අවස්සුතපරියායසුත්තං
1. 19. 6.
1. 19. 6.
අවස්සුතපරියායසුත්තං
අවස්සුතපරියාය සූත්‍රය
243. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති, අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අථ ඛො කාපිලවත්ථවා සක්යා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කාපිලවත්ථවා සක්යා භගවන්තං එතදවොචුං:
243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි කිඹුල්වත් නුවර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. එකල්හි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත් පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
ඉධ භන්තෙ කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති, අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙ, තං භන්තෙ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා කාපිලවත්ථවා සක්යා පරිභුඤ්ජිස්සන්ති; තදස්ස කාපිලවත්ථවානං සක්යානං දීඝරත්තං හිතාය සුඛායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
වහන්ස, මෙහි කිඹුල්වත්පුර ශාක්‍යයන් විසින් අභිනව සන්ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමු කොට පරිභෝග කරන සේක්වා භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභෝග කරන ලද්දේ පසු ව කිඹුල්වත්පුර ශාක්‍යයෝ පරිභෝග කරන්නාහ. එය කිඹුල්වත්පුර ශාක්‍යයන්ට දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
අථ ඛො කාපිලවත්ථවා සක්යා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරාපෙත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨාපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: සබ්බසන්ථරිසන්ථතං භන්තෙ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි උදකමණිකො පතිට්ඨාපිතො, තෙලප්පදීපො ආරොපිතො යස්ස දානි භගවා කාලං මඤ්ඤතීති.
එකල්හි කිඹුල්වත්පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට අලුත් සන්ථාගාරය වෙත එළඹියහ. එළඹ සන්ථාගාරය සියලු ඇතිරීම් අතුරවා අසුන් පනවා මහදියසැළියක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, සන්ථාගාරය සියලු ඇතිරීම් අතුරන ලදී. අසුන් පනවන ලදී. මහදියසැළියක් තබවන ලද්දේ ය. තෙල්පහනත් දල්වන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ යි.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ඣිමථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තඤ්ඤෙව පුරක්ඛත්වා. කාපිලවත්ථවාපි ඛො සක්යා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තඤ්ඤෙව පුරක්ඛත්වා.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන බික්සඟන සමඟ අලුත් සන්ථාගාරය වෙත එළඹුණු සේක. එළඹ පා සෝදා සන්ථාගාරයට පිවිස මැඳුම් ටැඹ නිසා පෙරදිගට අභිමුඛ ව වැඩහුන් සේක. බික්සඟන ද පා සෝදා සන්ථාගාරයට පිවිස පැසුළුබිත නිසා පෙරදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට වැඩහුන්හ. කිඹුල්වත්පුර ශාක්‍යයෝ ද පා සෝදා සන්ථාගාරයට පිවිස පෙරදිග බිත නිසා පැසුළුදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.
අථ ඛො භගවා කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි: ‘අභික්කන්තා ඛො ගොතමා රත්ති යස්සදානි කාලං මඤ්ඤථා’ති. ‘එවම්භන්තෙ’ති ඛො කාපිලවත්ථවා සක්යා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් රෑබොහෝ වේලාවක් මුළුල්ලෙහි දැහැමිකථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙදගන්වා සතුටු කරවා ‘ගෞතමයෙනි, රෑපෙරයම ඉක්ම ගියේ ය. යමකට දැන් කල් දනිවු නම් මැනවැ යි පිටත් කළ සේක. කිඹුල්වත්පුර ශාක්‍යයෝ එසේ ය වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.
