යෙදුමෙන් කියවන්න

ඵස‍්සමූලකසුත‍්තං

1. 20. 10.

1. 20. 10.

ඵස‍්සමූලකසුත‍්තං

ඵස්සමූලක සූත්‍රය

258. තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා ඵස‍්සජා ඵස‍්සමූලකා ඵස‍්සනිදානා ඵස‍්සපච‍්චයා. කතමා තිස‍්සො: සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා. සුඛවෙදනියං භික‍්ඛවෙ ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා. තස‍්සෙව සුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං, සුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මති;

258. මහණෙනි, ස්පර්‍ශයෙන් හටගත් ස්පර්‍ශය මුල් කොට ඇති ස්පර්‍ශය නිදාන කොට ඇති ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇති මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක්වේදනාව ය නොදුක්නොසුව වේදනාව යි. මහණෙනි, සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුවවේදනාව උපදී. සුව වේදනාවට කරුණු වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද සුවවේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ සුව වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.

දුක‍්ඛවෙදනියං භික‍්ඛවෙ ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා. තස‍්සෙව දුක‍්ඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං දුක‍්ඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා දුක‍්ඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මති. අදුක‍්ඛමසුඛවෙදනියං භික‍්ඛවෙ ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. තස‍්සෙව අදුක‍්ඛමසුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං අදුක‍්ඛමසුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මති.

මහණෙනි, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. දුක්වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ දුක්වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ද‍්වින‍්නං කට‍්ඨානං සඞ‍්ඝට‍්ටනසමොධානා උස‍්මා ජායති තෙජො අභිනිබ‍්බත‍්තති. තෙසං යෙව කට‍්ඨානං නානාභාවා විනික‍්ඛෙපා යා තජ‍්ජා උස‍්මා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මති. එවමෙව ඛො භික‍්ඛවෙ ඉමා තිස‍්සො වෙදනා ඵස‍්සජා ඵස‍්සමූලකා ඵස‍්සනිදානා ඵස‍්සපච‍්චයා තජ‍්ජං තජ‍්ජං ඵස‍්සං පටිච‍්ච තජ‍්ජා තජ‍්ජා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. තජ‍්ජස‍්ස තජ‍්ජස‍්ස ඵස‍්සස‍්ස නිරොධා තජ‍්ජා තජ‍්ජා වෙදනා නිරුජ‍්ඣන‍්තීති.

මහණෙනි, යම්සේ දඬු දෙකක ගැටීමෙන් එකතුවීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද. ඒ දඬු දෙකෙහි ම වෙන් වීමෙන් ඈත් වීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම මේ වේදනා තුන ඵස්සයෙන් හටගත්තේ ය. ඵස්සය මුල් කොට ඇත්තේ ය. ඵස්සය නිදාන කොට ඇත්තේ ය. ඵස්සය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. එයින් එයින් හටගත් ඵස්සය එයින් එයින් හටගත් වේදනාව උපදී. එයින් එයින් හටගත් ඵස්සය නිරෝධයෙන් එයින් එයින් හටගත් වේදනා නිරුද්ධ වේ යි.

සගාථාවග‍්ගො පඨමො .

පළමුවැනි සගාථවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

සමාධි සුඛ පහානෙන පාතාලං දට‍්ඨබ‍්බෙන ච සල‍්ලෙන ව ගෙලඤ‍්ඤෙහි අනිච‍්ච ඵස‍්සමූලකාති.

සමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල යන සූත්‍ර සයය. ගෙලඤ්ඤසූත්‍ර දෙකය අනිච්චපස්සමූලක සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.