යෙදුමෙන් කියවන්න

7. දුක‍්ඛධම‍්මසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

7. දුක‍්ඛධම‍්මසුත‍්තවණ‍්ණනා

7. දුක්ඛධම්ම සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ දුක‍්ඛධම‍්මානන‍්ති දුක‍්ඛසම‍්භවධම‍්මානං. පඤ‍්චසු හි ඛන්‍ධෙසු සති ඡෙදනවධබන්‍ධනාදිභෙදං දුක‍්ඛං සම‍්භවති, තස‍්මා තෙ දුක‍්ඛසම‍්භවධම‍්මත‍්තා දුක‍්ඛධම‍්මාති වුච‍්චන‍්ති. තථා ඛො පනස‍්සාති තෙනාකාරෙනස‍්ස. යථාස‍්ස කාමෙ පස‍්සතොති යෙනාකාරෙනස‍්ස කාමෙ පස‍්සන‍්තස‍්ස. යථා චරන‍්තන‍්ති යෙනාකාරෙන චාරඤ‍්ච විහාරඤ‍්ච අනුබන්‍ධිත්‍වා චරන‍්තං. අඞ‍්ගාරකාසූපමා කාමා දිට‍්ඨා හොන‍්තීති පරියෙට‍්ඨිමූලකස‍්ස චෙව පටිසන්‍ධිමූලකස‍්ස ච දුක‍්ඛස‍්ස වසෙන අඞ‍්ගාරකාසු විය මහාපරිළාහාති දිට‍්ඨා හොන‍්ති. කාමෙ පරියෙසන‍්තානඤ‍්හි නාවාය මහාසමුද‍්දොගාහනඅජපථසඞ‍්කුපථපටිපජ‍්ජනඋභතොබ්‍යූළ‍්හසඞ‍්ගාමපක‍්ඛන්‍දනාදිවසෙන පරියෙට‍්ඨිමූලකම‍්පි, කාමෙ පරිභුඤ‍්ජන‍්තානං කාමපරිභොගචෙතනාය චතූසු අපායෙසු දින‍්නපටිසන්‍ධිමූලකම‍්පි මහාපරිළාහදුක‍්ඛං උප‍්පජ‍්ජති. එවමෙතස‍්ස දුවිධස‍්සාපි දුක‍්ඛස‍්ස වසෙන අඞ‍්ගාරකාසු විය මහාපරිළාහාති දිට‍්ඨා හොන‍්ති.

සත්වැන්නෙහි - දුක්ඛධම්මානං = දුක හටගන්නා ස්වභාවයන්ගේ ස්කන්ධ පස ඇති කල්හි කැපීම්, හිංසා කිරීම් සිර කිරිම් (ඡේදන, වධ, බන්‍ධන) ආදී විවිධ දුක් හට ගනී. එහෙයින්, ඒවා දුක හට ගන්නා ස්වභාවයන් බැවින් “දුක්ඛ ධමමා” යයි කියනු ලැබේ. තථා ඛො පනස්ස = ඒ ආකාරයෙන් විය හැක්කේය. යථාස්සකාමෙ පස්සතො = යම් අයුරකින් කාමයන් දකින්නාවූ මොහුට යථාචරන්තං = යම් අයුරකින් ගෙන යාම ද, විහරණය ද අවබෝධ කොට ගෙන හැසිරෙන්නහු. අඞ්ගාර කාසුපමාකාමා දිට්ඨා හොන්ති = (ඉපදීමට තැනක්) සෙවීම මුල් කොට ඇත්තහුගේ ද, ප්‍රතිසන්ධිය මුල් කොට ඇත්තහුගේද දුක වශයෙන් අඟුරුවළක් වැනි මහා ගින්නක් යයි දක්නා ලද්දේ වෙයි. කාමයන් සොයන්නන් හට වනාහී නැවකින් මහ සමුදුරට බට එළුවකු ගිය මඟට හෝ උල් ගසා එල්ලී නැගිය යුතු කඳු මඟකට හෝ පිවිසීම වැනි දුකක් උපදී. දෙපසින් රැස් වී යුදයට එළඹීම. පසු බැසීම ආදී වශයෙන් සොයා ගැනීම් (අයිති කරගැනීම්), ප්‍රතික්ෂේප කිරීම් මුල් කොට ඇති කාමයන් පරිභෝග කරන්නවුන්හට කාම පරිභෝග චේතනාව නිසා සතර අපායන්හි දෙන ලද (හෙවත් සිදුවන) ප්‍රතිසන්ධිය මුල් කොට ඇත්තාවූ මහා වේදනාකාරී දුකක් උපදී. මෙසේ දෙවැදැරුම් වූ දුක්වශයෙන් අඟුරු වල උපමා කොට ඇති දුක් දක්නා ලද්දේ වෙයි.

