10. ඡප්පාණකසුත්තවණ්ණනා අට්ඨකථා
10. ඡප්පාණකසුත්තවණ්ණනා
10. ඡප්පාණක සූත්‍ර වර්ණනාව
දසමෙ අරුගත්තොති වණසරීරො. තෙසංයෙව අරූනං පක්කත්තා පක්කගත්තො. සරවනන්ති කණ්ඩවනං. එවමෙව ඛොති අරුගත්තො පුරිසො විය දුස්සීලපුග්ගලො වෙදිතබ්බො. තස්ස කුසකණ්ටකෙහි විද්ධස්ස සරපත්තෙහි ච අසිධාරූපමෙහි විලිඛිතගත්තස්ස භිය්යොසොමත්තාය දුක්ඛදොමනස්සං විය තත්ථ තත්ථ සබ්රහ්මචාරීහි “අයං සො ඉමෙසඤ්ච ඉමෙසඤ්ච කම්මානං කාරකො”ති වුච්චමානස්ස උප්පජ්ජනදුක්ඛං වෙදිතබ්බං.
දස වැන්නෙහි - අරුගත්තො = තුවාල ඇති සිරුර. ඒ තුවාල පැසවූ බැවින් පැසවූ සිරුර වේ. සරවණං = කටු ඇනීමෙන් වූ තුවාල එවමෙව ඛො = තුවාල වූ සිරුරක් ඇති පුරුෂයා මෙන් දුස්සීලවූ පුද්ගලයා දත යුතුය. පැඟිරි කටුවලින් සිදුරු වූ ද, කඩුපත් වැනි බට පත්වලින් කැපී ගියාවූ ද සිරුර ඇති ඔහුගේ දුක් දොම්නස් බොහෝය. ඔහු තමන්ගේ ද කටයුතු කරදෙන අයකුයයි සබ්‍රම්සරුන් විසින් කියනු ලැබේ. එබඳු වූ ඔහුට උපදින දුක දැනගත යුතුය.
ලභති වත්තාරන්ති ලභති චොදකං. එවංකාරීති එවරූපානං වෙජ්ජකම්මදූතකම්මාදීනං කාරකො. එවංසමාචාරොති විධවා ගොචරාදිවසෙන එවරූපගොචරො. අසුචිගාමකණ්ටකොති අසුද්ධට්ඨෙන අසුචි, ගාමවාසීනං විජ්ඣනට්ඨෙන කණ්ටකොති ගාමකණ්ටකො.
ලභතිවත්තාරං = චෝදනා කරන්නකු ලබයි. එවං කාරී = මෙබඳු වෛද්‍ය කර්ම, දූත කර්ම ආදිය කරන තැනැත්තේ. එවං සමාචාරො = තුන් ආකාර වූ ගොදුරු ආදී වශයෙන්, මෙවන් ගොදුරු ඇත්තේ අසුචිගාම කණ්ටකො = “ශුද්ධය යන අරුතින් “අසුචි” නම් වේ. “ගම් වැසියන් හට “විදින” යන අරුතින් “කණ්ඛක” යනු “ගාම කණ්ටක” (හෙවත් ගමෙහි ඇති කටු) නම් වේ.
පක්ඛින්ති හත්ථිසොණ්ඩසකුණං. ඔස්සජ්ජෙය්යාති විස්සජ්ජෙය්ය. ආවිඤ්ඡෙය්යුන්ති ආකඩ්ඪෙය්යුං. පවෙක්ඛාමීති පවිසිස්සාමි. ආකාසං ඩෙස්සාමීති ආකාසං උප්පතිස්සාමි.
පක්ඛිං = ඇත් හොඩයක් වැනි හොටයක් ඇති ළිහිණි පක්ෂියා ඔස්සජ්ජෙය්ය = අත්හරින්නේය. ආවිඤ්ජෙය්යුං = අදින්නාහුය. පවෙක්ඛාමි = ඇතුල්වන්නෙමි. ආකාසං ඩෙස්සාමි = අහසට නගින්නෙමි.
එතෙසු පන අහි “භොගෙහි මණ්ඩලං බන්ධිත්වා සුපිස්සාමී”ති වම්මිකං පවිසිතුකාමො හොති. සුසුමාරො “දූරෙ බිලං පවිසිත්වා නිපජ්ජිස්සාමී”ති උදකං පවිසිතුකාමො හොති. පක්ඛී “අජටාකාසෙ සුඛං විචරිස්සාමී”ති ආකාසං ඩෙතුකාමො හොති. කුක්කුරො “උද්ධනට්ඨානෙ ඡාරිකං බ්යූහිත්වා උසුමං ගණ්හන්තො නිපජ්ජිස්සාමී”ති ගාමං පවිසිතුකාමො හොති. සිඞ්ගාලො “මනුස්සමංසං ඛාදිත්වා පිට්ඨිං පසාරෙත්වා සයිස්සාමී”ති ආමකසුසානං පවිසිතුකාමො හොති. මක්කටො “උච්චෙ රුක්ඛෙ අභිරුහිත්වා දිසාදිසං පක්ඛන්දිස්සාමී”ති වනං පවිසිතුකාමො හොති.
