යෙදුමෙන් කියවන්න

8. කිංසුකොපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

8. කිංසුකොපමසුත‍්තවණ‍්ණනා

8. කිංසුකොපම සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ දස‍්සනන‍්ති පඨමමග‍්ගස‍්සෙතං අධිවචනං. පඨමමග‍්ගො හි කිලෙසපහානකිච‍්චං සාධෙන‍්තො පඨමං නිබ‍්බානං පස‍්සති, තස‍්මා දස‍්සනන‍්ති වුච‍්චති. ගොත්‍රභුඤාණං පන කිඤ‍්චාපි මග‍්ගතො පඨමතරං පස‍්සති, පස‍්සිත්‍වා පන කත‍්තබ‍්බකිච‍්චස‍්ස කිලෙසපහානස‍්ස අභාවෙන න දස‍්සනන‍්ති වුච‍්චති. අපිච චත‍්තාරොපි මග‍්ගා දස‍්සනමෙව. කස‍්මා? සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනං විසුජ‍්ඣති, ඵලක‍්ඛණෙ විසුද‍්ධං. සකදාගාමිඅනාගාමිඅරහත‍්තමග‍්ගක‍්ඛණෙ විසුජ‍්ඣති, ඵලක‍්ඛණෙ විසුද‍්ධන‍්ති එවං කථෙන‍්තානං භික‍්ඛූනං සුත්‍වා සො භික‍්ඛු “අහම‍්පි දස‍්සනං විසොධෙත්‍වා අරහත‍්තඵලෙ පතිට‍්ඨිතො දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානං සච‍්ඡිකත්‍වා විහරිස‍්සාමී”ති තං භික‍්ඛුං උපසඞ‍්කමිත්‍වා එවං පුච‍්ඡි. සො ඵස‍්සායතනකම‍්මට‍්ඨානිකො ඡන‍්නං ඵස‍්සායතනානං වසෙන රූපාරූපධම‍්මෙ පරිග‍්ගහෙත්‍වා අරහත‍්තං පත‍්තො. එත්‍ථ හි පුරිමානි පඤ‍්ච ආයතනානි රූපං, මනායතනං අරූපං. ඉති සො අත‍්තනා අධිගතමග‍්ගමෙව කථෙසි.

අට වැන්නෙහි - දස්සනං = මෙය පළමු වන මාර්ගයට තවත් වචනයකි. කෙලෙස් ප්‍රහීන කරන කාර්යය සාදා ගන්නා තැනැත්තා පළමු වරට නිවන දකී ද, එය පළමු වන මාර්ගයයි. ඒ නිසා “දස්සනං” යයි කියනු ලැබේ. ගෝත්‍රභූ ඥානය යනු (කුමක්දයත් සෝවාන් ආදී) මාර්ගයකට පැමිණීමට කිසිවක් දකීද, දැක වුවද කෙළෙස් නැසීම පිණිස කළ යුතු කාර්යයක් නැති බැවින් “දස්සනං” යයි නො කියනු ලැබේ. අනික් අතට වනාහී (සෝවාන් ආදී) මාර්ග සතර ද දර්ශනයන්ම වන්නේය. එහෙයින් සෝවාන් මාර්ග ක්ෂණයෙහි දර්ශනයන්ම වන්නේය. එහෙයින් සෝවාන් මාර්ග ක්ෂණයෙහි දර්ශනය විසුද්ධ වෙයි. ඵලයට පත්වන ක්ෂණයෙහි විසුද්ධ වී ඇත. සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන මාර්ගයන්හට පැමිණෙන ක්ෂණයන්හි දී දර්ශනය විසුද්ධ වෙයි. සෝවාන් ආදී එම ඵලයන් හට පැමිණෙන ක්ෂණයන්හිදී දර්ශනය විසුද්ධ වී ඇත. අන්‍ය භික්ෂූන් මෙසේ කියනු අසා ඒ භික්ෂූව “මම ද දර්ශනය විශෝධනය කොට අර්හත් ඵලයෙහි පිහිටියෙම් වෙමි, දර්ශන විශුද්ධියෙන් හටගත් නිවන සාක්ෂාත් කොට වාසය කරන අයෙක් වෙමි”යි කියා එම භික්ෂූන් වහන්සේ වෙත පැමිණ මෙය විචාළේය. (ඇස්, කන් ආදී) ස්පර්ශ ආයතනයන් පිළිබඳ කමටහන් වඩන්නකු වූ ඒ භික්ෂූව ස්පර්ශායතන සය වශයෙන් රූප අරූප ධර්මයන් පරිග්‍රහණය (විමසා බැලීම) කොට අර්හත්වයට පැමිණියේය. මෙහි වනාහී පළමු ආයතන පස “රූප” වේ. මන ආයතනය “අරූප” වේ. මෙසේ හෙතෙම තමා විසින් අවබෝධ කරගත් මාර්ගයට කීවේය.

අසන‍්තුට‍්ඨොති පදෙසසඞ‍්ඛාරෙසු ඨත්‍වා කථිතත‍්තා අසන‍්තුට‍්ඨො. එවං කිරස‍්ස අහොසි – “අයං පදෙසසඞ‍්ඛාරෙසු ඨත්‍වා කථෙසි. සක‍්කා නු ඛො පදෙසසඞ‍්ඛාරෙසු ඨත්‍වා දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානං පාපුණිතු”න‍්ති? තතො නං පුච‍්ඡි – “ආවුසො, ත්‍වංයෙව නු ඛො ඉදං දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානං ජානාසි, උදාහු අඤ‍්ඤෙපි ජානන‍්තා අත්‍ථී”ති. අත්‍ථාවුසො, අසුකවිහාරෙ අසුකත්‍ථෙරො නාමාති. සො තම‍්පි උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි. එතෙනුපායෙන අඤ‍්ඤම‍්පි අඤ‍්ඤම‍්පීති.

අසන්තුට්ඨො - ස්ථානික සංස්කාරයන්හි සිට කියන ලද බැවින් අසතුටු වූයේය. ඔහුට මෙසේ අදහස් මතුවිය” මේ තෙමේ ස්ථානික සංස්කාරයන්හි සිට කථා කළේය. ස්ථානික සංස්කාරයන්හි පිහිටා සිට දර්ශනය පිරිසිදු කරන්නාවූ නිවනට පැමිණීමට හැකිවේද? යනුයි. ඉක්බිති “ඇවැත්නි. දර්ශනය විසුද්ධියට පත් කරන ඔබ තමාම දන්නෙහිද? නැතහොත් එය දන්නාවූ අන් අයෙක් හෝ වෙත්දැ”යි ඒ භික්ෂුවගෙන් විචාළේය. “ඇවැත්නි, අසවල් විහාරයන්හි අසවල් නම් ඇති තෙර කෙනෙක් වෙති”යි කීය. හෙතෙමේ ඒ තෙරුන් වෙත ද පැමිණ විචාළේය. මේ උපායෙන් අන්‍යවූ ද තෙරවරුන් ගැන දැන ගත්තේය.

එත්‍ථ ච දුතියො පඤ‍්චක‍්ඛන්‍ධකම‍්මට‍්ඨානිකො රූපක‍්ඛන්‍ධවසෙන රූපං, සෙසක‍්ඛන්‍ධවසෙන නාමන‍්ති නාමරූපං වවත්‍ථපෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං පත‍්තො. තස‍්මා සොපි අත‍්තනා අධිගතමග‍්ගමෙව කථෙසි. අයං පන “ඉමෙසං අඤ‍්ඤමඤ‍්ඤං න සමෙති, පඨමෙන සප‍්පදෙසසඞ‍්ඛාරෙසු ඨත්‍වාව කථිතං, ඉමිනා නිප‍්පදෙසෙසූ”ති අසන‍්තුට‍්ඨො හුත්‍වා තථෙව තං පුච‍්ඡිත්‍වා පක‍්කාමි.

මෙහි ද පඤ්චස්කන්ධ කර්ම ස්ථාන වඩන්නෙක් වී රූපස්කන්ධ වශයෙන් රූපය ද, සෙසු ස්කන්ධයන් වශයෙන් නාමයන් ද යනුවෙන් නාම රූප ලෙස වෙන්ව තීරණය කොට අනුක්‍රමයෙන් අර්හත් භාවයට පත්විය. එහෙයින් හේ තෙමේ ද තමා අවබෝධ කරගත් මාර්ගය ම කීවේය. මේ තෙමේ වනාහී මොවුන් හා අන්‍යොන්‍ය වශයෙන් සම නොවේ, පළමු වැන්නා විසින් ස්ථානික සංස්කාරයන්හි සිට යටකී කරුණු අනුව කියන ලදී. මොහු විසින් කොටස් වශයෙන් බෙදා නො දැක්වෙන (හෙවත් ස්ථානික නොවන) සංස්කාරයන්හි පිහිටා සිට කරුණු කියනු ලබන්නේයයි අසතුටු වී ඒ අයුරින්ම එය ප්‍රශ්න කොට ගියේය.

තතියො මහාභූතකම‍්මට‍්ඨානිකො චත‍්තාරි මහාභූතානි සඞ‍්ඛෙපතො ච විත්‍ථාරතො ච පරිග‍්ගහෙත්‍වා අරහත‍්තං පත‍්තො, තස‍්මා අයම‍්පි අත‍්තනා අධිගතමග‍්ගමෙව කථෙසි. අයං පන “ඉමෙසං අඤ‍්ඤමඤ‍්ඤං න සමෙති, පඨමෙන සප‍්පදෙසසඞ‍්ඛාරෙසු ඨත්‍වා කථිතං, දුතියෙන නිප‍්පදෙසෙසු, තතියෙන අතිසප‍්පදෙසෙසූ”ති අසන‍්තුට‍්ඨො හුත්‍වා තථෙව තං පුච‍්ඡිත්‍වා පක‍්කාමි.