දායන‍්ති අටවිං. පුරතොපි කණ‍්ටකොති පුරිමපස‍්සෙ විජ‍්ඣිතුකාමො විය ආසන‍්නට‍්ඨානෙයෙව ඨිතකණ‍්ටකො. පච‍්ඡතොතිආදීසුපි එසෙව නයො. හෙට‍්ඨා පන පාදෙහි අක‍්කන‍්තට‍්ඨානස‍්ස සන‍්තිකෙ, න අක‍්කන‍්තට‍්ඨානෙයෙව. එවං සො කණ‍්ටකගබ‍්භං පවිට‍්ඨො විය භවෙය්‍ය. මා මං කණ‍්ටකොති මා මං කණ‍්ටකො විජ‍්ඣීති කණ‍්ටකවෙධං රක‍්ඛමානො.

දායං = වනය. පුරතොපි කණ්ටකො = පෙර පසෙහි විදිනු කැමැත්තකු මෙන් ආසන්නයෙහිම පිහිටි කටු ඇති. පච්ඡතො = යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. යටින් වනාහි පයට පෑගෙන තැන් සමීපයෙහි හෝ පෑගුණ තැන්හිම හෝ ඒ තැනැත්තා කටු ලැහැබකම පිවිසියකු මෙන් වන්නේ ය. මා මං කණ්ටකො කටු මා නො විදින්නේ ය යනුවෙන් කටු පිළිබඳව ඇති දැනුම රකිමින්.

දන්‍ධො, භික‍්ඛවෙ, සතුප‍්පාදොති සතියා උප‍්පාදොයෙව දන්‍ධො, උප‍්පන‍්නමත‍්තාය පන තාය කාචි කිලෙසා නිග‍්ගහිතාව හොන‍්ති, න සණ‍්ඨාතුං සක‍්කොන‍්ති. චක‍්ඛුද‍්වාරස‍්මිඤ‍්හි රාගාදීසු උප‍්පන‍්නෙසු දුතියජවනවාරෙන “කිලෙසා මෙ උප‍්පන‍්නා”ති ඤත්‍වා තතියෙ ජවනවාරෙ සංවරජවනංයෙව ජවති. අනච‍්ඡරියඤ‍්චෙතං, යං විපස‍්සකො තතියජවනවාරෙ කිලෙසෙ නිග‍්ගණ‍්හෙය්‍ය. චක‍්ඛුද‍්වාරෙ පන ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ භවඞ‍්ගං ආවට‍්ටෙත්‍වා ආවජ‍්ජනාදීසු උප‍්පන‍්නෙසු වොට‍්ඨබ‍්බනානන‍්තරං සම‍්පත‍්තකිලෙසජවනවාරං නිවත‍්තෙත්‍වා කුසලමෙව උප‍්පාදෙති. ආරද‍්ධවිපස‍්සකානඤ‍්හි අයමානිසංසො භාවනාපටිසඞ‍්ඛානෙ පතිට‍්ඨිතභාවස‍්ස.

