යෙදුමෙන් කියවන්න

ගෙලඤ‍්ඤසුත‍්තං

1. 20. 7.

1. 20. 7.

ගෙලඤ‍්ඤසුත‍්තං

ගෙලඤ්ඤ සූත්‍රය

255. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: සතො භික‍්ඛවෙ භික‍්ඛු සම‍්පජානො කාලං ආගමෙය්‍ය. අයං වො අම‍්හාකං අනුසාසනී.

255. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹිසේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ තෙමේ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (ස්කන්‍ධපරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සතො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං; වෙදනාසු වෙදනානුපස‍්සී -පෙ- චිත‍්තෙ චිත‍්තානුපස‍්සී -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං; එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සතො හොති.

මහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ රූ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (කා) ලෙව්හි දැඩි ලෝබ හා දොම්නස් දුරු කොට වෙසේ ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් ... සිතෙහි සිත අනුව බලමින් ... දහම්හි දහම් අනු ව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ ද මහණෙනි, මහණ මෙසේ සිහි ඇත්තේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සම‍්පජානො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති, සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති, සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති, උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සම‍්පජානො හොති. සතො භික‍්ඛවෙ භික‍්ඛු සම‍්පජානො කාලං ආගමෙය්‍ය. අයං වො අම‍්හාකං අනුසාසනී.

මහණෙනි, මහණ කෙසේ නම් දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි හා ආපසු ගමන්හි මනා නුවණින් දැන කරනසුලු වේ ද ඉදිරිබැලීමෙහි අවට බැලීමෙහි මනානුවණින් කරනසුලු වේ ද (අත්පා) හැකිළීමෙහි හා දිගහැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, සඟළ හා පාසිවුරු දැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, බිදීමෙහි පීමෙහි කෑමෙහි හා රසවිඳීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මලමූ කිසෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි හා නො බිණීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මහණෙනි, මහණ මෙසේ මනානුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.

තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො එවං සතස‍්ස සම‍්පජානස‍්ස අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති සුඛා වෙදනා; සො එවං පජානාති; උප‍්පන‍්නා ඛො ම්‍යායං සුඛා වෙදනා. සා ච ඛො පටිච‍්ච නො අපටිච‍්ච. කිං පටිච‍්ච: ඉමමෙව කායං පටිච‍්ච. අයං ඛො පන කායො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. අනිච‍්චං ඛො පන සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං කායං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා කුතො නිච‍්චා භවිස‍්සතී ති.

මහණෙනි, ඉදින් මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව කා දිවි දෙක්හි ආශා රහිත ව වෙසෙන මහණහට සුවවේදනාවක් උපදී ද හෙතෙමේ “මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිස ය. හේතූන් විසින් කරන ලද්දේ ය. ප්‍රත්‍යය නිසා උපන්නේ ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් සුව වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ”යි මෙසේ දනියි.

සො කායෙ ච සුඛාය ච වෙදනාය අනිච‍්චානුපස‍්සී විහරති වයානුපස‍්සී විහරති විරාගානුපස‍්සී විහරති, නිරොධානුපස‍්සී විහරති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරති. තස‍්ස කායෙ ච සුඛාය ච වෙදනාය අනිච‍්චානුපස‍්සිනො විහරතො වයානුපස‍්සිනො විහරතො පටිනිස‍්සග‍්ගානුපස‍්සිනො විහරතො, යො කායෙ ච සුඛාය ච වෙදනාය රාගානුසයො, සො පහීයති.

හෙතෙමේ කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනු ව බලනසුලු ව වෙසේ පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසෙන වැය අනු ව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනු ව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනු ව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් සුවවේදනාවෙහිත් යම් රාගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.

තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො එවං සතස‍්ස සම‍්පජානස‍්ස අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා. සො එවං පජානාති: උප‍්පන‍්නා ඛො ම්‍යායං දුක‍්ඛා වෙදනා. සා ච ඛො පටිච‍්ච, නො අපටිච‍්ච. කිං පටිච‍්ච, ඉමමෙව කායං පටිච‍්ච. අයං ඛො පන කායො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. අනිච‍්චං ඛො පන සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං කායං පටිච‍්ච උප‍්පන‍්නා දුක‍්ඛා වෙදනා කුතො නිච‍්චා භවිස‍්සතීති.

