යවකලාපීසුත‍්තං
1. 19. 11.
1. 19. 11.
යවකලාපීසුත‍්තං
යවකලාපී සූත්‍රය
248. සෙය්‍යථාපි භික‍්ඛවෙ යවකලාපී චාතුම‍්මහාපථෙ නික‍්ඛිත‍්තා අස‍්ස. අථ ඡ පුරිසා ආගච‍්ඡෙය්‍යුං ව්‍යාභඞ‍්ගිහත්‍ථා. නෙ තෙ යවකලාපිං ඡහි ව්‍යාභඞ‍්ගීහි හනෙය්‍යුං. එවං හි සා භික‍්ඛවෙ යවකලාපී සුහතා අස‍්ස ඡහි ව්‍යාභඞ‍්ගීහි හඤ‍්ඤමානා. අථ සත‍්තමො පුරිසො ආගච‍්ඡෙය්‍ය ව්‍යාභඞ‍්ගිහත්‍ථො. සො තං යවකලාපිං සත‍්තමාය ව්‍යාභඞ‍්ගියා හනෙය්‍ය. එවං හි සා භික‍්ඛවෙ යවකලාපී සුහතතරා අස‍්ස සත‍්තමාය ව්‍යාභඞ‍්ගියා හඤ‍්ඤමානා.
248. මහණෙනි, යම්සේ යවමිටියක් සිවුමංසලක දමන ලද්දේ වන්නේ ද එකල්හි පුරුෂයෝ සදෙනෙක් කත්ලී ගත් අත් ඇති ව පැමිණෙන්නාහ. ඔහු ඒ යවමිටිය කත්ලී සයෙන් තළන්නාහ. මහණෙනි, මෙසේ ඒ යවමිටිය කත්ලී සයෙන් තළනු ලබන්නේ මැනවින් තළන ලද්දේ වන්නේ ය. එකල්හි කත්ලීයක් ගත් අත් ඇති සත්වන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළන්නේ ය. මහණෙනි, මෙසේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ අතිශයින් ම මැනවින් තළන ලද්දේ වන්නේ ය.
එවමෙව ඛො භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො චක‍්ඛුස‍්මිං හඤ‍්ඤති මනාපාමනාපෙහි රූපෙහි, සොතස‍්මිං හඤ‍්ඤති මනාපාමනාපෙහි සද‍්දෙහි, ඝානස‍්මිං හඤ‍්ඤති මනාපාමනාපෙහි ගන්‍ධෙහි, ජිව‍්හාය හඤ‍්ඤති මනාපාමනාපෙහි රසෙහි, කායස‍්මිං හඤ‍්ඤති මනාපාමනාපෙහි ඵොට‍්ඨබ‍්බෙහි, මනස‍්මිං හඤ‍්ඤති මනාපාමනාපෙහි ධම‍්මෙහි.
මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මනවඩන නො වඩන රූ විසින් ඇසෙහි පෙළේ. මනවඩන නො වඩන සද විසින් කනෙහි පෙළේ. මනවඩන නො වඩන ගඳ විසින් නැහැයෙහි පෙළේ. මනවඩන නො වඩන රස විසින් දිවෙහි පෙළේ. මනවඩන නො වඩන පහස් විසින් කයෙහි පෙළේ. මනවඩන නො වඩන දහම් විසින් සිතෙහි පෙළේ.
සචෙ සො භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො ආයතිං පුනබ‍්භවාය චෙතෙති එවං හි සො භික‍්ඛවෙ මොඝපුරිසො සුහතතරො හොති, සෙය්‍යථාපි භික‍්ඛවෙ සා යවකලාපී සත‍්තමාය ව්‍යාභඞ‍්ගියා හඤ‍්ඤමානා.
මහණෙනි, ඉදින් ඒ අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මතු පුනර්‍භවය පිණිස සිතා නම් මහණෙනි, මෙසේ ඒ හිස් පුරුෂ තෙමේ අතිශයින් ම මැනවින් පෙළන ලද්දේ වේ. මහණෙනි, ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ යම්සේ නම් එමෙනි.
