9. වීණොපමසුත්තවණ්ණනා අට්ඨකථා
9. වීණොපමසුත්තවණ්ණනා
9. වීණොපම සූත්‍ර වර්ණනාව
නවමෙ යස්ස කස්සචි, භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වාති ඉදං සත්ථා යථා නාම මහාකුටුම්බිකො මහන්තං කසිකම්මං කත්වා, නිප්ඵන්නසස්සො ඝරද්වාරෙ මණ්ඩපං කත්වා, උභතොසඞ්ඝස්ස දානං පවත්තෙය්ය. කිඤ්චාපි තෙන උභතොසඞ්ඝස්ස දානං පට්ඨපිතං, ද්වීසු පන පරිසාසු සන්තප්පිතාසු සෙසජනම්පි සන්තප්පෙතියෙව, එවමෙව භගවා සමධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි පාරමියො පූරෙත්වා බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං අධිගන්ත්වා පවත්තිතවරධම්මචක්කො ජෙතවනමහාවිහාරෙ නිසින්නො භික්ඛුපරිසාය චෙව භික්ඛුනිපරිසාය ච මහාධම්මයාගං යජන්තො වීණොපමසුත්තං ආරභි. තං පෙනෙතං කිඤ්චාපි ද්වෙ පරිසා සන්ධාය ආරද්ධං, චතුන්නම්පි පන පරිසානං අවාරිතං. තස්මා සබ්බෙහිපි සොතබ්බඤ්චෙව සද්ධාතබ්බඤ්ච, පරියොගාහිත්වා චස්ස අත්ථරසො වින්දිතබ්බොති.
නව වැන්නෙහි - යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියාවා = මහා කෙළෙඹියෙක් බොහෝ කෘෂිකර්මාන්ත කොට ශස්‍ය නිෂ්පාදනය කොට ගත්තේ නිවාස දොරටුවෙහි මණඩපයක් තනා (භික්ෂූ, භික්ෂූණී යන) උභතෝ සංඝයාට දන් පවත්වන්නේය. කෙසේ හෝ ඔහු විසින් උභතෝ සංඝයාට දුන් දානය නිසා තෘප්තිමත්වූ දෙපිරිස් අතර සෙසුජනයෝ ද තෘප්තිමත් වූවාහුමය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්යයකට අධිකව පාරමිතාවන් පුරා බෝමැඩ දී සර්වඥතා ඥානයට පැමිණ, පැවැත්වූ උතුම් දම්සක් ඇත්තේ දෙව්රම් මහ වෙහෙරෙහි හුන්සේක් භික්ෂූ පිරිසට ද, භික්ෂූණී පිරිසට ද ධර්මදානය කරනුයේ වීණෝපම සූත්‍රය ඇරඹු සේක. ඒ සූත්‍රය ද දෙපිරිසක් සඳහා අරඹන ලද්දේ නමුදු සිවුපිරිසට ම විවෘතව පවතී. එබැවින් සියල්ලන් විසින් ම ඇසිය යුත්තේ ද, ඇදහිය යුත්තේ ද, අවබෝධ කොට ගෙන එහි අර්ථ රසය විඳගත යුත්තේ ද වෙයි.
තත්ථ ඡන්දොතිආදීසු ඡන්දො නාම පුබ්බුප්පත්තිකා දුබ්බලතණ්හා, සො රඤ්ජෙතුං න සක්කොති. අපරාපරං උප්පජ්ජමානා පන බලවතණ්හා රාගො නාම, සො රඤ්ජෙතුං සක්කොති. දණ්ඩාදානාදීනි කාතුං අසමත්ථො පුබ්බුප්පත්තිකො දුබ්බලකොධො දොසො නාම. තානි කාතුං සමත්ථො අපරාපරුප්පත්තිකො බලවකොධො පටිඝං නාම. මොහො පන මොහනසම්මොහනවසෙන උප්පන්නං අඤ්ඤාණං. එවමෙත්ථ පඤ්චහිපි පදෙහි තීණි අකුසලමූලානි ගහිතානි. තෙසු ගහිතෙසු සබ්බෙපි තම්මූලකා කිලෙසා ගහිතාව හොන්ති. “ඡන්දො රාගො”ති වා පදද්වයෙන අට්ඨලොභසහගතචිත්තුප්පාදා, “දොසො පටිඝ”න්ති පදද්වයෙන ද්වෙ දොමනස්සසහගතචිත්තුප්පාදා, මොහපදෙන ලොභදොසරහිතා ද්වෙ උද්ධච්චවිචිකිච්ඡාසහගතචිත්තුප්පාදා ගහිතාති. එවං සබ්බෙපි ද්වාදස චිත්තුප්පාදා දස්සිතාව හොන්ති.
