යෙදුමෙන් කියවන්න

1. සගාථාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සගාථා වර්ගය

1. සමාධිසුත‍්තවණ‍්ණනා

1. සමාධි සූත්‍ර වර්ණනාව

වෙදනාසංයුත‍්තෙ සගාථාවග‍්ගස‍්ස පඨමෙ සමාහිතොති උපචාරෙන වා අප‍්පනාය වා සමාහිතො. වෙදනා ච පජානාතීති වෙදනා දුක‍්ඛසච‍්චවසෙන පජානාති. වෙදනානඤ‍්ච සම‍්භවන‍්ති තාසංයෙව සම‍්භවං සමුදයසච‍්චවසෙන පජානාති. යත්‍ථ චෙතාති යත්‍ථෙතා වෙදනා නිරුජ‍්ඣන‍්ති, තං නිබ‍්බානං නිරොධසච‍්චවසෙන පජානාති. ඛයගාමිනන‍්ති තාසංයෙව වෙදනානං ඛයගාමිනං මග‍්ගං මග‍්ගසච‍්චවසෙන පජානාති. නිච‍්ඡාතො පරිනිබ‍්බුතොති නිත‍්තණ‍්හො හුත්‍වා කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. එවමෙත්‍ථ සුත‍්තෙ සම‍්මසනචාරවෙදනා කථිතා. ගාථාසු ද‍්වීහි පදෙහි සමථවිපස‍්සනා කථිතා, සෙසෙහි චතුසච‍්චං කථිතං. එවමෙත්‍ථ සබ‍්බසඞ‍්ගාහිකො චතුභූමකධම‍්මපරිච‍්ඡෙදො වුත‍්තො.

සහ ගාථා වර්ගයේ පළමු වැන්නෙහි - සමාහිතො සුදුසු වූ හැසිරීම් විධියෙන් හෝ ධ්‍යානයෙන් හෝ සන්සුන් වූයේ. වෙදනාච පජානාති = වේදනාව දුඃඛසත්‍යය වශයෙන් දැන ගනියි. වෙදනානඤ්ච සම්භවං = ඒවායේ ම (වේදනාවන්හිම) සම්භවය සමුදය සත්‍යය වශයෙන් දැන ගනියි. යත්‍ථචෙතා = යම් තැනක මේ වේදනාව නිරුද්ධ වේද, ඒ නිවන නිරෝධ සත්‍යය වශයෙන් දැන ගනියි. ඛය ගාමිනං = ඒ වේදනාවන්ගේම ක්ෂය වීමේ මාර්ගය මාර්ග සත්‍යය වශයෙන් දැන ගනියි. නිච්ඡාතො පරිනිබ්බුතො = තෘෂ්ණා රහිත වී ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ වෙයි. මෙසේ මෙහි මෙම සූත්‍රයෙහි විමසා බැලීම් හසුරුවන වේදනාව ගැන කියන ලදී. ගාථාවන්හි පද දෙකකින් සමථ විදර්ශනාවන් කියන ලදී. සෙසු පදවලින් චතුස්සත්‍යය කියන ලදී. මෙසේ මෙහි සියල්ල සංග්‍රහ කරන ලද්දාවූ චාතුර්භූමික ධර්ම වෙන්කර දැක්වීමක් කියන ලදී.

2. සුඛසුත‍්තවණ‍්ණනා

2. සුඛ සූත්‍ර වර්ණනාව

දුතියෙ අදුක‍්ඛමසුඛං සහාති අදුක‍්ඛමසුඛඤ‍්ච සුඛදුක‍්ඛෙහි සහ. අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා චාති අත‍්තනො ච පරස‍්ස ච. මොසධම‍්මන‍්ති නස‍්සනසභාවං. පලොකිනන‍්ති පලුජ‍්ජනකං භිජ‍්ජනසභාවං. ඵුස‍්ස ඵුස‍්ස වයං පස‍්සන‍්ති ඤාණෙන ඵුසිත්‍වා ඵුසිත්‍වා වයං පස‍්සන‍්තො. එවං තත්‍ථ විරජ‍්ජතීති එවං තාසු වෙදනාසු විරජ‍්ජති. ඉධාපි සුත‍්තෙ සම‍්මසනචාරවෙදනා කථිතා, ගාථාසු ඤාණඵුසනං.