භූතපුබ‍්බං භික‍්ඛවෙ, දෙවාසුරසඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො අහොසි. අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො අසුරෙ ආමන‍්තෙසි: “සචෙ මාරිසා, දෙවාසුරසඞ‍්ගාමෙ සමුපබ‍්බූළ‍්හෙ, අසුරා ජිනෙය්‍යුං දෙවා පරාජිනෙය්‍යුං, යෙන නං සක‍්කං දෙවානමින්‍දං කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිත්‍වා මම සන‍්තිකෙ ආනෙය්‍යාථ අසුරපුරන‍්ති”. සක‍්කොපි ඛො භික‍්ඛවෙ දෙවානමින්‍දො දෙවෙ තාවතිංසෙ ආමන‍්තෙසි: “සචෙ මාරිසා දෙවාසුරසඞ‍්ගාමෙ සමුපබ‍්බූළ‍්හෙ දෙවා ජිනෙය්‍යුං අසුරා පරාජිනෙය්‍යුං, යෙන නං වෙපචිත‍්තිං අසුරින්‍දං කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිත්‍වා මම සන‍්තිකෙ ආනෙය්‍යාථ සුධම‍්ම දෙවසභන‍්ති”. තස‍්මිං ඛො පන භික‍්ඛවෙ සඞ‍්ගාමෙ දෙවා ජිනිංසු අසුරා පරාජිනිංසු. අථ ඛො භික‍්ඛවෙ දෙවා තාවතිංසා වෙපචිත‍්තිං අසුරින්‍දං කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිත්‍වා සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස සන‍්තිකෙ ආනෙසුං සුධම‍්මදෙවසභං. තත්‍ර සුදං භික‍්ඛවෙ, වෙපචිත‍්ති අසුරින්‍දො කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බද‍්ධො හොති. යදා ඛො භික‍්ඛවෙ, වෙපචිත‍්තිස‍්ස අසුරින්‍දස‍්ස එවං හොති; “ධම‍්මිකා ඛො දෙවා අධම‍්මිකා අසුරා, ඉධෙවදානාහං දෙවපුරං ගච‍්ඡාමී”ති. අථ කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි මුත‍්තං අත‍්තානං සමනුපස‍්සති, දිබ‍්බෙහි පඤ‍්චකාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙති.
මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එළඹසිටියේ විය: මහණෙනි, එකල්හි වේපචිත්ති අසුර රජ අසුරයන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් අසුරයෝ දිනන්නාහු නම් දෙවියෝ පරදින්නාහු නම් ඒ සක්දෙව් රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුරයෙහි මා වෙත ගෙන එන්නහු ය”යි. මහණෙනි, සක්දෙව්රජ ද තව්තිසා දෙවියන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් ඒ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම්දෙව්සෙබෙහි මා වෙත ගෙන එන්නහු ය” යි. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම් දෙව්සෙබෙහි සක්දෙව් රජු වෙත ගෙන ආහ. මහණෙනි, එහි වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ වෙයි. මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “දෙවියෝ දැහැමියහ. අසුරයෝ නො දැහැමියහ. මම දැන් මෙහි දී ම දෙව්පුරයට යෙමි”යි මෙබඳු සිතෙක් වේ ද, එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් මිදුණු තමා දකී. දෙව්මුවා වූ පස්කම් ගුණයෙන් පිණාගියේ යුතු වූයේ ඉඳුරන් පිණවයි.
යදා ච ඛො භික‍්ඛවෙ වෙපචිත‍්තිස‍්ස අසුරින්‍දස‍්ස එවං හොති: ධම‍්මිකා ඛො අසුරා, අධම‍්මිකා දෙවා, තත්‍ථෙව දානාහං අසුරපුරං ගමිස‍්සාමීති, අථ කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බද‍්ධං අත‍්තානං සමනුපස‍්සති; දිබ‍්බෙහි ච පඤ‍්චකාමගුණෙහි පරිහායති. එවං සුඛුමං ඛො භික‍්ඛවෙ වෙපචිත‍්තිබන්‍ධනං. තතො සුඛුමතරං මාරබන්‍ධනං. මඤ‍්ඤමානො භික‍්ඛවෙ, බද‍්ධො මාරස‍්ස, අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො.
මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “අසුරයෝ දැහැමියහ, දෙවියෝ නො දැහැමියහ, දැන් මම එහි ම අසුරපුරයට යන්නෙමි”යි මෙබඳු සිතෙක් වේ ද එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද තමා දකී. දෙව්මුවා පස්කම් ගුණෙන් පිරිහෙයි. මහණෙනි, වේපචිත්ති බැඳුම් මෙසේ සියුම් ය. මරබැඳුම එයින් අතිශයින් සියුම් ය. මහණෙනි, (තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) හඟනේ මරු විසින් බඳනා ලද්දේ ය. නො හඟනේ මරුගෙන් මිදුණේ ය.
අස‍්මීති භික‍්ඛවෙ මඤ‍්ඤිතමෙතං, අයමහමස‍්මීති මඤ‍්ඤිතමෙතං, භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, න භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, රූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, අරූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, සඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං; මඤ‍්ඤිතං භික‍්ඛවෙ රොගො, මඤ‍්ඤිතං ගණ‍්ඩො, මඤ‍්ඤිතං සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ අමඤ‍්ඤමානෙන චෙතසා විහරිස‍්සාමාති, එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.
