4. දාරුක්ඛන්ධොපමසුත්තවණ්ණනා අට්ඨකථා
4. දාරුක්ඛන්ධොපමසුත්තවණ්ණනා
4. දාරුක්ඛන්ධොපම සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අද්දසාති ගඞ්ගාතීරෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො අද්දස. වුය්හමානන්ති චතුරස්සං තච්ඡෙත්වා පබ්බතන්තරෙ ඨපිතං වාතාතපෙන සුපරිසුක්ඛං පාවුස්සකෙ මෙඝෙ වස්සන්තෙ උදකෙන උප්ලවිත්වා අනුපුබ්බෙන ගඞ්ගාය නදියා සොතෙ පතිතං තෙන සොතෙන වුය්හමානං. භික්ඛූ ආමන්තෙසීති “ඉමිනා දාරුක්ඛන්ධෙන සදිසං කත්වා මම සාසනෙ සද්ධාපබ්බජිතං කුලපුත්තං දස්සෙස්සාමී”ති ධම්මං දෙසෙතුකාමතාය ආමන්තෙසි. අමුං මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමානන්ති ඉදං පන අට්ඨදොසවිමුත්තත්තා සොතපටිපන්නස්ස දාරුක්ඛන්ධස්ස අපරෙ සමුද්දපත්තියා අන්තරායකරෙ අට්ඨ දොසෙ දස්සෙතුං ආරභි.
සිවු වැන්නෙහි - අද්දස = ගංතෙරෙහි පනවන ලද උතුම් වූ බුද්ධාසනයෙහි වැඩ හුන් සේක් (එය) දුටහ. උය්හමානං = සතරැස්ව සිටින සේ සැස පර්වතයක් අතුරෙහි තබන ලදුව (එම දැව කඳ) වාතය හා අව්ව විසින් මනාව වියලනු ලැබ, වර්ෂා කාලයෙහි වැසි වසින කල්හි ජලයෙහි පාවී අනු පිළිවෙළින් ගංගා නම් නදියෙහි ජල පහරෙහි පතිතව එම ජල පහර විසින් ගෙන යනු ලබන්නේ. භික්ඛු ආමන්තෙසි = මෙම දැව කඳ හා සමාන කොට, මාගේ සස්නෙහි සැදැහැයෙන් පැවිදි වූ කුල පුතු දක්වන්නෙමි යි දම් දෙසනු කැමැත්තෙන් ආමන්ත්‍රණය කළහ. අමු මහන්තං දාරුක්ඛන්ධං ගංගාය නදියා සොතෙන උය්හමානං = යන මෙය වනාහී අෂ්ට විධ දෝෂයන්ගෙන් මිදුණ බැවින් (දෝෂ විරහිතව තිබී) ජල පහරට වැටුණ දැව කඳට, මුහුදු බත් වීම නිසා සිදුවන අන්‍ය වූ අන්තරායකාරී දෝෂයන් අටක් දැක්වීම ඇරඹූහ.
තත්රස්ස එවං අට්ඨදොසවිමුත්තතා වෙදිතබ්බා – එකො හි ගඞ්ගාය නදියා අවිදූරෙ පබ්බතතලෙ ජාතො නානාවල්ලීහි පලිවෙඨිතො පණ්ඩුපලාසතං ආපජ්ජිත්වා උපචිකාදීහි ඛජ්ජමානො තස්මිංයෙව ඨානෙ අපණ්ණත්තිකභාවං ගච්ඡති, අයං දාරුක්ඛන්ධො ගඞ්ගං ඔතරිත්වා වඞ්කට්ඨානෙසු විලාසමානො සාගරං පත්වා මණිවණ්ණෙ ඌමිපිට්ඨෙ සොභිතුං න ලභති.
