යෙදුමෙන් කියවන්න

දාරුක‍්ඛන්‍ධොපමසුත‍්තං

1. 19. 4.

1. 19. 4.

දාරුක‍්ඛන්‍ධොපමසුත‍්තං

දාරුක්ඛන්‍ධොපම සූත්‍රය

241. එකං සමයං භගවා අයොජ‍්කධායං විහරති ගඞ‍්ගාය නදියා තීරෙ. අද‍්දසා ඛො භගවා මහන‍්තං දාරුක‍්ඛන්‍ධං ගඞ‍්ගාය නදියා සොතෙන වුය‍්හමානං. දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි, පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ අමුං මහන‍්තං දාරුක‍්ඛන්‍ධං ගඞ‍්ගාය නදියා සොතෙන වුය‍්හමානන‍්ති? එවම‍්භන‍්තෙ.

241. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගෙන යනු ලබන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය.

සචෙ සො භික‍්ඛවෙ දාරුක‍්ඛන්‍ධො න ඔරිමං තීරං උපගච‍්ඡති, න පාරිමං තීරං උපගච‍්ඡති, න මජ‍්ඣෙ සංසීදිස‍්සති, න ථලෙ උස‍්සීදිස‍්සති, න මනුස‍්සග‍්ගාහො භවිස‍්සති, න අමනුස‍්සග‍්ගාහො භවිස‍්සති, න ආවට‍්ටග‍්ගාහො භවිස‍්සති, න අන‍්තොපූති භවිස‍්සති: එවං හි සො භික‍්ඛවෙ දාරුක‍්ඛන්‍ධො සමුද‍්දනින‍්නො භවිස‍්සති, සමුද‍්දපොණො සමුද‍්දපබ‍්භාරො. තං කිස‍්ස හෙතු, සමුද‍්දනින‍්නො භික‍්ඛවෙ, ගඞ‍්ගාය නදියා සොතො, සමුද‍්දපොණො, සමුද‍්දපබ‍්භාරො.

මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නො පැමිණේ නම් එතෙරට නො පැමිණේ නම් මැද නො කිඳා නම් ගොඩට නො ගැසෙන්නේ නම් මිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් සුළියකට හසුවීමෙක් නො වන්නේ නම් ඇතුළත කුණුවූයේ (ගඟ තුළ ම දිරාගියේ) නො වන්නේ නම් මහණෙනි, මෙසේ ඒ දරකඳ මුහුදට නැමුණේ මුහුදට නැඹුරු වූයේ මුහුදට බර වූයේ වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ගඞ්ගා නදියෙහි සැඩපහර මුහුදට නැමුනේ ය. මුහුදට නැඹුරු වූයේ ය. මුහුදට බර වූයේ ය. (එහෙයිනි)

එවමෙව ඛො භික‍්ඛවෙ, සචෙ තුම‍්හෙපි න ඔරිමං තීරං උපගච‍්ඡථ න පාරිමං තීරං උපගච‍්ඡථ, න මජ‍්ඣෙ සංසීදිස‍්සථ, න ථලෙ උස‍්සීදිස‍්සථ, න මනුස‍්සග‍්ගාහා හෙස‍්සථ, න අමනුස‍්සග‍්ගාහා හෙස‍්සථ, න ආවට‍්ටග‍්ගාහා හෙස‍්සථ, න අන‍්තොපූති භවිස‍්සථ. එවං තුම‍්හෙ භික‍්ඛවෙ, නිබ‍්බානනින‍්නා භවිස‍්සථ, නිබ‍්බානපොණා නිබ‍්බානපබ‍්භාරා. තං කිස‍්ස හෙතු: නිබ‍්බානනින‍්නා භික‍්ඛවෙ, සම‍්මාදිට‍්ඨි, නිබ‍්බානපොණා, නිබ‍්බානපබ‍්භාරාති.

