යෙදුමෙන් කියවන්න

ඡප‍්පාණකසුත‍්තං

1. 19. 10.

1. 19. 10.

ඡප‍්පාණකසුත‍්තං

ඡප්පාණක සූත්‍රය

247. සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො අරුගත‍්තො පක‍්කගත‍්තො සරවනං පවිසෙය්‍ය. තස‍්ස කුසකණ‍්ටකා චෙව පාදෙ විජ‍්ඣෙය්‍යුං, සරපත‍්තානි ච ගත‍්තානි විලිඛෙය්‍යුං එවං හි සො භික‍්ඛවෙ පුරිසො භිය්‍යො සොමත‍්තාය තතො නිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියෙථ. එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චො භික‍්ඛු ගාමගතො වා අරඤ‍්ඤගතො වා ලභති වත‍්තාරං: අයඤ‍්ච සො ආයස‍්මා එවංකාරී එවංසමාචාරො අසුචි ගාමකණ‍්ටකොති. තං කණ‍්ටකොති ඉති විදිත්‍වා සංවරො ච අසංවරො ච වෙදිතබ‍්බො.

247. මහණෙනි, යම්සේ වණසහිත සිරුරු ඇති පැස වූ සිරුරු ඇති පුරුෂයෙක් කටුවනයකට පිවිසෙන්නේ ද කුසකටු දා ඔහුගේ පා විදුනේ ය. කටු සහිත පත් ද සිරුරු සූරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට ගෙන දුක් දොම්නස් විඳුනේ ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ “ඒ මේ ආයුෂ්මත් තෙමේත් මෙසේ කරන්නේ මෙබඳු හැසුරුම් ඇත්තේ අපිරිසිදු ගම්කටුවකැ”යි නුගුණ කියන්නකු ලබයි. ඔහු කටුවකැ යි මෙසේ දැන සංවරය ද අසංවරය ද දත යුත්තේ ය.

කථඤ‍්ච භික‍්ඛවෙ අසංවරො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ අධිමුච‍්චති, අප‍්පියරූපෙ රූපෙ ව්‍යාපජ‍්ජති, අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො. තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති, යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.

මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.

සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ අධිමුච‍්චති, අප‍්පියරූපෙ ධම‍්මෙ ව්‍යාපජ‍්ජති, අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.

කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි, ඔහුට උපන් ලාමක අකුසල්දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො ඡප‍්පාණකෙ ගහෙත්‍වා නානාවිසයෙ නානාගොචරෙ දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය: අහිං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. සුංසුමාරං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. පක‍්ඛිං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. කුක‍්කුරං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. සිගාලං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. මක‍්කටං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය; දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධිත්‍වා මජ‍්ඣෙ ගණ‍්ඨිං කරිත්‍වා ඔස‍්සජ‍්ජෙය්‍ය. අථ ඛො තෙ භික‍්ඛවෙ ඡප‍්පාණකා නානා විසයා නානා ගොචරා සකං සකං ගොචරවිසයං ආවිඤ‍්ඡෙය්‍යුං,

මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනකින් බඳනේ ද; නයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. කිඹුලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. පක්‍ෂියකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. ශුනකයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. සිවලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. වඳුරකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. දැඩි රැහැනකින් බැඳ මැද ගැටයක් කොට අත්හරනේ ය. මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සත්තු සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහ.

අහි ආවිඤ‍්ඡෙය්‍ය වම‍්මිකං පවෙක‍්ඛාමීති, සුංසුමාරො ආවිඤ‍්ඡෙය්‍ය උදකං පවෙක‍්ඛාමීති, පක‍්ඛී ආවිඤ‍්ඡෙය්‍ය ආකාසං ඩෙස‍්සාමීති, කුක‍්කුරො ආවිඤ‍්ඡෙය්‍ය ගාමං පවෙක‍්ඛාමීති, සිගාලො ආවිඤ‍්ඡෙය්‍ය සීවථිකං පවෙක‍්ඛාමීති, මක‍්කටො ආවිඤ‍්ඡෙය්‍ය වනං පවෙක‍්ඛාමීති. යදා ඛො තෙ භික‍්ඛවෙ ඡප‍්පාණකා ඣත‍්තා අස‍්සු කිලන‍්තා, අථ යො නෙසං පාණකො බලවතරො අස‍්ස, තස‍්ස තෙ අනුප‍්පවත‍්තෙය්‍යුං, අනුවිධායෙය්‍යුං, වසං ගච‍්ඡෙය්‍යුං.

තුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය. සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද, එකල්හි ඔවුනතුරෙන් යමෙක් ඉතා බලවත් වන්නේ නම් ඔහු ඔහුට අනුව පවත්නාහු ය. අනුව යන්නාහු ය. වයසට පැමිණෙන්නාහු ය.

එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි භික‍්ඛුනො කායගතාසති අභාවිතා අබහුලීකතා, තං චක‍්ඛු ආවිඤ‍්ඡති මනාපිකෙසු රූපෙසු, අමනාපිකස‍්ස රූපා පටික‍්කූලා හොන‍්ති, සොතං ආවිඤ‍්ජති මනාපිකෙසු සද‍්දෙසු, අමනාපිකස‍්ස සද‍්දා පටික‍්කූලා හොන‍්ති, ඝානං ආවිඤ‍්ජති මනාපිකෙසු ගන්‍ධෙසු අමනාපිකස‍්ස ගන්‍ධා පටික‍්කූලා හොන‍්ති, ජිව‍්හා ආවිඤ‍්ජති මනාපිකෙසු රසෙසු අමනාපිකස‍්ස රසා පටික‍්කූලා හොන‍්ති, කායො ආවිඤ‍්ජති මනාපිකෙසු ඵොට‍්ඨබ‍්බෙසු, අමනාපිකස‍්ස ඵොට‍්ඨබ‍්බා පටික‍්කූලා හොන‍්ති, මනො ආවිඤ‍්ඡති මනාපිකෙසු ධම‍්මෙසු, අමනාපිකස‍්ස ධම‍්මා පටික‍්කූලා හොන‍්ති.

මහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියාසිහිය නො වඩනා ලද නම් පුනපුනා නොවඩනා ලද නම් ඇස ඔහු මනවඩනා රූහි අදියි. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් වේ. කන මනවඩනා සදෙහි අදී. නො මනවඩනා සද ඔහුට පිළිකුල් වේ. නැහැය මනවඩනා ගඳෙහි අදී. නො මනවඩනා ගඳ ඔහුට පිළිකුල් වේ. දිව මනවඩනා රසෙහි අදී. නො මනවඩනා රස ඔහුට පිළිකුල් වේ. කය මනවඩනා පහස්හි අදී. නො මනවඩනා පහස් ඔහුට පිළිකුල් වේ. සිත මනවඩනා දහම්හි අදියි. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් වේ. මහණෙනි, මෙසේ අසංවර වේ.

එවං ඛො භික‍්ඛවෙ අසංවරො හොති. කථඤ‍්ච භික‍්ඛවෙ සංවරො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ නාධිමුච‍්චති, අප‍්පියරූපෙ රූපෙ න ව්‍යාපජ‍්ජති, උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො, තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති, යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.

මහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඳාවත් තතුසේ දනී.

සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හා රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ නාධිමුච‍්චති, අප‍්පියරූපෙ ධම‍්මෙ න ව්‍යාපජ‍්ජති, උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො, තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.

කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ … කයින් පහස් පැහැස සිතින් දහම් දැන ප්‍රියස්වරූප වූ දහම්හි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනී.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො ඡප‍්පාණකෙ ගහෙත්‍වා නානා විසයෙ නානා ගොචරෙ දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. අහිං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. සුසුමාරං ගහෙත්‍වා -පෙ- පක‍්ඛිං ගහෙත්‍වා -පෙ- කුක‍්කුරං ගහෙත්‍වා -පෙ- සිගාලං ගහෙත්‍වා -පෙ- මක‍්කටං ගහෙත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධෙය්‍ය. දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධිත්‍වා දළ‍්හෙ ඛීලෙ වා ථම‍්භෙ වා උපනිබන්‍ධෙය්‍ය.

මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනින් බඳනේ ද, නයකු ගෙන දැඩි රැහැනින් බඳනේ ය. කිඹුලකු ගෙන ... පක්‍ෂියකු ගෙන ... ශුනකයකු ගෙන… සිවලකු ගෙන … වඳුරකු ගෙන දැඩි රැහැනින් බඳනේ ය. දැඩිරැහැනින් බැඳ දැඩි හුලක හෝ ටැඹෙක හෝ බැඳ තබන්නේ ය.

අථ ඛො තෙ භික‍්ඛවෙ ඡප‍්පාණකා නානා විසයා නානා ගොචරා සකං සකං ගොචරවිසයං ආවිඤ‍්ඡෙය්‍යුං; අහි ආවිඤ‍්ඡෙය්‍ය වම‍්මිකං පවෙක‍්ඛාමීති, සුංසුමාරො ආවිඤ‍්ඡෙය්‍ය උදකං පවෙක‍්ඛාමීති, පක‍්ඛී ආවිඤ‍්ඡෙය්‍ය ආකාසං ඩෙස‍්සාමීති, කුක‍්කුරො ආවිඤ‍්ඡෙය්‍ය ගාමං පවෙක‍්ඛාමීති, සිගාලො ආවිඤ‍්ඡෙය්‍ය සීවථිකං පවෙක‍්ඛාමීති, මක‍්කටො ආවිඤ‍්ඡෙය්‍ය වනං පවෙක‍්ඛාමීති. යදා ඛො තෙ භික‍්ඛවෙ ඡප‍්පාණකා ඣත‍්තා අස‍්සු කිලන‍්තා, අථ තමෙව ඛීලං වා ථම‍්භං වා උපතිට‍්ඨෙය්‍යුං, උපනිසීදෙය්‍යුං, උපනිපජ‍්ජෙය්‍යුං, වසං ගච‍්ඡෙය්‍යුං.

මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සතුන් සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහු ය. තුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය, සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද එකල්හි ඒ උල ම හෝ ටැඹ ම වෙත සිටිනාහ, හිඳිනාහ, භෝනාහ, වයසට යන්නාහ.

එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි භික‍්ඛුනො කායගතාසති භාවිතා බහුලීකතා, තං චක‍්ඛු නාවිඤ‍්ඡති මනාපිකෙසු රූපෙසු, අමනාපිකස‍්ස රූපානි නප‍්පටික‍්කූලානි හොන‍්ති; සොතං නාවිඤ‍්ජති -පෙ- ඝානං නාවිඤ‍්ජති -පෙ- ජිව‍්හා නාවිඤ‍්ජති -පෙ- කායො නාවිඤ‍්ජති -පෙ- මනො නාවිඤ‍්ජති මනාපිකෙසු ධම‍්මෙසු, අමනාපිස‍්ස ධම‍්මා නප‍්පටිකූලා හොන‍්ති. එවං ඛො භික‍්ඛවෙ සංවරො හොති.

මහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියා සිහිය වඩන ලද්දේ පුනපුනා වඩන ලද්දේ වේ නම් ඇස ඔහු මනවඩන රූහි නො අදී. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් නො වේ. කන නො අදී ... නැහැය නො අදී ... දිව නො අදී … කය නො අදී … සිත මනවඩනා දහම්හි නො අදී. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් නො වේ. මහණෙනි, මෙසේ සංවර වේ.

දළ‍්හෙ ඛීලෙ වා ථම‍්භෙ වා. ති ඛො භික‍්ඛවෙ කායගතා සතියා එතං අධිවචනං. තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: “කායගතා නො සති භාවිතා භවිස‍්සති බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා”ති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, දැඩි හුලෙහි හෝ ටැඹෙහි හෝ යනු කාගියා සිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු යි: “අප විසින් කාගියා සිහිය වඩන ලද්දේ පුනපුනා වඩන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ වාස්තුවක් මෙන් කරන ලද්දේ එළඹසිටියක් කරන ලද්දේ පුරුදු කරන ලද්දේ මැනවින් අරඹන ලද්දේ වන්නේ ය”යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.