පාතාලසුත‍්තං
1. 20. 4.
1. 20. 4.
පාතාලසුත‍්තං
පාතාල සූත්‍රය
252. අස‍්සුතවා භික‍්ඛවෙ පුථුජ‍්ජනො එවං වාචං භාසති: ‘අත්‍ථි මහාසමුද‍්දෙ පාතාලො’ති. තං ඛො පනෙතං භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො අසන‍්තං අවිජ‍්ජමානං එවං වාචං භාසති: ‘අත්‍ථි මහාසමුද‍්දෙ පාතාලො’ති. සාරීරිකානං ඛො එතං භික‍්ඛවෙ දුක‍්ඛානං වෙදනානං අධිවචනං යදිදං පාතාලොති. අස‍්සුතවා භික‍්ඛවෙ පුථුජ‍්ජනො සාරීරිකාය දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති. සම‍්මොහං ආපජ‍්ජති. අයං වුච‍්චති භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො පාතාලෙ න පච‍්චුට‍්ඨාසි, ගාධඤ‍්ච නාජ‍්ඣගා. සුතවා භික‍්ඛවෙ අරියසාවකො සාරීරිකාය දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සුතවා අරියසාවකො පාතාලෙ පච‍්චුට‍්ඨාසි, ගාධඤ‍්ච අජ‍්ඣගාති.
252. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ මහමුහුදෙහි පාතාලයෙක් ඇති යි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ නැති නො පෙනෙන (තැනක් ගැන) මහමුහුදෙහි පාතාලයෙක් ඇතැ යි මෙසේ මේ වචනය කියයි. මහණෙනි, පාතාල යන මෙය ශරීරයෙහි හටගන්නා දුක්වේදනාවන්ට නමෙකි. මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ ශරීරයෙහි හටගත් දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙහි. ක්ලාන්ත වෙයි. හඬයි ලෙහි පහරමින් හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ පාතාලයෙහි නො පිහිටියේ ය. පිහිට ද නො ලැබුවේ යයි කියනු ලැබේ. මහණෙනි, උගත් අරීසවු තෙමේ ශරීරයෙහි හටගත් දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නොකෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො හඬයි. ලෙහි පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක පාතාලයෙහි පිහිටියේ ය. පිහිටි ද ලැබුයේ යි කියනු ලැබේ.
යො එතා නාධිවාසෙති උප‍්පන‍්නා වෙදනා දුඛා සාරීරිකා පාණහරා යාහි ඵුට‍්ඨො පවෙධති.
යමෙක් යමකින් පහස්නා ලද්දේ සැලේ ද ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා නො ඉවසා ද.
අක‍්කන්‍දති පරොදති දුබ‍්බලො අප‍්පථාමකො න සො පාතාලෙ පච‍්චුට‍්ඨාසි අථො ගාධම‍්පි නාජ‍්ඣගා.
දුබල වූ නුවණ ඇති මඳ වූ ඥානශක්ති ඇති හෙතෙමේ හඬයි වැලපෙයි. පාතාලයෙහි නො පිහිටයි යළි පිහිටකුදු නො ලැබුයේ ය.
යො චෙතා අධිවාසෙති උප‍්පන‍්නා වෙදනා දුඛා සාරීරිකා පාණහරා යාහි ඵුට‍්ඨො න වෙධති ස වෙ පාතාලෙ පච‍්චුට‍්ඨාසි අථො ගාධම‍්පි අජ‍්ඣගාති.
යමෙක් යමකින් පහස්නා ලද්දේ නො සැලේ ද, ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා ඉවසා ද, හෙතෙමේ පාතාලයෙහි පිහිටයි. යළි පිහිට ද ලැබුයේ යි.