දුතිය ගෙලඤ්ඤසුත්තං
1. 20. 8.
1. 20. 8.
දුතිය ගෙලඤ්ඤසුත්තං
දුතිය ගෙලඤ්ඤ සූත්‍රය
256. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සතො භික්ඛවෙ භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
256. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (පරිනිර්වාණ) කාලය අපේක්ෂා කරන්නේ ය. මහණෙනි, මේ තොපට අපගේ අනුශාසනා යි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සතො හොති; ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ භික්ඛු සතො හොති.
මහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසෙයි. වේදනාවන්හි ... සිතෙහි … දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති: එවං ඛො භික්ඛවෙ භික්ඛු සම්පජානො හොති. සතො භික්ඛවෙ භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
මහණෙනි, මහණ කෙසේ නම් මනාදැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඉදිරි ගමන්හි පෙරළා ගමන්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරි බැලුම්හි අවට බැලුම්හි මානාදැනුම් ඇති ව කරනසුලු වෙයි. අත් පා හැකිළුම්හි දිගහැරීම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. කෑමෙහි පීමෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මලමූ කිසෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිදීම්හි නිදිවැරුම්හි කියුම්හි නිහඬබැව්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනාදැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්ෂා කරන්නේ ය. මේ අපගේ අනුශාසනා යි.
තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සුඛා වෙදනා. සො එවං පජානාති. උප්පන්නා ඛො ම්යායං සුඛා වෙදනා සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච, ඉමමෙව ඵස්සං පටිච්ච. අයං ඛො පන ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් සුවවේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය. නො නිසා නො වේ. කුමක් නිසා ද, මේ ස්පර්ශය ම නිසා ය. මේ ස්පර්ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්ශය නිසා උපන් සුවවේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ?යි.
සො ඵස්සෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති; තස්ස ඵස්සෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො, වයානුපස්සිනො විහරතො, විරාගානුපස්සිනො විහරතො, නිරොධානුපස්සිනො විහරතො, පටිනිස්සග්ගානුපස්සිනො විහරතො යො ඵස්සෙ ච සුඛාය ච වෙදනාය රාගානුසයො, සො පහීයති.
හේ ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලන සුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලන සුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්ශ යෙහිත් සුවවේදනාවෙහිත් යම් රගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි.
තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දුක්ඛා වෙදනා, සො එවං පජානාති: උප්පන්නා ඛො ම්යායං දුක්ඛා වෙදනා, සා ච ඛො පටිච්ච, නො අපටිච්ච. කිං පටිච්ච, ඉමමෙව ඵස්සං පටිච්ච, අයං ඛො පන ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො, අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ දුක්වේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්ශයම නිසා ය. මේ ස්පර්ශය අනිස ය. සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්ශය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
සො ඵස්සෙ ච දුක්ඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති: තස්ස ඵස්සෙ ච දුක්ඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරතො විරාගානුපස්සිනො විහරතො නිරොධානුපස්සිනො විහරතො පටිනිස්සග්ගයානුපස්සිනො විහරතො යො ඵස්සෙ ච දුක්ඛාය ච වෙදනාය පටිඝානුසයො සො පහීයති.
හෙතෙමේ ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසෙයි. වැය අනු ව බලනසුලු ව වෙසෙයි. විරාගය අනු ව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් දුක් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඒ මහණහුට ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා, සො එවං පජානාති: උප්පන්නා ඛො ම්යායං අදුක්ඛමසුඛා වෙදනා: සා ච ඛො පටිච්ච, නො අපටිච්ච. කිඤ්ච පටිච්ච, ඉමමෙව ඵස්සං පටිච්ච අයං ඛො පන ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො, අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. එ ද නිසා ය. නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්ශය ම නිසා ය. මේ ස්පර්ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්ශය නිසා උපන් මැදහත් වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
සො ඵස්සෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති: තස්ස ඵස්සෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරතො විරාගානුපස්සිනො විහරතො නිරොධානුපස්සිනො විහරතො පටිනිස්සග්ගානුපස්සිනො විහරතො යො ඵස්සෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අවිජ්ජානුසයො සො පහීයති.
හෙතෙමේ ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
සො සුඛඤ්චෙ වෙදනං වෙදියති: සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති, දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති -පෙ- අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති; සා අනිච්චාති පජානාති අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති, සො සුඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති -පෙ- අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
ඉදින් හේ සුවවේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් ... ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් හෙ සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් ... ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හෙතෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ යි දැනගනී.
සෙය්යථාපි භික්ඛවෙ තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.
මහණෙනි, යම්සේ තෙලත් වැටියත් නිසා තෙල්පහනක් දැල්වෙන්නේ ද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ම ප්‍රත්‍යය රහිත ව නිවෙන්නේ ද, මහණෙනි, එසෙහින්ම කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දහු සිහිල් වන්නාහ යි දැනගනී යි.