අථ ඛො භගවා අචිරපක්කන්තෙසු කාපිලවත්ථෙවෙසු සක්යෙසු ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: විගතථිනමිද්ධො ඛො මොග්ගල්ලාන, භික්ඛුසඞ්ඝො. පටිභාතු තං මොග්ගල්ලාන, භික්ඛූනං ධම්මී කථා. පිට්ඨි මෙ ආගිලායති තමහං ආයමිස්සාමීති. එවම්භන්තෙති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, බික්සඟන පහ වූ ථීනමිද්ධ ඇත්තේ ය. මොග්ගල්ලාන, භික්ෂූන්ට දැහැමි කතාවක් තොපට වැටහේවා. මාගේ පිට මඳක් රිදෙයි, එහෙයින් මම එය සන්සිඳුවාගන්නෙමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුගුණු කොට පනවා පියෙහි පිය මදක් හයා තබා සිහි ඇති ව මනානුවණ ඇති ව නැගී සිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.
තත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති. ආවුසො ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
එහිදී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඇවැත්නි, මහණෙනි යි භික්ෂූන් ඇමතූහ. ඇවැත්නි යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
අවස්සුතපරියායඤ්ච වො ආවුසො දෙසිස්සාමි, අනවස්සුතපරියායඤ්ච. තං සුණාථ. කථඤ්චාවුසො අවස්සුතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ බ්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
ඇවැත්නි, කෙලෙස් වැගිරෙන්නහුගේ හේතුවත් කෙලෙස් නොවැගිරෙන්නහුගේ හේතුවත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. ඇවැත්නි, කෙසේ නම් කෙලෙස් වැගිරෙන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි, නො එළඹ සිටි කාගියා සිහි ඇති ව වෙසෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුසල්දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පිය රූපෙ ධම්මෙ බ්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; අයං වුච්චතාවුසො භික්ඛු අවස්සුතො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවස්සුතො සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු, අවස්සුතො ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු, අවස්සුතො ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු, අවස්සුතො කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු, අවස්සුතො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු.
කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ප්‍රියස්වරූප වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේ මද සිත් ඇත්තේ වෙසෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුසල්දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනියි. ඇවැත්නි, මේ මහණ ඇසින් දත යුතු රූපයෙහි කෙලෙස් වැගිරෙන්නේ කනින් දත යුතු සදෙහි කෙලෙස් වැගිරෙන්නේ නැහැයෙන් දත යුතු ගඳෙහි කෙලෙස් වැගිරෙන්නේ දිවෙන් දත යුතු රසයෙහි කෙලෙස් වැගිරෙන්නේ කයින් දත යුතු පහස්හි කෙලෙස් වැගිරෙන්නේ සිතින් දත යුතු දහම්හි කෙලෙස් වැගිරෙන්නේ යයි කියනු ලැබේ.
එවං විහාරිං චාවුසො භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, ලභතෙව මාරො ඔතාරං ලභති මාරො ආරම්මණං; සොතතො චෙපි නං -පෙ- ඝානතො චෙපි නං -පෙ- ජිව්හාතො චෙපි නං -පෙ- කායතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති, ලභතෙව මාරො ඔතාරං ලභති මාරො ආරම්මණං.
ඇවැත්නි, මෙසේ වසන ඒ මහණහු කරා ඉදින් ඇසිනු දු මරු එළඹෙන්නේ නම් මරු ඉඩක් ලබා ම ය, මරු අරමුණක් ලබා ම ය. ඉදින් කනිනුදු ඔහු වත … ඉදින් නැහැයෙනුදු ඔහු වෙත ... ඉදින් දිවෙනුදු ඔහු වෙත ... ඉදින් කයෙනුදු ඔහු වෙත … ඉදින් සිතෙනුදු ඔහු වෙත මාරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය, මරු අරමුණක් ලබා ම ය.
සෙය්යථාපි ආවුසො නළාගාරං වා තිණාගාරං වා සුක්ඛං කොලාපං තෙරොවස්සිකං පුරත්ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය; ලභෙථෙව අග්ගි ඔතාරං, ලභෙථ අග්ගි ආරම්මණං. පච්ඡිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය -පෙ- උත්තරාය චෙපි නං දිසාය -පෙ- දක්ඛිණාය චෙපි නං දිසාය -පෙ- හෙට්ඨතො චෙපි නං -පෙ- උපරිතො චෙපි නං -පෙ- යතො කුතො චෙපි නං පුරිසො, ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය; ලභෙථෙව අග්ගි ඔතාරං, ලභෙථ අග්ගි ආරම්මණං.