තෙවැන්නා මහා භූතයන් පිළිබඳව කමටහන් වඩන්නෙකි. (හෙතෙම) සතර මහා භූතයන් සැකෙවින් ද, සවිස්තරව ද ග්‍රහණය කොට රහත් බවට පත් විය. එබැවින් හෙතෙමේ ද තමා අවබෝධ කළ මාර්ගය ම කීවේය. මේ තෙමේ වනාහී ඔවුනොවුන් හට අන්‍යොන්‍ය වශයෙන් සම නොවේ. පළමු වැන්නා විසින් සංස්කාරයන් කොටස් කර ඒ මතයෙහි පිහිටා සිට කියන ලදී. දෙවැන්නා විසින් කොටස් කිරීමකින් තොරව කියන ලදී. තෙවැන්නා විසින් බොහෝ කොටස් කර කියන ලදැයි අසතුටු වී ඒ අයුරින්ම ඔහුගෙන් ප්‍රශ්න කොට ගියේය.

චතුත්‍ථො තෙභූමකකම‍්මට‍්ඨානිකො. තස‍්ස කිර සමප‍්පවත‍්තා ධාතුයො අහෙසුං, කල‍්ලසරීරං බලපත‍්තං, කම‍්මට‍්ඨානානිපිස‍්ස සබ‍්බානෙව සප‍්පායානි, අතීතා වා සඞ‍්ඛාරා හොන‍්තු අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වා කාමාවචරා වා රූපාවචරා වා අරූපාවචරා වා, සබ‍්බෙපි සප‍්පායාව. අසප‍්පායකම‍්මට‍්ඨානං නාම නත්‍ථි. කාලෙසුපි පුරෙභත‍්තං වා හොතු පච‍්ඡාභත‍්තං වා පඨමයාමාදයො වා, අසප‍්පායො කාලො නාම නත්‍ථි. යථා නාම චාරිභූමිං ඔතිණ‍්ණො මහාහත්‍ථී හත්‍ථෙන ගහෙතබ‍්බං හත්‍ථෙනෙව ලුඤ‍්චිත්‍වා ගණ‍්හාති, පාදෙහි පහරිත්‍වා ගහෙතබ‍්බං පාදෙහි පහරිත්‍වා ගණ‍්හාති, එවමෙව සකලෙ තෙභූමකධම‍්මෙ කලාපග‍්ගාහෙන ගහෙත්‍වා සම‍්මසන‍්තො අරහත‍්තං පත‍්තො, තස‍්මා එසොපි අත‍්තනා අධිගතමග‍්ගමෙව කථෙසි. අයං පන “ඉමෙසං අඤ‍්ඤමඤ‍්ඤං න සමෙති. පඨමෙන සප‍්පදෙසසඞ‍්ඛාරෙසු ඨත්‍වා කථිතං, දුතියෙන නිප‍්පදෙසෙසු, පුන තතියෙන සප‍්පදෙසෙසු, චතුත්‍ථෙන නිප‍්පදෙසෙසුයෙවා”ති අසන‍්තුට‍්ඨො හුත්‍වා තං පුච‍්ඡි – “කිං නු ඛො, ආවුසො, ඉදං දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානං තුම‍්හෙහි අත‍්තනොව ධම‍්මතාය ඤාතං, උදාහු කෙනචි වො අක‍්ඛාත”න‍්ති? ආවුසො, මයං කිං ජානාම? අත්‍ථි පන සදෙවකෙ ලොකෙ සම‍්මාසම‍්බුද‍්ධො, තං නිස‍්සායෙතං අම‍්හෙහි ඤාතන‍්ති. සො චින‍්තෙසි – “ඉමෙ භික‍්ඛූ මය‍්හං අජ‍්ඣාසයං ගහෙත්‍වා කථෙතුං න සක‍්කොන‍්ති, අහං සබ‍්බඤ‍්ඤුබුද‍්ධමෙව පුච‍්ඡිත්‍වා නික‍්කඞ‍්ඛො භවිස‍්සාමී”ති යෙන භගවා තෙනුපසඞ‍්කමි.

සිවු වැන්නා (කාමාවචර, රුපාවචර, අරූපාවචර යන) ත්‍රෛභූමික වූ කමටහන් වඩන්නෙකි. ඔහුට වනාහී සමව පැවති ධාතූහු වූහ. සිත් ගන්නා සිරුර ශක්තිමත් විය. ඔහුගේ සියළුම කමටහන් ද යහපත් විය. සංස්කාරයෝ අතීත, අනාගත, වර්තමාන වුව ද, කාමාවචර, රූපාවචර, අරූපාවචර වුව ද යහපත් ම වෙති. අයහපත් කමටහනක් නම් නැත්තේය. කාලයන්හි ද පෙරවරු හෝ පස්වරු හෝ වේවා, ප්‍රථම යාමය ආදිය වේවා ඔහුට අයහපත් කාලයක් නම් නැත්තේය. යම් සේ වනාහී සැරිසරන බිමට පැමිණි මහ ඇතෙක් අතින් (හෙවත් සොඩයෙන්) ගත යුතු දෙය අතින්ම කඩාගෙන ගනියි ද, පාවලින් පහර දී ගත යුතු දෙය (පා) පහර දී ගනියි ද එසේම සියළු ත්‍රෛභූමික ධර්මයන් කලාප (හෙවත් කොටස්) වශයෙන් ගෙන විමසා බලන්නේ රහත් බවට පත් විය. එහෙයින් හේ තෙමේ ද තමා විසින් අවබෝධ කර ගනු ලැබූ මාර්ගයම කීය. මේ තෙමේ වනාහී ඔවුන් හට අන්‍යොන්‍ය වශයෙන් සම නොවේ. පළමු වැන්නා විසින් සංස්කාරයන් කොටස් කිරීම් සහිතව ඒ මතයෙහි සිට කියන ලදී. දෙවැන්නා විසින් කොටස් කිරීමෙන් තොරව කියන ලදී. නැවත තෙවැන්නා විසින් කොටස් කිරීම් සහිත ව සිට ද, සිවු වැන්නා විසින් කොටස් කිරීම් වශයෙන් තොරවමද කියන ලද්දේ යයි අසතුටට පත් වී “කිම ඇවැත්නි, දර්ශනය විශුද්ධියට පත් කරවන මේ නිවන ඔබ විසින් තමාගේ ම ධර්මතාවයකින් අවබෝධ කරගන්නා ලද්දේද? නැතහොත් වෙනත් කිසිවකු විසින් ඔබට කියා දෙන ලද්දේ ද” යි ඔහුගෙන් විචාළේය. “ඇවැත්නි අපි කුමක් දනිමුද? දෙවියන් සහිත ලෝකයෙහි සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙසෙති. අප විසින් මෙය දැන ගන්නා ලද්දේ උන්වහන්සේ නිසාය” යි කීය. හෙතෙම “මේ භික්ෂූහු මගේ අදහස දැනගෙන කියන්නට නොහැක්කෝ වෙති. මම ද සර්වඥ වූ බුදුන් වහන්සේගෙන් ම විමසා සැක නැති කරගත්තෙමි” යි සිතීය. එසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය.

භගවා තස‍්ස වචනං සුත්‍වා “යෙහි තෙ පඤ‍්හො කථිතො, තෙ චත‍්තාරොපි ඛීණාසවා, සුකථිතං තෙහි, ත්‍වං පන අත‍්තනො අන්‍ධබාලතාය තං න සල‍්ලක‍්ඛෙසී”ති න එවං විහෙසෙසි. කාරකභාවං පනස‍්ස ඤත්‍වා “අත්‍ථගවෙසකො එස, ධම‍්මදෙසනාය එව නං බුජ‍්ඣාපෙස‍්සාමී”ති කිංසුකොපමං ආහරි. තත්‍ථ භූතං වත්‍ථුං කත්‍වා එවමත්‍ථො විභාවෙතබ‍්බො –

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වදන් අසා “යම් යම් අය විසින් ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු කියන ලද්දේද, ඒ සිවු දෙනම ක්ෂිණාශ්‍රවයෝ ය. ඔවුන් විසින් මනා කොට කියන ලදී, ඔබ වනාහී තමාගේ නො දන්නා, නො පැසුණ බව නිසා එය සලකා නො බැලුවෙහි ය, යනුවෙන් ඔහු වෙහෙසට පත් නො කළහ. ඔහු තුළ වූ අවබෝධ කර ගත හැකි බව දැන තමා පිළිබඳව ගවේෂණය කරවන්නා වූ මේ දහම් දෙසුමෙන්ම ඔහුට අවබෝධ කරවන්නෙමි යි සිතා කිංසුකර (කෑලමල්) උපමාව ගෙන හැර දැක්වූහ. එහි වූ කතා වස්තුව දැන මේ අරුත අවබෝධ කර ගත යුත්තේය.

