යෙදුමෙන් කියවන්න

වීණොපමසුත‍්තං

1. 19. 9.

1. 19. 9.

වීණොපමසුත‍්තං

වීණොපම සූත්‍රය

246. යස‍්ස කස‍්ස චි භික‍්ඛවෙ භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු උප‍්පජ‍්ජෙය්‍ය ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වා චෙතසො, තතො චිත‍්තං නිවාරයෙ, සභයො චෙසො මග‍්ගො සප‍්පටිභයො ච සකණ‍්ටකො ච සගහනො ච උම‍්මග‍්ගො ච කුම‍්මග‍්ගො ච දුහිතිකො ච. අසප‍්පුරිසසෙවිතො චෙසො මග‍්ගො න චෙසො මග‍්ගො සප‍්පුරිසෙහි සෙවිතො. න ත්‍වං අරහසීති තතො චිත‍්තං නිවාරයෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි.

246. මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද ප්‍රතිභය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමගෙක් ද නපුරු මඟෙක් ද දුක්පැවතුම් ඇත්තෙක් ද වෙයි. මේ මඟ අසත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දේ ය. මේ මඟ සත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුස්සහු යයි ඒ ඇසින් දත යුතු රූපයන්ගෙන් සිත වළක්වන්නේ ය.

යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා සොතවිඤ‍්ඤෙය්‍යෙසු සද‍්දෙසු -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙසු ගන්‍ධෙසු -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙසු රසෙසු -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙසු ඵොට‍්ඨබ‍්බෙසු -පෙ- මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු උප‍්පජ‍්ජෙය්‍ය ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වා චෙතසො, තතො චිත‍්තං නිවාරයෙ. සභයො චෙසො මග‍්ගො සප‍්පටිභයො ච සකණ‍්ටකො ච සගහනො ච උම‍්මග‍්ගො ච කුම‍්මග‍්ගො ච දුහිතිකො ච. අසප‍්පුරිසසෙවිතො චෙසො මග‍්ගො, න චෙසො මග‍්ගො සප‍්පුරිසෙහි සෙවිතො. න ත්‍වං එතං අරහසීති. තතො චිත‍්තං නිවාරයෙ මනො විඤ‍්ඤෙය්‍යෙහි ධම‍්මෙහි.

මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ කනින් දත යුතු සදෙහි ... නැහැයෙන් දත යුතු ගඳෙහි ... දිවින් දත යුතු රසෙහි ... කයින් දත යුතු පහස්හි ... සිතින් දත යුතු දහම්හි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද පටිහය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමඟෙක් ද නපුරුමඟෙක් ද දුක් පැවතුම් ඇත්තෙක් ද වේ. මේ මඟ අසත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුසු වහු යයි ඒ සිතින් දත යුතු දහමින් සිත වළහන්නේ ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ කිට‍්ඨං සම‍්පන‍්නං, කිට‍්ඨරක‍්ඛකොච පමත‍්තො ගොණො ච කිට‍්ඨාදො අදුං කිට‍්ඨං ඔතරිත්‍වා යාවදත්‍ථං මදං ආපජ‍්ජෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො ඡසු ඵස‍්සායතනෙසු අසංවුතකාරී පඤ‍්චසු කාමගුණෙසු යාවදත්‍ථං මදං ආපජ‍්ජති. සෙය්‍යථාපි භික‍්ඛවෙ කිට‍්ඨං සම‍්පන‍්නං කිට‍්ඨරක‍්ඛකො ච අප‍්පමත‍්තො ගොණො ච කිට‍්ඨාදො අදුං කිට‍්ඨං ඔතරෙය්‍ය තමෙනං කිට‍්ඨරක‍්ඛකො නාසාය සුග‍්ගහීතං ගණ‍්හෙය්‍ය. නාසාය සුග‍්ගහිතං ගහෙත්‍වා උපරිඝටායං සුනිග‍්ගහිතං නිග‍්ගණ‍්හෙය්‍ය. උපරිඝටායං සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා දණ‍්ඩෙන සුතාළිතං තාළෙය්‍ය. දණ‍්ඩෙන සුතාළිතං තාළෙත්‍වා ඔසජ‍්ජෙය්‍ය,

මහණෙනි, යම්සේ සරු ගොයමෙක් වේ ද ගොයම රක්නාත් පමා වූයේ වේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බැස ඇතිතාක් මදයට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ ස්පර්‍ශායතන සයෙහි සංවර රහිත වූයේ පඤ්චකාමගුණයන් හි ඇතිතාක් මදයට පැමිණෙයි. මහණෙනි, යම්සේ සරුගොයමෙක් වේ ද, ගොයම රක්නාත් නො පමා වූයේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩිකොට ගෙන දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළන්නේ ය. දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළා හැර දමන්නේ ය.

