යෙදුමෙන් කියවන්න

පහානසුත‍්තං

1. 20. 3.

1. 20. 3.

පහානසුත‍්තං

පහාන සූත්‍රය

250. තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛාවෙදනා. සුඛාය භික‍්ඛවෙ වෙදනාය රාගානුසයො පහාතබ‍්බො, දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ‍්බො, අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො පහාතබ‍්බො. යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො සුඛාය වෙදනාය රාගානුසයො පහීනො හොති, දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො පහීනො හොති, අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො පහීනො හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු පහීනරාගානුසයො අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයී සඤ‍්ඤොජනං සම‍්මාමානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාවෙන් රගානුසයය පහකටයුතු ය. දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය. නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි. මහණෙනි, යම් කලෙක මහණහට සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වූයේ වේ ද නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද මහණෙනි, පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මැනවින් මනාවබෝධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

සුඛං වෙදියමානස‍්ස වෙදනං අප‍්පජානතො සො රාගානුසයො හොති අනිස‍්සරණදස‍්සිනො.

වේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.

දුක‍්ඛං වෙදියමානස‍්ස වෙදනං අප‍්පජානතො පටිඝානුසයො හොති අනිස‍්සරණදස‍්සිනො.

වේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

අදුක‍්ඛමසුඛං සන‍්තං භූරිපඤ‍්ඤෙන දෙසිතං තං චාපි අභිනන්‍දන‍්තො නෙව දුක‍්ඛා පමුච‍්චති.

මහප්‍රාඥතථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ නොදුක් නොසුව වේදනාව ද පතන්නේ දුකෙන් නොමැ මිදෙයි.

යතො වා භික‍්ඛු ආතාපී සම‍්පජඤ‍්ඤං න රිඤ‍්චති තතො සො වෙදනා සබ‍්බා පරිජානාති පණ‍්ඩිතො.

යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ මනා නුවණ නො හරී ද එහෙයින් ඒ පණ්ඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

සො වෙදනා පරිඤ‍්ඤාය දිට‍්ඨෙ ධම‍්මෙ අනාසවො කායස‍්ස භෙදා ධම‍්මට‍්ඨො සඞ‍්ඛං නොපෙති වෙදගූති.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් (මරණින් මතු) පැනවීමකට නො පැමිණේ.