දන්‍ධො භික්‍ඛවෙ සතුප්පා දො = (නුවණින් නොබලන) සිහිය ඉපදීමම අනුවණ බවකි. උපන් පමණින්ම ජීවිතයට සම්බන්ධ වූ කෙලෙස් නිග්‍රහ ලැබිය යුතු වෙයි. මනාව පිහිටීමට නොහැකි වෙයි. ඇස නමැති දොරටුවෙහි රාගාදිය උපන් කල්හි දෙවන ජවන වාරයෙන්ම “මා තුළ කෙලෙස් උපන්නේය”යි දැන තෙවන ජවන වාරයෙහි සංවරවූ ජවනයක් ව ධාවනය වෙයි. නුවණින් බලන තැනැත්තා තුන්වන ජවන වාරයෙහි කෙලෙස්වලට නිග්‍රහ කරන්නේය. මෙය පුදුමයක් නොවේ. ඇස නමැති දොරටුවෙහි ප්‍රිය වූ අරමුණක් ගැටුණ කල්හි භවාංගය (හෙවත් මුල් සිත) විමසා බලා මෙනෙහි කිරීම් ඇතිවූ කල්හි (කුමන අරමුණක් දැයි) තීරණය කිරීමෙන් අනතුරුව පැමිණි කෙලෙස් ජවන වාරය නවත්වා කුසල් සිතක්ම උපදවයි. ආරම්භ කරන ලද විදර්ශනාව (හෙවත්, ත්‍රි ලක්ෂණ වශයෙන් දැකීම) ඇති. නුවණින් සලකා බලා භාවනාවෙහි යෙදෙන අයට මේ ආනිසංසය වෙයි.

අභිහට‍්ඨුං පවාරෙය්‍යුන‍්ති සුදින‍්නත්‍ථෙරස‍්ස විය රට‍්ඨපාලකුලපුත‍්තස‍්ස විය ච කායෙන වා සත‍්ත රතනානි අභිහරිත්‍වා වාචාය වා “අම‍්හාකං ධනතො යත‍්තකං ඉච‍්ඡසි, තත‍්තකං ගණ‍්හා”ති වදන‍්තා පවාරෙය්‍යුං. අනුදහන‍්තීති සරීරෙ පලිවෙඨිතත‍්තා උණ‍්හපරිළාහං ජනෙත්‍වා අනුදහන‍්ති. සඤ‍්ජාතසෙදෙ වා සරීරෙ ලග‍්ගන‍්තා අනුසෙන‍්තීතිපි අත්‍ථො. යඤ‍්හි තං, භික‍්ඛවෙ, චිත‍්තන‍්ති ඉදං යස‍්මා චිත‍්තෙ අනාවට‍්ටන‍්තෙ පුග‍්ගලස‍්ස ආවට‍්ටනං නාම නත්‍ථි. එවරූපඤ‍්හි චිත‍්තං අනාවට‍්ටන‍්ති, තස‍්මා වුත‍්තං. ඉති ඉමස‍්මිං සුත‍්තෙ විපස‍්සනාබලමෙව දීපිතං.

අභිහට්ඨුං පවාරෙය්‍යුං = සුදින්න තෙරුන්ගේ මෙන්, රට්ඨපාල කුලපුතුගේ ද වැනි කාලයන්හි නවසත් රුවන් ගෙන්වා වචනයෙන් හෝ “අපගේ ධනයෙන් යම් ප්‍රමාණයක් කැමතිවන්නෙහි ද ඒ ප්‍රමාණය ගනුව”යි කියමින් පවරා දෙන්නෝය. අනුදහන්ති = සිරුරෙහි වෙළී පවත්නා බැවින් උණුසුම් දාහයක් උපදවා, දැවෙන බව ඇති කරයි. මතු වූ ඩහදිය හෝ සිරුරෙහි ඇලී පහ නොවී පවතී යන අදහසයි. යංහි තං භික්‍ඛවෙ චිත්තං = යම් හෙයකින් සිත ආවර්ජනා නො කෙරෙන කල්හි පුද්ගලයාගේ ආවර්ජනා කිරීමක් නම් නැත්තේය. මෙසේ වූ සිතක් නො පවතී. ඒ නිසා මෙසේ කියන ලදී. මෙසේ මේ සූත්‍රයෙහි විදර්ශනා බලයම දක්වන ලදී.