6. අවස්සුතපරියායසුත්තවණ්ණනා අට්ඨකථා
6. අවස්සුතපරියායසුත්තවණ්ණනා
6. අවස්සුතපරියාය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ නවං සන්ථාගාරන්ති අධුනා කාරිතං සන්ථාගාරං, එකා මහාසාලාති අත්ථො. උය්යොගකාලාදීසු හි රාජානො තත්ථ ඨත්වා, “එත්තකා පුරතො ගච්ඡන්තු, එත්තකා පච්ඡා, එත්තකා උභොහි පස්සෙහි, එත්තකා හත්ථී අභිරුහන්තු, එත්තකා අස්සෙ, එත්තකා රථෙසු තිට්ඨන්තූ”ති එවං සන්ථං කරොන්ති, මරියාදං බන්ධන්ති, තස්මා තං ඨානං සන්ථාගාරන්ති වුච්චති. උය්යොගට්ඨානතො ච ආගන්ත්වා යාව ගෙහෙසු අල්ලගොමයපරිභණ්ඩාදීනි කාරෙන්ති, තාව ද්වෙ තීණි දිවසානි තෙ රාජානො තත්ථ සන්ථරන්තීතිපි සන්ථාගාරං. තෙසං රාජූනං සහ අත්ථානුසාසනං අගාරන්තිපි සන්ථාගාරං. ගණරාජානො හි තෙ, තස්මා උප්පන්නං කිච්චං එකස්ස වසෙන න ඡිජ්ජති, සබ්බෙසං ඡන්දොපි ලද්ධුං වට්ටති, තස්මා සබ්බෙ තත්ථ සන්නිපතිත්වා අනුසාසන්ති. තෙන වුත්තං “සහ අත්ථානුසාසනං අගාරන්තිපි සන්ථාගාර”න්ති. යස්මා පන තෙ තත්ථ සන්නිපතිත්වා, “ඉමස්මිං කාලෙ කසිතුං වට්ටති, ඉමස්මිං කාලෙ වපිතු”න්ති එවමාදිනා නයෙන ඝරාවාසකිච්චානි සම්මන්තයන්ති, තස්මා ඡිද්දාවඡිද්දං ඝරාවාසං තත්ථ සන්ථරන්තීතිපි, සන්ථාගාරං.
සය වැන්නෙහි නවං සත්‍ථාගාරං = අලුත තනවන ලද රැස්වීම් ශාලාවකි. එක්තරා මහා ශාලාවක්ය යන අදහසයි. යුදයට සුදානම් වන කාලයන්හිදී රජවරු එහි සිට මෙපමණක් ඉදිරියෙන් යනු, මෙපමණක් පසු පසින් ද, මෙපමණක් දෙපසින් ද යනු මෙ පමණක් ඇතුන් පිට නගිනු මෙපමණක් අසුන් පිට ද නගිනු මෙපමණක් රථවල සිටිනු මෙසේ සියල්ල (නියම) කරත්. සීමා නිගමනයන් කරති. එබැවින් ඒ ස්ථානය “සන්ථාගාර” යයි කියනු ලැබේ. යුද්ධාභ්‍යාස ස්ථානයෙන් පැමිණ යම්තාක් නිවාසයන්හි තෙත් ගොම පිරිබඩ ගෑම් ආදිය කරවත්ද, ඒතාක් දෙතුන් දිනක් ඒ රජවරු එහි සත්ථම්භනය (හෙවත් මනස තදකර ගෙන, ශරීරය ද වෙනත් කාර්යයන්ගෙන් වළක්වා ගෙන සිටීම) කරතිය යන අදහසින් සන්ථාගාර යන්න යෙදිණ. ඒ රජවරුන් හට එක්ව ගෙන අර්ථයෙන් අනුශාසනා කරන ගෘහයය යන අදහසින් ද සන්ථාගාර නම් වේ. ඔව්හු ගණ රජවරු වන්නාහ. එබැවින් මතු වූ කාර්යය එක් අයකුගේ මතයකින් ප්‍රතික්ෂේප නොවේ. හැමගේම ඡන්දයද ලබා ගැනීමට සිදු වේ. එබැවින් සියල්ලෝම එහි එක් රැස් වී අනුශාසනා කරත්. ඒ නිසා එක් වී අර්ථයෙන් අනුශාසනා කරන ගෘහයය යන අදහසින් ද සන්ථාගාර නම් වේ. යම් හෙයකින් වනාහී ඔව්හු එහි එක් රැස් වී මේ කාලයෙහි සී සෑමට සුදුසුය. මේ කාලයෙහි වැපිරීමට සුදුසුය යන මේ ආදී පිළිවෙළින් ගෘහ වාසයෙහි කටයුතු සාකච්ඡා කරත්ද, එබැවින් ගෘහ වාසීන්ගේ කුදු මහත් තොරතුරු එහිදී මතුවේය යන අදහසින්ද සන්ථාගාර නම් වේ.
අචිරකාරිතං හොතීති ඉට්ඨකකම්මසුධාකම්මචිත්තකම්මාදිවසෙන සුසජ්ජිතං දෙවවිමානං විය අධුනා නිට්ඨාපිතං. සමණෙන වාති එත්ථ යස්මා ඝරවත්ථුපරිග්ගහණකාලෙයෙව දෙවතා අත්තනො වසනට්ඨානං ගණ්හන්ති, තස්මා “දෙවෙන වා”ති අවත්වා, “සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙනා”ති වුත්තං.
අචිර කාරිතං හොති = උළු ගඩොල් වැඩ. සුණු පිරියම් වැඩ. සිතුවම් වැඩ ඈ විසින් සුසැදී දෙව් විමනක් සේ අලුතින් නිම වූ සමණෙනවා = යම් හෙයකින් ගෘහ වස්තු අරක් ගන්නා කල්හි ම දේවතාවෝ තමාගේ වාසස්ථානය (වෙන් කර) ගනිත් ද එබැවින් දෙවියකු විසින් හෝ යනුවෙන් නො කියා “ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ කවරකු විසින් හෝ මනුෂ්‍ය වූවකු විසින් යයි කියන ලදී.
යෙන භගවා තෙනුපසඞ්කමිංසූති සන්ථාගාරං නිට්ඨිතන්ති සුත්වා “ගච්ඡාම නං පස්සිස්සාමා”ති ගන්ත්වා ද්වාරකොට්ඨකතො පට්ඨාය සබ්බං ඔලොකෙත්වා “ඉදං සන්ථාගාරං අතිවිය මනොරමං සස්සිරිකං. කෙන පඨමං පරිභුත්තං අම්හාකං දීඝරත්තං හිතාය සුඛාය අස්සා”ති චින්තෙත්වා – “අම්හාකං ඤාතිසෙට්ඨස්ස පඨමං දිය්යමානෙපි සත්ථුනොව අනුච්ඡවිකං, දක්ඛිණෙය්යවසෙන දිය්යමානෙපි සත්ථුනොව අනුච්ඡවිකං, තස්මා සත්ථාරං පඨමං පරිභුඤ්ජාපෙස්සාම, භික්ඛුසඞ්ඝස්ස ච ආගමනං කරිස්සාම, භික්ඛුසඞ්ඝෙ ආගතෙ තෙපිටකං බුද්ධවචනං ආගතමෙව භවිස්සති, සත්ථාරං තියාමරත්තිං අම්හාකං ධම්මකථං කථාපෙස්සාම, ඉති තීහි රතනෙහි පරිභුත්තං පච්ඡා මයං පරිභුඤ්ජිස්සාම, එවං නො දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති සන්නිට්ඨානං කත්වා උපසඞ්කමිංසු.
යෙන භගවා තෙනුපසඞ්කමිංසු = රැස්වීම් ශාලාව නිමවන ලදැයි අසා “යමු එය බලන්නෙමු” යයි ගොස් දොර කොටුවේ පටන් සියල්ල බලා මේ රැස්වීම් ශාලාව අතිශයින් මනහරය, සශ්රීකවත්ය, කවරකු විසින් මුලින් ම පරිභෝග කරන ලද්දේ නම් අපට දිගු කලක් හිතසුව පිණිස පවත්නේ දැයි සිතා අපගේ ශ්‍රේෂ්ඨ ඥාතීවරයාට පළමුව දිය යුත්තේ වුවද ශාස්තෲහු ම සුදුසුය, දිය යුතු අයකු වශයෙන් ද දීමට ශාස්තෲහුම සුදුසුය. එබැවින් පළමු ව ශාස්තෲන් ලවා පරිභෝග කරවන්නෙමු. භික්ෂු සංඝයාගේ පැමිණීම සලස්වන්නෙමු, භික්ෂු සංඝයාගේ පැමිණීමෙහිදී තෙවළා බුදුවදන් පැමිණියේම වන්නේ ය, ශාස්තෲන් වහන්සේ ලවා තුන් යම් රැය අපහට දහම් කථා කියවා ගන්නෙමු. එසේ අපට දිගු කලක් හිත සුව පිණිස පවතින්නේ යයි සනිටුහන් කොට (ශාස්තෲන් වහන්සේ වෙත) පැමිණියහ.
යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිංසූති තංදිවසං කිර සන්ථාගාරං කිඤ්චාපි රාජකුලානං දස්සනත්ථාය දෙවවිමානං විය සුසජ්ජිතං හොති සුපටිජග්ගිතං, බුද්ධාරහං පන කත්වා අපඤ්ඤත්තං. බුද්ධා හි නාම අරඤ්ඤජ්ඣාසයා අරඤ්ඤාරාමා අන්තොගාමෙ වසෙය්යුං වා නො වා, තස්මා “භගවතො මනං ජානිත්වාව, පඤ්ඤාපෙස්සාමා”ති චින්තෙත්වා, තෙ භගවන්තං උපසඞ්කමිංසු, ඉදානි පන මනං ලභිත්වා පඤ්ඤාපෙතුකාමා යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු.
යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු එදවස වනාහී සන්ථාගාරය රාජකීයන්ගේ දැක්ම පිණිස කිසියම් අයුරකින් සැරසු දෙව් විමනක් සේ සුසැදුණේ වෙයි. මනාව පිළිදැගුම් කරන ලද්දේ වෙයි. බුදුරදුනට සුදුසු සේ සකස් කොට (අසුන) නො පනවන ලදි. බුදුහු වනාහී ආරණ්‍යයන් පිළිබඳ අදහස් ඇත්තාහුය, ආරණ්‍යයන් ප්‍රිය කරන්නාහුය, ඇතුළු ගමෙහි වසනුවෝ හෝ මනා වසනුවෝ විය හැක. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙනම අසුන් පනවන්නෙමුයි සිතා ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. දැන් වනාහී කැමැත්ත ලබා ගෙන (අසුන්) පනවනු කැමැත්තෝ සන්ථාගාරය වෙත පැමිණියහ.
සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වාති යථා සබ්බමෙව සන්ථතං හොති, එවං තං සන්ථරාපෙත්වා. සබ්බපඨමං තාව “ගොමයං නාම සබ්බමඞ්ගලෙසු වට්ටතී”ති සුධාපරිකම්මකතම්පි භූමිං අල්ලගොමයෙන ඔපුඤ්ජාපෙත්වා, පරිසුක්ඛභාවං ඤත්වා, යථා අක්කන්තට්ඨානෙ පදං පඤ්ඤායති, එවං චතුජ්ජාතියගන්ධෙහි ලිම්පාපෙත්වා උපරි නානාවණ්ණකටසාරකෙ සන්ථරිත්වා තෙසං උපරි මහාපිට්ඨිකකොජවෙ ආදිං කත්වා හත්ථත්ථරඅස්සත්ථරසීහත්ථරබ්යග්ඝත්ථරචන්දත්ථරකසූරියත්ථරකචිත්තත්ථරකාදීහි නානාවණ්ණෙහි අත්ථරකෙහි සන්ථරිතබ්බයුත්තකං සබ්බොකාසං සන්ථරාපෙසුං. තෙන වුත්තං “සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා”ති.
සබ්බසන්ථරං සන්ථාගාරං සන්ථරිත්වා = යම් සේ මුලුමනින්ම පැතිරී ගියේ වේද එසේ අතුරා සියල්ලට පළමුව සියලු මංගල කටයුතුවලදී ගොම ඇතිල්ලීම නම් සුදුසු යයි කියා, සුදෙන් පිරියම් කරන ලද්දාවූ භූමිය අමුගොම වලින් පිස දම්මවා පිරිසිදු බව දැන, යම් සේ පෑගුණ තැනෙක පා සලකුණ පෙනේද, මෙසේ (කොකුම් යවන පුෂ්ප, තුවරලා, තුරුක් තෙල් යන) සිවු දෑ ගඳ ආලේප කරවා, ඒ මතුයෙහි නොයෙක් වර්ණකාරකයන්ගෙන් සාදා ගත් සාරය අතුරා. ඒ මතුයෙහි පුළුල් පලස් දමා, ඇතුන් පිට දමන ඇතිරිලි, අසුන පිට දමන ඇතිරිලි, සිංහ රූප යෙදූ ඇතිරිලි, ව්යාඝ්ර රූප යෙදූ ඇතිරිලි, රන්වන් ඇතිරිලි, සුර්ය ලාංඡන සහිත ඇතිරිලි, විචිත්‍ර වූ ඇතිරිලි ආදී නා නා වර්ණයන්ගෙන් යුත් ඇතිරිලි වලින් ඇතිරිය යුතු හැම ඉඩ කඩක්ම ඇතිරවූහ. එබැවින් “සබ්බ සන්ථරං සන්ථාගාරං සන්ථරිත්වා” (හෙවත් සකල විධ ඇතිරිලිවලින් සන්ථාගාරය අතුරවා) යයි කියන ලදී.
ආසනානි පඤ්ඤාපෙත්වාති මජ්ඣට්ඨානෙ තාව මඞ්ගලථම්භං නිස්සාය මහාරහං බුද්ධාසනං පඤ්ඤාපෙත්වා, තත්ථ තත්ථ යං යං මුදුකඤ්ච මනොරමඤ්ච පච්චත්ථරණං, තං තං පච්චත්ථරිත්වා උභතොලොහිතකං මනුඤ්ඤදස්සනං උපධානං උපදහිත්වා උපරි සුවණ්ණරජතතාරකවිචිත්තවිතානං බන්ධිත්වා ගන්ධදාමපුප්ඵදාමපත්තදාමාදීහි අලඞ්කරිත්වා සමන්තා ද්වාදසහත්ථෙ ඨානෙ පුප්ඵජාලං කාරෙත්වා, තිංසහත්ථමත්තං ඨානං පටසාණියා පරික්ඛිපාපෙත්වා පච්ඡිමභිත්තිං නිස්සාය භික්ඛුසඞ්ඝස්ස පල්ලඞ්කපීඨඅපස්සයපීඨමුණ්ඩපීඨානි පඤ්ඤාපෙත්වා උපරි සෙතපච්චත්ථරණෙහි පච්චත්ථරාපෙත්වා පාචීනභිත්තිං නිස්සාය අත්තනො අත්තනො මහාපිට්ඨිකකොජවෙ පඤ්ඤාපෙත්වා මනොරමානි හංසලොමාදිපූරිතානි උපධානානි ඨපාපෙසුං “එවං අකිලමමානා සබ්බරත්තිං ධම්මං සුණිස්සාමා”ති. ඉදං සන්ධාය වුත්තං “ආසනානි පඤ්ඤාපෙත්වා”ති.
ආසනානි = මැද ස්ථානයෙහි මංගල ස්තම්භය (හෙවත් මැද පිහිටි ප්‍රධාන කණුව) අසල ඉතා වටිනා බුද්ධාසනය පනවා ඒ ඒ තන්හි යම් යම් මෘදු වූ ද, මනරම් වූ ද ඇතිරිලි වේ නම් ඒවා අතුරා දෙපසෙහි රත්පැහැති. සිත් ගන්නා පෙනුම ඇති කොට්ට තබා, මතුයෙහි රන්තරු රීදී තරුවලින් විසිතුරු වියන් බැඳ, ගඳ දම්, මල් දම් හා වස්ත්‍ර දාම ආදියෙන් අලංකාර කොට අවටින් දොළොස් රියන් තන්හි මල් දැල් කරවා තිස් රියන් පමණ තැන් මල් තිරවලින් වට කරවා බටහිර බිත්තිය අසලින් භික්ෂු සංඝයාට පලඟ පුටු, හාන්සි පුටු හා නිරාවරණ පුටු ද පනවා මතුයෙහි සුදු ඇතිරිලි අතුරා, පෙරදිග බිත්තිය අසලින් තමාගේ පුළුල් පලස අතුරවා හංස ලෝම ආදියෙන් පිරුණ කොට්ට තැබ්බවූහ. මෙසේ වෙහෙසට පත් නොවී මුලු රැයෙහිම දහම් අසන්නෙමු ය යන මේ (කරුණ) සඳහා “ආසනානි පඤ්ඤා පෙත්වා” (හෙවත් අසුන් පනවා) යි කියන ලදී.
උදකමණිකං පතිට්ඨාපෙත්වාති මහාකුච්ඡිකං උදකචාටිං පතිට්ඨාපෙත්වා “එවං භගවා ච භික්ඛුසඞ්ඝො ච යථාරුචියා හත්ථෙ වා ධොවිස්සන්ති පාදෙ වා, මුඛං වා වික්ඛාලෙස්සන්තී”ති තෙසු තෙසු ඨානෙසු මණිවණ්ණස්ස උදකස්ස පූරාපෙත්වා වාසත්ථාය නානාපුප්ඵානි චෙව උදකවාසචුණ්ණානි ච පක්ඛිපිත්වා කදලිපණ්ණෙහි පිදහිත්වා පතිට්ඨාපෙසුං. ඉදං සන්ධාය වුත්තං “උදකමණිකං පතිට්ඨාපෙත්වා”ති.
උදක මණීකං = මහා දිය සැළිය. පතිට්ඨා පෙත්වා = මෙසේ භාග්‍යවතුන් වහන්සේ ද, භික්ෂූ සංඝයා ද කැමති පරිදි අත් සෝදත්වා, පාද හෝ මුඛය හෝ සෝදත්වා යයි ඒ ඒ තන්හි නිල් පැහැති දිය පුරවා සුවඳ පිණිස නොයෙක් මල් ද, ජලය සඳහා වූ සුවඳ සුණු ද බහා කෙසෙල් පතින් වසා (දිය සැලි) තැබ්බවූහ. මේ බව දැක්වීම සඳහා “පතිට්ඨා පෙත්වා” (පිහිටුවා) යයි කියන ලදී.
තෙලප්පදීපං ආරොපෙත්වාති රජතසුවණ්ණාදිමයදණ්ඩදීපිකාසු යොනකරූපකිරාතරූපකාදීනං හත්ථෙ ඨපිතසුවණ්ණරජතාදිමයකපල්ලිකාසු ච තෙලප්පදීපං ජාලාපෙත්වාති අත්ථො.
තෙලප්පදීපං ආරොපෙත්වා = රිදී රන් ආදියෙන් කළ පන්දම්හි ද, යෝනක දේශීයයන්ගේ රූපවැනි කුඩා රූපවල අත්හි තබන ලද රන් රිදී ආදියෙන් කළ බඳුන්හි ද තෙල් පහන් දල්වා යන අරුතයි.
යෙන භගවා තෙනුපසඞ්කමිංසූති එත්ථ පන තෙ සක්යරාජානො න කෙවලං සන්ථාගාරමෙව, අථ ඛො යොජනාවට්ටෙ කපිලවත්ථුස්මිං නගරවීථියොපි සම්මජ්ජාපෙත්වා ධජෙ උස්සාපෙත්වා ගෙහද්වාරෙසු පුණ්ණඝටෙ ච කදලියො ච ඨපාපෙතෙවා සකලනගරං දීපමාලාදීහි විප්පකිණ්ණතාරකං විය කත්වා “ඛීරූපගෙ දාරකෙ ඛීරං පායෙථ, දහරෙ කුමාරෙ ලහුං ලහුං භොජෙත්වා සයාපෙථ, උච්චාසද්දං මා කරිත්ථ, අජ්ජ එකරත්තිං සත්ථා අන්තොගාමෙ වසිස්සති, බුද්ධා නාම අප්පසද්දකාමා හොන්තී”ති භෙරිං චරාපෙත්වා සයං දණ්ඩදීපිකා ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු.
