සමාධිසුත‍්තං
1. 20. 1.
1. 20. 1.
සමාධිසුත‍්තං
සමාධි සූත්‍රය
249. තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික‍්ඛවෙ තිස‍්සො වෙදනාති.
249. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ වේදනා තුන යි.
සමාහිතො සම‍්පජානො සතො බුද‍්ධස‍්ස සාවකො වෙදනා ච පජානාති වෙදනානඤ‍්ච සම‍්භවං. යත්‍ථ චෙතා නිරුජ‍්ඣන‍්ති මග‍්ගඤ‍්ච ඛයගාමිනං වෙදනානං ඛයා භික‍්ඛු නිච‍්ඡාතො පරිනිබ‍්බුතොති.
සමාධිගත වූ මනා නුවණැති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවත් දනී. වේදනාවන්ගේ සමුදයයත් දනී. මේ වේදනාවෝ යම් තැනෙක නිරුද්ධ වෙත් ද ඒ නිවනත් ඒ වේදනා නැසීමට යන මගත් (දනී) මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය වීමෙන් තුෂ්ණා නැත්තේ පිරිනිවියේ යි.
1. 20. 2.
1. 20. 2.
සුඛසුත‍්තං
සුඛ සූත්‍රය
250. තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො වෙදනාති.
250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, වේදනා තුන යි.
සුඛං වා යදි වා දුක‍්ඛං අදුක‍්ඛමසුඛං සහ අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච යං කිඤ‍්චි අත්‍ථි වෙදිතං එතං දුක‍්ඛන‍්ති ඤත්‍වාන, මොසධම‍්මං පලොකිතං ඵුස‍්ස ඵුස‍්ස වයම‍්පස‍්සං එවං තත්‍ථ විරජ‍්ජතීති.
සුව වූ ද ඉදින් දුක් වූ ද නොදුක්නොසුව වූ ද තමා කෙරෙහි වූ ද පිටත්හි වූ ද, යම්කිසි වේදනාවක් වේ නම්නැ සේන සුලු බිඳෙන සුලු මෙය දුක යයි දැන නුවණින් පැහැස පැහැස වැය දක්නේ මෙසේ එහි නො ඇලේ යි.