එහි - ඡන්දො යන ආදියෙහි “ඡන්දො” යනු මුල් අවස්ථාවේ ඇති වූ දුබල තණ්හාවයි. එම බෙලහීන තණ්හාව පුද්ගලයකු පාලනය කිරීමට තරම් ශක්තිමත් නොවේ. නැවත නැවත උපදින බලවත් තෘෂ්ණාව රාගය නම් වෙයි. එම රාගය පුද්ගලයකු පාලනය කිරීමට තරම් ශක්තිමත් වේ. (පහර දීම් සඳහා) දඬු ගැනීම් ආදිය කිරීමට සමත් නොවූ මුලදී උපදින දුර්වල ක්‍රෝධය “දෝස” (ද්වේෂ) නම් වෙයි. (දඬු ගැනීම් ආදී) එබඳු දේ කිරීමට සමත්වූ නැවත නැවත උපදින්නා වූ බලවත් ක්‍රෝධය “පටිඝ” නම් වෙයි. “මෝහ” යනු මුලා වීම, දැඩි සේ මුලා වීම වශයෙන් උපන් අනුවණ බවයි. මෙසේ මෙහිදී (ඡන්ද, රාග, දෝස, පටිඝ, මෝහ යන) වචන පහකින් අකුසල මුල් තුන ගෙන හැර දක්වන ලදී. ඒවා ගනු ලැබූ කල්හි ඒවා මුල් කොට ඇති සියලුම ක්ලේශයෝ ගන්නා ලද්දාහු වෙත්. ඡන්ද, රාග යන පද දෙකින් ලෝභ සහගත සිතුවිලි අට ද, දොස, පටිඝ යන පද දෙකින් දොම්නස් සහගත සිතුවිලි දෙක ද, මෝහ යන පදයෙන් ලෝභ දෝස රහිත වූ උද්ධච්ච විචිකිච්ඡා සහගත සිතුවිලි දෙක ද ගන්නා ලදී. මෙසේ දොළසක් වූ සියලුම චිත්තෝත්පාදයෝ දක්වන ලද්දාහුය. සභයො = කෙළෙස් සොරුන්ගේ වාසස්ථානයක් බැවින් බිය සහිත වූයේ සප්පටිභයො = වධ බන්ධන ආදීන්ගේ හේතුවෙන් බිය ඇත්තේ සකණ්ටකො = රාගාදිය හේතුවෙන් කටු සහිත වූයේ,
සභයොති කිලෙසචොරානං නිවාසට්ඨානත්තා සභයො. සප්පටිභයොති වධබන්ධනාදීනං කාරණත්තා සප්පටිභයො. සකණ්ටකොති රාගාදීහි කණ්ටකෙහි සකණ්ටකො. සගහනොති රාගගහනාදීහි සගහනො. උම්මග්ගොති දෙවලොකං වා මනුස්සලොකං වා නිබ්බානං වා ගච්ඡන්තස්ස අමග්ගො. කුම්මග්ගොති කුච්ඡිතජෙගුච්ඡිභූතට්ඨානගමනඑකපදිකමග්ගො විය අපායසම්පාපකත්තා කුම්මග්ගො. දුහිතිකොති එත්ථ ඉහිතීති ඉරියනා, දුක්ඛා ඉහිති එත්ථාති, දුහිතිකො. යස්මිඤ්හි මග්ගෙ මූලඵලාදිඛාදනීයං වා සායනීයං වා නත්ථි, තස්මිං ඉරියනා දුක්ඛා හොති, න සක්කා තං පටිපජ්ජිත්වා ඉච්ඡිතට්ඨානං ගන්තුං. කිලෙසමග්ගම්පි පටිපජ්ජිත්වා න සක්කා සම්පත්තිභවං ගන්තුන්ති කිලෙසමග්ගො දුහිතිකොති වුත්තො. ද්වීහිතිකොතිපි පාඨො, එසෙවත්ථො. අසප්පුරිසසෙවිතොති කොකාලිකාදීහි අසප්පුරිසෙහි සෙවිතො.