යෙන භගවා තෙනුපසඞ්කමිංසු = මෙහි වනාහී ඒ ශාක්‍ය වංශික රජවරු හුදෙක් සන්ථාගාරයම පමණක් නොව යොදුන් ගණන් කපිල වස්තුවෙහි නගර වීථීන් ද හමදවා කොඩි ඔසවා නිවාස දොරටුවල පුන් කලස් ද කෙසෙල් ගස් ද තබවා මුළු නුවරම පහන් සහ මල් ආදියෙන් විසුරුවන ලද තාරකා ඇති තැනක් මෙන් කොට “කිරි බොන දරුවන් හට කිරි පොවනු. බාල දරුවන් හට සැහැල්ලු ආහාර දී නිදි කරවනු. මහත් සේ ශබ්ද නොකරනු, අද එක් රැයක් ශාස්තෲන් වහන්සේ ඇතුළු ගමෙහි වසන්නෝය. බුදුවරු නම් ස්වල්පවූ ශබ්දයට (නිහඬතාවයට) කැමැත්තෝ වෙති” යි බෙර හසුරුවා තුමූ පන්දම් රැගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියහ.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමීති “යස්ස දානි, භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති එවං කිර කාලෙ ආරොචිතෙ භගවා ලාඛාරසතින්තරත්තකොවිළාරපුප්ඵවණ්ණං රත්තදුපට්ටං කත්තරියා පදුමං කන්තෙන්තො විය, සංවිධාය තිමණ්ඩලං පටිච්ඡාදෙන්තො නිවාසෙත්වා සුවණ්ණපාමඞ්ගෙන පදුමකලාපං පරික්ඛිපන්තො විය, විජ්ජුලතාසස්සිරිකං කායබන්ධනං බන්ධිත්වා රත්තකම්බලෙන ගජකුම්භං පරියොනන්ධන්තො විය, රතනසතුබ්බෙධෙ සුවණ්ණග්ඝිකෙ පවාළජාලං ඛිපමානො විය සුවණ්ණචෙතියෙ රත්තකම්බලකඤ්චුකං පටිමුඤ්චන්තො විය, ගච්ඡන්තං පුණ්ණචන්දං රත්තවණ්ණවලාහකෙන පටිච්ඡාදයමානො විය, කඤ්චනපබ්බතමත්ථකෙ සුපක්කලාඛාරසං පරිසිඤ්චන්තො විය, චිත්තකූටපබ්බතමත්ථකං විජ්ජුලතාය පරික්ඛිපන්තො විය ච සචක්කවාළසිනෙරුයුගන්ධරං මහාපථවිං සඤ්චාලෙත්වා ගහිතං නිග්රොධපල්ලවසමානවණ්ණං රත්තවරපංසුකූලං පාරුපිත්වා, ගන්ධකුටිද්වාරතො නික්ඛමි කඤ්චනගුහතො සීහො විය උදයපබ්බතකූටතො පුණ්ණචන්දො විය ච. නික්ඛමිත්වා පන ගන්ධකුටිපමුඛෙ අට්ඨාසි.
අථඛො භගවා නිවාසෙත්වා පත්තචීවර මාදාය සද්ධිං භික්ඛු සඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිති යස්සදානි භන්තෙ භගවා කාල මඤ්ඤති = මෙසේ වනාහී (දැන් වැඩම කිරීමට සුදුසු කලැයි) කල් දැන් වූ විට භාග්‍යවතුන් වහන්සේ ලාකඩ රසයෙන් තෙමු රත්කොබෝලිල මලේ පැහැය ගත් රතු පැහැ අඳනය, කතුරකින් පියුම් පතක් කපා වෙන් කළ විට පෙනෙනා සේම (බුදු සිරුරෙහි ඉහළ පහළ වෙනස දිස්වන අයුරින්) නාභිය දෙදණ යන ත්‍රිමණ්ඩලය වැසෙන සේ හැඳ. රන් හවඩියකින් නෙළුම් මල් මිටියක් වට කරනු මෙන් විදුලියෙහි ශෝභාව දැරු බඳපටිය බැඳ රත් පැහැ කම්බිලියකින් රිදී කුළක් වෙළනු මෙන් ද මලින් සැරසු සියක් රියන් උසැති රන් කණුවෙක්හි පබළු දැලක් දවටනු මෙන් ද, රන් පැහැ චෛත්‍යයක රතු කම්බිලියෙන් කළ ආවරණයක් යොදන මෙන් ද, ගමන් කරන පුන් සඳ රත් වලායෙකින් වැසෙනු මෙන් ද. කසුන් පව්වක් මතුයෙහි මනාව පැසුණ ලාකඩ රස ඉසිනු මෙන් ද, සිත් කුළු පව්වෙහි මතු පිට විදුලි දහරින් වට කරනු මෙන් ද, සක්වළ සුනෙර, යුගඳුරු පව් හා මහ පොළව සොලවා (අතට) ගත්. නුගපලවන් රතු උතුම් පවුල පොරවා ගඳ කිළිදොරින් නික්මුණ සේක. (එසේ නික්මීම) රන්වන් ගල් ලෙනකින් සිංහයකුගේ නික්මීම මෙන්ද, උදය පර්වත මස්තකයෙන් චන්ද්‍රයාගේ නික්මීම මෙන් ද වූයේ ය. එසේ නික්මුණ උන්වහන්සේ ගඳ කිළිය අභිමුවෙහි සිටිසේක.
අථස්ස කායතො මෙඝමුඛෙහි විජ්ජුකලාපා විය රස්මියො නික්ඛමිත්වා සුවණ්ණරසධාරාපරිසෙකපිඤ්ජරපත්තපුප්ඵඵලවිටපෙ විය ආරාමරුක්ඛෙ කරිංසු. තාවදෙව ච අත්තනො අත්තනො පත්තචීවරමාදාය මහාභික්ඛුසඞ්ඝො භගවන්තං පරිවාරෙසි.
ඉක්බිති උන්වහන්ගේ සිරුරින් වළාකුළු මුවින් නික්මෙන විදුලි දහර කලාප මෙන් රැස් නික්මී අරමෙහි වෘක්ෂයන් රන්වන් දිය දහර වත් කිරීමෙන් රත් පැහැ වූ කොල, මල්, පල, විට මෙන් (රන් පැහැ) කළේය. එවිටම තම පා සිවුරු ගෙන (පැමිණි) මහසඟන බුදු රදුන් පිරිවරා ගත්හ.
තෙ පන පරිවාරෙත්වා ඨිතා භික්ඛූ එවරූපා අහෙසුං – අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා ආරද්ධවීරියා වත්තාරො වචනක්ඛමා චොදකා පාපගරහිනො සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනසම්පන්නා. තෙහි පරිවාරිතො භගවා රත්තකම්බලපරික්ඛිත්තො විය සුවණ්ණක්ඛන්ධො, රත්තපදුමසණ්ඩමජ්ඣගතා විය සුවණ්ණනාවා, පවාළවෙදිකාපරික්ඛිත්තො විය සුවණ්ණපාසාදො විරොචිත්ථ. සාරිපුත්තමොග්ගල්ලානාදයො මහාථෙරාපි නං මෙඝවණ්ණං පංසුකූලං පාරුපිත්වා මණිවම්මවම්මිකා විය මහානාගා පරිවාරයිංසු වන්තරාගා භින්නකිලෙසා විජටිතජටා ඡින්නබන්ධනා කුලෙ වා ගණෙ වා අලග්ගා.
බුදුරදුන් පිරිවරා සිටි ඒ භික්ෂූහු මෙබඳු වූහ. (කෙබඳුද යත්) අල්පේච්ඡ සන්තුෂ්ට වූහ. අතිශය විවේකයට පත් වූහ, අන් අය හා නිතර ඇසුරෙන් වෙන්වූහ. ඇරඹු වීර්යය ඇත්තෝ වූහ. (ධර්මය, අවවාද, උපදෙස් ආදිය) කියන්නෝ වූහ, කී දේ ඉවසන්නෝ වූහ, වැරැද්දට චෝදනා කරන්නෝ වූහ, පව ගරහන්නෝ වූහ. සිල්වත් වූහ, සමාධි සම්පන්න වූහ, ප්‍රඥා සම්පන්න වූහ. විමුක්ති හා විමුක්තිඥාන දර්ශන සම්පන්න වූහ. ඒ භික්ෂූන් විසින් පිරිවරන ලද භාග්‍යවත්හු රක්තවර්ණ කම්බිලියකින් වට කරනු ලැබු රත්රන් කඳක් මෙන් ද, රත් පියුම් රැසක් මැදට පැමිණි ස්වර්ණමය ප්‍රාසාදයක් මෙන් ද විරාජමාන වූහ. දුරු කළ දෝෂයන් ඇති, බිඳහළ කෙලෙස් ඇති, ලිහන ලද (කෙළෙස්) ගැට ඇති. සිඳින ලද බැඳුම් ඇති කුලයෙහි හෝ සමූහයා කෙරෙහි හෝ නො ඇලුනා වූ ශාරීපුත්‍ර. මෞද්ගල්‍යායන ආදී මහ තෙරවරු මේඝවර්ණ වූ පාංශුකූල චීවරයන් පොරවා නීල වර්ණ මාණික්‍යමය සන්නාහයෙන් සන්නද්ධ වූ මහා හස්තීන් මෙන් ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ.