දෙවැන්නෙහි - අදුක්‍ඛමසුඛං සහ = දුකක් නොවන්නා වූ ද, සැපයක් නොවන්නාවූ ද, එහෙත් සුව දුක් සමග ජීවත්වන්නා වූ, අජ්ඣත්තඤ්ච බහිද්ධාච = තමාගේ ද, අන්‍යයන්ගේද, මොඝධම්මං = විනාශ වී යන ස්වභාවය පලොකිනං = වැනසෙන, බිඳෙන ස්වභාවය. ඵුස්ස ඵුස්සවයං ඵුස්සං = නුවණින් විමසා බලා (නුවණින් ම) ස්පර්ශ කරන්නේ. එවං තත්‍ථවිරජ්ජති = මෙසේ එම වේදනාවන්හි නො ඇලෙයි මේ සූත්‍රයෙහි ද විමසා බැලීම් ක්‍රියාවලියෙහි දී සිදු වන වින්දනය කියන ලදී. ගාථාවන්හිදී ඤාණ ස්පර්ශය (හෙවත් නුවණින් මෙනෙහි කිරීම) කියන ලදී.

3. පහානසුත‍්තවණ‍්ණනා

3. පහාන සූත්‍ර වර්ණනාව

තතියෙ අච‍්ඡෙච‍්ඡි තණ‍්හන‍්ති සබ‍්බම‍්පි තණ‍්හං ඡින්‍දි සමුච‍්ඡින්‍දි. විවත‍්තයි සංයොජනන‍්ති දසවිධම‍්පි සංයොජනං පරිවත‍්තයි නිම‍්මූලකමකාසි. සම‍්මාති හෙතුනා කාරණෙන. මානාභිසමයාති මානස‍්ස දස‍්සනාභිසමයා, පහානාභිසමයා ච. අරහත‍්තමග‍්ගො හි කිච‍්චවසෙන මානං සම‍්පස‍්සති, අයමස‍්ස දස‍්සනාභිසමයො. තෙන දිට‍්ඨො පන සො තාවදෙව පහීයති, දිට‍්ඨවිසෙන දිට‍්ඨසත‍්තානං ජීවිතං විය. අයමස‍්ස පහානාභිසමයො.

තෙවැන්නෙහි - අච්ඡෙච්ඡි තණ්හං - සියලුම තෘෂ්ණාව බිඳ සමුච්ඡේදනය කරන ලදී. වාවත්තයි සඤ්ඤොජනං = දස වැදෑරුම් වූ සංයෝජනයන් පෙරලා දැමීය. මුල් සිඳ දැමීය. සම්මා = හේතුවෙන්, කාරණයෙන් මානාභි සමය = අර්හත් මාර්ගය වනාහී මානයේ පිහිටි බව අවබෝධ වීමෙන් ද, මානය ප්‍රහාණය වන බව අවබෝධ වීමෙන් ද (මානයෙහි පවතින) කෘත්‍යයන් වශයෙන් මානය දකියි. මෙය මෙහි දර්ශන අවබෝධයයි. එමගින් දකිනු ලබන ඒ මානය ඒකෙණෙහි ම ප්‍රහීන වෙයි. දෘෂ්ටිය නමැති විෂ විසින් දෂ්ට කරනු ලබන සත්ත්වයන්ගේ ජීවිත (සුව කරගන්නාක්) මෙන් මෙම මානයේ ප්‍රහාණය අවබෝධ වෙයි.

අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති එවං අරහත‍්තමග‍්ගෙන මානස‍්ස දිට‍්ඨත‍්තා ච පහීනත‍්තා ච යෙ ඉමෙ “කායබන්‍ධනස‍්ස අන‍්තො ජීරති (චූළව· 278) හරිතන‍්තං වා”ති (ම· නි· 1.304) එවං වුත‍්තඅන‍්තිමමරියාදන‍්තො ච, “අන‍්තමිදං, භික‍්ඛවෙ, ජීවිකාන”න‍්ති (ඉතිවු· 91; සං· නි· 3.80) එවං වුත‍්තලාමකන‍්තො ච, “සක‍්කායො එකො අන‍්තො”ති (අ· නි· 6.61; චූළනි· තිස‍්සමෙත‍්තෙය්‍යමාණවපුච‍්ඡානිද‍්දෙස 11) එවං වුත‍්තකොට‍්ඨාසන‍්තො ච, “එසෙවන‍්තො දුක‍්ඛස‍්ස සබ‍්බපච‍්චයසඞ‍්ඛයා”ති (සං නි· 2.51; 2.4.71; උදා· 71) එවං වුත‍්තකොටන‍්තො චාති චත‍්තාරො අන‍්තා, තෙසු සබ‍්බස‍්සෙව වට‍්ටදුක‍්ඛස‍්ස අදුං චතුත්‍ථකොටිසඞ‍්ඛාතං අන‍්තමකාසි, පරිච‍්ඡෙදං පරිවටුමං අකාසි, අන‍්තිමසමුස‍්සයමත‍්තාවසෙසං දුක‍්ඛමකාසීති වුත‍්තං හොති.

අන්තමකාසි දුක්‍ඛස්ස = මෙසේ අර්හත් මාර්ගය විසින් මානය දකිනු ලැබූ බැවින් ද, ප්‍රහීන කළ බැවින් ද යම් බඳු වූ මේ කය හා ඇති බැඳීමේ අන්තය දිරීමක් වෙයි ද හරිතවර්ණ වීමක් හෝ වෙයි ද, මෙසේ කියන ලද අන්තිම සීමා කෙළවර ද යන මෙය මහණෙනි, ජීවිතයන්හි එක් අන්තයක් වේ. මෙසේ කියන ලද ලාමක වූ අන්තය වන තමාගේ ශරීරය එක් අන්තයක් වේ. මෙසේ කියන ලද කොටසේ අන්තය ද මෙම අන්තයම වේ. දුකෙහි සියලුම හේතූන් නැති වීමය යන මෙය කී කල්හි ගැනෙන කෝණ අන්තය ද යනුවෙන් අන්ත සතරක් වේ. ඒ සියල්ලට ම සංසාර දුඃඛයාගේ කෝණ සතරක් බව කියා නිම කළහ. පරිච්ඡේදය අවසන් කළහ. අවසාන වශයෙන් ශරිරය ද දුකක් ඇති කළේයයි කියන ලද්දේ වෙයි.

සම‍්පජඤ‍්ඤං න රිඤ‍්චතීති සම‍්පජඤ‍්ඤං න ජහති. සඞ‍්ඛ්‍යං නොපෙතීති රත‍්තො දුට‍්ඨො මූළ‍්හොති පඤ‍්ඤත‍්තිං න උපෙති, තං පඤ‍්ඤත‍්තිං පහාය ඛීණාසවො නාම හොතීති අත්‍ථො. ඉමස‍්මිං සුත‍්තෙ ආරම‍්මණානුසයො කථිතො.

සම්පජඤ්ඤං න රිඤ්චති, සිහියෙන් යුත්බව අත් නොහරියි. සඞ්ඛං නුපෙති = රාගයෙන් යුක්ත වූවෙක්ය, දුෂ්ටයෙක්ය, මුළාවූවෙක්ය, යනුවෙන් ව්‍යවහාරයට නො පැමිණේ. මහ රහත් නමක් ම වෙයි. මේ සූත්‍රයෙහිදී අරමුණු වන රාගාදී අභ්‍යන්තර කෙනෙක් ගැන කියන ලදී.

