රහොගතසුත්තං
2. 2. 1.
2. 2. 1.
රහොගතසුත්තං
රහෝගත සූත්‍රය
259. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: තිස්සො වෙදනා වුත්තා භගවතා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා තිස්සො වෙදනා වුත්තා භගවතා. වුත්තං ඛො පනෙතං භගවතා: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. කින්නු ඛො එතං භගවතා සන්ධාය භාසිතං; යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති.
259. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, “මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද, සුවවේදනාවය, දුක්වේදනාවය, මැදහත්වේදනාවය” යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. “යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ”යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ’යි යන මෙය කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි.
සාධු සාධු භික්ඛු, තිස්සො ඉමා භික්ඛු වෙදනා වුත්තා මයා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා, ඉමා තිස්සො වෙදනා වුත්තා මයා. වුත්තං ඛො පනෙතං භික්ඛු මයා යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව අනිච්චතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව ඛයධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව වයධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව විරාගධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව නිරොධධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව විපරිනාමධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති.
මහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්‍යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි.
අථ ඛො පන භික්ඛු මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති.
එතෙකුදුවත් මහණ, මා විසින් සංස්කාරයන්ගේ අනුපූර්ව නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්ක විචාරයෝ නිරුද්ධ වෙති. තුන් වන දැහැනට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වූවා වෙයි. සිවුවන දැහැනට සමවන්නහුටආශ්වාසප්‍රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වූවා වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
අථ ඛො පන භික්ඛු මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා වූපසන්තා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති වූපසන්තා හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා වූපසන්තා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා වූපසන්තා හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා වූපසන්තා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා වූපසන්තා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා වූපසන්තා හොති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
වැලිදු මහණ, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සංහිඳීම පවසන ලද්දේ වේ. පළමුවන දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වේ. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්සිඳුනේ වේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හිඳුනේ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්සිඳුනේ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්සිඳුනේ වේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්සිඳුනාහු වෙත්. රහත් මහණහුට රාගය සන්සිඳුනේ වේ. දෝසය සන්හිඳුනේ වේ. මෝහය සන්හිඳුනේ වේ.
ඡයිමා භික්ඛු පස්සද්ධියො: පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා පටිප්පස්සද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති පටිප්පස්සද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා පටිප්පස්සද්ධා හොන්ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
මහණ, මේ සන්හිඳුම් සයෙකි. පළමුදැහැනට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. දෙවනදැහැනට සමවන්නහුට විතර්කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.