ඉති භගවා සයං වීතරාගො වීතරාගෙහි, වීතදොසො වීතදොසෙහි, වීතමොහො වීතමොහෙහි, නිත්තණ්හො නිත්තණ්හෙහි, නික්කිලෙසො නික්කිලෙසෙහි, සයං බුද්ධො බහුස්සුතබුද්ධෙහි පරිවාරිතො පත්තපරිවාරිතං විය කෙසරං, කෙසරපරිවාරිතා විය කණ්ණිකා, අට්ඨනාගසහස්සපරිවාරිතො විය ඡද්දන්තො නාගරාජා, නවුතිහංසසහස්සපරිවාරිතො විය ධතරට්ඨො හංසරාජා, සෙනඞ්ගපරිවාරිතො විය චක්කවත්තිරාජා, මරුගණපරිවාරිතො විය සක්කො දෙවරාජා, බ්රහ්මගණපරිවාරිතො විය හාරිතමහාබ්රහ්මා, තාරාගණපරිවාරිතො විය පුණ්ණචන්දො අසමෙන බුද්ධවෙසෙන අපරිමාණෙන බුද්ධවිලාසෙන කපිලවත්ථුගාමිමග්ගං පටිපජ්ජි.
මෙසේ භාගවතුන් වහන්සේ තුළ පහ වූ රාග ඇත්තාහු වීතරාගීන් විසින් පිරිවරනා ලදහ. පහ වූ ද්වේෂ ඇත්තාහු වීත ද්වේෂීන් විසින් පිරිවරනා ලදහ. පහ වූ මෝහය ඇත්තාහු වීත මෝහීන් විසින් පිරිවරනා ලදහ. පහවූ මෝහය ඇත්තාහු වීත මෝහීන් විසින් පිරිවරන ලදහ. තෘෂ්ණා රහිත වූවාහු නික්ලේශීන් විසින් පිරිවරනා ලදහ. සම්‍යක් සම්බුද්ධ වූවාහු බහුශ්‍රැත ප්‍රබුද්ධයන් විසින් පිරිවැරනා ලදහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බඹරුන් විසින් පිරිවරන ලද මල් රේණු මෙන්ද, මල් රේණු විසින් පිරිවරන ලද මල් කෙමිය මෙන් ද, අට දහසක් ඇතුන් විසින් පිරිවරන ලද ෂඩ්දන්ත නම් හස්ති රාජයා මෙන් ද, අනූ දහසක් හංසයන් විසින් පිරිවරන ලද ධ්‍රතරාෂ්ට්‍ර නම් හංස රාජයා මෙන්ද, සේනාංකයන් විසින් පිරිවරන ලද චක්‍රවර්ති රාජයා මෙන්ද. දේව ගණයා විසින් පිරිවරන ලද ශක්‍ර දිව්‍ය රාජයා මෙන්ද. බ්‍රහ්ම ගණයා විසින් පිරිවරන ලද හාරිත නම් මහා බ්‍රහ්මයා මෙන් ද, තරුගණයා විසින් පිරිවරන ලද පූර්ණ චන්ද්‍රයා මෙන් ද අසමාන වූ බුද්ධ වේශයෙන් ද, අපරිමිත වූ බුද්ධ විලාශයෙන් ද (යුතුව) කිඹුල්වතට යන්නාවූ මාර්ගයට පිළිපන් සේක.
අථස්ස පුරත්ථිමකායතො සුවණ්ණවණ්ණා රස්මි උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි පච්ඡිම-කායතො, දක්ඛිණහත්ථතො, වාමහත්ථතො සුවණ්ණවණ්ණා රස්මි උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. උපරි කෙසන්තතො පට්ඨාය සබ්බකෙසාවට්ටෙහි මොරගීවවණ්ණා රස්මි උට්ඨහිත්වා ගගනතලෙ අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. හෙට්ඨා පාදතලෙහි පවාළවණ්ණා රස්මි උට්ඨහිත්වා ඝනපථවිං අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. එවං සමන්තා අසීතිහත්ථට්ඨානං ඡබ්බණ්ණා බුද්ධරස්මියො විජ්ජොතමානා විප්ඵන්දමානා කඤ්චනදණ්ඩදීපිකාහි නිච්ඡරිත්වා ආකාසං පක්ඛන්දජාලා විය චාතුද්දීපිකමහාමෙඝතො නික්ඛන්තවිජ්ජුලතා විය විධාවිංසු. සබ්බදිසාභාගා සුවණ්ණචම්පකපුප්ඵෙහි විකිරියමානා විය, සුවණ්ණඝටතො නික්ඛන්තසුවණ්ණරසධාරාහි සිඤ්චමානා විය, පසාරිතසුවණ්ණපටපරික්ඛිත්තා විය, වෙරම්භවාතසමුට්ඨිතකිංසුකකණිකාරපුප්ඵචුණ්ණසමොකිණ්ණා විය විප්පභාසිංසු.
ඉක්බිති උන්වහන්සේගේ පෙර පස කයෙන් රන්වන් රැස් නැගී අසූරියන් තැන්හි පැතිර ගත්තේය. අපර පස කයෙන් ද. වමතින් හා දකුණතින් ද රන්වන් රැස් නැගී අසු අසුරියන් තැන්හි පැතිර ගත්තේය. මුදුනෙහි කේශාන්තයෙහි සිට සියළුම කේශ කූපයන්ගෙන්, මයුර ගෙළෙහි මෙන් (නිල්) වණින් යුත් රැස් නැගී ගුවන් තලයෙහි අසුරියන් තැන්හි පැතිර ගත්තේය. යටි පතුල් තලවලින් පබළුවන් රැස් නැගී ඝන පොළවෙහි අසූරියන් තැන්හි පැතිර ගත්තේය. මෙසේ හාත්පසින් අසූරියන් තැන්හි, බබළන්නාවූ ද, ලෙළ දෙන්නාවූ ද. සවණක් බුදු රැස් රන්වන් මිටැති පන්දම්වලින් නික්ම ගුවනට වදින ආලෝක ධාරාවක් මෙන් ද, සතර මහ දිවයින්හි මහා මේඝ කූටයෙන් නික්මුණ විදුලිය මෙන්ද ඔබනොබ දිවීය. සකල දිශාවෝම රන්වන් සපු මල්වලින් විසුරුවනු ලබන්නාක්හු මෙන් ද, රන් කලසින් නික්ම වූ රන්දිය දහරින් තෙමනු ලබන්නාක් හු මෙන්ද, දිග හළ රටින් වට කරන ලද්දාක්හු මෙන්ද, වේරම්භ වාතයෙන් ගසා ගෙනගිය කෑල හා කිණිහිරිය මල් සුණුවලින් විසුරුවන ලද්දාක්හු මෙන් ද ප්රභාවත් වූහ.
භගවතොපි අසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාද්වත්තිංසවරලක්ඛණසමුජ්ජලසරීරං සමුග්ගතතාරකං විය ගගනතලං, විකසිතමිව පදුමවනං, සබ්බපාලිඵුල්ලො විය යොජනසතිකො පාරිච්ඡත්තකො, පටිපාටියා ඨපිතානං ද්වත්තිංසචන්දානං ද්වත්තිංසසූරියානං ද්වත්තිංසචක්කවත්තීනං ද්වත්තිංසදෙවරාජානං ද්වත්තිංසමහාබ්රහ්මානං සිරියා සිරිං අභිභවමානං විය විරොචිත්ථ, යථා තං දසහි පාරමීහි දසහි උපපාරමීහි දසහි පරමත්ථපාරමීහි සම්මදෙව පූරිතාහි සමතිංසපාරමිතාහි අලඞ්කතං. කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි දින්නදානං රක්ඛිතසීලං කතකල්යාණකම්මං එකස්මිං අත්තභාවෙ ඔතරිත්වා විපාකං දාතුං ඨානං අලභමානං සම්බාධපත්තං විය අහොසි. නාවාසහස්සභණ්ඩං එකනාවං ආරොපනකාලො විය, සකටසහස්සභණ්ඩං එකසකටං ආරොපනකාලො විය, පඤ්චවීසතියා ගඞ්ගානං ඔඝස්ස සම්භිජ්ජ මුඛද්වාරෙ එකතො රාසිභූතකාලො විය අහොසි.
භාග්‍යවතුන් වහන්සේගේ අසූවක් වූ අනුව්යඤජනයන්ගේ ප්රභාවයන්ගේ ද, දෙතිසක් වූ උත්තම ලක්ෂණයන් ගෙන් ද බබළන්නාවූ සිරුර තරු පිරුණ ගුවන් තලය මෙන් ද, පිපී ගිය පියුම් වනයක් මෙන් ද, මුලුමනින්ම පිපී ගිය මල් ඇති සියක් යොදුන් වූ පරසතු රුක මෙන් ද, පිළිවෙලින් තබන ලද දෙතිසක් චන්ද්‍රයන්ගේ ද, දෙතිසක් සුර්යයන්ගේ ද දෙතිසක් සක්විත්තන්ගේ ද, දෙතිසක් දිව්‍ය රාජයන්ගේ ද, දෙතිසක් මහා බ්‍රහ්මයන්ගේ ද ශෝභාව යටපත් කරනු මෙන් බබළන්නට විය. යම් හෙයකින් දශ පාරමිතා, දශ උපපාරමිතා, දශ පරමාර්ථ පාරමිතා යන මේවායින් මනාව සම්පූර්ණ කරන ලද්දාවූ, සම ත්‍රිංශත් පාරමිතාවන්ගෙන් අලංකාර කරන ලද්දාවූ, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ දෙන ලද එම දන්, රකින ලද එම සිල්, කරන ලද එම යහපත් දේ (යන මේ සියල්ල) එක් ආත්ම භාවයක්හිදීම ඒ ආත්මයට බැස විපාක දීමට අවස්ථාවක් ලබන ලද්දේද, (ඒ නිසා) අනවකාශ තත්ත්වයකට පත්ව තිබිණැයි (දත යුතුය) නැව් දහසක බඩු එක් නැවකට පටවන කලක් මෙන් ද, ගංගාවන් පස් විස්සකගේ ජල කඳ (එක් ගඟක) බිඳුණ ගං මුව දොරෙහි එකට රැස් වූ කලක් මෙන් ද වූයේය.