4. පාතාලසුත‍්තවණ‍්ණනා

4. පාතාල සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පාතාලොති පාතස‍්ස අලං පරියත‍්තො, නත්‍ථි එත්‍ථ පතිට‍්ඨාති පාතාලො. අසන‍්තං අවිජ‍්ජමානන‍්ති අසම‍්භූතත‍්තං අපඤ‍්ඤායමානත‍්තං. එවං වාචං භාසතීති අත්‍ථි මහාසමුද‍්දෙ පාතාලොති එවං වාචං. සො හි යං තං බලවාමුඛං මහාසමුද‍්දස‍්ස උදකං වෙගෙන පක‍්ඛන්‍දිත්‍වා චක‍්කවාළං වා සිනෙරුං වා ආහච‍්ච යොජනද‍්වියොජනදසයොජනප‍්පමාණම‍්පි උග‍්ගන‍්ත්‍වා පුන මහාසමුද‍්දෙ පතති, යස‍්ස පතිතට‍්ඨානෙ මහානරකපපාතො විය හොති, යං ලොකෙ බලවාමුඛන‍්ති වුච‍්චති. තං සන්‍ධාය එවං වදති.

සිවු වැන්නෙහි - පාතාලො = වැටුණ තැනැත්තහුට සුදුසු අවසානයක් යම් තැනෙක නැත්තේ ද එතැන පාතාලය පිහිටයි. අසන්තං අසංවිජ්ජමානං = තමාම දඩුවම් විඳ ගැනීම (හෙවත් මානත්) නොදැනීම නිසා හට නොගත් බැවින්. එවං වාචං භාසති = මහා සමුද්‍රයෙහි ගැඹුරු ආවාටයක් ඇතැයි යන මෙබඳු කියමනක් වේ. බළවාමුඛය (වඩබාමුඛය) නම් එයයි. මහා සමුද්‍රයෙහි ජලය වේගයෙන් ගලා ගොස් සක්වළ පව්වෙහි හෝ මහ මෙරෙහි හෝ ගැටී යොදුන් එකක් දෙකක් හෝ දහයක ප්‍රමාණයක් හෝ උඩට ගොස් නැවත මහ සමුදුරෙහි පතිත වෙයි. එය වැටුණ තැන අපායට යන ප්‍රපාතය වෙයි. එයට ලොව වළවා මුඛය (වඩවාමුඛය) යයි කියනු ලැබේ. ඒ පිළිබඳව මෙසේ කියයි.

යස‍්මා පන තත්‍ථ තථාරූපානං මච‍්ඡකච‍්ඡපදෙවදානවානං පතිට‍්ඨාපි හොති සුඛනිවාසොපි, තස‍්මා අසන‍්තං අසංවිජ‍්ජමානං තං තං වාචං භාසති නාම. යස‍්මා පන සබ‍්බපුථුජ‍්ජනා සාරීරිකාය දුක‍්ඛවෙදනාය පතිට‍්ඨාතුං න සක‍්කොන‍්ති, තස‍්මා පාතස‍්ස අලන‍්ති අත්‍ථෙන අයමෙව පාතාලොති දස‍්සෙන‍්තො සාරීරිකානං ඛො එතං භික‍්ඛවෙතිආදිමාහ.

යම් හෙයකින් වනාහී එහි මසුන්, කැසුබුවන් හා අසුරයන් යන ආදීන්හට වාසය කළ හැක්කේයයි ද, එහි සුවසේ විසිය හැකැයි ද යමකු, කියත් නම් එසේ කීමට හේතුවක් නැත, එහි සත්‍යයක් විද්‍යමාන නො වේ, ඒවා වචන පමණක් ම වේ. යම් හෙයකින් වනාහී සියලු පෘථග්ජනයෝ ශාරීරික දුඃඛවේදනාවෙහි පිහිටීමට නො හැකි වෙත් ද, එහෙයින් වැටීමට සුදුසුය යන අර්ථයෙන් මෙයම පාතාලය යැයි දක්වමින් සාරීරිකානං ඛො එතං භික්‍ඛවෙ යන ආදිය කීහ.