මේ සර්ප ශරීරවලින් තලාවක් බැඳ නිදන්නෙමි යි තුඹසකට පිවිසෙනු රිසි වෙයි. කිඹුලා ඈත ගුහාවකට පිවිස නිදන්නෙමියි ජලයට පිවිසෙනු රිසි වෙයි. පක්ෂියා හිස් අහසෙහි සුවසේ හැසිරෙන්නෙමි යි අහසට පියාඹනු රිසි වෙයි. සුනඛයා අලු අවූස්සා උණුසුම ලබා ගනිමින් වැද හොවින්නෙමියි ගමට පිවිසෙනු රිසි වෙයි. සිවලා මිනීමස් කා පිට දිග හැර සයනය කරන්නෙමියි අමුසොහොනට පිවිසෙනු රිසිවෙයි. වඳුරු උස් රුකකට නැඟ දිසාවෙන් දිසාවට පනින්නෙමියි මහ වනයට පිවිසෙනු රිසි වෙයි.
අනුවිධායෙය්යුන්ති අනුගච්ඡෙය්යුං, අනුවිධියෙය්යුන්තිපි පාඨො, අනුවිධානං ආපජ්ජෙය්යුන්ති අත්ථො. යත්ථ සො යාති, තත්ථෙව ගච්ඡෙය්යුන්ති වුත්තං හොති.
අනු විධායෙය්යුං = අනුගමනය කරන්නාහ. අනු විධයෙසුං යයි ද පාඨයක් වේ. විධාන කිරීම අනුව පැමිණෙන්නාහ යන අරුතයි. හෙතෙම යම් තැනෙක යයිද, එහිම යන්නාහුය යයි කියන ලද්දේ වෙයි.
එවමෙවාති එත්ථ ඡ පාණකා විය ඡායතනානි දට්ඨබ්බානි, දළ්හරජ්ජු විය තණ්හා, මජ්ඣෙ ගණ්ඨි විය අවිජ්ජා. යස්මිං යස්මිං ද්වාරෙ ආරම්මණං බලවං හොති, තං තං ආයතනං තස්මිං තස්මිං ආරම්මණෙ ආවිඤ්ඡති.
එවමෙව = මෙහි ප්‍රාණීන් සය දෙනා මෙන් (චක්ෂුරාදී) ආයතන සය දැක්විය යුතුය. දැඩි රැහැණ මෙන් තෘෂ්ණාව ද, මැද තතමෙන් අවිද්‍යාව ද දැක්විය යුතුය. යම් යම් අවස්ථාවන්හි අරමුණ බලවත් වෙයි ද එවිට ඒ ඒ ආයතනය ඒ ඒ අරමුණෙහි ඇලෙයි.
ඉමං පන උපමං භගවා සරික්ඛකෙන වා ආහරෙය්ය ආයතනානං වා නානත්තදස්සනවසෙන. තත්ථ සරික්ඛකෙන තාව විසුං අප්පනාකිච්චං නත්ථි, පාළියංයෙව අප්පිතා. ආයතනානං නානත්තදස්සනෙන පන අයං අප්පනා – අහි නාමෙස බහි සිත්තසම්මට්ඨෙ ඨානෙ නාභිරමති, සඞ්කාරට්ඨානතිණපණ්ණගහනවම්මිකානියෙව පන පවිසිත්වා නිපන්නකාලෙ අභිරමති, එකග්ගතං ආපජ්ජති. එවමෙව චක්ඛුපෙතං විසමජ්ඣාසයං, මට්ඨාසු සුවණ්ණභිත්තිආදීසු නාභිරමති, ඔලොකෙතුම්පි න ඉච්ඡති, රූපචිත්තපුප්ඵලතාදිවිචිත්තෙසුයෙව පන අභිරමති. තාදිසෙසු හි ඨානෙසු චක්ඛුම්හි අප්පහොන්තෙ මුඛම්පි විවරිත්වා ඔලොකෙතුකාමො හොති.
මේ උපමාව භාග්‍යවතුන් වහන්සේ සමාන ස්වභාවය අනුව හෝ ආයතනයගේ විවිධත්වය දැකීම් වශයෙන් හෝ ඉදිරිපත් කරති. එහි සමානත්වය අනුව වෙන් වෙන්ව ධ්‍යානය පිළිබඳව කළයුතු කාර්යයක් නැත්තේය. බුද්ධ වචනයෙහි (චක්ඛු විඤ්ඤාණ ආදී) අභ්‍යන්තරගත ආයතනයන්ගේ විවිධත්වය දැකීමෙන් ම මේ ධ්‍යානය වෙයි. සර්ප නම් වූ මේ (සත්ව) තෙමේ (ජලය) බැහැර ඉස සමතලා කළ ස්ථානයෙහි (විසීමට) කැමති නො වෙයි. කුණු දමන තැන්. තණකොළ ගැවසි හුඹස් ආදියෙහි පිවිස වැතිරුණු කල්හි කැමති වෙයි. එකඟ බවට පැමිණෙයි. මෙසේ විසම අදහස් ඇති මේ ඇසද සුමට තැන්හි මහාවර්ණවත් බිත්ති ආදියෙහි නො ඇලෙයි. බැලීමට ද නො කැමති වෙයි. රූප චිත්‍ර මල් වැල් ආදී විසිතුරු දෙයෙහි ම සිත අලවයි. යම් බඳු ස්ථානයන් (බැලීමෙහිදී) ඇස් ප්‍රමාණවත් නො වන විට මුඛයද අයා ගෙන බලනු රිසි වෙයි.