ඉමාය බුද්ධසිරියා ඔභාසමානස්සාපි ච භගවතො පුරතො අනෙකානි දණ්ඩදීපිකාසහස්සානි උක්ඛිපිංසු, තථා පච්ඡතො, වාමපස්සෙ, දක්ඛිණපස්සෙ. ජාතිසුමනචම්පකවනමල්ලිකාරත්තුප්පල-නීලුප්පල-බකුලසින්දුවාරපුප්ඵානි චෙව නීලපීතාදිවණ්ණසුගන්ධගන්ධචුණ්ණානි ච චාතුද්දීපිකමෙඝවිස්සට්ඨා උදකවුට්ඨියො විය විප්පකිරියිංසු. පඤ්චඞ්ගිකතූරියනිග්ඝොසා චෙව බුද්ධධම්මසඞ්ඝගුණපටිසංයුත්තා ථුතිඝොසා ච සබ්බා දිසා පූරයිංසු.
මෙම බුද්ධ ශ්‍රීයෙන් බබළන්නාවූ ද භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි බොහෝ වූ දඬු වැට පහන් දහස් ගණන් එසවූහ. එසේ ම පසුපසින්, වම් පසින් හා දකුණු පසින් දෑසමන්, සපු, මන සමන්, රතුපුල්, නිලුපුල්, මූනමල්, නික යන මල් ද, නීල පීතාදී වර්ණවත් සුවඳ සුණු ද විසිර වූයේ චාතුර් මහා ද්වීපික මේ කූටයකින් විසුරුවා හළ ජල වර්ෂාවක් මෙනි. පඤ්චාඞ්ගික තූර්ය නාදය ද, බුද්ධ ධම්ම සංඝ (යන රත්නත්‍රයේ) ගුණ පිරුණ ස්තූති ඝෝෂා ද සියලු දිශාවන්හි පිරි ගියේය.
දෙවමනුස්සනාගසුපණ්ණගන්ධබ්බයක්ඛාදීනං අක්ඛීනි අමතපානං විය ලභිංසු. ඉමස්මිං පන ඨානෙ ඨත්වා පදසහස්සෙන ගමනවණ්ණං වත්තුං වට්ටති. තත්රිදං මුඛමත්තං –
දිව්‍ය මනුෂ්‍ය, නාග, ගරුඩ, ගාන්ධර්ව, යක්ෂ ආදීන්ගේ නේත්‍රයෝ අමෘත ප්‍රාණයකින් මෙන් ප්‍රාණවත් භාවයක් ලැබූහ. මෙතැන සිට (ගාථා) පාද සියයකින් හෝ, පාද දහසකින් හෝ ගමන් වැනුම කීමට වටනේය. මේ එහි ප්‍රධාන කොටසකි.
එවං සබ්බඞ්ග සම්පන්නො කම්පයන්තො වසුන්ධරං අහෙඨයන්තො පාණානි යාති ලොක විනායකො
“එවං සබ්බඞ්ගසම්පන්නො, කම්පයන්තො වසුන්ධරං; අහෙඨයන්තො පාණානි, යාති ලොකවිනායකො.
මෙසේ සකලාංග සම්පූර්ණ වූ ලෝකයෙහි විශිෂ්ට නායකයාණන් (වූ තථාගතයන්) වහන්සේ මහ පොළව කම්පා කරවමින් ද, ප්‍රාණීන් වෙහෙසට පත් නො කරමින්ද වඩිනා සේක.
දක්ඛිණං පඨමං පාදං උද්ධරන්තො නරාසභා, ගච්ඡන්තො සිරි සම්පන්නො සොභති දිපදුත්තිමො
“දක්ඛිණං පඨමං පාදං, උද්ධරන්තො නරාසභො ගච්ඡන්තො සිරිසම්පන්නො, සොභතෙ ද්විපදුත්තමො.
පළමුව දකුණු පය ඔසවා (පෙරට තබමින්) ගමනෙහි යෙදුණ වූ නරශ්‍රේෂ්ඨ වූ සිරියෙන් සපිරුණ වූ නරෝත්තමයාණෝ ශෝභමාන වන සේක.
ගච්ඡතො බුද්ධසෙට්ඨස්ස හෙට්ඨා පාද තලං මුදු, සමං සමථු සතෙ භූමිං රජසානුපලිප්ප ති.
“ගච්ඡතො බුද්ධසෙට්ඨස්ස, හෙට්ඨාපාදතලං මුදු; සමං සම්ඵුසතෙ භූමිං, රජසා නුපලිප්පති.
ගමනෙහි යෙදෙන්නා වූ බුද්ධ ශ්රේෂ්ඨයාණන්ගේ මෘදු වූ යට පතුල සමව භූමිය ස්පර්ශ වන කල්හි දූවිලි නො තැවරෙන්නේ ය.
නින්නං ඨානං උන්නමති ගච්ඡන්තෙ ලෝක නායකෙ, උන්නතඤ්ච සමං හොති පඨවීච අචෙතනා
“නින්නට්ඨානං උන්නමති, ගච්ඡන්තෙ ලොකනායකෙ; උන්නතඤ්ච සමං හොති, පථවී ච අචෙතනා.
ලෝකනායක (සර්වඥ) යන් වහන්සේ වැඩම කරන කල්හි අචේතනික වූ පෘථුවිය ද පහත් තැන් ඔසවා තබයි. උස් තැන් වූ කලි සම වෙයි.
පාසාණා සක්ඛාරා චෙව කඨලා ඛාණු කණ්ට කා, සබ්බෙ මග්ගං විවච්ඡන්ති ගච්ඡන්තෙ ලොකනායකො.
“පාසාණා සක්ඛරා චෙව, කථලා ඛාණුකණ්ටකා; සබ්බෙ මග්ගා විවජ්ජන්ති, ගච්ඡන්තෙ ලොකනායකෙ.
ලෝක නායක (සර්වඥ) යන් වහන්සේ වඩින කල්හි ගල්, බොරලු, කැබිලිති කණුවල මුල් හා කටු ආදී සියල්ල මාර්ගයෙන් බැහැර වේ.
නාතිදුරෙ උද්ධරති නාච්චාසන්නෙච නික්ඛිපං අඝට්ට යන්තො නීය්යාති උභො ජානුච ගොප්ථකෙ.
“නාතිදූරෙ උද්ධරති, නච්චාසන්නෙ ච නික්ඛිපං; අඝට්ටයන්තො නිය්යාති, උභො ජාණූ ච ගොප්ඵකෙ.
දෙ දණ ද, දෙ වළලුකර ද වඩාත් දුරින් හෝ වඩාත් ආසන්නයෙන් නො තබයි. එකිනෙක නො ගැටී ඉදිරියට පමුණුවයි.
නාති සීඝං පක්කමති සම්පන්න චරණො මුනි, නචාපි සනිකං යාති ගච්ඡමානො සමා හිතො.
“නාතිසීඝං පක්කමති, සම්පන්නචරණො මුනි; න චාපි සණිකං යාති, ගච්ඡමානො සමාහිතො.
සන්සුන්ව ගමනෙහි යෙදෙන්නාවූ, ගමනෙහි මනා පැවතුම් ඇත්තා වූ මුනීන්ද්රයන් වහන්සේ අති ශීඝ්‍රයෙන් ගමන් නොකරති, ඉතා සෙමින් ද ගමන් නො කරති.
උද්ධං අධොච තිරියඤ්ව දීඝඤ්ච විදිසං තථා, න පෙක්ඛමානො සො යාති යුත්ත මග්ගංව පෙක්ඛති.
“උද්ධං අධො ච තිරියඤ්ච, දිසඤ්ච විදිසං තථා; න පෙක්ඛමානො සො යාති, යුගමත්තඤ්හි පෙක්ඛති.
උඩ ද, යට ද, සතර ද දිසාවන් හා අනු දිසාවන් ද නොබලමින් උන් වහන්සේ ගමන් කරති. යා යුතු මඟම බලන සේක.
නාග වික්කන්ත චාරො සො ගමනෙ සොභතෙ ජිනො, චාරු ගච්ඡති ලොකග්ගො හාසයන්තො සදෙව කෙ
“නාගවික්කන්තචාරො සො, ගමනෙ සොභතෙ ජිනො; චාරුං ගච්ඡති ලොකග්ගො, හාසයන්තො සදෙවකෙ.
හස්ති වික්‍රමාන්විත ගමන් ඇත්තාවූ, ලෝකාග්‍ර වූ ඒ ජිනේන්ද්රයන් වහන්සේ ගමනෙහිදී ශෝභාවත් වන්නාහ. දෙවියන් සහිත ලෝකයා සතුටු කරවමින් මනෝඥ ලෙස වඩින සේක.
උළු රාජාව සොභන්තො චාතුචාරීව කෙසරී, තොසයන්තො බහුසත්තෙ පුරං සෙට්ඨං උපාගමීති.
“උළුරාජාව සොභන්තො, චතුචාරීව කෙසරී; තොසයන්තො බහූ සත්තෙ, පුරං සෙට්ඨං උපාගමී”ති.
(ඒ සර්වඥයන් වහන්සේ) චන්ද්‍රයා මෙන් ශෝභමානව, මනා ගමන් ඇති සිංහයකු මෙන්, බොහෝ වූ සත්ත්වයන් සතුටට පත් කරවමින් උතුම් වූ එම පුරයට පැමිණි සේක.
වණ්ණකාලො නාම කිරෙස, එවංවිධෙසු කාලෙසු බුද්ධස්ස සරීරවණ්ණෙ වා ගුණවණ්ණෙ වා ධම්මකථිකස්ස ථාමොයෙව පමාණං. චුණ්ණියපදෙහි වා ගාථාබන්ධෙන වා යත්තකං සක්කොති, තත්තකං වත්තබ්බං. දුක්කථිතන්ති න වත්තබ්බං. අප්පමාණවණ්ණා හි බුද්ධා. තෙසං බුද්ධාපි අනවසෙසතො වණ්ණං වත්තුං අසමත්ථා, පගෙව ඉතරා පජාති. ඉමිනා සිරිවිලාසෙන අලඞ්කතපටියත්තං සක්යරාජකුලං පවිසිත්වා භගවා පසන්නචිත්තෙන ජනෙන ගන්ධධූමවාසචුණ්ණාදීහි පූජියමානො සන්ථාගාරං පාවිසි. තෙන වුත්තං “අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමී”ති.