පාතාලෙ න පච‍්චුට‍්ඨාසීති පාතාලස‍්මිං න පතිට‍්ඨාසි. ගාධන‍්ති පතිට‍්ඨං. අක‍්කන්‍දතීති අනිබද‍්ධං විප‍්පලාපං විලපන‍්තො කන්‍දති. දුබ‍්බලොති දුබ‍්බලඤාණො. අප‍්පථාමකොති ඤාණථාමස‍්ස පරිත‍්තතාය පරිත‍්තථාමකො. ඉමස‍්මිං සුත‍්තෙ අරියසාවකොති සොතාපන‍්නො. සොතාපන‍්නො හි එත්‍ථ ධුරං, බලවවිපස‍්සකො න තික‍්ඛබුද‍්ධි උප‍්පන‍්නං වෙදනං අනනුවත‍්තිත්‍වා පතිට‍්ඨාතුං සමත්‍ථො යොගාවචරොපි වට‍්ටති.

පාතලෙන පච්චුට්ඨාසී = පාතාලයෙහි පිහිටියේය. ගාධං = පිහිට කන්‍දති = එක දිගට නොපවත්නා විලාප නඟන්නේ යන අරුතින් “කන්‍දති” යි යෙදේ. දුබ්බලො = දුබල නුවණ අප්පථාමක = ඥාන ශක්තියේ අල්ප භාවය නිසා අල්ප වූ බලයක් ඇති තැනැත්තා ය. මේ සූත්‍රයෙහි ආර්ය ශ්‍රාවක වූ සෝවාන් තැනැත්තා දක්වා ඇත. සෝවාන් වූ තැනැත්තා වනාහී මෙහි බලවත් වීර්ය ඇතිව විදර්ශනා වඩන්නේ තියුණු නුවණ ඇත්තේ උපන් වේදනාවට අනුකූල නොවී පැවතීමට සමත්වූයේ යෝගාවචරයකු ලෙස සුදුසු වෙයි.

5. දට‍්ඨබ‍්බසුත‍්තවණ‍්ණනා

5. දට්ඨබ්බ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ දුක‍්ඛතො දට‍්ඨබ‍්බාති විපරිණාමනවසෙන දුක‍්ඛතො දට‍්ඨබ‍්බා. සල‍්ලතොති දුක‍්ඛාපනවිනිවිජ‍්ඣනට‍්ඨෙන සල‍්ලාති දට‍්ඨබ‍්බා. අනිච‍්චතොති අදුක‍්ඛමසුඛා හුත්‍වා අභාවාකාරෙන අනිච‍්චතො දට‍්ඨබ‍්බා. අද‍්දාති අද‍්දස. සන‍්තන‍්ති සන‍්තසභාවං.

පස් වැන්නෙහි - දුක්‍ඛතො දට්ඨබ්බා = වෙනසට භාජනය වීම් වශයෙන්, දුක් වශයෙන් දැක්විය යුතුය. සල්ලතො = දුක්වනාහී විනිවිද යන්නේය යන අර්ථයෙන් “සල්ලා” (හෙවත් උල්) යනුවෙන් දැක්විය යුතුය. අනිච්චතො = දුකක් නොවී, සැපයක් නො වී, පැවැත්වීමක් නැති ආකාරයෙන් අනිත්‍ය වශයෙන් දැක්විය යුතුය. අද්දා = දුටුවේය සන්තං = ශාන්ත වූ ස්වභාවය.