මහණෙනි, එසෙයින් ම තෙපි දු ඉදින් මෙතෙරට නො පැමිණෙවු නම් පරතෙරට නො පැමිණෙවු නම් මැද නො කිඳෙන්නහු නම් ගොඩට නො ගැසෙන්නහු නම් මිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් නොමිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් සුළියකින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් ඇතුළත කුණු වූවෝ නො වන්නහු නම් මහණෙනි, මෙසේ තෙපි නිවනට නැමුණාහු නිවනට නැඹුරු වූවාහු නිවනට බර වූවාහු වන්නහු ය ඒ කවර හෙයින යත්: මහණෙනි, සම්මාදිට්ඨිය නිවනට නැමුණේ ය. නිවනට නැඹුරු වූයේ ය. නිවනට බර වූයේ ය. (එහෙයිනි) යි.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: කින‍්නු ඛො භන‍්තෙ, ඔරිමංතීරං? කිං පාරිමංතීරං? කො මජ‍්ඣෙ සංසාදො? කො ථලෙ උස‍්සාදො? කො මනුස‍්සග‍්ගාහො? කො අමනුස‍්සග‍්ගාහො? කො ආවට‍්ටග‍්ගාහො? කො අන‍්තොපූතිභාවොති?

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙතෙර කිමෙක් ද? එතෙර කිමෙක් ද? මැද කිඳීම කිමෙක් ද? ගොඩට ගැසීම කිමෙක් ද? මිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? නොමිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? සුළියක ගැනීම කිමෙක් ද? ඇතුළත කුණුවීම කිමෙක් දැ? යි.

ඔරිමංතීරන‍්ති ඛො භික‍්ඛු, ඡන‍්නෙතං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අධිවචනං. පාරිමංතීරන‍්ති ඛො භික‍්ඛු, ඡන‍්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. මජ‍්ඣෙ සංසාදොති ඛො භික‍්ඛු, නන්‍දීරාගස‍්සෙතං අධිවචනං. ථලෙ උස‍්සාදොති ඛො භික‍්ඛු, අස‍්මිමානස‍්සෙතං අධිවචනං. කතමො ච භික‍්ඛු, මනුස‍්සග‍්ගාහො: ඉධ භික‍්ඛු, ගිහීහි සංසට‍්ඨො විහරති, සහනන්‍දී, සහසොකී, සුඛිතෙසු සුඛිතො, දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො, උප‍්පන‍්නෙසු කිච‍්ච කරණීයෙසු අත‍්තනා වොයොගං ආපජ‍්ජති. අයං වුච‍්චති භික‍්ඛු, මනුස‍්සග‍්ගාහො. කතමො ච භික‍්ඛු, අමනුස‍්සග‍්ගාහො: ඉධ භික‍්ඛු, එකච‍්චො අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති: ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා’ති. අයං වුච‍්චති භික‍්ඛු, අමනුස‍්සග‍්ගාහො. ආවට‍්ටග‍්ගාහොති ඛො භික‍්ඛු, පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. කතමො ච භික‍්ඛු, අන‍්තොපූතිභාවො: ඉධ භික‍්ඛු, එකච‍්චො දුස‍්සීලො හොති පාපධම‍්මො. අසුචි සඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො. අයං වුච‍්චති භික‍්ඛු, අන‍්තොපූතිභාවොති.

මහණ, ‘මෙතෙර’ යනු අධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි, මහණ; ‘පරතෙර’ ය යනු බාහිර ෂඩායතනයට මේ නමෙකි. මහණ, ‘මැද කිඳීම’ යනු නන්‍දිරාගයට මේ නමෙකි. මහණ, ‘ගොඩට ගැසීම’ යනු අස්මිමානයට මේ නමෙකි. මහණ, මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මෙහි මහණ ගිහියන් හා මිශ්‍ර වූයේ සමග සතුටු වන්නේ සමග ශෝක කරන්නේ සුවපත් වූවන් අතර සුවපත් වූයේ දුකට පැමිණියන් අතර දුකට පැමිණියේ වෙසෙයි. වැඩ කටයුතු උපන් කල්හි තමා එහි යෙදිය යුතුබවට පැමිණෙයි. මහණ, මේ මිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, නො මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මහණ මෙහි ඇතැමෙක් “මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි” යි එක්තරා දේවනිකායක් පතා බඹසර කෙරෙයි. මහණ, මේ නොමිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, සුළියක ගැනීම යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණ, ඇතුළත කුණුවීම කවරේ ද යත්: මහණ මෙසස්නෙහි ඇතැමෙක් දුසිල් වූයේ ලාමක ස්වභාව ඇත්තේ අපවිත්‍ර වූයේ සැකයෙන් සිහිකට යුතු හැසුරුම් ඇත්තේ සැඟවුණු ක්‍රියා ඇත්තේ නො මහණෙක් ව මහණෙක්මි යි පිළින ඇත්තේ බඹසර නැති ව බඹසර කරමියි පිළින ඇත්තේ ඇතුළත කුණු වූයේ වැගිරෙන කෙලෙස් ඇත්තේ හටගත් කෙලෙස් කසට ඇත්තේ වෙයි. මහණ, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ.

