දට‍්ඨබ‍්බසුත‍්තං
1. 20. 5.
1. 20. 5.
දට‍්ඨබ‍්බසුත‍්තං
දට්ඨබ්බ සූත්‍රය
253. තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. සුඛා භික‍්ඛවෙ වෙදනා දුක‍්ඛතො දට‍්ඨබ‍්බා, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දට‍්ඨබ‍්බා, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දට‍්ඨබ‍්බා.
253. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාව දුක් විසින් දැක්ක යුතු ය. දුක්වේදනාව හුල් විසින් දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිස විසින් දැක්ක යුතු ය.
යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො සුඛා වෙදනා දුක‍්ඛතො දිට‍්ඨා හොති, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දිට‍්ඨා හොති, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දිට‍්ඨා හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මද‍්දසො අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සඤ‍්ඤොජනං, සම‍්මාමානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.
මහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වේදනාව හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිස විසින් දක්නා ලද වේ ද, මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
යො සුඛං දුක‍්ඛතො අද‍්ද දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො අදුක‍්ඛමසුඛං සන‍්තං අද‍්දක‍්ඛි නං අනිච‍්චතො.
යමෙක් සුවවේදනාව දුක් විසින් දිටි ද, දුක්වේදනවා හුල් විසින් දිටි ද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිස විසින් දිටි ද.
ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු පරිජානාති වෙදනා සො වෙදනා පරිඤ‍්ඤාය දිට‍්ඨධම‍්මෙ අනාසවො කායස‍්ස භෙදා ධම‍්මට‍්ඨො සඞ‍්ඛං නොපෙති වෙදගූති.
මැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් මරණින් මතු පැනවීමට නො පැමිණේ යි.