යෙදුමෙන් කියවන්න

දුතිය දාරුක‍්ඛන්‍ධොපමසුත‍්තං

1. 19. 5.

1. 19. 5.

දුතිය දාරුක‍්ඛන්‍ධොපමසුත‍්තං.

දුතිය දාරුක්ඛන්‍ධොපම සූත්‍රය

242. එවං මෙ සුතං එකං සමයං භගවා කිම‍්බිලායං විහරති ගඞ‍්ගාය නදියා තීරෙ. අද‍්දසා ඛො භගවා මහන‍්තං දාරුක‍්ඛන්‍ධං ගඞ‍්ගාය නදියා සොතෙන වුය‍්හමානං. දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි: පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ, අමුං මහන‍්තං දාරුක‍්ඛන්‍ධං ගඞ‍්ගාය නදියා සොතෙන වුය‍්හමානන‍්ති? එවං භන‍්තෙ. -පෙ- (විත්‍ථාරෙතබ‍්බං)

242. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලාව සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය ... (විතර කට යුතු යි)

එවං වුත‍්තෙ ආයස‍්මා කිම‍්බිලො භගවන‍්තං එතදවොච: කින‍්නු ඛො භන‍්තෙ, ඔරිමංතීරං? -පෙ- (විත්‍ථාරෙතබ‍්බං) කතමො ච කිම‍්බිල, අන‍්තොපූතිභාවො: ඉධ කිම‍්බිල භික‍්ඛු අඤ‍්ඤතරං සඞ‍්කිලිට‍්ඨං ආපත‍්තිං ආපන‍්නො හොති යථාරූපාය ආපත‍්තියා වුට‍්ඨානං පඤ‍්ඤායති. අයං වුච‍්චති කිම‍්බිල, අන‍්තොපූතිභාවොති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙතෙර කිමෙක් ද? ... (විතර කට යුතු යි) කිම්බිල ඇතුළත කුණු වීම කවරේ ද යත්: කිම්බිල, මෙසස්නෙහි මහණ යම් බඳු ඇවතකින් නැඟී සිටීමෙක් පැනේ නම් (එබඳු) එක්තරා සකිලිටි ඇවැතකට පැමිණියේ වෙයි. කිම්බිල, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ යි.