එහිදී අෂ්ට දෝෂයන්ගෙන් මිදී පවත්නා බව මෙසේ දතයුතුය. එක් දැව කඳක් (හෙවත් රුකක්) ගංගා නම් නදියට නුදුරෙහි පර්වත තලයෙක උපන්නේ නානා විධ ලතාවන්ගෙන් වෙලී ගියේ කොල වියලී කහ පාටට පැමිණියේ වේයන් ආදීන් විසින් කනු ලබන්නේ ඒ ස්ථානයෙහිම අභාවයට පැමිණෙයි. මේ දැව කඳ ගඟට වැටී (ගඟේ) වක්කළම්හිදී අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට ඉඩක් නො ලබයි.
අපරො ගඞ්ගාතීරෙ බහිමූලො අන්තොසාඛො හුත්වා ජාතො, අයං කිඤ්චාපි කාලෙන කාලං ඔලම්බිනීහි සාඛාහි උදකං ඵුසති, බහිමූලත්තා පන ගඞ්ගං ඔතරිත්වා වඞ්කට්ඨානෙසු විලාසමානො සාගරං පත්වා මණිවණ්ණෙ ඌමිපිට්ඨෙ සොභිතුං න ලභති.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගං තෙරෙහි (ගඟෙන්) බැහැරට ගිය මුල් ඇතිව (ගඟෙහි) ඇතුළු දෙසට ශාඛා ඇතිව උපන්නේ වෙයි. කෙසේ හෝ කලින් කල එල්ලෙන අතුවලින් ජලය ස්පර්ශ කරයි. බැහැරට මුල ඇති බැවින් ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණි නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නො ලබයි.
අපරො මජ්ඣෙ ගඞ්ගාය ජාතො, දළ්හමූලෙන පන සුප්පතිට්ඨිතො, බහි චස්ස ගතා වඞ්කසාඛා නානාවල්ලීහි ආබද්ධා, අයම්පි දළ්හමූලත්තා බහිද්ධා වල්ලීහි ආබද්ධත්තා ච ගඞ්ගං ඔතරිත්වා…පෙ… සොභිතුං න ලභති.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගඟ මැදෙහි උපන්නේ (හෙවත් රෝපිත වූයේ) දැඩිව පිහිටි මුලෙන් මනාව පිහිටියේ වෙයි. බැහැරට විහිදුනා වූ වක් වූ ශාඛා නානාවිධ ලතාවන්ගෙන් වෙලී ගියේ වෙයි. මෙය ද දැඩිව පිහිටි මුල ඇති බැවින් ද බැහැරින් ආ ලතාවන්ගෙන් බැඳී ඇති බැවින් ද ගතට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නො ලබයි.
අපරො පතිතට්ඨානෙයෙව වාලිකාය ඔත්ථටො පූතිභාවං ආපජ්ජති, අයම්පි ගඞ්ගං ඔතරිත්වා…පෙ… න ලභති.
[missing trans]
අපරො ද්වින්නං පාසාණානං අන්තරෙ ජාතත්තා, සුනිඛාතො විය නිච්චලො ඨිතො, ආගතාගතං උදකං ද්විධා ඵාලෙති, අයං පාසාණන්තරෙ සුට්ඨු පතිට්ඨිතත්තා ගඞ්ගං ඔතරිත්වා…පෙ… න ලභති.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගල් දෙකක් අතරෙහි හටගත් බැවින් මනාව සිටවනු ලැබුවක් මෙන් නිසලව සිටියේ එන එන දිය දෙපසට වෙන් කරයි. මෙය ගල් අතරෙහි මනාව පිහිටි බැවින් ඒ ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නො ලබයි.