සුසුමාරොපි බහි නික්ඛන්තො ගහෙතබ්බං න පස්සති, අක්ඛිං නිමීලෙත්වා චරති. යදා පන බ්යාමසතමත්තං උදකං ඔගාහිත්වා බිලං පවිසිත්වා නිපන්නො හොති, තදා තස්ස චිත්තං එකග්ගං හොති, සුඛං සුපති. එවමෙව සොතම්පෙතං බිලජ්ඣාසයං ආකාසසන්නිස්සිතං, කණ්ණච්ඡිද්දකූපකෙයෙව අජ්ඣාසයං කරොති, කණ්ණච්ඡිද්දාකාසොයෙව තස්ස සද්දසවනෙ පච්චයො හොති. අජටාකාසොපි වට්ටතියෙව. අන්තොලෙණස්මිඤ්හි සජ්ඣායෙ කයිරමානෙ න ලෙණච්ඡදනං භින්දිත්වා සද්දො බහි නික්ඛමති, ද්වාරවාතපානඡිද්දෙහි පන නික්ඛමිත්වා ධාතුපරම්පරා ඝට්ටෙන්තො ආගන්ත්වා සොතපසාදං ඝට්ටෙති. අථ තස්මිං කාලෙ “අසුකං නාම සජ්ඣායතී”ති ලෙණපිට්ඨෙ නිසින්නා ජානන්ති.
බැහැරට නික්මෙන කිඹුලා පවා ගතයුතු දෙය නො දකියි. ඇස් වසා ගෙන හැසිරෙයි. යම් කලෙක බඹ සියයක් පමණ වූ දියට බැස ගුහාවකට පිවිස වැතිරුණේ වේද එකල්හි උගේ සිත එකඟ වෙයි. සුවසේ නිදයි. මෙසේම විසම අදහස් ඇති, අහස හා ඇසුර ඇති මේ කණ ද කන්සිදුරු කෙරෙහිම අදහස් ඇති කර ගනියි. කන්සිදුරු තුළ වාසය හෙවත් ඇසුරම (සොත විඤ්ඤාණයේ) ශබ්ද ඇසීමෙහි හේතුව වෙයි. අජටාකාශයද එයට හේතුව වෙයි. ගුහාවක් තුළ සජ්ඣායනාවක් කරනු ලබන කල්හි ගුහාවෙහි ආවරණය බිඳ ශබ්දය තමා ම පිටතට නික්මෙයි. දොර ජනෙල් ආදියේ සිදුරුවලින් වුව ද නික්මී (පඨවි, ආපෝ ආදී) ධාතූන් හා පිළිවෙළින් ගැටෙමින් පැමිණ කණෙහි ඉන්ද්රිය ශක්තිය හා ගැටෙයි. ඉක්බිති ඒ අවස්ථාවෙහි අසුවල් දෙය සජ්ඣායනා කෙරෙන්නේ යයි ගුහාවෙන් බැහැර සිටින්නෝ දැන ගනිති.
එවං සන්තෙ සම්පත්තගොචරතා හොති, කිං පනෙතං සම්පත්තගොචරන්ති? ආම සම්පත්තගොචරං. යදි එවං දූරෙ භෙරිආදීසු වජ්ජමානෙසු “දූරෙ සද්දො”ති ජානනං න භවෙය්‍යාති. නො න භවති. සොතපසාදස්මිඤ්හි ඝට්ටිතෙ “දූරෙ සද්දො, ආසන්නෙ සද්දො, පරතීරෙ ඔරිමතීරෙ”ති තථා තථා ජානනාකාරො හොති, ධම්මතා එසාති. කිං එතාය ධම්මතාය? යතො යතො ඡිද්දං, තතො තතො සවනං හොති චන්දිමසූරියාදීනං දස්සනං වියාති අසම්පත්තගොචරමෙවෙතං.