එකස‍්මිං කිර මහානගරෙ එකො සබ‍්බගන්‍ථධරො බ්‍රාහ‍්මණවෙජ‍්ජො පණ‍්ඩිතො පටිවසති. අථෙකො නගරස‍්ස පාචීනද‍්වාරගාමවාසී පණ‍්ඩුරොගපුරිසො තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා අට‍්ඨාසි. වෙජ‍්ජපණ‍්ඩිතො තෙන සද‍්ධිං සම‍්මොදිත්‍වා “කෙනත්‍ථෙන ආගතොසි භද්‍රමුඛා”ති, පුච‍්ඡි. රොගෙනම‍්හි, අය්‍ය, උපද‍්දුතො, භෙසජ‍්ජං මෙ කථෙහීති. තෙන හි, භො, ගච‍්ඡ, කිංසුකරුක‍්ඛං ඡින්‍දිත්‍වා, සොසෙත්‍වා ඣාපෙත්‍වා, තස‍්ස ඛාරොදකං ගහෙත්‍වා ඉමිනා චිමිනා ච භෙසජ‍්ජෙන යොජෙත්‍වා, අරිට‍්ඨං කත්‍වා පිව, තෙන තෙ ඵාසුකං භවිස‍්සතීති. සො තථා කත්‍වා නිරොගො බලවා පාසාදිකො ජාතො.

එක්තරා මහා නගරයෙක්හි සකල ග්‍රන්‍ථධාරී පණ්ඩිත වූ එක් බ්‍රාහ්මණ වෛද්‍යවරයෙක් වාසය කළේය. එකල්හි නගරයේ පෙරදිග දොරටුවෙන් පිට වන ගමෙහි වැසි එක් පාණ්ඩු රෝගී පුරුෂයෙක් ඔහු වෙත ගොස් ඔහුට වැඳ සිටියේය. වෛද්‍ය පඬිවරයා ඔහු සමග පිළිසඳර කතා කොට “මිත්‍රය, කුමක් නිසා පැමිණියෙහි ද” යි විචාළේය. “මහතාණනි, රෝගයකින් පීඩා විඳිමි, මට බෙහෙතක් කියනු මැනව” යි ඉල්ලීය. “එසේ නම් පින්වත, යන්න. එරබඳු රුකක් (කෑලරුකක්) කපා, වියලා දවා එහි අලු මිශ්‍ර ජලය ගෙන මේ මේ බෙහෙත් යොදා අරිෂ්ටයක් සාදාගෙන බොන්න. ඔබට සුවයක් ලැබෙන්නේය” යයි කීය. හෙතෙම එසේ කොට නීරෝගීව බලවත් ප්‍රසාදජනක තැනැත්තෙක් විය.

අථඤ‍්ඤො දක‍්ඛිණද‍්වාරගාමවාසී පුරිසො තෙනෙව රොගෙන ආතුරො “අසුකො කිර භෙසජ‍්ජං කත්‍වා අරොගො ජාතො”ති සුත්‍වා තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “කෙන තෙ, සම‍්ම, ඵාසුකං ජාත”න‍්ති. කිංසුකාරිට‍්ඨෙන නාම, ගච‍්ඡ ත්‍වම‍්පි කරොහීති. සොපි තථා කත්‍වා තාදිසොව ජාතො.

ඉක්බිති දකුණු දොරෙන් පිට වන ගමෙහි අන්‍ය වූ පුරුෂයෙක් ඒ රෝගයෙන්ම පෙළුණේ “අසවලා බෙහෙත් කොට නීරෝගී වූයේ ය”යි අසා ඔහු වෙත පැමිණ “මිත්‍රය, ඔබ කෙසේ සුව වූයෙහි දැ”යි විචාළේය. කෑල (හෙවත්) එරබඳු අරිෂ්ටයෙනි. යන්න ඔබ ද එය කරන්න යයි කීය. හේ තෙමේ ද එසේ කොට ඒ අයුරින් ම (සුව) විය. ඉන් පසුව බටහිර දොරටුවෙන් පිටවන ගමෙහි වැසි අන්‍ය වූ පුරුෂයෙක් ඒ රෝගයෙන්ම පෙළුණේ “අසවලා බෙහෙත් කොට නීරෝගී වූයේය.” යි අසා ඔහු වෙත පැමිණ “මිත්‍රය, ඔබ කෙසේ සුව වූයෙහි දැ”යි විචාළේය. කෑල (හෙවත්) එරබඳු අරිෂ්ටයෙනි, යන්න ඔබ ද එය කරන්න යයි කීය. හේ තෙමේ ද එසේ කොට ඒ අයුරින්ම (සුව) විය.

අථඤ‍්ඤො පච‍්ඡිමද‍්වාරගාමවාසී…පෙ… උත‍්තරද‍්වාරගාමවාසී පුරිසො තෙනෙව රොගෙන ආතුරො “අසුකො කිර භෙසජ‍්ජං කත්‍වා අරොගො ජාතො”ති තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි “කෙන තෙ, සම‍්ම, ඵාසුකං ජාත”න‍්ති? කිංසුකාරිට‍්ඨෙන නාම, ගච‍්ඡ ත්‍වම‍්පි කරොහීති. සොපි තථා කත්‍වා තාදිසොව ජාතො.

ඉන් පසුව බටහිර දොරටුවෙන් පිටවන ගමෙහි වැසි අන්‍ය වූ පුරුෂයෙක් ඒ රෝගයෙන්ම පෙළුණේ “අසවලා බෙහෙත් කොට නීරෝගී වූයේය.” යි අසා ඔහු වෙත පැමිණ “මිත්‍රය. ඔබ කෙසේ සුව වූයෙහි දැ”යි විචාළේය. කෑල (හෙවත්) එරබඳු, අරිෂ්ටයෙනි. යන්න ඔබ ද එය කරන්න යයි කීය. හේ තෙමේ ද එසේ කොට ඒ අයුරින් ම (සුව) විය. උතුරු දොරටුවෙන් පිටවන ගමෙහි වැසි පුරුෂයෙක් ඒ රෝගයෙන්ම පෙළුණේ අසවලා වනාහී බෙහෙත් කොට නීරෝගී වූයේ යයි (අසා) ඔහු වෙත එළඹ, “මිත්‍රය, ඔබ කුමකින් සුවය ලැබුවෙහිදැ”යි ඇසීය. “එරබඳු නම් අරිෂ්ටයෙනි, යන්න ඔබ ද එය කරන්න” යයි කීය. හේ තෙමේ ද එසේ කොට ඒ අයුරින් ම සුව විය.

අථඤ‍්ඤො පච‍්චන‍්තවාසී අදිට‍්ඨපුබ‍්බකිංසුකො එකො පුරිසො තෙනෙව රොගෙන ආතුරො චිරං තානි තානි භෙසජ‍්ජානි කත්‍වා රොගෙ අවූපසමමානෙ “අසුකො කිර නගරස‍්ස පාචීනද‍්වාරගාමවාසී පුරිසො භෙසජ‍්ජං කත්‍වා අරොගො ජාතො”ති සුත්‍වා “ගච‍්ඡාමහම‍්පි, තෙන කතභෙසජ‍්ජං කරිස‍්සාමී”ති දණ‍්ඩමොලුබ‍්භ අනුපුබ‍්බෙන තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “කෙන තෙ, සම‍්ම, ඵාසුකං ජාත”න‍්ති පුච‍්ඡි. කිංසුකාරිට‍්ඨෙන සම‍්මාති. කීදිසො පන සො කිංසුකොති. ඣාපිතගාමෙ ඨිතඣාමථූණො වියාති. ඉති සො පුරිසො අත‍්තනා දිට‍්ඨාකාරෙනව කිංසුකං ආචික‍්ඛි. තෙන හි දිට‍්ඨකාලෙ කිංසුකො පතිතපත‍්තො ඛාණුකකාලෙ දිට‍්ඨත‍්තා තාදිසොව හොති.

ඉක්බිති පිටිසරෙක වැසි එරබඳු දැක නැති එක්තරා අන්‍ය වූ පුරුෂයෙක් ඒ රෝගයෙන් ම පෙළුණේ කාලයක් ඒ ඒ බෙහෙත් කොට රෝගය සුව නොවන කල්හි, නගරයට පෙරදිග ගමෙහි වසන අසවල් නම් තැනැත්තා බෙහෙත් කොට සුව වූයේ යයි අසා මම ද (එහි) යම්, ඔහු විසින් කරන ලද බෙහෙත කරන්නෙමි යි සිතා සැරයටිය පිහිට කොට ගෙන අනුපිළිවෙළින් ඔහු වෙතට ගොස් “මිත්‍රය. ඔබ කුමකින් සුවය ලැබුවෙහි දැයි ඇසීය. එරබඳු නම් අරිෂ්ටයෙනි, යන්න ඔබද එය කරන්න යයි කීය. එරබඳු අරිෂ්ටයෙනැ”යි කීය. “මිත්‍රය. එරබඳු නම් කෙබඳුදැ”යි ඇසීය. පිළිස්සුණ ගමක පිහිටි දැවීගිය කණුවක් වැනිය”යි මෙසේ ඒ පුරුෂයා තමා විසින් දකිනු ලැබූ අයුරින් ම එරබඳු ගැන කීවේය. ඔහු විසින් දක්නා ලද්දේ එරබදු ගස කොල හැලී කණුවක් මෙන් වූ කාලයෙහි බැවින් එසේ ම විය.