මෙය වනාහී වර්ණනා (වට උචිත) කාලයක් නම් වෙයි. මෙබඳු වූ කාලයන්හිදී බුදුන් වහන්සේගේ උත්තම ශරීරවර්ණනයෙහි හෝ ගුණවර්ණනයෙහි ධර්ම කථිකයකුගේ ශක්තියම ප්‍රමාණවත් වේ. ඉතා කුඩා පදයන්ගෙන් හෝ ගාථා බන්ධනයන්ගෙන් හෝ යම් ප්‍රමාණයක් වර්ණනා කළ හැක්කේ වේද, ඒතාක් කිවයුතු වේ. නුසුදුසු සේ කියන ලද්දේයයි නොකිව යුතු වේ. බුදුවරු වනාහී අප්‍රමාණ ලෙස වර්ණනා කරනු ලැබීමෙහි සුදුසුකම් ඇත්තාහුය. උන්වහන්සේලාගේ වර්ණනා සම්පූර්ණයෙන් කීමට බුදුවරු වුව ද අසමත් වන්නාහ. සෙසු ජනයා (ගේ හැකියාව) ගැන කියනුම කවරේද? පහන් සිතැති මහජනයා විසින් සුවඳ දුම්, සුවඳ කුඩු ආදියෙන් පුදනු ලබන්නාවූ භාග්‍යවතුන් වහන්සේ මෙවැනි ශ්‍රීමත් භාවයකින් අලංකාරවත් ලෙස පිළියෙළ කරන ලද ශාක්‍ය රජුන්ගේ නගරයට පිවිස රැස්වීම් ශාලාවට වැඩි සේක. එසේ හෙයින් “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳගෙන පා සිවුරු ගෙන භික්ෂු සංඝයා සමග රැස්වීම් ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණි සේක” යයි කියන ලදී.
භගවන්තංයෙව පුරක්ඛත්වාති භගවන්තං පුරතො කත්වා. තත්ථ භගවා භික්ඛූනඤ්චෙව උපාසකානඤ්ච මජ්ඣෙ නිසින්නො ගන්ධොදකෙන න්හාපෙත්වා දුකූලචුම්බටකෙන වොදකං කත්වා ජාතිහිඞ්ගුලකෙන මජ්ජිත්වා රත්තකම්බලපලිවෙඨිතෙ පීඨෙ ඨපිතරත්තසුවණ්ණඝනපටිමා විය අතිවිරොචිත්ථ. අයං පනෙත්ථ පොරාණානං වණ්ණභණනමග්ගො –
භගවන්තං යෙව පුරක්ඛත්වා = භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට. එතැනදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ ද, උපාසක වරුන්ගේ ද මධ්‍යයෙහි වැඩහුන් සේක් සුවඳ ජලයෙන් නහවා දුහුල් පටින් තැනූ පිස්නාවකින් පිසදමා රත්සිරියලින් පිරිමැද, රතු කම්බිලියෙන් වෙළන ලදුව, අසුන මත තැබූ රත් පැහැයෙන් යුත් ගණ රන්මය පිළිමයක් මෙන් අතිශයින් බැබළුණාහ. මේ වනාහී මෙම සිදුවීම පිළිබඳව පැරැන්නන්ගේ වර්ණනා මාර්ගයයි.
ගන්ත්වාන මණ්ඩල මාලං නාග වික්කන්තචාරණො, ඔභාසයන්තො ලොකග්ගො නිසීදිවරමාසනෙ.
“ගන්ත්වාන මණ්ඩලමාළං, නාගවික්කන්තචාරණො; ඔභාසයන්තො ලොකග්ගො, නිසීදි වරමාසනෙ.
හස්ති වික්‍රමයෙන් යුතුව ගමන් කරන්නාවූ ලෝකාග්‍ර වූ බුදුන් වහන්සේ මණ්ඩලාකාර වූ (හෙවත් රවූම් වූ) ශාලාවට ගොස් උතුම් අස්නෙහි බැබලෙමින් වැඩ හුන් සේක.
තහිං නිසින්නො නරදම්ම සාරථී දෙවාති දෙවො සතපුඤ්ඤ ලක්ඛණො, බුද්ධාසන මජ්ඣගතො විරොචති සුවණ්ණ නෙක්ඛං විය පණ්ඩු කම්බලෙ.
“තහිං නිසින්නො නරදම්මසාරථි, දෙවාතිදෙවො සතපුඤ්ඤලක්ඛණො; බුද්ධාසනෙ මජ්ඣගතො විරොචති, සුවණ්ණනෙක්ඛං විය පණ්ඩුකම්බලෙ.
එම අස්නෙහි වැඩ හුන්නා වූ, දමනය කළ යුත්තන් දමනය කරන්නාවූ, දෙවියනට දෙවි වූ, සිය ගණන් පින් ලකුණු වලින් යුතු වූ බුදුන් වහන්සේ කසාවන් කම්බිලියක් මත වූ රන් පළඳනාවක් මෙන් බබලන සේක.
නෙක්ඛං ජම්බු නදස්සෙව නික්ඛිත්තං පණ්ඩු කම්බලෙ, විරොචති වීතමලො මණි වෙරොචනො යථා.
“නෙක්ඛං ජම්බොනදස්සෙව, නික්ඛිත්තං පණ්ඩුකම්බලෙ; විරොචති වීතමලො, මණිවෙරොචනො යථා.
නික්ලේශී වූ බුදුන් වහන්සේ පඩු පැහැති කම්බිලියක් මත තැබූ, දඹරනින් තැනු පළදනාවක් මෙන් ද, මාණික්‍ය මය (යැයි සංකල්පිත) සූර්යයා මෙන් ද බබලන්නාහ.
මහා සාලොව සංඵුල්ලො නෙරුරාජාව ලඞ්කතො, සුවණ්ණ යූප සංකාසො පදුමො කොකාසකො යථා, ජලන්තො දීප රුක්ඛොව පබ්බතග්ගෙ යථා සිඛී, දෙවානං පාරිච්ඡත්තොව සබ්බ පුල්ලො විරොචථාති.
“මහාසාලොව සම්ඵුල්ලො, නෙරුරාජාව’ලඞ්කතො; සුවණ්ණයූපසඞ්කාසො, පදුමො කොකනදො යථා. “ජලන්තො දීපරුක්ඛොව, පබ්බතග්ගෙ යථා සිඛී; දෙවානං පාරිච්ඡත්තොව, සබ්බඵුල්ලො විරොචතී”ති.
ඒ නික්ලේශී සර්වඥයන් වහන්සේ මනාව පිපුණ මහසල් රුකක් මෙන්ද, අලංකාර කරන ලද මහමෙර මෙන් ද, ස්වර්ණමය කණුවක් මෙන් ද, රත් පැහැ නෙළුම්මලක් මෙන්ද, බබලන්නා වූ පහන් රුකක් මෙන් ද පර්වත මස්තකයෙක් හි සිටින මොණරකු මෙන් ද, මුලුමනින්ම පිපි ගිය දෙව්ලොව පරසතු රුකමෙන්ද බැබලුණ සේක.
කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙව රත්තිං ධම්මියා කථායාති එත්ථ ධම්මකථා නාම සන්ථාගාරානුමොදනාපටිසංයුත්තා පකිණ්ණකකථා වෙදිතබ්බා. තදා හි භගවා ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය පථවොජං ආකඩ්ඪන්තො විය මහාජම්බුං මත්ථකෙ ගහෙත්වා චාලෙන්තො විය යොජනිකං මධුභණ්ඩං චක්කයන්තෙන පීළෙත්වා මධුපානං පායමානො විය කපිලවත්ථුවාසීනං සක්යානං හිතසුඛාවහං පකිණ්ණකකථං කථෙසි. “ආවාසදානං නාමෙතං, මහාරාජ, මහන්තං, තුම්හාකං ආවාසො මයා පරිභුත්තො, භික්ඛුසඞ්ඝෙන ච පරිභුත්තො, මයා ච භික්ඛුසඞ්ඝෙන ච පරිභුත්තො පන ධම්මරතනෙන පරිභුත්තොයෙවාති තීහි රතනෙහි පරිභුත්තො නාම හොති. ආවාසදානස්මිඤ්හි දින්නෙ සබ්බදානං දින්නමෙව හොති. භුම්මට්ඨකපණ්ණසාලාය වා සාඛාමණ්ඩපස්ස වාපි ආනිසංසො නාම පරිච්ඡින්දිතුං න සක්කා. ආවාසදානානුභාවෙන හි භවෙ භවෙ නිබ්බත්තස්සාපි සම්බාධිතගබ්භවාසො න හොති, ද්වාදසහත්ථො ඔවරකො විය මාතුකුච්ඡි අසම්බාධොව හොතී”ති. එවං නානානයවිචිත්තං බහුං ධම්මිං කථං කථෙත්වා –
කාපිල වත්ථවෙ සක්යෙ බහුදෙවරත්තිං ධම්මියා කථාය = මෙහි “ධම්ම කථා යනුවෙන් රැස්වීම් ශාලාවෙහි අනුමෝදන් වීමට සම්බන්ධව පැතිරී ගිය, කථාවන් දත යුතුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අහස් ගඟ පහළට හරවන්නාක් මෙන් ද, පෘථිවිඕජස ඇද ගන්නාක් මෙන්ද, මහ දඹරුක මුදුනෙන් අල්ලා ගෙන සොලවන්නාක් මෙන්ද, යොදුනක ප්‍රමාණයේ මීවදයක් චක්‍ර යන්ත්‍රයකින් පීඩනයට පත්කොට මී පැණි පොවන්නාක් මෙන් ද කපිලවස්තු වාසීන් හට හිත සුව එළවන්නාවූ, ප්රකීර්ණක ධර්මයක් දේශනා කළහ. (ඒ මෙසේය:-) මහ රජුනි, ආවාසදාන නම් වූ මෙය ඉතා අගනේය. ඔබගේ ආවාසය මා විසින් පරිභෝග කරන ලදී. භික්ෂු සංඝයා විසින්ද පරිභෝග කරන ලදී, මා විසින් ද භික්ෂූ සංඝයා විසින් ද පරිභෝග කරන ලද්දේය යනු ධර්ම රත්නය විසින් ද පරිභෝග කරන ලද්දේම වෙයි. මෙසේ ත්‍රිවිධරත්නය විසින් ම පරිභෝග කරන ලද්දේ නම් වෙයි, ආවාස දානයක් දෙනු ලැබූ කල්හි සියලුම දන් දෙන ලද්දේ ම වෙයි, බිම මත පිහිටි කොල අතු සෙවෙණි කළ සාලාවෙක කොල අතු මඩුවක් පිදීමෙහි පවා විපාකය වනාහී සීමා කොට දැක්විය නො හැක්කේය, ආවාස දානයෙහි බලයෙන් භවයෙහි උපන්නහුගේ පවා (මාතෘ) ගර්භ වාසය බාධාවකින් තොරව සිදු වේ. දොළොස් රියන් කාමරයක් මෙන් බාධා රහිත බවක් (හැඟෙන්නේ) වෙයි. “මෙසේ නොයෙක් අයුරින් විසිතුරු වූ බොහෝ ධර්ම කතාවන් කියා (මෙසේ ද කී සේක)
සීතං උණ්හං පටිහන්ති තතො වාළ මිගානිච, සිරිංසපෙච මකසෙ සිසිරෙචා පි වුට්ඨියො.