මෙසේ ඇති කල්හි “සම්පත්ත ගොචරතා” නම් කුමක්ද යත් :- යම් සේ දුරින් බෙර ආදියෙක හඬ පවත්නා කල්හි එය දුරින් ආ හඬකැයි යන දැන ගැනීම සිදු වෙයි. හඬක් නො ඇසේ නම් දැන ගැනීමක් සිදු නො වේ. ශ්‍රවණ ශක්තියෙහි (හඬක්) ගැටුණ කල්හි ඒ හඬ පවතිනුයේ දුරෙහිද, ආසන්නයෙහිද, එතෙරෙහිද මෙතෙරෙහි ද යනුවෙන් ඒ ඒ අයුරින් දැන ගැනීම සිදුවෙයි. ස්වභාවය මෙයයි. මේ ස්වභාවයෙන් සිදුවන්නේ කුමක් ද? යම් යම් තැනෙකින් සිදුරක් වේද, ඒ ඒ තැනින් හඬ ඇසෙයි සඳ හිරු ආදීන්ගේ දර්ශනය වීම මෙනි” අසම්පත්ත ගොචරං” (හෙවත් ඉන්ද්රිය ශක්තිය වෙත ගෝචර නො පැමිණි බව) යන මෙය මෙසේ දත යුතුය.
පක්ඛීපි රුක්ඛෙ වා භූමියං වා න රමති. යදා පන එකං වා ද්වෙ වා ලෙඩ්ඩුපාතෙ අතික්කම්ම අජටාකාසං පක්ඛන්දො හොති, තදා එකග්ගචිත්තතං ආපජ්ජති. එවමෙව ඝානම්පි ආකාසජ්ඣාසයං වාතූපනිස්සයගන්ධගොචරං. තථා හි ගාවො නවවුට්ඨෙ දෙවෙ භූමිං ඝායිත්වා ඝායිත්වා ආකාසාභිමුඛො හුත්වා වාතං ආකඩ්ඪන්ති. අඞ්ගුලීහි ගන්ධපිණ්ඩං ගහෙත්වාපි ච උපසිඞ්ඝනකාලෙ වාතං අනාකඩ්ඪන්තො නෙව තස්ස ගන්ධං ජානාති.
යම් කලෙක ගසා දැමු ගල් කැටයක් වැටෙන දුර මෙන් දුර ප්‍රමාණයන් එකක් හෝ දෙකක් තුළ ගසක් මත හෝ පොළව මත විසීමට රුචි නොවන පක්ෂියා ගල වැටෙන දුර ප්‍රමාණය ඉක්මවා අහසට නගින්නේ වෙයි ද එකල්හි (ඒ පක්ෂියාගේ සිත) එකඟතාවයට පැමිණෙයි. මෙසේ ම නැහැය ද අහස (හෙවත් වාතය) තුළ (පඨවි ආදී) ධාතුන් ඇසුරු කොට ගන්ධය සොයමින් හැසිරේ. (කවරකු මෙන් ද යත්) නව වැස්සෙන් හටගත් තණ බිමෙක හැසිරෙන ගවයන් බිම ආඝ්‍රාණය කොට අහසට යොමු වී වාතය උරා ගන්නාක් මෙනි. ඇඟිලිවලින් සුවඳපිඩක් ගෙන වුව ද සිඹිනා කල්හි වාතය ඇද ගැනීමක් සිදු නොවේ නම් එහි ගඳ සුවඳ දැනගත නො හැකිවේ.
කුක්කුරොපි බහි චරන්තො ඛෙමට්ඨානං න පස්සති, ලෙඩ්ඩුදණ්ඩාදීහි උපද්දුතො හොති. අන්තොගාමං පවිසිත්වා උද්ධනට්ඨානෙ ඡාරිකං බ්යූහිත්වා නිපන්නස්ස පනස්ස ඵාසු හොති. එවමෙව ජිව්හාපි ගාමජ්ඣාසයා ආපොසන්නිස්සිතරසාරම්මණා. තථා හි තියාමරත්තිං සමණධම්මං කත්වාපි පාතොව පත්තචීවරමාදාය ගාමං පවිසිතබ්බං හොති. සුක්ඛඛාදනීයස්ස ච න සක්කා ඛෙළෙන අතෙමිතස්ස රසං ජානිතුං.
බැහැර තැන්හි හැසිරෙන සුනඛයා ද ආරක්ෂාවක් නො ලබයි. ගල් කැට මුගුරු ආදියෙන් (පහර ලබා) උවදුරු විදින්නේ වෙයි. ඇතුළුගමට ගොස් උදුනක් ඇති තැනෙක අලු විසුරුවා වැතිරුණ ඌට පහසුවක් දැනෙයි. මෙසේම දිව ද ආපෝ ධාතුව ආශ්‍රිතව රසය අරමුණු කොට පවතියි. එසේ ම තුන්යම් රැය මහණ දම් කොට උදෑසන පා සිවුරු ගෙන ගමට යා යුතු වෙයි. කෙළවලින් නොතෙමුණ වියලි ආහාරවල රසය දැන ගැනීමට ද නො හැක.