තෙන ඛො පන සමයෙන නන්‍දො ගොපාලකො භගවතො අවිදූරෙ ඨිතො හොති. අථ ඛො නන්‍දො ගොපාලකො භගවන‍්තං එතදවොච: අහං ඛො භන‍්තෙ, න ඔරිමංතීරං උපගච‍්ඡාමි, න පාරිමංතීරං උපගච‍්ඡාමි, න මජ‍්ඣෙ සංසීදිස‍්සාමි, න ථලෙ උස‍්සීදිස‍්සාමි, න මනුස‍්සග‍්ගාහො ගහිස‍්සති, න අමනුස‍්සග‍්ගාහො ගහිස‍්සති, න ආවට‍්ටග‍්ගාහො ගහිස‍්සති, න අන‍්තොපූති භවිස‍්සාමි. ලභෙය්‍යාහං භන‍්තෙ, භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, ලභෙය්‍යං උපසම‍්පදන‍්ති.

එසමයෙහි නන්‍ද නම් ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරේ සිටියේ වෙයි. එකල්හි නන්‍ද ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම මෙතෙරට නො පැමිණෙමි. එතෙරට නො පැමිණෙමි. මැද නො කිඳෙන්නෙමි. ගොඩට නො ගැසෙන්නෙමි. මිනිසුන්ගේ ගැනීමෙක් නොවන්නේ ය. නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ ය. සුළියක ගැනීමෙක් නො වන්නේ ය. ඇතුළත කුණු වූයෙම් නො වන්නෙමි, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි”යි.

තෙන හි ත්‍වං නන්‍ද, සාමිකානං ගාවො නීය්‍යාදෙහීති ගමිස‍්සන‍්ති භන‍්තෙ, ගාවො වච‍්ඡගිද‍්ධිනියොති. නිය්‍යාදෙහෙව ත්‍වං නන්‍ද, සාමිකානං ගාවොති. අථ ඛො නන්‍දො ගොපාලකො සාමිකානං ගාවො නිය්‍යාදෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: නිය්‍යාදිතා භන‍්තෙ, සාමිකානං ගාවො. ලභෙය්‍යාහං භන‍්තෙ, භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, ලභෙය්‍යං උපසම‍්පදන‍්ති.

නන්‍ද, එසේ වී නම් තෙපි හිමියන්ට ගෙරින් පාවාදෙවු යි. වහන්ස, වසුපැටවුන් කෙරෙහි ගිජු වූ දෙන්නු (තුමූ ම) යන්නාහ යි. නන්‍ද, තෙපි ම හිමියන්ට ගෙරින් පාවා දෙවු යි. එකල්හි නන්‍ද ගොපලු තෙමේ හිමියන්ට ගෙරින් පාවා දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, හිමියන්ට ගෙරිහු පාවා දෙන ලදහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි.

අලත්‍ථ ඛො නන්‍දො ගොපාලකො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථූපසම‍්පදං; අචිරූපසම‍්පන‍්නො ච පනායස‍්මා නන්‍දො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි, ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත‍්තත්‍ථායාති අබ‍්භඤ‍්ඤාසි, අඤ‍්ඤතරො ච පනායස‍්මා නන්‍දො අරහතං අහොසීති.

නන්‍ද ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය. උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් නන්‍ද තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝකලකින් ම යමක් පිණිස කුලපුත්තු මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුත්තර වූ මගබඹසර කෙළවර වූ ඒ රහත් ඵලය දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලද, කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගත්තේ ය. නන්‍ද ආයුෂ්මත්හු රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.