යෙදුමෙන් කියවන්න

සල‍්ලසුත‍්තං

1. 20. 6.

1. 20. 6.

සල‍්ලසුත‍්තං

සල්ල සූත්‍රය

254. අස‍්සුතවා භික‍්ඛවෙ පුථුජ‍්ජනො සුඛම‍්පි වෙදනං වෙදියති, දුක‍්ඛම‍්පි වෙදනං වෙදියති, අදුක‍්ඛමසුඛම‍්පි වෙදනං වෙදියති. සුතවා භික‍්ඛවෙ, අරියසාවකො සුඛම‍්පි වෙදනං වෙදියති, දුක‍්ඛම‍්පි වෙදනං වෙදියති, අදුක‍්ඛමසුඛම‍්පි වෙදනං වෙදියති. තත්‍ර භික‍්ඛවෙ කො විසෙසො, කො අධිප‍්පායො කිං නානාකරණං සුතවතො අරියසාවකස‍්ස අස‍්සුතවතා පුථුජ‍්ජනෙනාති?

254. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, ඇසු පිරූ තැන් ඇති අරීසවු ද සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසු පිරූ තැන් ඇති අරිසවුගේ වෙසෙස කිමෙක් ද? අදහස කවරේ ද? වෙනස කිමෙක්දැ? යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා භගවන‍්නෙත‍්තිකා භගවම‍්පටිසරණා, සාධු වත භන‍්තෙ භගවන‍්තං යෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො භගවතො සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්තීති. තෙන හි භික‍්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං, භගවා එතදවොච:

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ, මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

අස‍්සුතවා භික‍්ඛවෙ පුථුජ‍්ජනො දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති සම‍්මොහං ආපජ‍්ජති. සො ද‍්වෙ වෙදනා වෙදියති කායිකඤ‍්ච චෙතසිකඤ‍්ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසං සල‍්ලෙන විජ‍්ඣෙය්‍යුං තමෙනං දුතියෙන සල‍්ලෙන අනුවෙධං විජ‍්ඣෙය්‍යුං එවං හි සො භික‍්ඛවෙ, පුරිසො ද‍්වෙ සල‍්ලෙන වෙදනා වෙදියෙථ.

මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චේතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳී. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද, මහණෙනි, මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ හුල කරණකොටගෙන වේදනා දෙකක් විඳී.

එවමෙව ඛො භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො සොචති. කිලමති. පරිදෙවති. උරත‍්තාළිං කන්‍දති. සම‍්මොහං ආපජ‍්ජති. සො ද‍්වෙ වෙදනා වෙදියති කායිකඤ‍්ච චෙතසිකඤ‍්ච. තස‍්සායෙව ඛො පන දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො පටිඝවා හොති. තමෙනං දුක‍්ඛාය වෙදනාය පටිඝවන‍්තං යො දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො සො අනුසෙති. සො දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො කාමසුඛං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු, න භික‍්ඛවෙ පජානාති අස‍්සුතවා පුථුජ‍්ජනො අඤ‍්ඤත්‍ර කාමසුඛා දුක‍්ඛාය වෙදනාය නිස‍්සරණං, තස‍්ස කාමසුඛං අභිනන්‍දතො යො සුඛාය වෙදනාය රාගානුසයො සො අනුසෙති. සො තාසං වෙදනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති.

මහණෙනි, එසෙයින් ම අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චේතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳියි. ඒ දුක් වේදනාවෙන් ම පහස්නා ලද්දේ ක්‍රෝධ ඇත්තේ වෙයි. දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇති ඒ මොහුට දුක්වේදනා වෙන් යම් පටිඝානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ කම්සුව පිළිගනී. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ කම්සුවය හැර දුක්වේදනාවේ දුරුකිරීමක් නො දනී. කම්සුව පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථඞ්ගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනී.

තස‍්ස තාසං වෙදනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං අප‍්පජානතො යො අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො සො අනුසෙති. සො සුඛඤ‍්චෙ වෙදනං වෙදියති, සඤ‍්ඤුත‍්තො නං වෙදයති. දුක‍්ඛඤ‍්චෙ වෙදනං වෙදියති, සඤ‍්ඤුත‍්තො නං වෙදියති. අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදියති, සඤ‍්ඤුත‍්තො නං වෙදියති. අයං වුච‍්චති භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො සඤ‍්ඤුත‍්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි සඤ‍්ඤුත‍්තො දුක‍්ඛස‍්මාති වදාමි.

ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථඞ්ගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දන්නා ඔහුට නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) යුතුව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් යුතු ව එය විඳී. ඉදින් නොදුක් නොසුව වේදනාවක් විඳී නම් සංයුක්ත ව එය විඳී. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් යුතු වූයේ යයි කියනු ලැබේ සියලු දුකින් යුතු වූයේ යයි කියමි.