සහගණෙ = රාගය ග්‍රහණය කර ගැනීම් ආදියෙන් “සගහණො” (හෙවත් ග්‍රහණ සහිත) වූයේ උම්මග්ගො = දෙව්ලොවට හෝ මිනිස් ලොවට හෝ නිවනට හෝ යන්නවුනට නුසුදුසු මඟ කුම්මග්ගො = අප්‍රසන්න වූ, පිළිකුල් වූ තැනකට යන අඩිපාරක් මෙන්. අපායට පමුණුවන බැවින් කුම්මග්ග (හෙවත් දූෂිත වූ මාර්ගය) නම් වේ. දුහිතිකො = මෙහි “ඉහිති” යනු ක්‍රියාවන් පැවැත්වීමයි. ක්‍රියා කිරීම් පැවැත්වීම දුක් සහිතය, යන අදහසින් “දුහිතිකො” යන්න යෙදේ. යම් කිසි මාර්ගයෙක් හි මුල් ගෙඩි ආදී කෑ යුතු දෙය හෝ රස විඳිය යුතු දෙය හෝ නැතිනම් එහි ක්‍රියාකාරකම් පැවැත්වීම දුක් සහිත වේ. ඒ මඟට බැස උවමනා තැනට යාමට නො හැක්කේය. කෙලෙස් මඟට වුව ද බැස සම්පත් ස්වභාවයකට යාමට නොහැක්කේ ය. කෙලෙස් මඟ යනු ක්‍රියාකාරකම් පැවැත්වීමට අපහසු තැනකැයි කියන ලදී. මීහිතිකො යනු ද පාඨයකි. (එම පාඨය ද) මේ පිළිවෙලමය. අසප්පුරිස සෙවිතො = කෝකාලික ආදී වූ අසත්පුරුෂයන් විසින් සේවනය කරනු ලැබුයේ
තතො චිත්තං නිවාරයෙති තෙහි චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි තං ඡන්දාදිවසෙන පවත්තචිත්තං අසුභාවජ්ජනාදීහි උපායෙහි නිවාරයෙ. චක්ඛුද්වාරස්මිඤ්හි ඉට්ඨාරම්මණෙ රාගෙ උප්පන්නෙ අසුභතො ආවජ්ජන්තස්ස චිත්තං නිවත්තති, අනිට්ඨාරම්මණෙ දොසෙ උප්පන්නෙ මෙත්තතො ආවජ්ජන්තස්ස චිත්තං නිවත්තති, මජ්ඣත්තාරම්මණෙ මොහෙ උප්පන්නෙ උද්දෙසපරිපුච්ඡං ගරුවාසං ආවජ්ජන්තස්ස චිත්තං නිවත්තති. එවං අසක්කොන්තෙන පන සත්ථුමහත්තතං ධම්මස්ස ස්වාක්ඛාතතා සඞ්ඝස්ස සුප්පටිපත්ති ච ආවජ්ජිතබ්බා. සත්ථුමහත්තතං පච්චවෙක්ඛතොපි හි ධම්මස්ස ස්වාක්ඛාතතං සඞ්ඝස්ස සුප්පටිපත්තිං පච්චවෙක්ඛතොපි චිත්තං නිවත්තති. තෙන වුත්තං “අසුභාවජ්ජනාදීහි උපායෙහි නිවාරයෙ”ති.
තතො චිත්තං නිවාරයෙති = ඇස විසින් දත යුතු වූ රූපයන් විසින් ඡන්දාදී වශයෙන් (කෙලෙස්වලට බරව) පවත්වනු ලබන ඒ සිත අසුභානුස්සති ආදී උපායයන් ගේ පිහිටෙන් (කෙලෙස්වලින්) වළක්වා ගත යුත්තේය. ඇස නමැති දොරටුව තුළ ප්‍රිය වූ අරමුණක් කෙරෙහි රාගය උපන් කල්හි එය අසුබ ලෙස සිහි කරන්නහුගේ සිත (කෙලෙසුන් කරා නොගොස්) නවතී. අප්‍රිය වූ අරමුණක් කෙරෙහි ද්වේෂයක් උපන් කල්හි (එය) මෛත්‍රියෙන් සලකා බලන්නහුගේ සිත (කෙලෙසුන් කරා නො ගොස්) නවතී. මධ්‍යස්ථ අරමුණක් කෙරෙහි මෝහයක් උපන් කල්හි අවබෝධ කර ගැනීම සඳහා ප්‍රශ්න කරන්නාවූ ද, ගරුකටයුතු වූ ද තම පැවැත්ම සිහි කරන්නහුගේ සිත (කෙලෙසුන් කරා නො ගොස්) නවතී. මෙසේ කළ නො හැකි තැනැත්තා විසින් ශාස්තෲන් වහන්සේගේ උත්තම භාවය ද, ධර්මයේ ස්වාක්ඛාත භාවය ද, සංඝයාගේ මනා වූ ප්රතිපත්තීන් ද සලකා බැලීම (හෙවත් ආවර්ජනා කිරීම කරනු ලැබිය යුත්තේ ය. ශාස්තෲන් වහන්සේගේ උත්තම ස්භාවය සිහි කරන්නහුගේ ද සිත (කෙළෙසුන්) කරා නො ගොස්) නවතී. එහෙයින් අසුභ යයි සිහිකිරීම් ආදී උපායයන්ගෙන් (සිත කෙලෙසුන් කරා නොයවා) නවත්වා ගත යුත්තේය යි කියන ලදී.
කිට්ඨන්ති කිට්ඨට්ඨානෙ උප්පන්නසස්සං. සම්පන්නන්ති පරිපුණ්ණං සුනිප්ඵන්නං. කිට්ඨාදොති සස්සඛාදකො. එවමෙව ඛොති එත්ථ සම්පන්නකිට්ඨං විය පඤ්ච කාමගුණා දට්ඨබ්බා, කිට්ඨාදො ගොණො විය කූටචිත්තං, කිට්ඨාරක්ඛස්ස පමාදකාලො විය භික්ඛුනො ඡසු ද්වාරෙසු සතිං පහාය විචරණකාලො, කිට්ඨාරක්ඛස්ස පමාදමාගම්ම ගොණෙන ගහිතගබ්භස්ස කිට්ඨස්ස ඛාදිතත්තා සස්සසාමිනො සස්සඵලානධිගමො විය ඡද්වාරරක්ඛිකාය සතියා විප්පවාසමාගම්ම පඤ්චකාමගුණං අස්සාදෙන්තෙන චිත්තෙන කුසලපක්ඛස්ස නාසිතත්තා භික්ඛුනො සාමඤ්ඤඵලාධිගමාභාවො වෙදිතබ්බො.