සිඞ්ගාලොපි බහි චරන්තො රතිං න වින්දති, ආමකසුසානෙ මනුස්සමංසං ඛාදිත්වා නිපන්නස්සෙව පනස්ස ඵාසු හොති. එවමෙව කායොපි උපාදිණ්ණකජ්ඣාසයො පථවීසන්නිස්සිතඵොට්ඨබ්බාරම්මණො. තථා හි අඤ්ඤං උපාදිණ්ණකං අලභමානා සත්තා අත්තනොව හත්ථතලෙ සීසං කත්වා නිපජ්ජන්ති. අජ්ඣත්තිකබාහිරා චස්ස පථවී ආරම්මණග්ගහණෙ පච්චයො හොති. සුසන්ථතස්සාපි හි සයනස්ස හෙට්ඨාඨිතානම්පි වා ඵලකානං න සක්කා අනිසීදන්තෙන වා අනුප්පීළන්තෙන වා ථද්ධමුදුභාවො ජානිතුන්ති අජ්ඣත්තිකබාහිරා පථවී එතස්ස ඵොට්ඨබ්බජානනෙ පච්චයො හොති.
බැහැර හැසිරෙන සිවලා සතුටක් නො විඳියි. අමු සොහොනෙහි මිනීමස් කා ලැග්ගාවූ ඌට පහසුවක් දැනෙයි. මෙසේම ශරීරය ද මමත්වයෙන් ගන්නා ලද පඨවි ධාතු ආශ්රිත ස්පර්ශය අරමුණු කොට ඇත්තේය. එසේ ම මමත්වයෙන් ගතයුතු අන්දෙයක් නො ලබන්නා වූ සත්ත්වයෝ තමාගේම අත්ල මත හිස තබා නිදා ගනිත් පඨවි ආරම්මණ ගැනීමේදී ආධ්‍යාත්මික හා බාහිර කරුණු ඔහුට හේතු වේ. මනා කොට ඇතිරිලි ආදිය දැමු සයනයක යටින් පිහිටි ලෑලිවල හිඳනොගන්නා අයකුට හෝ ඔබා බැලීමක් නො කරන අයකුට හෝ එහි තද නොහොත් මොලොක් බව දැන ගැනීමට නො හැක්කේය. මෙය ස්පර්ශයෙන් දැන ගැනීමෙහිදී ආධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද පඨවි ධාතුව හේතුව වන්නේය.
මක්කටොපි භූමියං විචරන්තො නාභිරමති, හත්ථසතුබ්බෙධං පනස්ස රුක්ඛං ආරුය්හ විටපපිට්ඨෙ නිසීදිත්වා දිසාවිදිසා ඔලොකෙන්තස්සෙව ඵාසුකො හොති. එවං මනොපි නානජ්ඣාසයො භවඞ්ගපච්චයො, දිට්ඨපුබ්බෙපි නානාරම්මණජ්ඣාසයං කරොතියෙව මූලභවඞ්ගං පනස්ස පච්චයො හොතීති අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරෙන පන ආයතනානං නානත්තං විසුද්ධිමග්ගෙ ආයතනනිද්දෙසෙ වුත්තමෙව.
වඳුරෙක් වුවද බිම හැසිරෙනුයේ සතුටට පත් නොවේ. රියන් සියගණන් උස ඇති ගසකට නැගී කරුවක් මත හිඳ දිසා අනු දිසා බලන්නා වූ ඌට පහසුවක් දැනෙයි. මෙසේ ම මනස ද විවිධ චිත්ත ස්වභාවයන් ඇතිව භවාංගයට හේතු වූයේ වෙයි. පෙර දැක ඇති නානා අරමුණු කෙරෙහි අදහස් ඇතිකර ගන්නේ ද වෙයි. එයට (රූපාදී අරමුණු නොගත්) මුල් සිතම හේතු වෙයි. මෙය මෙහි සංක්ෂේපයයි විස්තර වශයෙන් වනාහී ආයතනයන්ගේ විවිධත්වය විශුද්ධි මාර්ගයේ ආයතන නිර්දේශයෙහි කියන ලද්දේමය.
තං චක්ඛු නාවිඤ්ඡතීති තණ්හාරජ්ජුකානං ආයතනපාණකානං කායගතාසතිථම්භෙ බද්ධානං නිබ්බිසෙවනභාවං ආපන්නත්තා නාකඩ්ඪතීති ඉමස්මිං සුත්තෙ පුබ්බභාගවිපස්සනාව කථිතා.
තං චක්ඛුනා නාවිඤ්ජති = ශරීරය කෙරෙහි පිහිටුවා ගත් සිහිය නමැති කණුවෙහි බැඳුණ තෘෂ්ණා නමැති රැහැන්හි ද, (ඇස් ආදී) ආයතන නමැති ප්‍රාණීන් කෙරෙහි ද බැඳීමක් නැති බවට පැමිණි බැවින් ඇලී ගැලී පිහිටීමක් නැතැයි යනුවෙන් මේ සූත්‍රයෙහි විදර්ශනාවේ පුර්ව භාගයම කියන ලදී.