සො පන පුරිසො සුතමඞ‍්ගලිකත‍්තා “අයං ‘ඣාපිතගාමෙ ඣාමථූණො වියා’ති ආහ, අමඞ‍්ගලමෙතං. එතස‍්මිඤ‍්හි මෙ භෙසජ‍්ජෙ කතෙපි රොගො න වූපසමිස‍්සතී”ති තස‍්ස වෙය්‍යාකරණෙන අසන‍්තුට‍්ඨො තං පුච‍්ඡි – “කිං නු ඛො, භො, ත්‍වඤ‍්ඤෙව කිංසුකං ජානාසි, උදාහු අඤ‍්ඤොපි අත්‍ථී”ති. අත්‍ථි, භො, දක‍්ඛිණද‍්වාරගාමෙ අසුකො නාමාති. සො තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි, ස‍්වාස‍්ස පුප‍්ඵිතකාලෙ දිට‍්ඨත‍්තා අත‍්තනො දස‍්සනානුරූපෙන “ලොහිතකො කිංසුකො”ති ආහ. සො “අයං පුරිමෙන විරුද‍්ධං ආහ, කාළකො ලොහිතකතො සුවිදූරදූරෙ”ති තස‍්සපි වෙය්‍යාකරණෙන අසන‍්තුට‍්ඨො “අත්‍ථි පන, භො, අඤ‍්ඤොපි කොචි කිංසුකදස‍්සාවී, යෙන කිංසුකො දිට‍්ඨපුබ‍්බො”ති? පුච‍්ඡිත්‍වා, “අත්‍ථි පච‍්ඡිමද‍්වාරගාමෙ අසුකො නාමා”ති වුත‍්තෙ තම‍්පි උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි. ස‍්වාස‍්ස ඵලිතකාලෙ දිට‍්ඨත‍්තා අත‍්තනො දස‍්සනානුරූපෙන “ඔචිරකජාතො ආදින‍්නසිපාටිකො”ති ආහ. ඵලිතකාලස‍්මිඤ‍්හි කිංසුකො ඔලම‍්බමානචීරකො විය අධොමුඛං කත්‍වා ගහිතඅසිකොසො විය ච සිරීසරුක‍්ඛො විය ච ලම‍්බමානඵලො හොති. සො “අයං පුරිමෙහි විරුද‍්ධං ආහ, න සක‍්කා ඉමස‍්ස වචනං ගහෙතු”න‍්ති තස‍්සපි වෙය්‍යාකරණෙන අසන‍්තුට‍්ඨො “අත්‍ථි පන, භො, අඤ‍්ඤොපි කොචි කිංසුකදස‍්සාවී, යෙන කිංසුකො දිට‍්ඨපුබ‍්බො”ති? පුච‍්ඡිත්‍වා, “අත්‍ථි උත‍්තරද‍්වාරගාමෙ අසුකො නාමා”ති වුත‍්තෙ තම‍්පි උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි. සො අස‍්ස සඤ‍්ඡන‍්නපත‍්තකාලෙ දිට‍්ඨත‍්තා අත‍්තනො දස‍්සනානුරූපෙන “බහලපත‍්තපලාසො සන්‍දච‍්ඡායො”ති ආහ. සන්‍දච‍්ඡායො නාම සංසන්‍දිත්‍වා ඨිතච‍්ඡායො.

ඒ පුරුෂයා වනාහී සුත මංගලිකයකු (හෙවත් අසන්නට ලැබුන දෙයම යහපත් යයි සිතන අයකු) වූ බැවින් මෙය පිළිස්සුණ ගමක දැවී ගිය කණුවක් මෙන් යයි කීය. “මෙය අමඞ්ගලය (හෙවත් සුදුසු නොවේ) මට මේ බෙහෙත කළ කල්හි වුව ද රෝගය සුව නො වනු ඇතැ”යි සිතා ඔහුගේ විස්තර කීමෙන් අසතුටට පත් වී” මිත්‍රය, කිම ඔබ පමණක් ම එරබඳු හඳුනන්නෙහි ද? නැතහොත් එය හඳුනන අන් අයත් සිටිත් දැයි” විචාළේය. “සිටිති. දකුණු දොරටුව අසල ගමෙහි අසවල් නම ඇති තැනැත්තා දන්නේ යයි” කීය. හේ තෙමේ ඔහු වෙතට ගොස් විචාළේය. ඒ පුරුෂයා එය පිපුණු කාලයෙහි දක්නා ලද බැවින් තමාගේ දැක්මට අනුරූපව එරබඳු මල් රතු පාට ඇත්තේ යයි කීය. රෝගී පුරුෂයා මොහු පෙර කී අයට වෙනස් ව කීවේය. කළු පැහැය ලේ පැහැයට ඉතා දුරස්තරය යි (සිතා) ඔහුගේ විස්තර කිරීමෙන් ද සතුටට පත් නොවූයේ “එරබඳු දැක ඇත, එරබඳු ගැන දන්නා වූ අන් කිසිවකුත් සිටිත් දැයි” අසා, “ඇත, බටහිර දොරටුව අසල ගමෙහි අසවල් නම ඇති තැනැත්තා සිටී” යයි කී කල්හි ඔහු වෙත ද ගොස් විචාළේය. හේ තෙමේ, ගෙඩි සැදුණ කල්හි දුටු බැවින් තමාගේ දැක්මට අනුරූප ලෙස “පැරණි වූ මල් කොපුවක්” යයි කීය. පල ඇති කල්හි වනාහී එරබඳු එල්ලෙන තීරුවක් මෙන් ද, යටිකුරු කොට ගත් කඩු කොපුවක් මෙන් ද මහරි රුකක් මෙන් ද පෙනෙන අයුරින් එල්ලෙන ගෙඩි ඇත්තේ වෙයි. හෙතෙම මේ කරුණ පෙර කී අයගේ අදහස් වලට වෙනස් අයුරින් කීය. මොහුගේ වචන ද පිළිගත නොහැක්කේ යයි සිතා, ඔහුගේ කීමෙන් නො සතුටට පත්වූයේ එරබදු දැක ඇති, එරබදු ගැන දැනුම ඇති කිසියම් තවත් අයකුත් සිටිත්දැයි විමසා” උතුරු දොරටුව අසල ගමෙහි අසවල් නම ඇති අයෙක් සිටී” යයි කී කල්හි ඔහු වෙතටද ගොස් විචාළේය. හේ තෙමේ කොල වලින් වැසී ගිය කලෙක්හි (එරබඳු ගස) දැක ඇති බැවින් තමාගේ දැක්මට අනුරූප ලෙස” (එරබදු ගස යනු) පලාවන් කොළ බහුල වූ ඝන සෙවනක් පතුරවන රුකක්ය” යි කීය. ඝන සෙවන යන්න “සෙවනැල්ලක් සේ පෙනෙන” යන්නට සසඳා

සො “අයම‍්පි පුරිමෙහි විරුද‍්ධං ආහ, න සක‍්කා ඉමස‍්ස වචනං ගහෙතු”න‍්ති තස‍්සපි වෙය්‍යාකරණෙන අසන‍්තුට‍්ඨො තං ආහ, “කිං නු ඛො, භො, තුම‍්හෙ අත‍්තනොව ධම‍්මතාය කිංසුකං ජානාථ, උදාහු කෙනචි වො අක‍්ඛාතො”ති? කිං, භො, මයං ජානාම? අත්‍ථි පන මහානගරස‍්ස මජ‍්ඣෙ අම‍්හාකං ආචරියො වෙජ‍්ජපණ‍්ඩිතො, තං නිස‍්සාය අම‍්හෙහි ඤාතන‍්ති. “තෙන හි අහම‍්පි ආචරියමෙව උපසඞ‍්කමිත්‍වා නික‍්කඞ‍්ඛො භවිස‍්සාමී”ති තස‍්ස සන‍්තිකං උපසඞ‍්කමිත්‍වා තං වන්‍දිත්‍වා අට‍්ඨාසි. වෙජ‍්ජපණ‍්ඩිතො තෙන සද‍්ධිං සම‍්මොදිත්‍වා, “කෙනත්‍ථෙන ආගතොසි භද්‍රමුඛා”ති පුච‍්ඡි. රොගෙනම‍්හි, අය්‍ය, උපද‍්දුතො, භෙසජ‍්ජං මෙ කථෙථාති. තෙන හි, භො, ගච‍්ඡ, කිංසුකරුක‍්ඛං ඡින්‍දිත්‍වා සොසෙත්‍වා ඣාපෙත්‍වා තස‍්ස ඛාරොදකං ගහෙත්‍වා ඉමිනා චිමිනා ච භෙසජ‍්ජෙන යොජෙත්‍වා අරිට‍්ඨං කත්‍වා පිව, එතෙන තෙ ඵාසුකං භවිස‍්සතීති. සො තථා කත්‍වා නිරොගො බලවා පාසාදිකො ජාතො.

මේ තෙමේ පෙර අයගේ අදහස්වලට විරුද්ධව කීය, මොහුගේ බස් පිළිගත නොහැකැයි සිතා, ඔහුගේ කීමෙන් ද සතුටු නොවූයේ ඔහුගෙන් මෙසේ ඇසීය. කිම ඔබ තමා ම, ස්වභාවයෙන් ම එරබඳු ගැන දන්නෙහි ද? නැතහොත් කිසිවකු විසින් ඔබට කියන ලද්දේද? යි ඇසීය හේ තෙමේ මෙසේ පිළිතුරු දුන්නේය. “පින්වත. අපි කුමක් නම් දනිමුද? මහනගරය මැද අපගේ ආචාර්ය වූ වෛද්‍ය පණ්ඩිත තුමෙක් සිටී. ඔහු නිසා අප විසින් ද දැන ගන්නා ලදී. “එසේ නම් මම ද (ඒ) ආචාර්යයන් වෙතම එළඹ නිසැක වන්නෙමි”යි කියා ඔහු වෙතට ගොස් ඔහුට වැඳ සිටියේය. වෛද්‍ය පඬිවරයා ඔහු සමග පිළිසඳර කථා කොට “පින්වත. කුමක් නිසා පැමිණියෙහි දැයි” ඇසීය. “උතුමාණනි, රෝගයකින් පීඩා විඳිමි, මෙයට බෙහෙතක් කියනු මැනව”යි කීය. “හිතවත එසේ නම් යන්න, එරබදු ගසක් කපා වියලවා දමා එහි ක්ෂාරය මිශ්‍ර ජලය ගෙන මේ මේ බෙහෙත් වර්ග යොදා අරිෂ්ටයක් සාදා බොන්න. මෙයින් ඔබට සුවයක් වන්නේ ය” යි කීය. හෙතෙම එසේ කොට නීරෝගී, බලවත්. ප්‍රසාදජනක අයෙක් විය.