කිට්ඨං = ගොයම් සැදෙන තැන්හි හටගත් ශස්‍යය. සම්පන්නං = සම්පූර්ණ වූ, මනාලෙස හට ගත්තා වූ කිට්ඨාදො = ශස්‍යය කන තැනැත්තා එවමෙවඛො = මෙහි සම්පූර්ණ වූ ගොයම මෙන් පංචකාම ගුණයන් දැක්විය යුතුය. ගොයම් කන්නා වූ ගොනා මෙන් වංචක සිත දැක්විය යුතුය. ගොයම රකින්නහුගේ ප්‍රමාද කාලය මෙන් භික්ෂුව (ඇස්, කන් ආදී) දොරටු සයෙහි සිහිය අත්හැර හැසිරෙන කාලය දැක්විය යුතුය. ගොයම රකින්නහුගේ ප්රමාදයෙහිදී පැමිණි ගොනු විසින් පීදුණ ගොයම කන ලද බැවින් ශෂ්‍ය හිමිකරුට ශස්‍ය ඵලය නො ලැබී යාම මෙන් භික්ෂුවගේ ශ්‍රමණ භාවයේ ඵලය නොලැබුණ බව දත යුත්තේය. එසේ වූයේ දොරටු සය රැක ගැනීමේ සිහියෙන් බැහැර වී පස්කම් ගුණය ආස්වාදනය කරන සිත නිසා කුසල පක්ෂය නසා ගත් බැවිනි.
උපරිඝටායන්ති ද්වින්නං සිඞ්ගානං අන්තරෙ. සුනිග්ගහිතං නිග්ගණ්හෙය්යාති ඝටායං පතිට්ඨිතෙ නාසාරජ්ජුකෙ සුට්ඨු නිග්ගහිතං කත්වා නිග්ගණ්හෙය්ය. දණ්ඩෙනාති මුග්ගරසදිසෙන ථූලදණ්ඩකෙන. එවඤ්හි සො භික්ඛවෙ ගොණොති එවං සො කිට්ඨාරක්ඛස්ස පමාදමන්වාය යස්මිං යස්මිං ඛණෙ කිට්ඨං ඔතරිතුකාමො හොති, තස්මිං තස්මිං ඛණෙ එවං නිග්ගණ්හිත්වා තාළෙත්වා ඔසජ්ජනෙන නිබ්බිසෙවනභාවං උපනීතො ගොණො.
උපරිඝටායං = අං දෙක අතරෙහි සුනිග්ග හිතං නිග්ගණ්හෙය්ය = නාසයෙහි පිහිටි නාස් ලණු මනාව පාලනය කොට මැඩ පවත්වයි. දණ්ඩෙන = මුගුරකට සමානවූ ලොකු ලීයකින් එවංහි සොභික්ඛවෙ ගොණො. මෙසේ ඔහු (එම ගොනා) ගොයම රක්නහුගේ ප්‍රමාදය අනුව යම් යම් අවස්ථාවන්හි ගොයමට බැසීමට කැමති වේද, ඒ ඒ අවස්ථාවන්හි මෙසේ මැඩ පවත්වා තළා ඉවතට යැවීමෙන් අනාථ භාවයට පත් කරන ලද ගොනා.
එවමෙව ඛොති ඉධාපි සම්පන්නකිට්ඨමිව පඤ්ච කාමගුණා දට්ඨබ්බා, කිට්ඨාදො විය කූටචිත්තං, කිට්ඨාරක්ඛස්ස අප්පමාදො විය ඉමස්ස භික්ඛුනො ඡසු ද්වාරෙසු සතියා අවිස්සජ්ජනං, දණ්ඩො විය සුත්තන්තො, ගොණස්ස කිට්ඨාභිමුඛකාලෙ දණ්ඩෙන තාළනං විය චිත්තස්ස බහිද්ධා පුථුත්තාරම්මණාභිමුඛකාලෙ අනමතග්ගියදෙවදූතආදිත්තආසීවිසූපමඅනාගතභයාදීසු තං තං සුත්තං ආවජ්ජෙත්වා චිත්තුප්පාදස්ස පුථුත්තාරම්මණතො නිවාරෙත්වා මූලකම්මට්ඨානෙ ඔතාරණං වෙදිතබ්බං. තෙනාහු පොරාණා –
එවමෙවඛො = මෙහි ද සමෘද්ධ වූ ගොයම මෙන් පස්කම් ගුණ දැක්විය යුතුය. ගොයම් කන්නා (=ගොනා) මෙන් වංචක සිත ද, ගොයම රකින්නහුගේ අප්‍රමාදය මෙන් මේ භික්ෂුවගේ (ඇස් ආදී) දොරටු සයෙහි සිහිය පිහිටුවා ගෙන සිටීම ද, දණ්ඩ මෙන් සුත්රාන්ත ධර්මය ද, ගොනා ගොයමට ළංවන කාලය මෙන් සිත බාහිර වූ විවිධ අරමුණු වෙත යොමු වූ කාලය ද, දණ්ඩෙන් තැළීම මෙන් අනමතග්ගිය, දේව දූත, ආදිත්ත, ආසී විසූපම, අනාගත භය ආදී සූත්‍රයන්හි ඒ ඒ සූත්‍ර පාඨ ආවර්ජනා කොට විවිධ අරමුණුවලින් සිත් පහළ වීම වළක්වා මුල් කමටහනෙහි බැස ගැනීම ද දත යුතුයි. එහෙයින් කීහ පැරැන්නෝ
“සුභාසිතං සුත්වා මනො පසීදති සමෙති නං පීති සුඛංච වින්දති, තස්ස ආරම්මණෙ තිට්ඨති මනො ගොණොව කිට්ඨාද කො දණ්ඩ තජ්ජිතො”ති.