6. සල‍්ලසුත‍්තවණ‍්ණනා

6. සල්ල සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ තත්‍රාති තෙසු ද‍්වීසු ජනෙසු. අනුවෙධං විජ‍්ඣෙය්‍යාති තස‍්සෙව වණමුඛස‍්ස අඞ‍්ගුලන‍්තරෙ වා ද‍්වඞ‍්ගුලන‍්තරෙ වා ආසන‍්නපදෙසෙ අනුගතවෙධං. එවං විද‍්ධස‍්ස හි සා අනුවෙධා වෙදනා පඨමවෙදනාය බලවතරා හොති, පච‍්ඡා උප‍්පජ‍්ජමානා දොමනස‍්සවෙදනාපි එවමෙව පුරිමවෙදනාය බලවතරා හොති. දුක‍්ඛාය වෙදනාය නිස‍්සරණන‍්ති දුක‍්ඛාය වෙදනාය හි සමාධිමග‍්ගඵලානි නිස‍්සරණං, තං සො න ජානාති, කාමසුඛමෙව නිස‍්සරණන‍්ති ජානාති. තාසං වෙදනානන‍්ති තාසං සුඛදුක‍්ඛවෙදනානං. සඤ‍්ඤුත‍්තො නං වෙදයතීති කිලෙසෙහි සම‍්පයුත‍්තොව හුත්‍වා තං වෙදනං වෙදයති, න විප‍්පයුත‍්තො. සඤ‍්ඤුත‍්තො දුක‍්ඛස‍්මාති කරණත්‍ථෙ නිස‍්සක‍්කං, දුක‍්ඛෙන සම‍්පයුත‍්තොති අත්‍ථො. සඞ‍්ඛාතධම‍්මස‍්සාති විදිතධම‍්මස‍්ස තුලිතධම‍්මස‍්ස. බහුස‍්සුතස‍්සාති පරියත‍්තිබහුස‍්සුතස‍්ස පටිවෙධබහුස‍්සුතස‍්ස ච. සම‍්මා පජානාති භවස‍්ස පාරගූති භවස‍්ස පාරං නිබ‍්බානං ගතො, තදෙව නිබ‍්බානං සම‍්මා පජානාති. ඉමස‍්මිම‍්පි සුත‍්තෙ ආරම‍්මණානුසයොව කථිතො. අරියසාවකෙසු ච ඛීණාසවො එත්‍ථ ධුරං, අනාගාමීපි වට‍්ටතීති වදන‍්ති.

සයවැන්නෙහි - තත්‍ර = ඒ ජන කොටස් දෙක අතර අනුවෙධං විජ්ඣෙය්‍යුං = එම තුවාල මුඛයේ ම අඟලක් අතරෙහි හෝ දෙ අඟලක් අතරෙහි හෝ ප්‍රමාණයේ ආසන්න ප්‍රදේශයක පැතුරුණු වේදනාවයි. මෙසේ සිදු වූ තැනැත්තාට වනාහී පැතුරුණු වේදනාව පළමු වේදනාවට වඩා බලවත් වෙයි. අක්‍ඛාය වෙදනාය නිස්සරණං = සමාධි හා මඟපල ද දුක්වේදනාවලින් නිදහස ලබා ගැනීම කැයි හෙතෙම නො දකියි. කම් සුවය ලැබීමම නිදහස ලබා ගැනීමකැයි දකියි. තාසං වෙදනානං = එම සුව දුක් වේදනාවන්ගේ සඤ්ඤුත්තො නං වෙදයති - කෙලෙස් හා එකට එක් වූයේම ඒ වින්දනය විඳ ගනියි. කෙලෙස්වලින් වෙන් වූයේ (නම් වින්දනය) නො ලබයි. සඤ්ඤුත්තො දුක්‍ඛස්මා = (දුක්‍ඛස්මා යන්න) කරණ විභක්ති අර්ථයෙහි අවධි විභක්ති රූපයයි. දුක හා එක්ව යෙදුණේය. යන අර්ථයයි. සඞ්ඛාත ධම්මස්ස = දන්නා ධර්මයේ තුලනය කර බැලූ ධර්මයේ. බහුස්සුතස්ස = පර්යාප්තිය (හෙවත් ධර්මය) පිළිබඳ අවබෝධය ලැබූ තැනැත්තහුගේ සම්මා පජානාති භවස්ස පාරගු භවයෙන් එතෙර වූ නිවනට පැමිණි තැනැත්තේ එය ම නිවනයයි මනාව දැන ගනියි. මේ සූත්‍රයෙහි වූ කලී කෙලෙස් අරමුණු පිළිබඳව ද, ආර්ය ශ්‍රාවකයන් අතරෙහි ක්ෂිණාශ්‍රවයන් වහන්සේ පිළිබඳව ද කියන ලදී. මෙහි අනාගාමී තත්ත්වය නො පවතීයයි කියත්.

7. ගෙලඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

7. ගෙලඤ්ඤ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ යෙන ගිලානසාලා තෙනුපසඞ‍්කමීති “සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලො තථාගතොපි ගිලානුපට‍්ඨානං ගච‍්ඡති, උපට‍්ඨාතබ‍්බයුත‍්තකා නාම ගිලානාති භික‍්ඛූ සද‍්දහිත්‍වා ඔකප‍්පෙත්‍වා ගිලානෙ උපට‍්ඨාතබ‍්බෙ මඤ‍්ඤිස‍්සන‍්තී”ති ච “යෙ තත්‍ථ කම‍්මට‍්ඨානසප‍්පායා, තෙසං කම‍්මට‍්ඨානං කථෙස‍්සාමී”ති ච චින‍්තෙත්‍වා උපසඞ‍්කමි. කායෙ කායානුපස‍්සීතිආදීසු යං වත‍්තබ‍්බං, තං පරතො වක‍්ඛාම. අනිච‍්චානුපස‍්සීති අනිච‍්චතං අනුපස‍්සන‍්තො. වයානුපස‍්සීති වයං අනුපස‍්සන‍්තො. විරාගානුපස‍්සීති විරාගං අනුපස‍්සන‍්තො. නිරොධානුපස‍්සීති නිරොධං අනුපස‍්සන‍්තො. පටිනිස‍්සග‍්ගානුපස‍්සීති පටිනිස‍්සග‍්ගං අනුපස‍්සන‍්තො.

සත්වැන්නෙහි - යෙන ගිලාන සාලා තෙනුපසඞ්කමී = දෙවියන් සහිත ලෝකයෙහි උත්තම පුද්ගලයා වූ තථාගතයන් වහන්සේ ද ගිලානෝපස්ථානය සඳහා වඩිති. භික්ෂු තෙමේ උවටැන් ලැබිය යුත්තන් නම් ගිලනුන් යයි අදහා විශ්වාස කොට උවටැන් ලැබිය යුතු ගිලනුන් ගැන සිතමින් ද, යමකු එහි සුදුසු කමටහන් නැතිව වෙසෙත් නම් ඒ අයට කමටහන් කියන්නෙමියි සිතමින් ද එහි පැමිණියේය. කායෙ කායානුපස්සී = යමක් කිව යුතුනම් එය පසුව කියමු. අනිච්චානුපස්සී = අනිත්‍ය භාවය අනුව මෙනෙහි කරනුයේ වයානුපස්සී = ව්‍යය වීම අනුව මෙනෙහි කරනුයේ. විරාගානුපස්සී = රාගයෙන් තොර වීම අනුව මෙනෙහි කරනුයේ. නිරෝධානුපස්සී = නිරෝධය අනුව මෙනෙහි කරනුයේ පටිනිස්සග්ගානු පස්සී = අත්හැරීම අනුව මෙනෙහි කරනුයේ.