අපරො අබ්භොකාසට්ඨානෙ නභං පූරෙත්වා වල්ලීහි ආබද්ධො ඨිතො. එකං ද්වෙ සංවච්ඡරෙ අතික්කමිත්වා ආගතෙ මහොඝෙ සකිං වා ද්වික්ඛත්තුං වා තෙමෙති, අයම්පි නභං පූරෙත්වා ඨිතතාය චෙව එකස්ස වා ද්වින්නං වා සංවච්ඡරානං අච්චයෙන සකිං වා ද්වික්ඛත්තුං වා තෙමනතාය ච ගඞ්ගං ඔතරිත්වා…පෙ… න ලභති.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) එළිමහන් තන්හි අහස පුරා විහිදුණ ලතාවන්ගෙන් වෙලී සිටියේ වසර එකක් දෙකක් ඉක්මවා මහ සැඬ පහර පැමිණි කල්හි වරක් හෝ දෙවරක් තෙමෙයි. මෙය අහසපුරා (විහිදී) සිටි බැවින් ද වසර එකක හෝ දෙකක ඇවෑමෙන් වරක් හෝ දෙවරක් තෙමී ගිය බැවින් ද ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නොලබයි.
අපරොපි මජ්ඣෙ ගඞ්ගාය දීපකෙ ජාතො මුදුක්ඛන්ධසාඛො ඔඝෙ ආගතෙ අනුසොතං නිපජ්ජිත්වා, උදකෙ ගතෙ සීසං උක්ඛිපිත්වා, නච්චන්තො විය තිට්ඨති. යස්සත්ථාය සාගරො ගඞ්ගං එවං විය වදති, “භොති ගඞ්ගෙ ත්වං මය්හං චන්දනසාරසලළසාරාදීනි නානාදාරූනි ආහරසි, දාරුක්ඛන්ධං පන නාහරසී”ති. සුලභො එස, දෙව, පුනවාරෙ ජානිස්සාමීති. පුනවාරෙ තම්බවණ්ණෙන උදකෙන ආලිඞ්ගමානා විය ආගච්ඡති. සොපි තථෙව අනුසොතං නිපජ්ජිත්වා, උදකෙ ගතෙ සීසං උක්ඛිපිත්වා, නච්චන්තො විය තිට්ඨති. අයං අත්තනො මුදුතාය ගඞ්ගං ඔතරිත්වා…පෙ… න ලභති.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගඟමැද කුඩා දිවයිනක හට ගත්තේ මෘදු වූ කඳක් හා ශාඛා ඇත්තේ සැඩ පහර පැමිණි කල්හි සැඩ පහරට අනුව වැටී ජලය (බැස) ගිය කල්හි හිස ඔසවා නටන්නකු මෙන් සිටියි. “එම්බා ගංගාවෙනි. ඔබ මා හට සඳුන් අරටු ද සළල (නම් සුවඳැති ගස් වර්ගයේ අරටු ආදිය ද යන දැව ගෙන එන්නෙහිය, දැව කඳන් නම් නොගෙනෙන්නෙහිය. මෙය ඊළඟ වර්ෂා වාරයෙහි දැන ගන්නෙමි” යි යන මෙබන්දක් යමක් සඳහා සාගරය ගංගාවට කියයි ද, ඊළඟ (වර්ෂා) වාරයෙහි තඹ පැහැති ජලය විසින් (වෘක්ෂයන්) වැළඳ ගනු ලබන්නාක් මෙන් එන කල්හි එම රුක ද ජල පහරට අනුව වැටී දිය (බැස) ගිය කල්හි හිස ඔසවා නටන්නකු මෙන් සිටියි. මේ ගස තමාගේ මෘදු භාවය නිසා ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට (ඉඩ) නොලබයි.