“සුභාසිතං සුත්වා මනො පසීදති, දමෙති නං පීතිසුඛඤ්ච වින්දති; තදස්ස ආරම්මණෙ තිට්ඨතෙ මනො, ගොණොව කිට්ඨාදකො දණ්ඩතජ්ජිතො”ති.
මනා කොට දෙසූ දහම් අසා සිත පැහැදේ, සමථයට පත් වේ. ප්‍රීතිමත් වීමේ සුවය ද විඳ ගනියි. මනස ඔහුගේ අරමුණෙහි පිහිටයි. කෙසේදයත්? කෝටුවකින් තර්ජනය කරනු ලැබූ ගොයම් කෑවා වූ ගොනා මෙනි.
උදුජිතන්ති තජ්ජිතං. සුදුජිතන්ති සුතජ්ජිතං, සුජිතන්තිපි අත්ථො. උදු, සුදූති ඉදං පන නිපාතමත්තමෙව. අජ්ඣත්තන්ති ගොචරජ්ඣත්තං. සන්තිට්ඨතීතිආදීසු පඨමජ්ඣානවසෙන සන්තිට්ඨති, දුතියජ්ඣානවසෙන සන්නිසීදති, තතියජ්ඣානවසෙන එකොදි හොති, චතුත්ථජ්ඣානවසෙන සමාධියති. සබ්බම්පි වා එතං පඨමජ්ඣානවසෙන වෙදිතබ්බං. එත්තාවතා හි සම්මාසම්බුද්ධෙන සමථානුරක්ඛණඉන්ද්රියසංවරසීලං නාම කථිතං.
උදුජ්ජිතං = තර්ජනය කරනු ලැබූ සුදුජ්ජිතං යහපත් අදහසින් කළ තර්ජනයක් සිදු විය. සුජ්ජිතං = මනා කොට දිනුවේ යන අරුත ද වේ. උරුසුරු = මෙය වූ කලී නිපාතයක් පමණක් ම වේ. අජ්ඣත්තං = ආධ්‍යාත්මික සීමාව තුළ සන්තිට්ඨති = මෙහි ප්‍රථම ධ්‍යාන වශයෙන් යන අරුතයි. සන්තිට්ඨත = මෙහි ද්විතීය ධ්‍යාන වශයෙන් යන අරුතයි. සන්තිට්ඨත = මෙහි ද්විතීයධ්‍යාන වශයෙන් එකොදි හොති = චතුර්ථ ධ්‍යාන වශයෙන් සමාධියති. මේ සියල්ලම ප්‍රථම ධ්‍යාන වශයෙන් දත යුතුය. මෙම ප්‍රමාණයෙන්ම සම්බුදු රජාණන් වහන්සේ විසින් සිතේ සන්සුන් බව ආරක්ෂා කිරිම ඉන්ද්රිය සංවර සීලය නම් වේ යයි දේසනා කරන ලදී.
රඤ්ඤො වාති කස්සචිදෙව පච්චන්තරඤ්ඤො වා. සද්දං සුණෙය්යාති පච්චූසකාලෙ පබුද්ධො කුසලෙන වීණාවාදකෙන වාදියමානාය මධුරසද්දං සුණෙය්ය. රජනීයොතිආදීසු චිත්තං රඤ්ජෙතීති රජනීයො. කාමෙතබ්බතාය කමනීයො. චිත්තං මදයතීති මදනීයො. චිත්තං මුච්ඡිතං විය කරණතො මුච්ඡියතීති මුච්ඡනීයො. ආබන්ධිත්වා විය ගහණතො බන්ධතීති බන්ධනීයො. අලං මෙ, භොති වීණාය සණ්ඨානං දිස්වා තං අනිච්ඡන්තො එවමාහ. උපධාරණෙති වෙට්ඨකෙ. කොණන්ති චතුරස්සං සාරදණ්ඩකං.