තත්‍ථ මහානගරං විය නිබ‍්බානනගරං දට‍්ඨබ‍්බං. වෙජ‍්ජපණ‍්ඩිතො විය සම‍්මාසම‍්බුද‍්ධො. වුත‍්තම‍්පි චෙ තං “භිසක‍්කො සල‍්ලකත‍්තොති ඛො, සුනක‍්ඛත‍්ත, තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති (ම· නි· 3.65) චතූසු ද‍්වාරගාමෙසු චත‍්තාරො වෙජ‍්ජන‍්තෙවාසිකා විය චත‍්තාරො දස‍්සනවිසුද‍්ධිපත‍්තා ඛීණාසවා. පච‍්චන‍්තවාසී පඨමපුරිසො විය පඤ‍්හපුච‍්ඡකො භික‍්ඛු. පච‍්චන‍්තවාසිනො චතුන‍්නං වෙජ‍්ජන‍්තෙවාසිකානං කථාය අසන‍්තුට‍්ඨස‍්ස ආචරියමෙව උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡනකාලො විය ඉමස‍්ස භික‍්ඛුනො චතුන‍්නං දස‍්සනවිසුද‍්ධිපත‍්තානං ඛීණාසවානං කථාය අසන‍්තුට‍්ඨස‍්ස සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡනකාලො.

එහි මහා නගරය මෙන් නිර්වාණය නමැති නගරය දැක්විය යුතුය. වෛද්‍ය පඬිවරයා මෙන් සම්මා සම්බුදුන් වහන්සේ දත යුතුය. මෙසේත් කියන ලද්දේද වෙයි. සුනක්‍ඛත්තයෙනි, “භිසක්කො, සල්ලකත්තො” යන මෙය වනාහී “තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස” යන්නට තවත් වචනයකි. දොරටු සතර අසල ගම්වල වෛද්‍ය අතවැසියන් සතර දෙනා මෙන් දර්ශන විසුද්ධියට පත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා සතර දෙනා දත යුතුය. පසල් දනව් වැසි පළමු පුරුෂයා මෙන් ප්‍රශ්න විචාරක භික්ෂුව දැක්විය යුතුය. වෙද ඇදුරුවරයාගේ අතවැසියන් සිවු දෙනාගේ කියමනෙන් අසතුටට පත් පසල් දනව් වැසි පුරුෂයා (වෙද) ඇදුරුවරයා වෙතටම එළඹ ප්‍රශ්න කිරීමෙහි කැමැත්තක් පහළ විය. දර්ශන විශුද්ධියට පැමිණි, ක්ලේශ ප්‍රහීන කළ භික්ෂූන් සතර නමගේ කියමනෙන් අසතුටට පත් වී භික්ෂුව තුළ ශාස්තෲන් වහන්සේ වෙතට ම එළඹ ප්‍රශ්න කිරීමෙහි කැමැත්තක් පහළ විය. එම භික්ෂුව තුළ උපන් කැමැත්ත පෙර කී පුරුෂයා තුළ උපන්නා වූ කැමැත්තට සමාන වේ.

යථා යථා අධිමුත‍්තානන‍්ති යෙන යෙනාකාරෙන අධිමුත‍්තානං. දස‍්සනං සුවිසුද‍්ධන‍්ති නිබ‍්බානදස‍්සනං සුට‍්ඨු විසුද‍්ධං. තථා තථා ඛො තෙහි සප‍්පුරිසෙහි බ්‍යාකතන‍්ති තෙන තෙනෙවාකාරෙන තුය‍්හං තෙහි සප‍්පුරිසෙහි කථිතං. යථා හි “කාළකො කිංසුකො”ති කථෙන‍්තො න අඤ‍්ඤං කථෙසි, අත‍්තනා දිට‍්ඨනයෙන කිංසුකමෙව කථෙසි, එවමෙව ඡඵස‍්සායතනානං වසෙන දස‍්සනවිසුද‍්ධිපත‍්තඛීණාසවොපි ඉමං පඤ‍්හං කථෙන‍්තො න අඤ‍්ඤං කථෙසි, අත‍්තනා අධිගතමග‍්ගෙන දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානමෙව කථෙසි.

යථා යථා අධිමුත්තානං = යම් යම් අයුරින් මිදීමක් ලැබූ අයගේ දස්සනං සුවිසුද්ධං = නිර්වාණ දර්ශනය මනාව පිරිසිදු වූයේ. තථා තථා ඡෙකෙහි සප්පුරිසෙහි බ්‍යාකතං = ඒ ඒ අයුරින් ම ඔබට ඒ සත්පුරුෂයන් විසින් කියන ලදී. යම් සේ කළු එරබදු යයි කියන තැනැත්තේ අනිකක් නො කීවේද, තමා දුටු අයුරින් එරබදු ම යයි කීය. මෙසේ ම ස්පර්ශ ආයතන සය වශයෙන් මේ ප්‍රශ්නය ගැන කියන, දර්ශන විශුද්ධියට පත් ක්ෂිණාශ්‍රව තෙමේ ද අනිකක් නො කීවේය. තමා විසින් අවබෝධ කරගත් මාර්ගයෙන් දර්ශන විශුද්ධිය ඇති කරන නිර්වාණයම යයි කීය.

යථා ච “ලොහිතකො ඔචිරකජාතො බහලපත‍්තපලාසො කිංසුකො”ති කථෙන‍්තොපි න අඤ‍්ඤං කථෙසි, අත‍්තනා දිට‍්ඨනයෙන කිංසුකමෙව කථෙසි, එවමෙව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධවසෙන චතුමහාභූතවසෙන තෙභූමකධම‍්මවසෙන දස‍්සනවිසුද‍්ධිපත‍්තඛීණාසවොපි ඉමං පඤ‍්හං කථෙන‍්තො න අඤ‍්ඤං කථෙසි, අත‍්තනා අධිගතමග‍්ගෙන දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානමෙව කථෙසි.

යම් සේ රතු පැහැති, එල්ලෙමින් පවත්නා මල් ඇත්තේ ද, කොල පැහැති බොහෝ පත්‍ර ඇත්තේද ඒ රුක එරබදු යයි කියන තැනැත්තා සඳහන් කරන්නේ අනික් රුකක් ගැන නොවේ. තමා දුටු අයුරින් එරබදු ම යයි කීය. මෙසේ ම උපාදාන ස්කන්ධ පස වශයෙන් හෝ, සතර මහා භූතයන් වශයෙන් හෝ ත්‍රෛභූමික ධර්ම වශයෙන් හෝ දර්ශන විශුද්ධියට පත් වූ ක්ෂිණාශ්‍රව තෙමේ මේ ප්‍රශ්නය කියන්නේ අනිකක් නො කීය. තමා අවබෝධ කරගත් මගින් දර්ශන විශුද්ධිය ඇති කරන නිර්වාණය ම කීය.

තත්‍ථ යථා කාළකකාලෙ කිංසුකදස‍්සාවිනොපි තං දස‍්සනං භූතං තච‍්ඡං න තෙන අඤ‍්ඤං දිට‍්ඨං, කිංසුකොව දිට‍්ඨො, එවමෙව ඡඵස‍්සායතනවසෙන දස‍්සනවිසුද‍්ධිපත‍්තස‍්සාපි ඛීණාසවස‍්ස දස‍්සනං භූතං තච‍්ඡං, න තෙන අඤ‍්ඤං කථිතං, අත‍්තනා අධිගතමග‍්ගෙන දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානමෙව කථිතං. යථා ච ලොහිතකාලෙ ඔචිරකජාතකාලෙ බහලපත‍්තපලාසකාලෙ කිංසුකදස‍්සාවිනොපි තං දස‍්සනං භූතං තච‍්ඡං, න තෙන අඤ‍්ඤං දිට‍්ඨං, කිංසුකොව දිට‍්ඨො, එවමෙව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධවසෙන චතුමහාභූතවසෙන තෙභූමකධම‍්මවසෙන දස‍්සනවිසුද‍්ධිපත‍්තස‍්සාපි ඛීණාසවස‍්ස දස‍්සනං භූතං තච‍්ඡං, න තෙන අඤ‍්ඤං කථිතං, අත‍්තනා අධිගතමග‍්ගෙන දස‍්සනවිසුද‍්ධිකං නිබ‍්බානමෙව කථිතං.