අපරො ගඞ්ගාය නදියා තිරියං පතිතො වාලිකාය ඔත්ථරිතො අන්තරසෙතු විය බහූනං පච්චයො ජාතො, උභොසු තීරෙසු වෙළුනළකරඤ්ජකකුධාදයො උප්ලවිත්වා තත්ථෙව ලග්ගන්ති. තථා නානාවිධා ගච්ඡා වුය්හමානා භින්නමුසලභින්නසුප්පඅහිකුක්කුරහත්ථිඅස්සාදිකුණපානිපි තත්ථෙව ලග්ගන්ති. මහාගඞ්ගාපි නං ආසජ්ජ භිජ්ජිත්වා ද්විධා ගච්ඡති, මච්ඡකච්ඡපකුම්භීලමකරාදයොපි තත්ථෙව වාසං කප්පෙන්ති. අයම්පි තිරියං පතිත්වා මහාජනස්ස පච්චයත්තකතභාවෙන ගඞ්ගං ඔතරිත්වා වඞ්කට්ඨානෙසු විලාසමානො සාගරං පත්වා මණිවණ්ණෙ ඌමිපිට්ඨෙ සොභිතුං න ලභති.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගංගා නම් නදියෙහි සරසට පතිත වූයේ වැල්ලෙහි එරුණේ දෙතෙර අතර ඒ දණ්ඩක් මෙන් (පවතිමින්) බොහෝ දෙනාගේ යහපත පිණිස හේතු විය. ඉවුරු දෙකෙහි උණ, බට, කඳ, කුඹුක් ආදී ගස්වර්ග දියෙහි මතු වී එහිම ඇලී ගැලී පවතී. එසේ ම පාවෙන්නා වූ විවිධ වර්ගයේ ගස් ද, බිඳුණ මෝල් ගස් වන කුළු ද. සර්ප සුනඛ හස්ති, අශ්ව ආදී මළ කුණු ද එහිම ඇලී ගැලී පවතී. මහ ගඟ ද එහි ගැටී බිඳී දෙකට බෙදී යයි. මත්ස්‍ය, කැසුබු, කිඹුල්, මෝර ආදීහු ද එහිම වාසය කරති. මේ ගස ද සරස්ව වැටී මහජනයාට යහපතක් කළ බැවින් ගඟෙහි ගිලී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නොලබයි.
ඉති භගවා ඉමෙහි අට්ඨහි දොසෙහි විමුත්තත්තා සොතපටිපන්නස්ස දාරුක්ඛන්ධස්ස අපරෙ සමුද්දපත්තියා අන්තරායකරෙ අට්ඨ දොසෙ දස්සෙතුං අමුං මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමානන්තිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම දොස් අතින් නිදහස් වූ බැවින් ජල ප්රවාහයට අවතීර්ණ වූ දැව කඳ මුහුදට පැමිණීමෙන් සිදු විය. හැකි අන්‍ය වූ අන්තරායකාරී වූ අෂ්ට විධ දෝෂයන් දක්වනු පිණිස “අමුං මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වූය්හමානං” (හෙවත් මේ මහත් දඬු කඳ ගංගා නම් නදියෙහි ජල පහරින් පාවීයන්නේ) යන ආදිය වදාළහ.
තත්ථ න ථලෙ උස්සීදිස්සතීති ථලං නාභිරුහිස්සති. න මනුස්සග්ගාහො ගහෙස්සතීති “මහා වතායං දාරුක්ඛන්ධො”ති දිස්වා, උළුම්පෙන තරමානා ගන්ත්වා, ගොපානසීආදීනං අත්ථාය මනුස්සා න ගණ්හිස්සන්ති. න අමනුස්සග්ගාහො ගහෙස්සතීති “මහග්ඝො අයං චන්දනසාරො, විමානද්වාරෙ නං ඨපෙස්සාමා”ති මඤ්ඤමානා න අමනුස්සා ගණ්හිස්සන්ති.
එහි - න ථලෙ උස්සදිස්සති යනු ගොඩ බිමට නො නඟිය යන්නයි. න මනුස්සග්ගාහො ගහෙස්සති = මේ දැවකඳ විශාල එකකැයි දැක මනුෂ්‍යයෝ පහුරකින් තරණය කොට ගොස් හෝ පියැස්සේ පරාල ආදිය සඳහා වුව ද නො ගණිත්. න අමනුස්සග්ගා හො ගහෙස්සති = මේ සඳුන් අරටුව බොහෝ අගනේය. එය විමානයේ දොරටුවෙහි (පිටත) තබන්නෙමු යයි සිතමින් අමනුෂ්‍යයෝ (ද එය) නො ගනිත්.