ඇවැත්නි, යම්සේ වියලුණු තෙත රහිත බොහෝ වස් ගණන් ගත වූ බට ගෙයක් හෝ තණ ගෙයක් හෝ වේ ද, ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව පෙරදිගිනුදු එය වෙත එළඹෙන්නේ නම්, ගින්න ඉඩක් ලබන්නේ ම ය. ගින්න අරමුණක් ලබන්නේ ම ය. ඉදින් පුරුෂයෙක් අවිළගත් තණසුලකින් යුතු ව පැසුළු දිගිනුදු එය වෙත එළඹෙන්නේ නම් ... ඉදින් උතුරු දිගිනුදු එය වෙත … ඉදින් දකුණු දිගිනුදු එය වෙත ... ඉදින් යටිනුදු එය වෙත ... ඉදින් උඩිනුදු එය වෙත ... ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව යම් කොයිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් ලබන්නේ ම ය. ගින්න අරමුණක් ලබන්නේ ම ය.
එවමෙව ඛො ආවුසො එවං විහාරිං භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති; ලභතෙව මාරො ඔතාරං, ලභති මාරො ආරම්මණං. සොතතො චෙපි නං -පෙ- ඝානතො චෙපි නං -පෙ- ජිව්හාතො චෙපි නං -පෙ- කායතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති ලභතෙව මාරො ඔතාරං, ලභති මාරො ආරම්මණං. එවං විහාරිං චාවුසො භික්ඛුං රූපා අධිභංසු, න භික්ඛු රූපෙ අධිභොසි; සද්දා භික්ඛුං අධිභංසු, න භික්ඛු සද්දෙ අධිභොසි; ගන්ධා භික්ඛුං අධිභංසු, න භික්ඛුං ගන්ධෙ අධිභොසි; රසා භික්ඛුං අධිභංසු, න භික්ඛු රසෙ අධිභොසි; ඵොට්ඨබ්බා භික්ඛුං අධිභංසු, න භික්ඛු ඵොට්ඨබ්බෙ අධිභොසි; ධම්මා භික්ඛුං අධිභංසු, න භික්ඛු ධම්මෙ අධිභොසි;
ඇවැත්නි, එසෙයින් ම මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය. මරු අරමුණක් ලබා ම ය. ඉදින් කනිදුනු ඔහු වෙත ... ඉදින් නැහැයෙනුදු ඔහු වෙත … ඉදින් දිවෙනුදු ඔහු වෙත … ඉදින් කයිනුදු ඔහු වෙත … ඉදින් සිතිනුදු ඔහු වෙත මරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය. මරු අරමුණක් ලබා ම ය. ඇවැත්නි, රූපයෝ මෙසේ වසන මහණ මැඩලූහ. මහණ රූ නො මැඩලී ය. සදහු මහණ මැඩලූහ. මහණ සද නො මැඩලූහ. ගඳහු මහණ මැඩලූහ. මහණ ගඳ නො මැඩලී ය. රසහු මහණ මැඩලූහ. මහණ රස නො මැඩලී ය. පහස්හු මහණ මැඩලූහ. මහණ පහස් නො මැඩලී ය. දහම්හු මහණ මැඩලූහ. මහණ දහම් නො මැඩලී ය.
අයං වුච්චතාවුසො භික්ඛු රූපාධිභූතො සද්දාධිභූතො ගන්ධාධිභූතො රසාධිභූතො ඵොට්ඨබ්බාධිභූතො ධම්මාධිභූතො, අධිභූතො අනධිභූ අධිභංසු නං පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාති ජරාමරණියා. එවං ඛො ආවුසො අවස්සුතො හොති.