“සීතං උණ්හං පටිහන්ති, තතො වාළමිගානි ච; සිරීසපෙ ච මකසෙ, සිසිරෙ චාපි වුට්ඨියො.
ශීත ඍතුවෙහි ද වර්ෂා ඍතුවෙහිද ශීත හා උෂ්ණ ගුණයන් සේ ම වාසල මෘගයන්. සර්පයන්, මදුරුවන් ආදීන් ද වළක්වයි.
තතො වාතාතපො ඝොරො සඤ්ඡා තො පටිහඤ්ඤති, ලෙණ ත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුඤ්ච විපස්සිතුං
“තතො වාතාතපො ඝොරො, සඤ්ජාතො පටිහඤ්ඤති; ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච, ඣායිතුඤ්ච විපස්සිතුං.
හට ගත්තාවූ චණ්ඩවූ වාතය ද, අව්ව ද ආරක්ෂාව පිණිසත් සුවය පිණිසත් ධ්‍යාන පිණිස වන භාවනා පිණිසත් පීඩාවන් ඇති කරයි.
විහාර දානං සඞ්ඝස්ස අග්ගං බුද්ධෙහි වණ්ණිතං, තස්මාහි පණ්ඩිතො පොසො සම්යස්සං අත්ථමත්තනො.
“විහාරදානං සඞ්ඝස්ස, අග්ගං බුද්ධෙන වණ්ණිතං; තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො.
සංඝයාට කරන විහාර දානය උතුම් යයි බුදුන් විසින් වර්ණනා කරන ලදී. ඒ නිසා නුවණැති පුරුෂයා තම යහපත තකා ඒ කෙරෙහි යොමු වන්නේය.
විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ, තෙසං අන්නඤ්ච පාණඤ්ච වත්ථසෙනාසනානිච දදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා, තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්වා පනුදනං, යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවො ති.
“විහාරෙ කාරයෙ රම්මෙ, වාසයෙත්ථ බහුස්සුතෙ; තෙසං අන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච. “දදෙය්ය උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා; තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො”ති. (චූළව· 295) –
රමණීය වූ විහාරයක් කරවන්නේය, බහුශ්‍රැත තෙරුන් වහන්සේලා එහි වාසය කරවන්නේය, උන්වහන්සේලාට ආහාර පාන ද වස්ත්රහා වාසස්ථාන ද (දෙන්නේය) සෘජු පිළිවෙත් ඇති ඒ සංඝයා කෙරෙහි සුපහන් සිතින් දෙන්නේය. ඒ සංඝයා සියළු දුක් නැසීම පිණිස ඔහුට දහම් දෙසන්නාහ. හෙතෙම මෙලොවදීම ඒ ධර්මය අවබෝධ කර ගෙන කෙලෙස් රහිත වූයේ පිරිනිවීමට පත්වන්නේය.
එවං “අයම්පි ආවාසෙ ආනිසංසො, අයම්පි ආවාසෙ ආනිසංසො”ති බහුදෙව රත්තිං අතිරෙකතරං දියඩ්ඪයාමං ආවාසානිසංසකථං කථෙසි. තත්ථ ඉමා තාව ගාථාව සඞ්ගහං ආරුළ්හා, පකිණ්ණකධම්මදෙසනා පන සඞ්ගහං නාරොහති.
මෙසේ “මෙය ද ආවාසයෙහි අනුසසකි, මෙය ද ආවාසයෙහි අනුසසකි” යනුවෙන් රාත්‍රියෙහි බොහෝ කාලයක් හා අමතරව යාම එක හමාරක් ආවාස ආනිසංසකථා දෙසූහ. එහි මෙම ගාථා ද සංග්‍රහ කිරීමට නැඟුණේය. විසිරී ගිය ධර්ම දේශනා (හෙවත් ප්රකීර්ණක දේශනා) වනාහී සංග්‍රහ කිරීමට ඇතුළත් නොවේ.
සන්දස්සෙත්වාතිආදීනි වුත්තත්ථානෙව. අභික්කන්තාති අතික්කන්තා ද්වෙ යාමා ගතා. යස්ස දානි කාලං මඤ්ඤථාති යස්ස තුම්හෙ ගමනස්ස කාලං මඤ්ඤථ, ගමනකාලො තුම්හාකං, ගච්ඡථාති වුත්තං හොති. කස්මා පන භගවා තෙ උය්යොජෙසීති? අනුකම්පාය. සුඛුමාලා හි තෙ, තියාමරත්තිං නිසීදිත්වා වීතිනාමෙන්තානං සරීරෙ ආබාධො උප්පජ්ජෙය්ය. භික්ඛුසඞ්ඝොපි මහා, තස්ස ඨානනිසජ්ජානං ඔකාසො ලද්ධුං වට්ටතීති උභයානුකම්පාය උය්යොජෙසි.
සන්දස්සෙත්වා යන ආදිය කියන ලද අරුත් ඇත්තේය. අභික්කන්තා = යාම දෙකක් ඉක්ම ගියේය. යස්සදානි කාලං මඤ්ඤෙථ = (යම්බඳුවූ) ඔබට ගමන සඳහා සුදුසු කාලය සිහියට ගන්න. “(මේ) ඔබට යා යුතු කාලයයි. (ඒ නිසා) යන්න” යයි කියන ලද්දේ වෙයි. කවර නම් හේතුවක් නිසා භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පිටත් කරවු ද? යත් අනුකම්පාව නිසාය. ඔව්හු සිවු මැලියෝය. තුන් යම් රැය හිඳගෙන කල් යවන්නවුන්ගේ සිරුරෙහි ආබාධ උපදී. භික්ෂු සංඝයා ද ඔවූනට හිඳ ගැනීම සඳහා ස්ථානයෙක අවකාශයක් ලබා ගැනීමට සුදුස්සෝ වෙතියි යන අනුකම්පාවත් යන කරුණු දෙකම හේතුවෙන් (ඔවුන්) පිටත් කරවීය.
විගතථිනමිද්ධොති තත්ර කිර භික්ඛූ යාමද්වයං ඨිතාපි නිසින්නාපි අචාලයිංසු, පච්ඡිමයාමෙ පන ආහාරො පරිණමති, තස්ස පරිණතත්තා භික්ඛුසඞ්ඝො විගතථිනමිද්ධො ජාතොති අකාරණමෙතං. බුද්ධානඤ්හි කථං සුණන්තස්ස කායිකචෙතසිකදරථා න හොන්ති, කායචිත්තලහුතාදයො උප්පජ්ජන්ති, තෙන තෙසං ද්වෙ යාමෙ ඨිතානම්පි නිසින්නානම්පි ධම්මං සුණන්තානං ථිනමිද්ධං විගතං, පච්ඡිමයාමෙපි සම්පත්තෙ තථා විගතමෙව ජාතං. තෙනාහ “විගතථිනමිද්ධො”ති.
විගත ථීන මිද්ධා = එහිදී වනාහි භික්ෂූහු යාම දෙකක් (හෙවත් රාත්‍රි කාලයෙන් තුනෙන් දෙකොටසක්) සිට ගෙන ද, හිඳගෙන ද, අලස ලෙස කල් ගෙවූහ යි ද, පශ්චිම යාමයෙහි වූ කලී ආහාරය ජීර්ණය වෙතියිද, එය ජීර්ණය වූ බැවින් භික්ෂු සංඝයා පහ වූ ථීන මිද්ධ (හෙවත් අලසබව හා නිදිමත බව) ඇත්තෝ වූ හයි ද යන මෙය (සත්‍ය වූ) කරුණක් නොවේ. බුදුවරුන්ගේ කථා අසන්නාට වනාහී කායික චෛතසික පීඩාවක් නො වන්නේ ය. කයෙහි ද සිතෙහි ද, සැහැල්ලු බව ආදිය උපදී. එබැවින් යාම දෙකෙහි සිටගෙන ද හිඳගෙන ද ධර්මය ශ්‍රවණය කළ ඒ භික්ෂූන් හට ථීන මිද්ධ චිත්තය රාත්‍රි අවසාන යාමය පැමිණි කල්හි පෙර සේම පැමිණ නො තිබුණේය. එබැවින් “විගත ථීන මිද්ධො” ය කීය.