රඤ්ඤොවා = කිසියම් පසල් දනවු රජ කෙනකුගේ සද්දං සුණෙය්ය = අලුයම් කාලයෙහි පිබිදුණේම දක්ෂ වීණා වාදකයකු විසින් වාදනය කරනු ලබන්නාවූ මධුර වූ ශබ්දයක් ශ්‍රවණය කරන්නේ ය. රජනීයො මේ ආදියෙහි සිත ඇලී පවතී යන අදහසින් රජනීය යයි යෙදේ. කැමති විය යුතු ස්වභාවය ඇත්තේය යන අදහසින් කමනීය යයි යෙදේ. සිත මත් කරවයි යන අදහසින් මදනීය යයි යෙදේ. සිත මුර්ජා වූවක් මෙන් කරනා බැවින් මුච්ඡනීය යයි යෙදේ. බැම්මකට හසු කොට මෙන් ග්‍රහණය කිරීමෙන් බැඳගනී යන අදහසින් “බාන්ධනීය” යයි යෙදේ. අලංමෙභො = වීණාවෙහි සලකුණ ඇත. එයට අකැමති වෙමින් මෙසේ කීය. උපධාරණෙ = විදීමෙහි කොණං = හතරැස් වූ, හරය සහිත වූ කුඩා ලීය
සො තං වීණන්ති සො රාජා “ආහරථ නං වීණං, අහමස්සා සද්දං පසිස්සාමී”ති තං වීණං ගහෙත්වා. දසධා වාතිආදීසු පඨමං තාව දසධා ඵාලෙය්ය, අථස්සා සද්දං අපස්සන්තො සතධා ඵාලෙය්ය, තථාපි අපස්සන්තො සකලිකං සකලිකං කරෙය්ය, තථාපි අපස්සන්තො “සකලිකා ඣායිස්සන්ති, සද්දො පන නික්ඛමිත්වා පලායිස්සති, තදා නං පස්සිස්සාමී”ති අග්ගිනා ඩහෙය්ය. තථාපි අපස්සන්තො “සල්ලහුකානි මසිචුණ්ණානි වාතෙන භස්සිස්සන්ති, සද්දො සාරධඤ්ඤං විය පාදමූලෙ පතිස්සති, තදා නං පස්සිස්සාමී”ති මහාවාතෙ වා ඔඵුනෙය්ය. තථාපි අපස්සන්තො “මසිචුණ්ණානි යථොදකං ගමිස්සන්ති, සද්දො පන පාරං ගච්ඡන්තො පුරිසො විය නික්ඛමිත්වා තරිස්සති, තදා නං පස්සිස්සාමී”ති නදියා වා සීඝසොතාය පවාහෙය්ය.
සොතං වීණං = ඒ රජ තෙමේ “මා වෙත වීණාව ගෙන එවු. මම එහි හඬ අසා බලමි”යි (කියා) ඒ වීණාව ගෙන දසධා = මෙහිදී පළමුව දහයට පලන්නේය. එසේත් එහි හඬක් නොදකින්නේ සතකට බැගින් පලන්නේය. එසේත් නො දකින්නේ කැබලි කැබලි කරන්නේය. එසේත් නො දකින්නේ කැබලි තවන්නේය. හඬ නික්මී පලා යන්නේ යයිද, ඒ විට ඒ හඬ බලන්නෙමියි ද කියා ගින්නෙන් දවන්නේය. එසේද නො දක්නේ “සැහැල්ලු වූ දැලි කුඩු බවට හැරී හමන වාතය සමග නික්මී ධාන්‍ය කුඩුමෙන් පා මුල වැටෙන්නේය, එවිට එය දක්නෙමි”යි මහා වාතයෙහි පොලා හරියි. එසේ ද නොදක්නේ දැලි කුඩු යම් සේ ජලයට යන්නේ ද, ශබ්දයද බැහැරට යන්නේ පුද්ගලයකු මෙන් නික්මී වැටෙන්නේය, එවිට එය දක්නෙමිය ගඟෙහි හෝ සැඩ පල පහරෙහි දමන්නේය.
එවං වදෙය්යාති සබ්බෙහිපිමෙහි උපායෙහි අපස්සන්තො තෙ මනුස්සෙ එවං වදෙය්ය. අසතී කිරායන්ති අසතී කිර අයං වීණා, ලාමිකාති අත්ථො. අසතීති ලාමකාධිවචනමෙතං. යථාහ –
එවං වදෙය්ය = මේ සියලු අයුරින්ම නොදක්නේ ඒ මිනිසුන්හට මෙසේ කියන්නේය. අසතී කිරායං = මේ වීණාව යන්න නො පවතින්නකි. ලාමකය යන අරුතයි. “අසති” යන ලාමක යන්නට ම තවත් වදනකි. යම් සේ මෙසේත් කී යේ ද?
අසා ලොකිත්ථියො නාම වෙලා තාසං නවිජ්ජති. සාරද්ධාච පගබ්භාච සිඛී සබ්බ ඝසො යථා”ති.
“අසා ලොකිත්ථියො නාම, වෙලා තාසං න විජ්ජති; සාරත්තා ච පගබ්භා ච, සිඛී සබ්බඝසො යථා”ති. (ජා· 1.1.61);
මෙලොව ස්ත්‍රීන් හට සීමාවන් නොමැත. හැම දෙයම අනුභව කැරන මොණරා මෙන් දාහගතිය ඇත්තෝ ද, ඉදිරියට එන ගතිය ඇත්තේ ද වෙති.