මහණෙනි, මෙසේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හෙතෙමේ මෙසේ දනී: “මට මේ දුක්වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිත්‍ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්‍ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නී දැ”යි.

සො කායෙ ච දුක‍්ඛාය ච වෙදනාය අනිච‍්චානුපස‍්සී විහරති, වයානුපස‍්සී විහරති, විරාගානුපස‍්සී විහරති, නිරොධානුපස‍්සී විහරති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරති. තස‍්ස කායෙ ච දුක‍්ඛාය ච වෙදනාය අනිච‍්චානුපස‍්සිනො විහරතො වයානුපස‍්සිනො විහරතො විරාගානුපස‍්සිනො විහරතො නිරොධානුපස‍්සිනො විහරතො පටිනිස‍්සග‍්ගානුපස‍්සිනො විහරතො, යො කායෙ ච දුක‍්ඛාය ච වෙදනාය පටිඝානුසයො, සො පහීයති.

හෙතෙමේ කයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනුව බලනසුලු ව වෙසේ. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් දුක්වේදනා වෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.

තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො එවං සතස‍්ස සම‍්පජානස‍්ස අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා, සො එවං පජානාති: උප‍්පන‍්නා ඛො ම්‍යායං අදුක‍්ඛමසුඛා වෙදනා. සා ච ඛො පටිච‍්ච, නො අප‍්පටිච‍්ච. කිං පටිච‍්ච, ඉමමෙව කායං පටිච‍්ච. අයං ඛො පන කායො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. අනිච‍්චං ඛො පන සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං කායං පටිච‍්ච උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛා වෙදනා කුතො නිච‍්චා භවිස‍්සතී. සො කායෙ ච අදුක‍්ඛමසුඛාය ච වෙදනාය අනිච‍්චානුපස‍්සී විහරති, වයානුපස‍්සී විහරති, විරාගානුපස‍්සී විහරති, නිරොධානුපස‍්සී විහරති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරති. තස‍්ස කායෙ ච අදුක‍්ඛමසුඛාය ච වෙදනාය අනිච‍්චානුපස‍්සිනො විහරතො වයානුපස‍්සිනො විහරතො විරාගානුපස‍්සිනො විහරතො නිරොධානුපස‍්සිනො විහරතො පටිනිස‍්සග‍්ගානු පස‍්සිනො විහරතො යො කායෙ ච අදුක‍්ඛමසුඛාය ච වෙදනාය අවිජ‍්ජානුසයො සො පහීයති.

මහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා වූ කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: “මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද, මේ කය ම නිසා ය. මේ කය අනිත්‍ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්‍ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් නොදුක්නොසුව වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ, යි. හේ කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් යම් අවිද්‍යානුස්යයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.

සො සුඛඤ‍්චෙ වෙදනං වෙදියති, සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති; දුක‍්ඛඤ‍්චෙ වෙදනං වෙදියති, සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති; අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදියති, සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති; සො සුඛඤ‍්චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදියති; දුක‍්ඛඤ‍්චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදියති; අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදියති; සො කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති, ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති; කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තීති පජානාති.

හෙ ඉදින් සුවවේදනාවක් විඳී නම් එය අනිස යයි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නොබැසගන්නා ලදැ යි දැනගනි. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් කෙලෙසුන්ගෙන් වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ යි දැනගනී.

සෙය්‍යථාපි භික‍්ඛවෙ තෙලඤ‍්ච පටිච‍්ච වට‍්ටිඤ‍්ච පටිච‍්ච තෙලප‍්පදීපො ඣායෙය්‍ය, තස‍්සෙව තෙලස‍්ස ච වට‍්ටියා ච පරියාදානා අනාහාරො නිබ‍්බායෙය්‍ය; එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තීති පජානාතී’ති.

මහණෙනි, යම්සේ තෙලත් වැටියත් නිසා තෙල්පහනක් දැල් වෙන්නේ ද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ම ප්‍රත්‍යය නැති ව නිවෙන්නේ ද, මහණෙනි, එසෙයින් ම මහණ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දහු සිහිල් වන්නාහ යි දැනගනී යි.