එත‍්තාවතා කිං දස‍්සිතං හොති? ඉමස‍්ස භික‍්ඛුනො ආගමනීයපටිපදා, සතිපට‍්ඨානාපි හි පුබ‍්බභාගායෙව, සම‍්පජඤ‍්ඤෙපි අනිච‍්චානුපස‍්සනා වයානුපස‍්සනා විරාගානුපස‍්සනාති ච ඉමාපි තිස‍්සො අනුපස‍්සනා පුබ‍්බභාගායෙව, නිරොධානුපස‍්සනාපි පටිනිස‍්සග‍්ගානුපස‍්සනාපි ඉමා ද‍්වෙ මිස‍්සකා. එත‍්තාවතා ඉමස‍්ස භික‍්ඛුනො භාවනාකාලො දස‍්සිතොති. සෙසං වුත‍්තනයමෙව.

මෙපමණකින් කුමක් දක්වන ලද්දේ වේද? මේ භික්ෂුව තමා විසින් පැමිණිය යුතු ප්‍රතිපදාව වන සතිපට්ඨානයන් ද පූර්වභාග කෘත්‍යයන්මය. නුවණින් විමසා බැලීමෙහිදී ද අනිත්‍යය අනුව මෙනෙහි කිරීම, ව්‍යය වීම අනුව මෙනෙහි කිරීම, විරාගය (නොඇලීම) අනුව මෙනෙහි කිරීම යන මේ තුන් වැදෑරුම් මෙනෙහි කිරීම් ද පූර්වභාග කෘත්‍යයන්මය. නිරෝධය අනුව මෙනෙහි කිරිම. අත්හැරීම අනුව මෙනෙහි කිරීම යන මේ දෙක එකිනෙක මිශ්‍ර වී ඇත. මෙපමණකින් මේ භික්ෂුවගේ භාවනා කාලය දක්වන ලදී. සෙස්ස කියන ලද පිළිවෙල අනුවම වේ.

8-9. දුතිය ගෙලඤ‍්ඤසුත‍්තාදිවණ‍්ණනා

8-9. දුතිය ගෙලඤ්ඤ ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ ඉමමෙව ඵස‍්සං පටිච‍්චාති වුත‍්තෙ බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන වුත‍්තං, අත්‍ථතො පනෙතං නින‍්නානාකරණං. කායොව හි එත්‍ථ ඵස‍්සොති වුත‍්තො. නවමං උත‍්තානමෙව.

අට වැන්නෙහි - ඉමමෙව ඵස්සං පටිච්ච = අවබෝධ කර ගන්නවුන්ගේ අදහස් වශයෙන් කියන ලදී. අර්ථ වශයෙන් වනාහී මෙය විවිධ කරුණු සහිතය. මෙහි ස්පර්ශය යන්නෙන් කය ද කියන ලදී. නව වැන්න පැහැදිලි වේමය.

10. ඵස‍්සමූලකසුත‍්තවණ‍්ණනා

10. ඵස්සමූලක සූත්‍ර වර්ණනාව

දසමෙ සුඛවෙදනියන‍්ති සුඛවෙදනාය පච‍්චයභූතං. සෙසෙසුපි එසෙව නයො. අනුපදවණ‍්ණනා පනෙත්‍ථ හෙට‍්ඨා විත්‍ථාරිතාව. ඉමස‍්මිං සුත‍්තද‍්වයෙ සම‍්මසනචාරවෙදනා කථිතා.

දසවැන්නෙහි - සුඛ වෙදනීයං = සුඛ වේදනාවට හේතු වූ සෙසු තැන්හි ද මේ පිළිවෙළම වේ. පදානු පදිකව කෙරෙන වර්ණනාවන් වනාහී මෙහි යට විස්තර කරන ලදී. මේ සූත්‍ර දෙකෙහි දී ස්පර්ශයන්හි වින්දනය කියන ලදී.

සගාථාවග‍්ගො පඨමො.

පළමුවන සහගාථා වර්ග නිමියේය.