දුතියම‍්පි ඛො භික‍්ඛවෙ -පෙ- තතියම‍්පි ඛො භික‍්ඛවෙ ගොණො කිට‍්ඨාදො අදුං කිට‍්ඨං ඔතරෙය්‍ය. තමෙනං කිට‍්ඨරක‍්ඛකො නාසාය සුග‍්ගහිතං ගණ‍්හෙය්‍ය. නාසාය සුග‍්ගහිතං ගහෙත්‍වා උපරිඝටායං සුනිග‍්ගහිතං නිග‍්ගණ‍්හෙය්‍ය. උපරිඝටායං සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා දණ‍්ඩෙන සුතාළිතං තාළෙය්‍ය. දණ‍්ඩෙන සුතාළිතං තාළෙත්‍වා ඔස‍්සජෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ ගොණො කිට‍්ඨාදො ගාමගතො වා අරඤ‍්ඤගතො වා ඨාන බහුලො අස‍්ස නිසජ‍්ජබහුලො, න තං කිට‍්ඨං පුන ඔතරෙය්‍ය. තමෙව පුරිමං දණ‍්ඩසම‍්ඵස‍්සං සමනුස‍්සරන‍්තො. එවමෙව ඛො භික‍්ඛවෙ යතො භික‍්ඛුනො ඡසු ඵස‍්සායතනෙසු චිත‍්තං උදුජ‍්ජිතං හොති සුදුජ‍්ජිතං අජ‍්ඣත‍්තං සන‍්තිට‍්ඨති, සන‍්නිසීදති, එකොදි හොති, සමාධියති.

මහණෙනි, දෙවන වට දු ... මහණෙනි, තෙවනවට දු ගොයම් කන ගොණා ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩි කොට ගෙන දෙඅං අතරෙහි දැඩි පෙළුම් කොට පෙළන්නේ ය. දෙඅං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුම් කොට තළා හැර දමන්නේ ය. මහණෙනි, මෙසේ ඒ ගොයම් කන ගොණා ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ සිටුම් බහුල කොට ඇත්තේ හිඳුම් බහුල කොට ඇත්තේ වන්නේ ය. ඒ පළමු දඬුපහස ම සිහි කරනුයේ ඒ ගොයමට නැවත නො බස්නේ ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක මහණහුගේ සිත ස්පර්‍ශායතන සයෙහි තර්‍ජනය කරන ලද්දේ දැඩිසේ තර්‍ජනය කරන ලද්දේ වේ ද, (එකල්හි) ඇතුළත සිටියි, හිඳියි, එකඟවෙයි, සමාධිගත වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ රඤ‍්ඤො වා රාජමහාමත‍්තස‍්ස වා වීණාය සද‍්දො අස‍්සුතපුබ‍්බො අස‍්ස. සො වීණාසද‍්දං සුණෙය්‍ය. සො එවං වදෙය්‍ය: “අම‍්භො, කිස‍්සනුඛො එසො සද‍්දො එවං රජනීයො එවං කමනීයො එවං මදනීයො එවං මුච‍්ඡනීයො එවංබන්‍ධනීයො”ති? තමෙනං එවං වදෙය්‍යුං: “එසා ඛො භන‍්තෙ වීණා නාම යස‍්සා එසො සද‍්දො එවං රජනීයො එවං කමනීයො එවං මදනීයො එවං මුච‍්ඡනීයො එවං බන්‍ධනීයො”ති.

මහණෙනි, යම්සේ රජකු විසින් හෝ රාජමහාමාත්‍රයකු විසින් හෝ වීණාවෙහි හඬ නො ඇසූවිරූ වන්නේ ද හෙතෙමේ වීණාහඬක් අසන්නේ ය. හෙතෙමේ පින්වත්නි, මෙසේ ඇලුම් කට යුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ කුමක් දැ? යි මෙසේ කියන්නේ ය. ඒ මොහුට ස්වාමීනි, යමෙක වූ මේ හඬ මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු මෙසේ මුළාවට කරුණු මෙසේ බැඳීමට කරුණු වේ නම් මෙය වීණා නමැ යි.

සො එවං වදෙය්‍ය: “ගච‍්ඡථ මෙ භො තං වීණං ආහරථා”ති. තස‍්ස තං වීණං ආහරෙය්‍යුං. තමෙනං එවං වදෙය්‍යුං: “අයං ඛො සා භන‍්තෙ, වීණා යස‍්සා එසො සද‍්දො එවං රජනීයො එවං කමනීයො එවං මදනීයො එවං මුච‍්ඡනීයො එවං බන්‍ධනීයො”ති. සො එවං වදෙය්‍ය: “අලං මෙ භො තාය වීණාය, තමෙව මෙ සද‍්දං ආහරථා”ති.

හෙතෙමේ පින්වත්නි, යවු ඒ වීණාව මට ගෙනෙවු යයි මෙසේ කියන්නේ ය. ඔහුට ඒ වීණාව ගෙන එන්නාහු ය. ඒ මොහුට ස්වාමීනි, මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති විය යුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ යමක නම් මේ ඒ වීණාව යයි මෙසේ කියන්නාහු ය.