සුතවා ච ඛො භික‍්ඛවෙ අරියසාවකො දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති න උරත‍්තාළිං කන්‍දති න සම‍්මොහං ආපජ‍්ජති: සො එකං වෙදනං වෙදියති කායිකං, න චෙතසිකං. සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසං සල‍්ලෙන විජ‍්ඣෙය්‍යුං, තමෙනං දුතියෙන සල‍්ලෙන අනුවෙධං න විජ‍්ඣෙය්‍යුං; එවං හි සො භික‍්ඛවෙ පුරිසො එකං සල‍්ලෙන වෙදනං වෙදියෙථ එවමෙව ඛො භික‍්ඛවෙ සුතවා අරියසාවකො දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති; සො එකං වෙදනං වෙදියති කායිකං, න චෙතසිකං. තස‍්සායෙව ඛො පන දුක‍්ඛාය වෙදනාය පටිඝවා න හොති. තමෙනං දුක‍්ඛාය වෙදනාය අපටිඝවන‍්තං යො දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො සො නානුසෙති; සො දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො කාමසුඛං නාභිනන්‍දති. තං කිස‍්ස හෙතු, පජානාති හි භික‍්ඛවෙ සුතවා අරියසාවකො අඤ‍්ඤත්‍ර කාමසුඛා දුක‍්ඛාය වෙදනාය නිස‍්සරණං.

මහණෙනි, ශ්‍රැතවත් අරීසවු තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි. ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. හේ කායික වූ එක් වේදනාවක් විඳියි. චේතසික වේදනාව නො විඳියි. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකින් පළමු විදුම සමීපයෙහි නො විදුනාහු ද මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ එක් හුලකින් වූ වේදනාව විඳින්නේ ය. මහණෙනි, එසෙයින් ම උගත් අරීසවු දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළෙහි පැහැර නො හඬයි මුළාවට නො පැමිණෙයි. හෙතෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි. චේතසික වේදනාව නො විඳියි. ඒ දුක් වේදනාවේ ම ක්‍රෝධ ඇත්තේ නො වෙයි. දුක්වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඒ මොහුට දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී. හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම කම්සුව නො පිළිගනී. ඒ කවර හෙයින යත්: මහණෙනි, උගත් අරීසවු තෙමේ කම්සුවෙන් වෙන් ව දුක්වේදනාවේ නිස්සරණය දනී මැ යි, එහෙයිනි.

තස‍්ස කාමසුඛං අනභිනන්‍දතො යො සුඛාය වෙදනාය රාගානුසයො සො නානුසෙති. සො තාසං වෙදනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. තස‍්ස තාසං වෙදනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානතො, යො අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො සො නානුසෙති. සො සුඛඤ‍්චෙ වෙදනං වෙදයති විසඤ‍්ඤුත‍්තො නං වෙදියති. දුක‍්ඛඤ‍්චෙ වෙදනං වෙදියති විසඤ‍්ඤුත‍්තො නං වෙදියති. අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදියති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සුතවා අරියසාවකො විසඤ‍්ඤුත‍්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, විසඤ‍්ඤුත‍්තො දුක‍්ඛස‍්මාති වදාමි. අයං ඛො භික‍්ඛවෙ විසෙසො, අයං අධිප‍්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස‍්ස අස‍්සුතවතා පුථුජ‍්ජනෙනාති.

කම්සුව නො පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය නූපදී. හෙ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථගමයත් අස්සාදයත් අදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දන්නා ඔහුට නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයෙක් වේ නම් එය නූපදී. හේ ඉදින් සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව විඳී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. මහණෙනි, මේ උගත් අරීසවු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් වෙන් වූයේ යයි කියනු ලැබේ. සියලු දුකින් වෙන් වූයේ යයි කියනු ලැබේ. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසූ පිරූ තැන් ඇති අරීසවුහුගේ මේ වෙසෙසයි. මේ අදහස යි. මේ වෙනස යි.

න වෙදනං වෙදියති සපඤ‍්ඤො සුඛම‍්පි දුක‍්ඛම‍්පි බහුස‍්සුතොපි අයඤ‍්ච ධීරස‍්ස පුථුජ‍්ජනෙන මහාවිසෙසො කුසලස‍්ස හොති.

බොහෝ ඇසු පිරූ තැන් ඇත්තා වූ ද නුවණැත්තේ සුව වූත් දුක් වූත් වේදනාව (කෙලෙසුන්ගෙන්) යුතුව නො විඳියි. දක්‍ෂ වූ නුවණැත්තාගේ පුහුදුන්හු හා මහත් වෙසෙස මෙය වෙයි.

සඞ‍්ඛාතධම‍්මස‍්ස බහුස‍්සුතස‍්ස සම‍්පස‍්සතො ලොකමිමං පරඤ‍්ච ඉට‍්ඨස‍්ස ධම‍්මා න මථෙන‍්ති චිත‍්තං අනිට‍්ඨතො නො පටිඝාතමෙති.

දන්නා ලද දහම් ඇති බොහෝ අසු පිරූ තැන් ඇති මේ ලොවත් පරලොවත් මැනවින් දක්නා මොහුගේ සිත ඉටුදහම්හු නො මඩිත්. අනිටු දහමින් කිපීමට නො පැමිණෙයි.

තස‍්සානුරොධා අථවා විරොධා විධූපිතා අත්‍ථගතා න සන‍්ති පදඤ‍්ච ඤත්‍වා විරජං අසොකං, සම‍්මා පජානාති භවස‍්ස පාරගූති.

රාගයෝ ද යළිත් ද්වේෂයෝ ද ඔහු එයින් නසන ලදහ. අස්තයට ගියහ. එහෙයින් ම නැතියහ. ඇලුම් රහිත සෝක රහිත නිවන් පදය දැන භවයේ කෙළවරට පැමිණියේ මැනවින් දනී යි.