ඇවැත්නි, මේ මහණ රුවින් මඩනා ලද්දේ සදින් මඩනා ලද්දේ ගඳින් මඩනා ලද්දේ රසින් මඩනා ලද්දේ පහසින් මඩනා ලද්දේ දහමින් මඩනා ලද්දේ යටපත් කරන ලද්දේ තෙමේ යටපත් නො කෙළේ ය යි කියනු ලැබේ. කෙලෙසුම් සහිත පුනර්භවය ඇතිකරන දැවිලි සහිත දුක් විපාක ඇති මතු ජාතිජරාමරණ උපදවන ලාමක අකුසල් දහම්හු ඔහු මැඩලූහ. ඇවැත්නි, මෙසේ කෙලෙස් වැගිරෙන්නේ වේ.
කථඤ්චාවුසො අනවස්සුතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති;
ඇවැත්නි, කෙසේ නම් කෙලෙස් නො වැගිරෙන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. නො අප්‍රිය ස්වරූප වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියාසිහි ඇත්තේ අප්‍රමාණ (මග) සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට උපන් අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනි.
සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණ චෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. අයං වුච්චතාවුසො භික්ඛු අනවස්සුතො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු -පෙ- අනවස්සුතො ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- අනවස්සුතො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු.
කනින් සද අසා ... නැහැයෙන් ගඳගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි නො ඇලෙයි. ප්‍රිය ස්වරූප නොවූ දහම්හි නො කිපෙයි, එළඹසිටි කාගියා සිහි ඇත්තේ අප්‍රමාණ සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනි. මහණෙනි, මේ මහණ ඇසින් දතයුතු රූපයෙහි කෙලෙස් නො වැගිරෙන්නේ … දිවෙන් දත යුතු රසෙහි කෙලෙස් නො වැගිරෙන්නේ ... සිතින් දතයුතු දහම්හි කෙලෙස් නො වැගිරෙන්නේ ය යි කියනු ලැබේ.
එවං විහාරිං චාවුසො භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, නෙව ලභති මාරො ඔතාරං, න ලභති මාරො ආරම්මණං; සොතතො චෙපි නං -පෙ- ඝානතො චෙපි නං -පෙ- ජිව්හාතො චෙපි නං -පෙ- කායතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති, නෙව ලභති මාරො ඔතාරං, න ලභති මාරො ආරම්මණං.
ඇවැත්නි, මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි. ඉදින් කනිනුදු ඔහු වෙත ... ඉදින් නැහැයෙනුදු ඔහුවෙත ... ඉදින් දිවෙනුදු ඔහු වෙත ... ඉදින් කයෙනුදු ඔහු වෙත ... ඉදින් සිතිනුදු ඔහු වෙත මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි මරු අරමුණක් නො ම ලබයි.
සෙය්යථාපි ආවුසො, කූටාගාරකා වා කූටාගාරසාලා වා බහලමත්තිකා අද්දාවලිම්පනා. පුරත්ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය, නෙව ලභෙථ අග්ගි ඔතාරං න ලභෙථ අග්ගි ආරම්මණං; පච්ඡිමාය චෙපි නං දිසාය -පෙ- උත්තරාය චෙපි නං දිසාය -පෙ- දක්ඛිණාය චෙපි නං දිසාය -පෙ- හෙට්ඨතො චෙපි නං -පෙ- උපරිතො චෙපි නං -පෙ- යතො කුතො චෙපි නං පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය, නෙව ලභෙථ අග්ගි ඔතාරං, න ලභෙථ අග්ගි ආරම්මණං.
ඇවැත්නි, යම්සේ ඝන මැටි ඇති තෙත් මැටියෙන් ආලේප කළ කුළුගෙයක් හෝ කුළුගේ හලක් හෝ වේ ද ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණහුලකින් යුතු ව පෙරදිගිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් නො ම ලබන්නේ ය. ගින්න අරමුණක් නො ම ලබන්නේ ය, ඉදින් පැසුළු දිගිනුදු එය වෙත ... ඉදින් උතුරු දිගිනුදු එය වෙත ... ඉදින් දකුණු දිගිනුදු එය වෙත … ඉදින් යටිනුදු එය වෙත ... ඉදින් උඩිනුදු එය වෙත ... ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව යම් කොයිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් නො ම ලබන්නේය, ගින්න අරමුණක් නො ම ලබන්නේ ය.