පිට්ඨි මෙ ආගිලායතීති කස්මා ආගිලායති? භගවතො හි ඡබ්බස්සානි මහාපධානං පදහන්තස්ස මහන්තං කායදුක්ඛං අහොසි, අථස්ස අපරභාගෙ මහල්ලකකාලෙ පිට්ඨිවාතො උප්පජ්ජීති. අකාරණං වා එතං. පහොති හි භගවා උප්පන්නං වෙදනං වික්ඛම්භෙත්වා එකම්පි ද්වෙපි සත්තාහානි එකපල්ලඞ්කෙන නිසීදිතුං. සන්ථාගාරසාලං පන චතූහි ඉරියාපථෙහි පරිභුඤ්ජිතුකාමො අහොසි. තත්ථ පාදධොවනට්ඨානතො යාව ධම්මාසනා අගමාසි, එත්තකෙ ඨානෙ ගමනං නිප්ඵන්නං. ධම්මාසනං පත්තං ථොකං ඨත්වා නිසීදි, එත්තකෙ ඨානෙ ඨානං නිප්ඵන්නං. ද්වෙයාමං ධම්මාසනෙ නිසීදි, එත්තකෙ ඨානෙ නිසජ්ජා නිප්ඵන්නා. ඉදානි දක්ඛිණෙන පස්සෙන ථොකං නිපන්නෙ සයනං නිප්ඵජ්ජිස්සතීති එවං චතූහි ඉරියාපථෙහි පරිභුඤ්ජිතුකාමො අහොසි. උපාදින්නකසරීරඤ්ච නාම “නො ආගිලායතී”ති න වත්තබ්බං, තස්මා චිරනිසජ්ජාය සඤ්ජාතං අප්පකම්පි ආගිලායනං ගහෙත්වා එවමාහ.
පිට්ඨි මෙ අගිලායති = කුමක් හෙයින් වේදනා සහිත වේද? යත් :- වර්ෂ සයක් තුළ කෙලෙස් නැසීම පිණිස මහත් උත්සාහයෙක යෙදුණ භාග්‍යවතුන් වහන්සේට කායික වේදනාවක් ඇති විය. එහෙයින් උන්වහන්සේගේ පශ්චිම කාලයෙහි, මහලු කල පිටෙහි රුජාවක් හට ගත්තේය. භාග්‍යවත්හු උපන් වේදනාව යටපත් කොට දින එකක්, දෙකක් හෝ සතක් එක් පලගෙක්හි හිඳීමට පෙහොසත් වන්නාහ යන මෙය (සිතිය යුතු) කරුණක් නොවේ. රැස්වීම් ශාලාව සතර ඉරියවුවෙන් පරිභෝග කරනු රිසිවූහ. අත්පා සෝදන තැන සිට ධර්මාසනය දක්වා ගියහ. එතැනදී ගමන නිමවා ධර්මාසනය වෙත පැමිණ මඳක් සිට හිඳගත්හ. ඒ ස්ථානයෙහිදී ගමන නිම විය. යාම දෙකක් ධර්මාසනයෙහි හුන්හ. එතැනින් සිටගෙන සිටීම නිම විය. දැන් දකුණු පසින් වැතිර සිටි කල්හි සයනය කිරිම සිදුවේය යනුවේ. මෙසේ සිවු ඉරියවුවෙන් පරිභෝග කරනු කැමති වූහ. තෘෂ්ණාව ආදීන් විසින් අල්වා ගනු ලැබු හෙවත්) උපාදානය කරනු ලැබූ ශරීරය නම් ගිලන් නොවන්නකැයි නො කිව හැක්කේය. එහෙයින් දිගු කාලයක් හිඳගෙන සිටීම නිසා උපන් අල්පවූද වෙහෙස බව (සැලකිල්ලට) ගෙන මෙසේ කීහ.
සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වාති සන්ථාගාරස්ස කිර එකපස්සෙ තෙ රාජානො පටසාණිං පරික්ඛිපාපෙත්වා කප්පියමඤ්චකං පඤ්ඤාපෙත්වා කප්පියපච්චත්ථරණෙන අත්ථරිත්වා උපරි සුවණ්ණතාරකගන්ධමාලාදිදාමපටිමණ්ඩිතං විතානං බන්ධිත්වා ගන්ධතෙලප්පදීපං ආරොපයිංසු, “අප්පෙව නාම සත්ථා ධම්මාසනතො වුට්ඨාය ථොකං විස්සමන්තො ඉධ නිපජ්ජෙය්ය, එවං නො ඉමං සන්ථාගාරං භගවතා චතූහි ඉරියාපථෙහි පරිභුත්තං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති. සත්ථාපි තදෙව සන්ධාය තත්ථ සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා නිපජ්ජි.
සඞ්ඝා ටිං පඤ්ඤා පෙත්වා රැස්වීම් ශාලාවෙහි වූ කලී එක් පසෙක ඒ රජවරු තිරසතකින් වට කොට, කැප කළ කුඩා යහනක් පණවා කැපවූ ඇඳ ඇතිරිලි අතුරුවා, මතුයෙහි රන්පැහැ තරු, සුවඳ මල් දම් ආදියෙන් සැරසූ වියනක් බැඳ, සුවඳ තෙල් පහන් නැංවූහ. ශාස්තෲන් වහන්සේ ධර්මාසනයෙන් නැගී මදක් විශ්‍රාම ගනිමින් මෙහි සැතපෙත් නම් යෙහෙකි. මෙ සේ භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු ඉරියවුවෙන්ම පරිභෝග කරන ලද අපගේ මෙම රැස්වීම් ශාලාව බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය. (යි රජ දරුවෝ කීහ) ශාස්තෲහු ද ඒ සඳහාම සඟල සිවුර අතුරා එහි සයන කළහ.
උට්ඨානසඤ්ඤං මනසි කරිත්වාති “එත්තකං කාලං අතික්කමිත්වා වුට්ඨහිස්සාමී”ති වුට්ඨානසඤ්ඤං චිත්තෙ ඨපෙත්වා, තඤ්ච ඛො අනිද්දායන්තොව ථෙරස්ස ධම්මකථං සුණමානො.
උට්ඨාන සඤ්ඤං මනසි කරිත්වා = මෙ පමණ වේලාවක් ඉක්මවා නැගිටින්නෙමියි යන වුට්ඨාන සඤ්ඤාව (නැගිටීමේ සිහිය) සිතෙහි තබා එද වනාහී නො නිදමින්ම තෙරුන්ගේ ධර්ම කථාවනට ඇහුම් කන් දෙමින් (විය)
අවස්සුතපරියායන්ති අවස්සුතස්ස පරියායං, අවස්සුතස්ස කාරණන්ති අත්ථො. අධිමුච්චතීති කිලෙසාධිමුච්චනෙන අධිමුච්චති, ගිද්ධො හොති. බ්යාපජ්ජතීති බ්යාපාදවසෙන පූතිචිත්තො හොති. චක්ඛුතොති චක්ඛුභාවෙන. මාරොති කිලෙසමාරොපි දෙවපුත්තමාරොපි. ඔතාරන්ති විවරං. ආරම්මණන්ති පච්චයං.
අවස්සුත පරියායං = අවස්සුත යන්නට සමානාර්ථවත් වන කෙලෙස් දහරින් පිරුණ යන අරුතයි. අධිමුච්චති = කෙලෙස් වෙත යොමු වී එහි ඇලුනේ වෙයි. ගිජුවූයේ වෙයි. ව්යාපජ්ජති = ක්‍රෝධ කිරීම් වශයෙන් දුෂිත වූ සිතක් ඇති වෙයි. චක්ඛුතො = ඇසක් වන බැවින් මාරෙ = ක්ලේශ මාරයා ද දේව පුත්‍ර මාරයා ද යනු යි. ඔතාරං = සිදුර ආරම්මණං = හේතුව, ප්‍රත්‍යය වීම.
නළාගාරතිණාගාරං විය හි සවිසෙවනානි ආයතනානි, තිණුක්කා විය කිලෙසුප්පත්තිරහං ආරම්මණං, තිණුක්කාය ඨපිතඨපිතට්ඨානෙ අඞ්ගාරස්සුජ්ජලනං විය ආරම්මණෙ ආපාථමාගතෙ කිලෙසානං උප්පත්ති. තෙන වුත්තං ලභෙථ මාරො ඔතාරන්ති.
නළාගාරං = සේවනය කරන්නා වූ ආයතන තණ පතින් වැසූ ගෙයක් මෙනි. කෙළෙස් ඉපදිය හැකි අරමුණු තණින් කළ ගිනි සුලක් වැනිය. තණ සුල තැබු තැබු තන්හි (ගිනි) අඟුරු දැල්වෙන්නාක් මෙන් අරමුණු ඉදිරිපත් වූ කල්හි කෙලෙසුන්ගේ උපත සිදු වේ. එහෙයින් “මාරයා සිදුරක් ලබන්නේමය” යි කියන ලදී.
සුක්කපක්ඛෙ බහලමත්තිකපිණ්ඩාවලෙපනං කූටාගාරං විය නිබ්බිසෙවනානි ආයතනානි, තිණුක්කා විය වුත්තපකාරාරම්මණං, තිණුක්කාය ඨපිතඨපිතට්ඨානෙ නිබ්බාපනං විය නිබ්බිසෙවනානං ආයතනානං ආරම්මණෙ ආපාථමාගතෙ කිලෙසපරිළාහස්ස අනුප්පත්ති. තෙන වුත්තං නෙව ලභෙථ මාරො ඔතාරන්ති.
සේවනය නො කරන්නාවූ ආයතන වියලි කාලයෙහි ඝන මැටි පිඩු ගල්වන කුළු ගෙයක් මෙන් වේ. කියන ලද ආකාර ඇති අරමුණු තණ සුලක් මෙන් වේ. තණ සුල තැබු තැබු තැන නිවී යන්නාක් මෙන් සේවනය නොකරන ආයතනයන්හට අරමුණු ඉදිරිපත් වුවද ක්ලේශ දහනයේ උපනක් සිදු නොවේ. එහෙයින් “මාරයා සිදුරක් නො ලබන්නේම” යයි කියන ලදී.