තමෙනං එවං වදෙය්‍යුං: “අයං ඛො භන‍්තෙ වීණා නාම අනෙකසම‍්භාරා මහාසම‍්භාරා. අනෙකෙහි සම‍්භාරෙහි සමාරද‍්ධා වදති සෙය්‍යථිදං? දොණිඤ‍්ච පටිච‍්ච චම‍්මඤ‍්ච පටිච‍්ච දණ‍්ඩඤ‍්ච පටිච‍්ච උපවෙණඤ‍්ච පටිච‍්ච තන‍්තියො ච පටිච‍්ච කොණඤ‍්ච පටිච‍්ච පුරිසස‍්ස ච තජ‍්ජං වායාමං පටිච‍්ච එවායං භන‍්තෙ වීණා නාම අනෙකසම‍්භාරා මහාසම‍්භාරා. අනෙකෙහි සම‍්භාරෙහි සමාරද‍්ධා වදතීති.

හෙතෙමේ භවත්නි, ඒ වීණාවෙන් මට කම් නැත ඒ හඬ ම මට ගෙන එවු යයි මෙසේ කියන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: ස්වාමීනි, මේ වීණාව නම් නොයෙක් උපකරණ ඇත්තකි. බොහෝ උපකරණ ඇත්තකි. නොයෙක් උපකරණවලින් අරඹන ලද්දේ හඬ නගයි. එනම්: දෙණත් නිසා සමත් නිසා දණ්ඩත් නිසා උපවීණයත් නිසා තතුත් නිසා කඩිප්පුත් නිසා පුරුෂයාගේ ඊට සුදුසු වෑයමත් නිසා ය. ස්වාමීනි, මෙසේ මේ වීණාව නම් නොයෙක් උපකරණ ඇත්තකි.

සො තං වීණං දසධා වා සතධා වා ඵාලෙය්‍ය, දසධා වා සතධා වා තං ඵාලෙත්‍වා සකලිකං සකලිකං කරෙය්‍ය. සකලිකං සකලිකං කරිත්‍වා අග‍්ගිනා ඩහෙය්‍ය, අග‍්ගිනා ඩහෙත්‍වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‍වා මහාවාතෙ වා ඔපුනෙය්‍ය, නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය.

බොහෝ උපකරණ ඇත්තකි. නොයෙක් උපකරණවලින් අරඹන ලද්දේ හඬ නඟා යි. හෙතෙමේ ඒ වීණාව දසකඩක් කොට හෝ සියක් කඩක් කොට හෝ පළන්නේ ය. දසකඩක් කොට හෝ සියක් කඩක් කොට හෝ එය පළා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුළඟෙහි හෝ පිඹ හරින්නේ ය. සැඩදියපහර ඇති ගඟක හෝ පාකොට හරින්නේ ය.

සො එවං වදෙය්‍ය: අසතී කිරායං භො වීණා නාම, යථෙවං යං කිඤ‍්චි වීණා නාම, එත්‍ථ ච පනායං ජනො අතිවෙලං පමත‍්තො පලාළිතොති. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු රූපං සමන‍්නෙසති යාවතා රූපස‍්ස ගති. වෙදනං සමන‍්නෙසති යාවතා වෙදනාය ගති, සඤ‍්ඤං සමන‍්නෙසති යාවතා සඤ‍්ඤාය ගති, සඞ‍්ඛාරෙ සමන‍්නෙසති යාවතා සඞ‍්ඛාරානං ගති, විඤ‍්ඤාණං සමන‍්නෙසති යාවතා විඤ‍්ඤාණස‍්ස ගති. තස‍්ස රූපං සමන‍්නෙසතො යාවතා රූපස‍්ස ගති. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං සමන‍්නෙසතො යාවතා විඤ‍්ඤාණස‍්ස ගති. යම‍්පිස‍්ස තං හොති අහන‍්ති වා මමන‍්ති වා අස‍්මීති වා තම‍්පි තස‍්ස න හොතීති.

හෙතෙමේ මෙසේ කියන්නේ ය. පින්වත්නි, මේ වීණාව නම් ලාමක ය. වීණා නම් වෙනත් යම් කිසිවකුත් වේ නම් එයත් මෙබඳු ය. මෙහිදු මේ ජන තෙමේ වේලාව ඉක්මවා පමා වූයේ ඇලුනේ යයි. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ රූපයේ ගති යම්තාක් ද ඒ තාක් රූපය සොයයි. වේදනාවේ ගති යම්තාක් ද ඒතාක් වේදනාව සොයයි. සංඥාවේ ගති යම්තාක් ද ඒතාක් සංඥාව සොයයි. සංස්කාරයන්ගේ ගති යම්තාක් ද ඒතාක් සංස්කාර සොයයි. විඥානයාගේ ගති යම්තාක් ද ඒ තාක් විඥානය සොයයි. රූපයේ ගති ඇති තාක් රූපය සොයන ඔහුට වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානයේ ගති ඇති තාක් විඥානය සොයන ඔහුට “මම ය”යි හෝ “මාගේ ය”යි හෝ “වෙමි”යි හෝ ඒ යමකුත් වේ නම් එය ද ඔහුට නො වේ යි.