එවමෙව ඛො ආවුසො, එවං විහාරිං භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, නෙව ලභති මාරො ඔතාරං, න ලභති මාරො ආරම්මණං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති නෙව ලභති මාරො ඔතාරං න ලභති මාරො ආරම්මණං. එවං විහාරී චාවුසො භික්ඛු රූපෙ අධිභොසි, න රූපා භික්ඛුං අධිභංසු; සද්දෙ භික්ඛු අධිභොසි, න සද්දා භික්ඛුං අධිභංසු; ගන්ධෙ භික්ඛු අධිභොසි, න ගන්ධා භික්ඛුං අධිභංසු; රසෙ භික්ඛු අධිභොසි, න රසා භික්ඛුං අධිභංසු; ඵොට්ඨබ්බෙ භික්ඛු අධිභොසි, න ඵොට්ඨබ්බා භික්ඛුං අධිභංසු; ධම්මෙ භික්ඛු අධිභොසි, න ධම්මා භික්ඛුං අධිභංසු;
ඇවැත්නි, එසෙයින් ම මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි … ඉදින් සිතිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි. ඇවැත්නි, මෙසේ වසන ඒ මහණ රූ මැඩලී ය. රූහු මහණ නො මැඩලූහ. මහණ සද මැඩලී ය. සදහු මහණ නො මැඩලූහ. මහණ ගඳ මැඩලී ය. ගඳහු මහණ නො මැඩලූහ. මහණ රස මැඩලී ය. රසයෝ මහණ නො මැඩලූහ. මහණ පහස් මැඩලී ය. පහස්හු මහණ නොමැඩලූහ. මහණ දහම් මැඩලී ය. දහම්හු මහණ නො මැඩලූහ.
අයං වුච්චතාවුසො භික්ඛු රූපාධිභූ සද්දාධිභූ ගන්ධාධිභූ රසාධිභූ ඵොට්ඨබ්බාධිභූ ධම්මාධිභූ; අධිභූ, අනධිභූතො අධිභොසි තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ සංකිලෙසිකෙ පොනොභවිකෙ සදරෙ දුක්ඛවිපාකෙ ආයතිං ජාතිජරාමරණිකෙ. එවං ඛො ආවුසො අනවස්සුතො හොතීති.
ඇවැත්නි, මේ මහණ රූ මැඩලූයේ සද මැඩලූයේ ගඳ මැඩලූයේ රස මැඩලූයේ පහස් මැඩලූයේ දහම් මැඩලූයේ (සියල්ල) මැඩලූයේ නො මඩනා ලද්දේ කෙලෙසුන් සහිත පුනර්භවය ඇති කරන දැවිලි සහිත දුක්විපාක ඇති මතු ජාති ජරා මරණ උපදවන ඒ ලාමක අකුසල් දහම් මැඩලී ය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ කෙලෙස් නො වැගිරෙන්නේ වේ යි.
අථ ඛො භගවා වුට්ඨහිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: සාධු සාධු මොග්ගල්ලාන, සාධු ඛො ත්වං මොග්ගල්ලාන භික්ඛූනං අවස්සුතපරියායඤ්ච අනවස්සුතපරියායඤ්ච අභාසීති. ඉදමවොච ආයස්මා මහාමොග්ගල්ලානො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිංසූති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් මහාමොග්ගල්ලාන, තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, මැනවි, මැනවි. මොග්ගල්ලාන, තෙපි මහණුන්ට කෙලෙස් වැගිරෙන්නහුගේ හේතුවත් කෙලෙස් නො වැගිරෙන්නහුගේ හේතුවත් කීහු මැනවි යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුණුවන්ගේ දේශනාව පිළිගත්හ යි.