යථෙවං යංකිඤ්චි වීණා නාමාති න කෙවලඤ්ච වීණායෙව ලාමිකා, යථෙව පන අයං වීණා නාම, එවං යංකිඤ්චි අඤ්ඤම්පි තන්තිබද්ධං, සබ්බං තං ලාමකමෙවාති අත්ථො.
යථෙව යං කිඤ්චි වීණා නාම = හුදු වීණාව පමණක් ලාමක නොවේ, යම් සේ මේ වීණාව ම ලාමක වේද. මේ වීණාව යම් අයුරකින් පවතී. එසේම තන්තුවලින් බැඳුණ අන් යමක් වේද ඒ සියල්ල ද ලාමක වේය යන අරුතයි.
එවමෙව ඛොති එත්ථ වීණා විය පඤ්චක්ඛන්ධා දට්ඨබ්බා, රාජා විය යොගාවචරො. යථා සො රාජා තං වීණං දසධා ඵාලනතො පට්ඨාය විචිනන්තො සද්දං අදිස්වා වීණාය අනත්ථිකො හොති, එවං යොගාවචරො පඤ්චක්ඛන්ධෙ සම්මසන්තො අහන්ති වා මමන්ති වා ගහෙතබ්බං අපස්සන්තො ඛන්ධෙහි අනත්ථිකො හොති. තෙනස්ස තං ඛන්ධසම්මසනං දස්සෙන්තො රූපං සමන්වෙසති යාවතා රූපස්ස ගතීතිආදිමාහ.
එවමෙව ඛො = මෙහී වීණාව මෙන් පඤ්චස්කන්ධය දැක්විය යුතුය. රජු මෙන් යෝගාවචරයා දැක්විය යුතුය. යම් සේ ඒ රජ තෙමේ එම වීණාව දහයට පැලීමේ පටන් ශබ්දය සොයන්නේ එය නොදැක වීණාවට අනතුරු කරන්නෙක් වෙයි. මෙසේ යෝගාවචරයා පංචස්කන්ධයන් විමසා බලන්නේ මම ය හෝ මගේ ය හෝ යනුවෙන් ගත යුතු දෙයක් නො දක්නේ ස්කන්ධයන් නිසා අනර්ථයක් වන්නේය යනුවෙන් සිතා ඔහුට එම ස්කන්ධයන් විමසා බලන අයුරු දක්වමින් රූපං සමන්තෙසති යාවතා රූපස්ස ගති යන ආදිය කීය.
තත්ථ සමන්වෙසතීති පරියෙසති. යාවතා රූපස්ස ගතීති යත්තකා රූපස්ස ගති. තත්ථ ගතීති ගතිගති, සඤ්ජාතිගති, සලක්ඛණගති, විභවගති, භෙදගතීති පඤ්චවිධා හොන්ති. තත්ථ ඉදං රූපං නාම හෙට්ඨා අවීචිපරියන්තං කත්වා උපරි අකනිට්ඨබ්රහ්මලොකං අන්තො කත්වා එත්ථන්තරෙ සංසරති වත්තති, අයමස්ස ගතිගති නාම.
එහි සමන්නෙසති = පරීක්ෂා කරයි. යාවතා රූපස්සගති = යම් පමණකට රූපයේ ගතිය (= ස්වභාවය) වේද, (එපමණකට සලකා බැලිය යුතුය) එහි ගති යනු පවත්නා ගතිය. (ගතිගති), උපදින ගතිය = (සඤ්ඡාති ගති), ස්වලක්ෂණ ගතිය (සලක්ඛණ ගති), භව විනාශ ගතිය (විභව ගති) බිඳෙන ගතිය (භේදගති) යනුවෙන් පස් ආකාර වේ. එහි (දැක්වෙන) මේ රූපය නම් යටින් අවීචි (මහ නිර) ය කෙළවර කොට, උඩින් අකණිටා බඹලොව කෙළවර කොට මේ අතරෙහි සැරිසරයි, පවතියි. මෙය මෙහි ගති ගති (පවත්නා ගතිය) නම් වේ.
අයං පන කායො නෙව පදුමගබ්භෙ, න පුණ්ඩරීකනීලුප්පලාදීසු සඤ්ජායති, ආමාසයපක්කාසයානං පන අන්තරෙ බහලන්ධකාරෙ දුග්ගන්ධපවනවිචරිතෙ පරමජෙගුච්ඡෙ ඔකාසෙ පූතිමච්ඡාදීසු කිමි විය සඤ්ජායති, අයං රූපස්ස සඤ්ජාතිගති නාම.
මේ ශරීරය වනාහී පියුම් ගැබක් තුළ හෝ සුදු නෙළුම්, නිල් උපුල් ආදිය තුළ හෝ නො උපදියි. ශරීරය තුළ ආමාශය (හෙවත් නො දිරවූ ආහාර පවත්නා ස්ථානය) හා පක්වාශය (හෙවත් දිරවූ ආහාර පවත්නා ස්ථානය) යන දෙතැන අතරෙහි ගන අඳුරෙන් යුතු වූ, දුර්ගන්ධ වාතය ඇති. අතිශයින් පිළිකුල් වූ ස්ථානයෙක කුණු වූ මස් තුළ හට ගන්නා වූ පණුවන් මෙන් උපදී. මෙය රූපයේ සඤ්ජාතිගති (හෙවත් උපදින ගති) ය නම් වේ.