11. යවකලාපීසුත්තවණ්ණනා
11. යවකලාපී සූත්‍ර වර්ණනාව
එකාදසමෙ යවකලාපීති ලායිත්වා ඨපිතයවපුඤ්ජො. බ්යාභඞ්ගිහත්ථාති කාජහත්ථා. ඡහි බ්යාභඞ්ගීහි හනෙය්යුන්ති ඡහි පුථුලකාජදණ්ඩකෙහි පොථෙය්යුං. සත්තමොති තෙසු ඡසු ජනෙසු යවෙ පොථෙත්වා පසිබ්බකෙ පූරෙත්වා ආදාය ගතෙසු අඤ්ඤො සත්තමො ආගච්ඡෙය්ය. සුහතතරා අස්සාති යං තත්ථ අවසිට්ඨං අත්ථි භුසපලාපමත්තම්පි, තස්ස ගහණත්ථං සුට්ඨුතරං හතා.
එකොළොස් වැන්නෙහි - යවකලාපී = දෑ කැත්තෙන් කපා තබන ලද යව (හෙවත් බාර්ලි නම් ධාන්‍ය) මිටිය. බ්යාතඞ්ගි හත්ථා = කද ගත් අත් ඇති. ඡහි බ්යාභඞ්ගීහි හනෙය්‍යුං - ඒ සය දෙනා යව කපා මලුවල පුරවා රැගෙන ගිය කල්හි වෙනත් සත්වැන්නෙක් පැමිණෙන්නේ ය. සුහත තරා අස්ස = යම් කිසි බොල් වූ ප්‍රමාණයක් හෝ එහි ඉතිරි වී ඇත්නම් එය ලබා ගැනීම සුදුසු යයි (කියා) ගෙන යන ලදී.
එවමෙව ඛොති එත්ථ චතුමහාපථො විය ඡ ආයතනානි දට්ඨබ්බානි, චතුමහාපථෙ නික්ඛිත්තයවකලාපී විය සත්තො, ඡ බ්යාභඞ්ගියො විය ඉට්ඨානිට්ඨමජ්ඣත්තවසෙන අට්ඨාරස ආරම්මණානි, සත්තමා බ්යාභඞ්ගී විය භවපත්ථනා කිලෙසා. යථා චතුමහාපථෙ ඨපිතා යවකලාපී ඡහි බ්යාභඞ්ගීහි හඤ්ඤති, එවමිමෙ සත්තා අට්ඨාරසහි ආරම්මණදණ්ඩකෙහි ඡසු ආයතනෙසු හඤ්ඤන්ති. යථා සත්තමෙන සුහතතරා හොන්ති, එවං සත්තා භවපත්ථනකිලෙසෙහි සුහතතරා හොන්ති භවෙමූලකං දුක්ඛං අනුභවමානා.
එවමෙව ඛො = මෙහි සතර මං සන්ධිය මෙන් (ඇස් ආදී) ආයතන සය දැක්විය යුතුය. සතර මං සන්ධියෙහි තබන ලද යව ධාන්‍ය කරල් මිටිමෙන් සත්ත්වයා ද, කත් ගෙණ යන්නන් සය දෙනා මෙන් ඉෂ්ට, අනිෂ්ට, මධ්‍යස්ථ වශයෙන් අටළොස් අරමුණු ද දැක්විය යුතුය. කද ගෙනයන සත්වැන්නා වශයෙන් භවයක් ප්‍රාර්ථනා කරන කෙලෙස් දැක්විය යුතුය. සතර මං සන්ධියෙහි තබන ලද යව ධාන්‍ය මිටි කත් දරන්නන් සය දෙනා විසින් වනසනු ලැබේද, මෙසේ ම සත්ත්වයෝ අටළොස් අරමුණු නමැති කටුවලින් ආයතන සයට පීඩා කරත්. යම් සේ සත්වැන්නා විසින් දැඩි ලෙස වනසනු ලැබේ ද, භවය මුල් කොට ඇති දුක අනුභව කරන සත්ත්වයෝ භවප්රාර්ථනා කෙලෙසුන් විසින් දැඩි ලෙස විනාසයට පත් කරනු ලැබෙත්
ඉදානි නෙසං තං භවපත්ථනකිලෙසං දස්සෙතුං භූතපුබ්බං, භික්ඛවෙතිආදිමාහ. තත්රාති සුධම්මායං භුම්මං, සුධම්මාය දෙවසභාය ද්වාරෙති අත්ථො. ධම්මිකා ඛො දෙවාති ධම්මිකා එතෙ දෙවා නාම, යෙහි මාදිසං අසුරාධිපතිං ගහෙත්වා මය්හං භෙදනමත්තම්පි න කතන්ති සන්ධාය වදති. අධම්මිකා දෙවාති අධම්මිකා එතෙ දෙවා නාම, යෙ මාදිසං අසුරාධිපතිං නවගූථසූකරං විය කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා නිසීදාපෙන්ති. එවං සුඛුමං ඛො, භික්ඛවෙ, වෙපචිත්තිබන්ධනන්ති තං කිර පදුමනාළසුත්තං විය මක්කටජාලසුත්තං විය ච සුඛුමං හොති, ඡෙත්තුං පන නෙව වාසියා න ඵරසුනා සක්කා. යස්මා පන චිත්තෙනෙව බජ්ඣති, චිත්තෙන මුච්චති, තස්මා “වෙපචිත්තිබන්ධන”න්ති වුත්තං.