යම් සේ කළුවර කාලයෙහි එරබඳු දක්නාහු එය සත්‍ය බවත්. දර්ශනය වූ බවත් කීහ. තමන් දුටුවේ එරබදු මිස එයින් අන්‍යවුවක් නො වන බව ම කියන ලදී. මෙසේම ස්පර්ශ ආයතන සයවශයෙන් දර්ශන විශුද්ධියට පත් වූ, කෙලෙස් නැසූ තැනැත්තහු තුළ දර්ශනයක් ඇති වූ බවත්, එය සත්‍ය බවක් ඉන් (සත්‍ය දර්ශනයෙන්) බැහැරවූ අන් යමක් නොවන බවත් කියන ලදී. තමා විසින් අවබෝධ කරගනු ලැබූ මාර්ගයෙන් ලබා ගත් දර්ශන විශුද්ධිය වූ නිර්වාණය (ගැන) ම කියන ලදී. යම් සේ රතු පැහැය වී පැවතී කාලයෙහි ද, එල්ලෙමින් පැවති කාලයෙහි ද, කොල පැහැති බොහෝ පත්‍ර ඇති කාලයෙහි ද එරබදු දකින්නෝ වනාහී ඒ දර්ශනය වූයේ එරබදුම යයිද, එය සත්‍යයක්ම යයිද, එයින් වෙනස් වුවක් නොවේයයිද, දක්නා ලද්දේ එරබදුම යයි ද කියන ලදී. මෙසේ ම උපාදාන ස්කන්ධ පස වශයෙන්ද, සතර මහා භූතයන් වශයෙන් ද, ත්‍රෛභුමික ධර්ම වශයෙන් ද දර්ශන විශුද්ධියට පත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ දර්ශනය සිදු වූවක් ම ය. එය සත්‍යයක් මය, එයින් වෙනස් වූවක් නොවේය යනුවෙන් කියන ලදී. තමා විසින් අවබෝධ කර ගත් මාර්ගයෙන් ලබාගත් දර්ශන විශුද්ධිය ඇති කරන්නා වූ නිර්වාණය ගැනම කියන ලදී.

සෙය්‍යථාපි, භික‍්ඛු රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරන‍්ති ඉදං කස‍්මා ආරද‍්ධං? සචෙ තෙන භික‍්ඛුනා තං සල‍්ලක‍්ඛිතං, අථස‍්ස ධම‍්මදෙසනත්‍ථං ආරද‍්ධං. සචෙ න සල‍්ලක‍්ඛිතං, අථස‍්ස ඉමිනා නගරොපමෙන තස‍්සෙවත්‍ථස‍්ස දීපනත්‍ථාය ආවිභාවනත්‍ථාය ආරද‍්ධං. තත්‍ථ යස‍්මා මජ‍්ඣිමපදෙසෙ නගරස‍්ස පාකාරාදීනි ථිරානි වා හොන‍්තු දුබ‍්බලානි වා, සබ‍්බසො වා මා හොන‍්තු, චොරාසඞ‍්කා න හොන‍්ති, තස‍්මා තං අග‍්ගහෙත්‍වා “පච‍්චන‍්තිමං නගර”න‍්ති ආහ. දළ‍්හුද‍්ධාපන‍්ති ථිරපාකාරං. දළ‍්හපාකාරතොරණන‍්ති ථිරපාකාරඤ‍්චෙව ථිරතොරණඤ‍්ච. තොරණානි නාම හි පුරිසුබ‍්බෙධානි නගරස‍්ස අලඞ‍්කාරත්‍ථං කරීයන‍්ති, චොරනිවාරණත්‍ථානිපි හොන‍්තියෙව. අථ වා තොරණන‍්ති පිට‍්ඨසඞ‍්ඝාටස‍්සෙතං නාමං, ථිරපිට‍්ඨසඞ‍්ඝාටන‍්තිපි අත්‍ථො. ඡද‍්වාරන‍්ති නගරද‍්වාරං නාම එකම‍්පි හොති ද‍්වෙපි සතම‍්පි සහස‍්සම‍්පි, ඉධ පන සත්‍ථා ඡද‍්වාරිකනගරං දස‍්සෙන‍්තො එවමාහ. පණ‍්ඩිතොති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො. බ්‍යත‍්තොති වෙය්‍යත‍්තියෙන සමන‍්නාගතො විසදඤාණො. මෙධාවීති ඨානුප‍්පත‍්තිකපඤ‍්ඤාසඞ‍්ඛාතාය මෙධාය සමන‍්නාගතො.

සෙය්‍යථාපි භික්‍ඛු රඤ්ඤො පච්චන්තිමං නගරං = කුමක් නිසා මෙය අරවන ලද්දේ ද? ඉදින් ඒ භික්ෂුව විසින් එය සිහියට ගනු ලැබී ද? එහෙයින් ධර්ම දේශනාව ඒ භික්ෂුව සඳහා අරඹන ලද්දේ වෙයි. ඉදින් සැලකිල්ලට ලක් නොවූයේ නම් එකල්හි මේ නගර උපමාවෙන් එම කරුණම පැහැදිලි කිරීම පිණිස, පෙන්වා දීම පිණිස ධර්ම දේශනය අරඹන ලදී. එහිදී යම් හෙයකින් මධ්‍යම ප්‍රදේශයේ නගරයෙහි පවුරු ආදිය ස්ථිර නොවූයේ හෝ දුබල නොවූයේ වෙයිද, (ඒ පිළිබඳව) හැම අයුරින් ම සැකයක් ඇති නො විය යුත්තේ ද, ඒ හෙයින් එය නොගෙන ප්‍රත්‍යන්තයෙහි වූ නගරය කැයි කීය. දළ්හං = ස්ථිර පාකාර තොරණං = ස්ථිර වූ ප්‍රාකාරයක් වන ස්ථිර වූ තොරණක් තොරණහු වනාහී නගරයේ අලංකාරය පිණිස පුරුෂ උස ප්‍රමාණයන් අනුව කරනු ලැබේ. චර පුරුෂයන් වැළැක්වීම ද එයින් සිදු වේ. තව ද “තොරණං” යනු මතුපිටින් එකට බැඳී පැවතීම යන අදහසට තවත් නාමයක් ද වේ. ස්ථිරව මතුපිටින් එකට බැඳීම යනුද එහි අරුතකි. ඡද්වාරං = නගරය දොරටුව නම් එකක් හෝ වෙයි, දෙකක් ද, සියයක් ද, දහසක් ද විය හැක. මෙහි වනාහී ශාස්තෲන් වහන්සේ දොරටු සයක් ඇති නගරය දක්වමින් මෙසේ වදාළහ. පණ්ඩිතො = පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ තැනැත්තේ ව්‍යත්තො = ව්‍යක්ත භාවයෙන් යුක්ත වූ පිරිසිදු නුවණක් ඇති තැනැත්තා මෙධා වී = ස්ථානයට අනුව උපදින ප්‍රඥාව නම් වූ නුවණින් යුක්ත වූයේ

පුරත්‍ථිමාය දිසායාතිආදිම‍්හි භූතමත්‍ථං කත්‍වා එවමත්‍ථො වෙදිතබ‍්බො –

පුරත්‍ථිමාය දිසාය = අතීතයෙහි සිදු වූ දෙය අර්ථවත් කොට මෙසේ අර්ථය දත යුත්තේය.

සමිද‍්ධෙ කිර මහානගරෙ සත‍්තරතනසම‍්පන‍්නො රාජා චක‍්කවත‍්ති රජ‍්ජං අනුසාසති, තස‍්සෙතං පච‍්චන‍්තනගරං රාජායුත‍්තවිරහිතං, අථ පුරිසා ආගන‍්ත්‍වා “අම‍්හාකං, දෙව, නගරෙ ආයුත‍්තකො නත්‍ථි, දෙහි නො කිඤ‍්චි ආයුත‍්තක”න‍්ති ආහංසු. රාජා එකං පුත‍්තං දත්‍වා “ගච‍්ඡථ, එතං ආදාය තත්‍ථ අභිසිඤ‍්චිත්‍වා විනිච‍්ඡයට‍්ඨානාදීනි කත්‍වා වසථා”ති. තෙ තථා අකංසු. රාජපුත‍්තො පාපමිත‍්තසංසග‍්ගෙන කතිපාහෙයෙව සුරාසොණ‍්ඩො හුත්‍වා, සබ‍්බානි විනිච‍්ඡයට‍්ඨානාදීනි හාරෙත්‍වා, නගරමජ‍්ඣෙ ධුත‍්තෙහි පරිවාරිතො සුරං පිවන‍්තො නච‍්චගීතාදිරතියා වීතිනාමෙති. අථ රඤ‍්ඤො ආගන‍්ත්‍වා ආරොචයිංසු.

සමිද්ධි නම් මහා නගරයෙහි සත්රුවනින් ආඪ්‍ය වූ චක්‍රවර්ති රජ කෙනෙක් රාජ්‍යානුශාසනා කරයි. රාජකීය නියෝජිතයකු නැති ප්‍රත්‍යන්ත නගරයක් ඔහුට විය. එසේ කල්හි මනුෂ්‍යයෝ අවූත් “දේවයන් වහන්ස, අපගේ නගරයෙහි (රජුගේ) නියෝජිතයෙක් නැත. අපට කිසියම් නියෝජිතයකු ලබා දෙනු මැනව”යි කීහ. රජ තෙමේ එක් පුතකු (ඔවුන් හට) දී මොහු රැගෙන යන්න, එහි අභිෂේක කොට විනිශ්චය ස්ථාන ආදිය සකස් කොට වාසය කරන්න” යයි කීය. ඔව්හු එසේ කළහ. රාජ පුත්‍රයා පාප මිත්‍ර ආශ්‍රයෙන් දින කිහිපයක ඇවෑමෙන් සුරා සොඩකු වී සියළු විනිශ්චය ස්ථානාදිය අත්හැර නුවර මැද ධූර්තයන් විසින් පිරිවරා ගනු ලැබුයේ සුරා පානය කරමින් නෘත්‍ය ගීත ආදියෙහි ගැලී කල්යවයි. එකල්හි (මනුෂ්‍යයෝ) රජු වෙත පැමිණ (ඒ බව) දැන්වූහ.

