා වායන‍්ති, සීතාපි වාතා වායන‍්ති, උණ‍්හාපි වාතා වායන‍්ති, පරිත‍්තාපි වාතා වායන‍්ති, අධිමත‍්තාපි වාතා වායන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං කායස‍්මිං විවිධා වෙදනා උප‍්පජ‍්ජන‍්ති: සුඛාපි වෙදනා උප‍්පජ‍්ජති, දුක‍්ඛාපි වෙදනා උප‍්පජ‍්ජති, අදුක‍්ඛමසුඛාපි වෙදනා උප‍්පජ‍්ජතී”ති.

260. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් සුළං හමා ද, පෙරදිග සුළං ද හමයි. පැළදිග සුළං ද හමයි. උතුරුදිග සුළං ද හමයි. දකුණුදිග සුළං ද හමයි. දූලි සහිත සුළං ද හමයි. දූලි රහිත සුළං ද හමයි. සිහිල් සුළං ද හමයි. උණුසුම් සුළං ද හමයි. මඳ සුළං ද හමයි. අධික සුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුව වේදනාත් උපදිත්. දුක්වේදනා උපදිත්. මැදහත් වේදනා උපදිත්.

යථාපි වාතා ආකාසෙ වායන‍්ති විවිධා පුථු පුරත්‍ථිමා පච‍්ඡිමා චාපි උත‍්තරා අථ දක‍්ඛිණා.

යම්සේ අහසෙහි නන්වැදෑරුම් වූ බොහෝ සුළං හමා ද පෙරදිගින් හමන්නා වූ ද පැළදිගින් හමන්නා වූ ද උතුරුදිගින් හමන්නා වූ ද යළි දකුණු දිගින් හමන්නා වූ ද,

සරජා අරජා වාපි සීතා උණ‍්හා ච එකදා අධිමත‍්තා පරිත‍්තා ච පුථූ වායන‍්ති මාලුතා

දූලි සහිත වූ ද දූලි රහිත වූ ද සිසිල් වූ ද උණුසුම් වූ ද ඇතැම් දිනෙක අධික වූ ද මද වූ ද බොහෝ සුළං හමයි.

තථෙවිමස‍්මිං කායස‍්මිං සමුප‍්පජ‍්ජන‍්ති වෙදනා සුඛදුක‍්ඛසමුප‍්පත‍්ති අදුක‍්ඛමසුඛා ච යා.

එසෙයින් ම කයෙහි සුවදුක් උපදවන්නා වූ ද මැදහත් වූ ද යම් වේදනාවක් වේ නම් ඒ වේදනාවෝ උපදිත්.

යතො ච භික‍්ඛු ආතාපී සම‍්පජඤ‍්ඤං න රිඤ‍්චති තතො සො වෙදනා සබ‍්බා පරිජානාති පණ‍්ඩිතො.

මහණ, යම් කලෙක කෙලෙස් තවන වෙර ඇත්තේ මනා දැනීම නො හරී ද, එකල්හි පණ්ඩිත වූ හෙතෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

සො වෙදනා පරිඤ‍්ඤාය දිට‍්ඨෙධම‍්මෙ අනාසවො කායස‍්ස භෙදා ධම‍්මට‍්ඨො සඞ‍්ඛ්‍යංනොපෙති වෙදගූති.

හේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ දහම්හි පිහිටියේ නිවනට පැමිණියේ කාබුන් මරණින් මතු (සත්ත්‍ව) සඞ්ඛ්‍යාවට නො පැමිණේ යි.