දැන් ඔවුන් හට එම භව ප්‍රාර්ථනා ක්ලේශයන් දක්වනු පිණිස භූතපුබ්බං භික්ඛවෙ යන ආදිය වදාළහ. එහි සුධම්මං දෙව සභං යනු සුධර්මා නම් දේව සභාවෙහි බිම පිහිටි දොර යන අරුතයි. ධම්මිකා ඛො දෙවතා = මේ දෙවියෝ නම් ධාර්මිකයෝ ය. “දෙවියන් විසින් මා වැනි අසුර නායකයකු අල්වා ගෙන ද මා හට සුලු ව්‍යසනයක් හෝ නො කරන ලදී” යන දේ කරුණ සඳහා කියයි. අධම්මිකා දෙවා = මේ දෙවිවරුන් මා වැනි අසුර නායකයකු අසුචි තැවරුණ වල් ඌරකු මෙන් (දෑත්, දෙපා හා ගෙල යන) කණ්ඨ පඤ්චම බන්ධනයෙන් බැඳ හිඳුවා තබන බැවින් මේ දෙවියෝ නම් අධාර්මිකයෝය. එවං සුඛුමං ඛො භික්ඛවෙ වෙපචිත්ති බන්ධනං = එය වනාහි නෙළුම් දඬුවක නුලක් මෙන් ද, මකුළු දැලක නූලක් මෙන් ද සියුම් වෙයි. වෑයෙන් හෝ පොරවෙන් හෝ එම නූල් සිඳ දැමිය නො හැක. සිතෙන් ම උපදී, සිතෙන් ම නැති වේ යන මතයන් නිසා ඒවාට “වෙපචිත්ති බන්ධන” යයි කියනු ලැබේ.
තතො සුඛුමතරං මාරබන්ධනන්ති කිලෙසබන්ධනං පනෙසං තතොපි සුඛුමතරං, නෙව චක්ඛුස්ස ආපාථං ගච්ඡති, න ඉරියාපථං නිවාරෙති. තෙන හි බද්ධා සත්තා පථවිතලෙපි ආකාසෙපි යොජනසතම්පි යොජනසහස්සම්පි ගච්ඡන්තිපි ආගච්ඡන්තිපි. ඡිජ්ජමානං පනෙතං ඤාණෙනෙව ඡිජ්ජති, න අඤ්ඤෙනාති “ඤාණමොක්ඛං බන්ධන”න්තිපි වුච්චති.
තතො සුඛුම තරං මාර බන්ධනං = මෙය ක්ලේශ බන්ධනයක්ම වෙයි, එයට වඩා සියුම් දෙයක් ඇස් ඉදිරි පිටට හමු නොවේ. ඉරියව් නො වළක්වන්නේ ය. එයින් හෙවත් කෙලෙස් බැම්මෙන්) බැඳුණ සත්ත්වයෝ පොළව තලයෙහි වේවා, අහසෙහි හෝ වේවා යොදුන් සියයක් හෝ යොදුන් දහසක් හෝ වේවා යන්නෝ ද එන්නෝ ද වෙති. සිඳී බිඳී යන්නා වූ මෙය (හෙවත් කෙලෙස් බැම්ම) වනාහී ඥාන ශක්තියෙන් සිඳෙයි, අනෙකකින් නොවේ. (කෙලෙස්) බැම්ම නුවණින් ම බිඳුණේ යයි ද කියනු ලැබේ.
මඤ්ඤමානොති තණ්හාදිට්ඨිමානානං වසෙන ඛන්ධෙ මඤ්ඤන්තො. බද්ධො මාරස්සාති මාරබන්ධනෙන බද්ධො. කරණත්ථෙ වා එතං සාමිවචනං, කිලෙසමාරෙන බද්ධොති අත්ථො. මුත්තො පාපිමතොති මාරස්ස බන්ධනෙන මුත්තො. කරණත්ථෙයෙව වා ඉදං සාමිවචනං, පාපිමතා කිලෙසබන්ධනෙන මුත්තොති අත්ථො.
මඤ්ඤමානො = තෘෂ්ණා, දෘෂ්ටි, මාන ආදී වශයෙන් ස්කන්ධයන්හි සිත යොදන්නෝ බද්ධො මාරස්ස = මාර බන්ධනයෙන් බැඳුණේ. (“මාරස්ස” යන) මෙය කරණ විභක්ති අර්ථයෙහි සම්බන්ධ විභක්තියට අයත් වචනයක් ලෙස ද පවතී. (ඒ අනුව) ක්ලේශ මාරයා නිසා බැඳී ඇත්තේය යන අර්ථය ද වේ. මුත්තො පාපිමතො = මාරයාගේ බන්ධනයෙන් මිදුණේ. මෙහි “පාපිමතො” යන මෙම සම්බන්ධ විභක්ති වචනය “පාපිමතා” යනුවෙන් කරණ විභක්තික වචනයක් ලෙස ද පැවතිය හැක. එවිට කෙලෙස් බැම්මෙන් මිදුනේය යන අදහස ලැබේ.