රාජා එකං පණ‍්ඩිතං අමච‍්චං ආණාපෙසි – “ගච‍්ඡ කුමාරං ඔවදිත්‍වා, විනිච‍්ඡයට‍්ඨානාදීනි කාරෙත්‍වා, පුන අභිසෙකං කත්‍වා, එහී”ති. න සක‍්කා, දෙව, කුමාරං ඔවදිතුං, චණ‍්ඩො කුමාරො ඝාතෙය්‍යාපි මන‍්ති. අථෙකං බලසම‍්පන‍්නං යොධං ආණාපෙසි – “ත්‍වං ඉමිනා සද‍්ධිං ගන‍්ත්‍වා සචෙ සො ඔවාදෙ න තිට‍්ඨති, සීසමස‍්ස ඡින්‍දාහී”ති. ඉති සො අමච‍්චො යොධො චාති ඉදං සීඝං දූතයුගං තත්‍ථ ගන‍්ත්‍වා දොවාරිකං පුච‍්ඡි – “කහං, භො, නගරස‍්ස සාමි කුමාරො”ති. එස මජ‍්ඣෙසිඞ‍්ඝාටකෙ සුරං පිවන‍්තො ධුත‍්තපරිවාරිතො ගීතාදිරතිං අනුභොන‍්තො නිසින‍්නොති.

රජ තෙමේ එක් පණ්ඩිත ඇමතිවරයකු මෙසේ ඇණවීය, “යව, කුමරුට අවවාද කොට විනිශ්චය ස්ථානාදිය සකස් කරවා නැවත ආභිෂේක කොට එනු” ඇමති තෙමේ මෙසේ කීය, “දේවයිනි, කුමරුට අවවාද දිය නොහැක” කුමාරයා චණ්ඩය, (ඔහු) මා නසනු ඇත” ඉක්බිති එක් බල සම්පන්න යෝධයකුට” ඔබ මේ (ඇමති) සමග ගොස් ඉදින් ඔහු අවවාදයෙහි නො පිහිටන්නේ නම් ඔහුගේ හිස සිඳුව”යි රජතුමා අණ කළේය. මෙසේ ඒ ඇමතිවරයා ද යෝධයා ද යන දූත යුගලය වහා එහි ගොස් “පින්වත නගරයෙහි ස්වාමියා වූ කුමාරයා කොහිදැ”යි දොරටු පාලයාගෙන් විචාළේය. “මේ නගරය මැද සතරමං සන්ධියෙහි සුරා බොමින් ධූර්තයන් පිරිවරා ගෙන ගීත ආදියෙහි ඇලී ඒවායෙහි රස විඳිමින් හිඳී” යයි (දොරටු පාලයා කීය)

අථ තං දූතයුගං ගන‍්ත්‍වා අමච‍්චො තාවෙත්‍ථ, “සාමි, විනිච‍්ඡයට‍්ඨානාදීනි කිර කාරෙත්‍වා සාධුකං රජ‍්ජං අනුසාසා”ති ආහ. කුමාරො අසුණන‍්තො විය නිසීදි. අථ නං යොධො සීසෙ ගහෙත්‍වා, “සචෙ රඤ‍්ඤො ආණං කරොසි, කර, නො චෙ, එත්‍ථෙව තෙ සීසං පාතෙස‍්සාමී”ති ඛග‍්ගං අබ‍්බාහි. පරිචාරකා ධුත‍්තා තාවදෙව දිසාසු පලායිංසු. කුමාරො භීතො සාසනං සම‍්පටිච‍්ඡි. අථස‍්ස තෙ තත්‍ථෙව අභිසෙකං කත්‍වා සෙතච‍්ඡත‍්තං උස‍්සාපෙත්‍වා “සම‍්මා රජ‍්ජං අනුසාසාහී”ති රඤ‍්ඤා වුත‍්තං යථාභූතවචනං නිය්‍යාතෙත්‍වා යථාගතමග‍්ගමෙව පටිපජ‍්ජිංසු. ඉමමත්‍ථං ආවිකරොන‍්තො භගවා “පුරත්‍ථිමාය දිසායා”ති ආහ.

ඉක්බිති ඇමතිවරයා ඔහු වෙත ගොස් “ස්වාමීනි, මෙහි වෙසෙන තාක් විනිශ්චය ස්ථානාදිය කරවා යහපත් ලෙස රාජ්‍යානුශාසනය කරන්නැ”යි කීය. කුමාරයා නො ඇසුණාක් මෙන් හුන්නේය. ඉක්බිති යෝධයා (කුමරුගේ) හිසෙන් අල්වා ගෙන “ඉදින් රජුගේ අණ ඉටු කරන්නෙහි නම් කරව, නො එසේ නම් මෙහිම තගේ හිස කපා හෙලන්නෙමි”යි කඩුව ඇද ගත්තේය. වට කොට සිටි ධූර්තයෝ ඒ කෙණෙහිම ඒ ඒ දිශාවන් වෙත පලාගියහ. කුමාරයා බියපත් වූයේ අවවාදය පිළිගත්තේය. ඉක්බිති ඔහු එහිදීම අභිෂේක කොට සේසත් නංවා” මනාව රාජ්‍යානුශාසනය කරන්නැ”යි රජු විසින් කියන ලද සාධාරණ කියමන පවරා දී පැමිණි මඟටම පිළිපන්හ. මේ අදහස පැහැදිලි කරන භාග්‍යවතුන් වහන්සේ පුරත්‍ථිමාය දිසාය යන ආදිය වදාළහ.

තත්‍රිදං ඔපම‍්මසංසන්‍දනං – සමිද‍්ධමහානගරං විය හි නිබ‍්බානනගරං දට‍්ඨබ‍්බං, සත‍්තරතනසමන‍්නාගතො රාජා චක‍්කවත‍්ති විය සත‍්තබොජ‍්ඣඞ‍්ගරතනසමන‍්නාගතො ධම‍්මරාජා සම‍්මාසම‍්බුද‍්ධො, පච‍්චන‍්තිමනගරං විය සක‍්කායනගරං, තස‍්මිං නගරෙ කූටරාජපුත‍්තො විය ඉමස‍්ස භික‍්ඛුනො කූටචිත‍්තුප‍්පාදො, කූටරාජපුත‍්තස‍්ස ධුත‍්තෙහි පරිවාරිතකාලො විය ඉමස‍්ස භික‍්ඛුනො පඤ‍්චහි නීවරණෙහි සමඞ‍්ගිකාලො, ද‍්වෙ සීඝදූතා විය සමථකම‍්මට‍්ඨානඤ‍්ච විපස‍්සනාකම‍්මට‍්ඨානඤ‍්ච, මහායොධෙන සීසෙ ගහිතකාලො විය උප‍්පන‍්නපඨමජ‍්ඣානසමාධිනා නිච‍්චලං කත්‍වා චිත‍්තග‍්ගහිතකාලො, යොධෙන සීසෙ ගහිතමත‍්තෙ ධුත‍්තානං දිසාසු පලායිත්‍වා දූරීභාවො විය පඨමජ‍්ඣානම‍්හි උප‍්පන‍්නමත‍්තෙ නීවරණානං දූරීභාවො, “කරිස‍්සාමි රඤ‍්ඤො සාසන”න‍්ති සම‍්පටිච‍්ඡිතමත‍්තෙ විස‍්සට‍්ඨකාලො විය ඣානතො වුට‍්ඨිතකාලො, අමච‍්චෙන රඤ‍්ඤො සාසනං ආරොචිතකාලො විය සමාධිනා චිත‍්තං කම‍්මනියං කත්‍වා විපස‍්සනාකම‍්මට‍්ඨානස‍්ස වඩ‍්ඪිතකාලො, තත්‍ථෙවස‍්ස තෙහි ද‍්වීහි දූතෙහි කතාභිසෙකස‍්ස සෙතච‍්ඡත‍්තඋස‍්සාපනං විය සමථවිපස‍්සනාකම‍්මට‍්ඨානං නිස‍්සාය අරහත‍්තප‍්පත‍්තස‍්ස විමුත‍්තිසෙතච‍්ඡත‍්තුස‍්සාපනං වෙදිතබ‍්බං.

එහි උපමා සැසඳීම මෙසේ වේ. සමිද්ධ නම් මහා නගරය මෙන් නිර්වාණය නම් නගරය දැක්විය යුතුය. සත් රුවනින් ආඪ්‍ය වූ චක්‍රවර්ති රජතුමා මෙන් සප්ත බෝධ්‍යාංග ධර්මයන්ගෙන් ආඪ්‍ය වූ ධර්ම රාජයාණන් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දත යුතුය. ප්‍රත්‍යන්තයෙක්හි වූ නගරය මෙන් ස්වකීය ශරීරය නමැති නගරය දත යුතුය. ඒ නගරයෙහි කපටි රාජ පුත්‍රයා මෙන් මේ භික්ෂුවගේ කපටි සිත් ඉපදීම දත යුතුය. කපටි රාජ පුත්‍රයාගේ ධූර්තයන් විසින් පිරිවරන ලද කාලය මෙන් මේ භික්ෂුවගේ පංච නීවරණයන්ගෙන් යුක්ත වූ කාලය දත යුතුය. ශීඝ්‍රවූ දූතයන් දෙදෙනා මෙන් සමථ කර්මස්ථානය ද, විදර්ශනා කර්මස්ථානය ද දත යුතුය. මහා යෝධයා විසින් හිසෙන් අල්වා ගන්නා ලද කාලය මෙන් උපන්නා වූ ප්‍රථමධ්‍යාන සමාධියෙන් නිශ්චල කොට සිත අල්වාගන්නා ලද කාලය දත යුතුය. යෝධයා විසින් හිසින් අල්වා ගත් පමණින් ම ධූර්තයන් ඒ ඒ දිශාවන්හි පලාගොස් දුරු වීම මෙන් ප්‍රථම ධ්‍යානය උපන් කෙණෙහි ම නීවරණයන්ගේ දුරුවීම දත යුතුය. රජුගේ අනුශාසනය ඉටු කරන්නෙමියි පිළිගත් පමණින් ම හැරදැමු කාලය මෙන් ධ්‍යානයෙන් නැගී සිටි කාලය දත යුතුය. ඇමතිවරයා විසින් රජුගේ පණිවුඩය දැන්වූ කාලය මෙන් සමාධියෙන් සිත ක්‍රියා යෝග්‍ය කොට විදර්ශනා කර්මස්ථානයට වර්ධනය කරගත් කාලය දත යුතුය. එසේම එම දූතයන් දෙදෙනා විසින් අභිෂේක කරන ලද කුමරුට සේසත් නැංවීම මෙන් සමථ - විදර්ශනා කර්ම ස්ථාන නිසා රහත් බවට පත්වූවහුට විමුක්තිය නමැති සේසත් නැංවීම දත යුතුය.