මහණෙනි, ‘වෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘මේ මම වෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘නොවන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. මහණෙනි, මඤ්ඤනාව රෝගයෙකි. මඤ්ඤනාව ගඩෙකි. මඤ්ඤනාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මඤ්ඤනා රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
අස‍්මීති භික‍්ඛවෙ ඉඤ‍්ජිතමෙතං, අයමහමස‍්මීති ඉඤ‍්ජිතමෙතං, භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං, න භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං, රූපී භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං, අරූපී භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං, සඤ‍්ඤී භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති ඉඤ‍්ජිතමෙතං. ඉඤ‍්ජිතං භික‍්ඛවෙ රොගො, ඉඤ‍්ජිතං ගණ‍්ඩො, ඉඤ‍්ජිතං සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ අනිඤ‍්ජමානෙන චෙතසා විහරිස‍්සාමාති, එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඉඤ්ජිත (කම්පන) යෙකි. ‘මේ මම වෙමි’යි යන මෙය ඉඤ්ජිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. මහණෙනි, ඉඤ්ජිතය රෝගයෙකි. ඉඤ්ජිතය ගඩෙකි. ඉඤ්ජිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඤ්ජිතය රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
අස‍්මීති භික‍්ඛවෙ ඵන්‍දිතමෙතං, අයමහමස‍්මීති ඵන්‍දිතමෙතං, භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං, න භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං, රූපී භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං, අරූපී භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං, සඤ‍්ඤී භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති ඵන්‍දිතමෙතං; ඵන්‍දිතං භික‍්ඛවෙ රොගො, ඵන්‍දිතං ගණ‍්ඩො, ඵන්‍දිතං සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ අඵන්‍දමානෙන චෙතසා විහරිස‍්සාමාති එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඵන්‍දිතයෙ (සැලීමෙ) කි. ‘මේ මම වෙමි’යි යන මෙය ඵන්‍දිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. මහණෙනි, ඵන්‍දිතය ලෙඩකි. ඵන්‍දිතය ගඩෙකි. ඵන්‍දිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො සැලෙන සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි.
අස‍්මීති භික‍්ඛවෙ පපඤ‍්චිතමෙතං, අයමහමස‍්මීති පපඤ‍්චිතමෙතං භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං න භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං, රූපී භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං, අරූපී භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං, සඤ‍්ඤී භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති පපඤ‍්චිතමෙතං, පපඤ‍්චිතං භික‍්ඛවෙ රොගො, පපඤ‍්චිතං ගණ‍්ඩො, පපඤ‍්චිතං සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ නිප‍්පපඤ‍්චාරාමෙන චෙතසා විහරිස‍්සාමාති, එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය පපඤ්චිතයෙ (පමාවෙ) කි. ‘මේ මම වෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. “නො වන්නෙමි” යන මෙය පපඤ්චිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. මහණෙනි, පපඤ්චිතය ලෙඩකි. පපඤ්චිතය ගඩෙකි. පපඤ්චිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො පමාවෙහි ඇලුණු සිතින් යුතු ව වසන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
අස‍්මීති භික‍්ඛවෙ මානගතමෙතං, අයමහමස‍්මීති මානගතමෙතං, භවිස‍්සන‍්ති මානගතමෙතං, න භවිස‍්සන‍්ති මානගතමෙතං, රූපී භවිස‍්සන‍්ති මානගතමෙතං, අරූපී භවිස‍්සන‍්ති මානගතමෙතං, සඤ‍්ඤී භවිස‍්සන‍්ති මානගතමෙතං, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති මානගතමෙතං, නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී භවිස‍්සන‍්ති මානගතමෙතං. මානගතමෙතං භික‍්ඛවෙ රොගො, මානගතමෙතං ගණ‍්ඩො, මානගතමෙතං සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ, නිහතමානෙන චෙතසා විහරිස‍්සාමාති, එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, ‘වෙමි’යි යන මෙය මානයෙකි. ‘මේ මම වෙමි’ යන මෙය මානයකි. ‘වන්නෙමි’ යි යන මෙය මානයෙකි. ‘නොවන්නෙමි’ යන මෙය මානයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මානයකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය මානයකි. මහණෙනි, මේ මානය ලෙඩකි. තෙල මානය ගඩෙකි. මේ මානය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා පහ වූ මාන ඇති සිතින් යුතු ව වසන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
ආසීවිසවග‍්ගො එකූනවීසතිමො.
ආසිවිස වර්‍ගය නවවැනියි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ආසීවිසො රථො කුම‍්මො ද‍්වෙ දාරුක‍්ඛන්‍ධෙන අවස‍්සුතා දුක‍්ඛධම‍්මා කිංසුකා වීණා ඡප‍්පාණකා යවකලාපෙන චාති.
අසිවිසෝපම ය, රථුපමය, කුම්මොපමය, දාරුක්ඛන්‍ධොපම සූත්‍ර දෙක ය, අවස්සුතපරියාය ය, දුක්ඛධම්ම ය, කිංසුකෝපම ය, වීණොපම ය, ඡප්පාණක ය යවකලාපී සූත්‍රය ද යන මෙයින් වර්‍ගය වේ.
චතුත්‍ථො පණ‍්ණාසකො.
සිවුවැනි පණ්ණාසකය නිමියේය.
තත්‍ර වග‍්ගුද‍්දානං:
එහි වර්‍ගනාමාවලිය:
නන්‍දික‍්ඛයා සට‍්ඨිනයා සමුද‍්දො උරගෙන ච චතුත්‍ථපණ‍්ණාසකා එතෙ නිපාතෙසු පකාසිතාති.
නන්‍දික්ඛය ය, සට්ඨිනය ය, සමුද්දය, අසිවිස වර්‍ගයෙන් දැ යි මොහු නිපාතයන්හි චතුත්‍ථපණ්ණාසකයෙහි වර්‍ගයෝ යයි ප්‍රකාශ කරන ලදහ.