දුවිධං පන රූපස්ස ලක්ඛණං, “රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා රූප”න්ති (සං· නි· 3.79) එවං වුත්ත රුප්පනසඞ්ඛාතං පච්චත්තලක්ඛණඤ්ච අනිච්චාදිභෙදං සාමඤ්ඤලක්ඛණඤ්ච, අයමස්ස සලක්ඛණගති නාම.
රූපයේ ලක්ෂණ වනාහී දෙවිධියක් වේ. මහණෙනි. “රූප්පති” (හෙවත් වෙනස් වීමට ලක්වෙයි) යන අදහසින් “රූප” නම් වේ යයි යනුවෙන් මෙසේ කියන ලද්දාවූ, වෙනස්වීම් සංඛ්‍යාත වූ සහ වෙන් වෙන් ලක්ෂණ ඇත්තාවූ බව ද, අනිත්යාදීභේද සහ පොදු සමාන ලක්ෂණ ඇති බව ද යන මෙම දෙවිධිය මෙහි සලක්ඛණ ගති (හෙවත් ස්වලක්ෂණ ගතිය) නම් වේ.
“ගති මිගානං පවනං ආකාසො පක්ඛිණං ගති, විභවොගති ධම්මානං නිබ්බාණං අරහතො ගතී”ති
“ගති මිගානං පවනං, ආකාසො පක්ඛිනං ගති; විභවො ගති ධම්මානං, නිබ්බානං අරහතො ගතී”ති. (පරි· 339) –
“මෘගයන්ගේ පැවැත්ම මහ වනයයි, පක්ෂින්ගේ පැවැත්ම ආකාශයයි, ධර්මයන්ගේ පැවැත්ම රූපයේ නැති වීමයි, රහත්හු ගේ පැවැත්ම නිවනයි.”
එවං වුත්තො රූපස්ස අභාවො විභවගති නාම. යො පනස්ස භෙදො, අයං භෙදගති නාම. වෙදනාදීසුපි එසෙව නයො. කෙවලඤ්හෙත්ථ උපරි යාව භවග්ගා තෙසං සඤ්ජාතිගති, සලක්ඛණගතියඤ්ච වෙදයිතසඤ්ජානනඅභිසඞ්ඛරණවිජානනවසෙන පච්චත්තලක්ඛණං වෙදිතබ්බං.
මෙසේ කියන ලද්දා වූ රූපයේ අභාවය “විභව ගති” නම් වේ. එහි යම් ආකාරයෙක බිඳීමක් වේ නම් ඒ මෙම “භේදගති” නම් වේ. වේදනා ආදියෙහි ද මේ පිළිවෙළම වේ. හුදෙක් මෙහි වනාහී මතුයෙන් භවාග්‍රය තෙක් ඔවුන්ගේ උපදින ගතිය ස්වලක්ෂණ ගතිය හා යම්කිසි විඳගැනීම්, හැඳින ගැනීම්, සකස් කිරීම්, දැන ගැනීම් වශයෙන් යම් ගතියක් වේ නම් ඒ ගතිය ද වෙන් වෙන් ලක්ෂණ සහිත වන බව දත යුතුය.
තම්පි තස්ස න හොතීති යදෙතං රූපාදීසු අහන්ති වා මමන්ති වා අස්මීති වා එවං නිද්දිට්ඨං දිට්ඨිතණ්හාමානග්ගාහත්තයං, තම්පි තස්ස ඛීණාසවස්ස න හොතීති යථානුසන්ධිනාව සුත්තාගතං. තෙන වුත්තං මහාඅට්ඨකථායං –
තම්පි තස්ස න හොති = රූප ආදියෙහි “මම”ය හෝ “මාගේය” හෝ, “මම වෙමි” යි හෝ යනුවෙන් මෙසේ දක්වන ලද දෘෂ්ටි, තෘෂ්ණා, මාන යන ග්රහණයන් තුන වශයෙන් ගැනෙන යමක් වේද, එය රහතුන් හට ඇති නො වන්නේ ය යන අදහස සූත්‍රයෙහි ඇතුළත් වේ. ඒ නිසා මහ අටුවාවෙහි (මෙසේ) කියන ලදි.
“ආදිම්හි සීලං කථිතං මජ්ඣෙ සමාධි භාවනා, පරියොසානෙච නිබ්බාණං එසා වීනුපමා කතා”ති
“ආදිම්හි සීලං කථිතං, මජ්ඣෙ සමාධිභාවනා; පරියොසානෙ ච නිබ්බානං, එසා වීණොපමා කථා”ති.
මුලදී සීලය ගැන කියන ලදී, මැදදී සමාධිය හා භාවනාව ගැන කියන ලදී. අවසානයේ දී නිවන ගැන කියන ලදී. මෙය වීණාවට උපමා කරන ලදී.