නගරන‍්ති ඛො භික‍්ඛු ඉමස‍්සෙතං චාතුමහාභූතිකස‍්ස කායස‍්ස අධිවචනන‍්තිආදීසු පන චාතුමහාභූතිකස‍්සාතිආදීනං පදානං අත්‍ථො හෙට‍්ඨා විත්‍ථාරිතොව. කෙවලං පන විඤ‍්ඤාණරාජපුත‍්තස‍්ස නිවාසට‍්ඨානත‍්තා එත්‍ථ කායො “නගර”න‍්ති වුත‍්තො, තස‍්සෙව ද‍්වාරභූතත‍්තා ඡ ආයතනානි “ද‍්වාරානී”ති, තෙසු ද‍්වාරෙසු නිච‍්චං සුප‍්පතිට‍්ඨිතත‍්තා සති “දොවාරිකො”ති, කම‍්මට‍්ඨානං ආචික‍්ඛන‍්තෙන ධම‍්මරාජෙන පෙසිතත‍්තා සමථවිපස‍්සනා “සීඝං දූතයුග”න‍්ති. එත්‍ථ මහායොධො විය සමථො, පණ‍්ඩිතාමච‍්චො විය විපස‍්සනා වෙදිතබ‍්බා.

නගරන්ති ඛො භික්‍ඛු ඉමස්සෙතං චාතුම්ම හා භුතිකස්ස කායස්ස අධිවචනං = යන ආදියෙහි වනාහී “චාතුම්මහා භුතිකස්ස” යන ආදී පදයන්ගේ අර්ථය යට විස්තර කරන ලද්දේය. හුදෙක් විඤ්ඤාණය නමැති රාජ පුත්‍රයාගේ වාසස්ථානය බැවින් මෙහි දී කය නගරය යයි කියන ලදී. එහිම දොරටු වූ බැවින් (ඇස්, කන්, ආදී) ආයතන සය දොරවල් වේ. ඒ දොරටුවල නිතර මනාව පිහිටි බැවින් සිහිය දොරටු පාලකයා වේ. කර්ම ස්ථානයන් කියන්නා වූ ධර්මරාජයන් වහන්සේ විසින් යවන ලද බැවින් සමථ හා විදර්ශනා (යන දෙක) ශීඝ්‍ර වූ දූත යුගලයකි. මෙහි මහා යෝධයා මෙන් සමථය ද, පණ්ඩිත ඇමතියා මෙන් විදර්ශනාව ද දත යුතුය.

මජ‍්ඣෙ සිඞ‍්ඝාටකොති නගරමජ‍්ඣෙ සිඞ‍්ඝාටකො. මහාභූතානන‍්ති හදයවත්‍ථුස‍්ස නිස‍්සයභූතානං මහාභූතානං. වත්‍ථුරූපස‍්ස හි පච‍්චයදස‍්සනත්‍ථමෙවෙතං චතුමහාභූතග‍්ගහණං කතං. නගරමජ‍්ඣෙ පන සො රාජකුමාරො විය සරීරමජ‍්ඣෙ හදයරූපසිඞ‍්ඝාටකෙ නිසින‍්නො සමථවිපස‍්සනාදූතෙහි අරහත‍්තාභිසෙකෙන අභිසිඤ‍්චිතබ‍්බො විපස‍්සනාවිඤ‍්ඤාණරාජපුත‍්තො දට‍්ඨබ‍්බො. නිබ‍්බානං පන යථාභූතසභාවං අකුප‍්පං අධිකාරීති කත්‍වා යථාභූතං වචනන‍්ති වුත‍්තං. අරියමග‍්ගො පන යාදිසොව පුබ‍්බභාගවිපස‍්සනාමග‍්ගො, අයම‍්පි අට‍්ඨඞ‍්ගසමන‍්නාගතත‍්තා තාදිසොයෙවාති කත්‍වා යථාගතමග‍්ගොති වුත‍්තො. ඉදං තාවෙත්‍ථ ධම‍්මදෙසනත්‍ථං ආභතාය උපමාය සංසන්‍දනං.

මජ්ඣෙ සිංඝාට කො = නගරයෙහි මැද සතර මං සන්ධියකි. මහාභූතානං = හෘදය වස්තුවට ආශ්‍රය වූ මහාභූතයන්ගේ. වස්තූරූපයාගේ වනාහී හේතු ප්‍රත්‍යය දැකීම පිණිසම එය ද සතර මහා භූතයන් හට ග්‍රහණය කරන ලදී. නගරමධ්‍යයෙහි ඒ රාජ කුමාරයා මෙන්. ශරීර මධ්‍යයෙහි හෘදය නම් සතර මං සන්‍ධියෙහි හුන්නාවූ ද සමථ විදර්ශනා නම් දූතයන් විසින් අර්හත් අභිෂේකයෙන් අභිෂේක කළයුතු වන්නාවූ ද විදර්ශනා නම් රාජ පුත්‍රයා දැක්විය යුතුය. නිර්වාණය වනාහී සත්‍ය ස්වභාවය ඇත්තාවූ, ස්ථිර වූ. වෙනස් නොවන්නා වූ තත්ත්වයකැයි අදහස් කොට යථාභූත (හෙවත් සත්‍ය ස්වභාවය) යන වචනය කියන ලදී. ආර්ය මාර්ගය වනාහී කෙබඳුවූවක්ද යත් : විදර්ශනා මාර්ගයේ මෙම පෙර කොටස අංග අටකින් මනාව සමන්විත වූ බැවින් මෙසේම යයි දක්වා (එය) සුදුසු මාර්ගය යයි කියන ලදී. මේ වනාහී මෙහිදී ධර්ම දේශනා පිණිස ගෙන එන ලද උපමාව හා සැසඳීමයි. එහිම අරුත් පැහැදිලි කිරීම පිණිස ගෙන එන ලද කොටසෙහි මේ සැසඳීම වේ. මෙහි වූ කලී දොරටු සයෙහි උපමාව

තස‍්සෙවත්‍ථස‍්ස පාකටීකරණත්‍ථං ආභතපක‍්ඛෙ පන ඉදං සංසන්‍දනං – එත්‍ථ හි ඡද‍්වාරූපමා ඡඵස‍්සායතනවසෙන දස‍්සනවිසුද‍්ධිපත‍්තං ඛීණාසවං දස‍්සෙතුං ආභතා, නගරසාමිඋපමා පඤ‍්චක‍්ඛන්‍ධවසෙන, සිඞ‍්ඝාටකූපමා චතුමහාභූතවසෙන, නගරූපමා තෙභූමකධම‍්මවසෙන දස‍්සනවිසුද‍්ධිපත‍්තං ඛීණාසවං දස‍්සෙතුං ආභතා. සඞ‍්ඛෙපතො පනිමස‍්මිං සුත‍්තෙ චතුසච‍්චමෙව කථිතං. සකලෙනපි හි නගරසම‍්භාරෙන දුක‍්ඛසච‍්චමෙව කථිතං, යථාභූතවචනෙන නිරොධසච‍්චං, යථාගතමග‍්ගෙන මග‍්ගසච‍්චං, දුක‍්ඛස‍්ස පන පභාවිකා තණ‍්හා සමුදයසච‍්චං. දෙසනාපරියොසානෙ පඤ‍්හපුච‍්ඡකො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතොති.

ස්පර්ශායතන සය වශයෙන් දර්ශන විශුද්ධියට පත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ දැක්වීමට ගෙන එන ලදී. නගරයෙහි ස්වාමියා යන උපමාව පංචස්කන්ධ වශයෙන් ද, සතර මං සන්ධි උපමාව සතර මහා භූතයන් වශයෙන් ද, නගර උපමාව (කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක යන) ත්‍රෛභුමික ධර්මයන් වශයෙන්ද දර්ශන විශුද්ධියට පැමිණි ක්ෂිණාශ්‍රවයන් දැක්වීමට ගෙන එන ලදී. සැකෙවින් මේ සූත්‍රයෙහි චතුරාර්ය සත්‍යය ගැන ම කියන ලදී. සියලුම නගර සමූහයෙන් දුඃඛ සත්‍යය ම කියන ලදී. “යථාභූත” යන වචනයෙන් නිරෝධ සත්‍යය ද, ගියාවූ මාර්ගය යනුවෙන් මාර්ග සත්‍යයද කියන ලදී. දුක පැහැදිලි කිරීමෙන් තෘෂ්ණාව පිළිබඳ සමුදය සත්‍යය ද දක්වන ලදී. දේශනාවසානයෙහි ප්‍රශ්න විචාරක භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.