අස්මීති පදෙන තණ්හාමඤ්ඤිතං වුත්තං. අයමහස්මීති දිට්ඨිමඤ්ඤිතං. භවිස්සන්ති සස්සතවසෙන දිට්ඨිමඤ්ඤිතමෙව. න භවිස්සන්ති උච්ඡෙදවසෙන. රූපීතිආදීනි සස්සතස්සෙව පභෙදදීපනානි. තස්මාති යස්මා මඤ්ඤිතං ආබාධං අන්තොදොසනිකන්තනවසෙන රොගො චෙව ගණ්ඩො ච සල්ලඤ්ච, තස්මා. ඉඤ්ජිතන්තිආදීනි යස්මා ඉමෙහි කිලෙසෙහි සත්තා ඉඤ්ජන්ති චෙව ඵන්දන්ති ච පපඤ්චිතා ච හොන්ති පමත්තාකාරපත්තා, තස්මා තෙසං ආකාරදස්සනත්ථං වුත්තානි.
රස්මි යන පදයෙන් තෘෂ්ණා හැඟීම් ඇත්තේ යයි කියන ලදී. අයමහමස්මි = දෘෂ්ටිමය හැඟීම් ඇත්තේ භවිස්සං = සදා කාලිකය යන දෘෂ්ටිමය හැඟීම ඇත්තේය. නභවිස්සං = උච්ඡේද (හෙවත් නැවත ඉපදීමක් නැත යන) දෘෂ්ටිය වශයෙන් රූපී = යන ආදිය ශාස්වත (හෙවත් සදා කාලිකය යන) වාදයේ ප්‍රභේද පැහැදිලි කරයි. තස්මා = යම් හෙයකින් සිතන ලද ආබාධය ඇතුළතින් කපා ඉවත් කළ යුත්තක් සේ හැඟේ නම් රෝගය සිරුරෙහි ගෙඩියක් හෝ ඇනුණ උලක් විය හැක. එයින් කම්පනය ආදිය ද සිදු වේ. යම් හෙයකින් මේ කෙලෙස් වලින් සත්ත්වයෝ කැළඹෙත් ද, කම්පනයට පත් වෙත් ද, ප්‍රමාදයට පත්වෙත් ද මේ සියලු ලක්ෂණයන් එකතු වූ ආකාරයකට පැමිණෙත් ද එහෙයින් ඔවුන්ගේ ස්වභාවය පෙන්වීම පිණිස කියන ලද්දේ වෙයි.
මානගතවාරෙ පන මානස්ස ගතං මානගතං, මානපවත්තීති අත්ථො. මානොයෙව මානගතං ගූථගතං මුත්තගතං විය. තත්ථ අස්මීති ඉදං තණ්හාය සම්පයුත්තමානවසෙන වුත්තං. අයමහමස්මීති දිට්ඨිවසෙන. නනු ච දිට්ඨිසම්පයුත්තො නාම මානො නත්ථීති? ආම නත්ථි, මානස්ස පන අප්පහීනත්තා දිට්ඨි නාම හොති. මානමූලකං දිට්ඨිං සන්ධායෙතං වුත්තං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“මානගතවාරෙ” යන මෙහි මානස්ස ගතං “මාන ගතං” යි පද සිද්ධිය වේ. “මානය පවතී” යන අරුතයි. මා නොයෙව “මානගතං” යී ද පදසිද්ධිය වේ. (මානගතං = මානය) ගුථගතං (= අසුචි), මුත්තගතං (මුත්‍ර) යන පදයන් මෙනි. එහි “අස්මි” යන මෙය තෘෂ්ණාවෙන් යුක්තව පවතී යන අදහස වශයෙන් කියන ලදී. “අයමහමස්මි” (මේ මම යනුවෙන් අයෙක් සිටී) යනු දෘෂ්ටියක් වශයෙන් සලකා ගත යුතුය. දෘෂ්ටියකින් යුක්ත නො වේ නම් මානය නැත්තේ ද? එසේය, නැත්තෝය. මානය ප්‍රහීන නොවූ බැවින් දිට්ඨි (දෘෂ්ටි) නම් වේ. මානය මුල් කොට ඇති දෘෂ්ටිය සඳහා මෙය කියන ලදී. සෙස්ස සියලු තැන්හි පහසු වන්නේ ම ය.
ආසීවිසවග්ගො.
ආසීවිස වර්ගය නිමියේය.
චතුත්ථො පණ්ණාසකො.
සිවු වන පණ්ණාසකය සමාප්තයි.
සළායතනසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
-//-