එවමෙව ඛොති එත්ථ සද්ධිං බාහිරෙහි අට්ඨහි දොසෙහි එවං ඔපම්මසංසන්දනං වෙදිතබ්බං – ගඞ්ගාය අවිදූරෙ පබ්බතතලෙ ජාතො තත්ථෙව උපචිකාදීහි ඛජ්ජමානො අපණ්ණත්තිකභාවං ගතදාරුක්ඛන්ධො විය හි “නත්ථි දින්න”න්තිආදිකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතො පුග්ගලො වෙදිතබ්බො. අයඤ්හි සාසනස්ස දූරීභූතත්තා අරියමග්ගං ඔරුය්හ සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
එවමෙව ඛො = මෙහි බාහිර වූ දෝෂයන් අට සමග උපමාවන් සැසඳීම මෙසේ දත යුතු වේ. ගඟට දුර තැනෙක පර්වත තලයක උපන්. එහිම වේයන් ආදීන් විසින් කනු ලබන, කොල නැති බවට පත් වූ දැව කඳකට උපමා කළ හැකි සේ දෙන ලද දෙයක් නැතැයි (හෙවත් දන් දීමෙහි ඵලයක් නැතැයි) යන ආදී වූ මිථ්‍යාදෘෂ්ටි මතයෙන් යුත් පුද්ගලයා පිළිබඳව දත යුත්තේය. මෙ තෙමේ වනාහී සසුනෙන් ඈත් වී විසීමේ හේතුවෙන් ආර්ය මාර්ගයට බැස සමාධිය නමැති පහුරෙහි හිඳිමින් නිවන නමැති සයුරට පැමිණීමට නො හැක්කෙක් වන්නේ ය.
ගඞ්ගාතීරෙ බහිමූලො අන්තොසාඛො හුත්වා ජාතො විය අච්ඡින්නගිහිබන්ධනො සමණකුටිම්බිකපුග්ගලො දට්ඨබ්බො. අයඤ්හි “චිත්තං නාමෙතං අනිබද්ධං, ‘සමණොම්හී’ති වදන්තොව ගිහී හොති, ‘ගිහීම්හී’ති වදන්තොව සමණො හොති. කො ජානිස්සති, කිං භවිස්සතී”ති? මහල්ලකකාලෙ පබ්බජන්තොපි ගිහිබන්ධනං න විස්සජ්ජෙති. මහල්ලකපබ්බජිතානඤ්ච සම්පත්ති නාම නත්ථි. තස්ස සචෙ චීවරං පාපුණාති, අන්තච්ඡින්නකං වා ජිණ්ණදුබ්බණ්ණං වා පාපුණාති. සෙනාසනම්පි විහාරපච්චන්තෙ පණ්ණසාලා වා මණ්ඩපො වා පාපුණාති. පිණ්ඩාය චරන්තෙනාපි පුත්තනත්තකානං දාරකානං පච්ඡතො චරිතබ්බං හොති, පරියන්තෙ නිසීදිතබ්බං හොති. තෙන සො දුක්ඛී දුම්මනො අස්සූනි මුඤ්චන්තො, “අත්ථි මෙ කුලසන්තකං ධනං, කප්පති නු ඛො තං ඛාදන්තෙන ජීවිතු”න්ති චින්තෙත්වා එකං විනයධරං පුච්ඡති – “කිං, භන්තෙ ආචරිය, අත්තනො සන්තකං විචාරෙත්වා ඛාදිතුං කප්පති, නො කප්පතී”ති? “නත්ථෙත්ථ දොසො, කප්පතෙත”න්ති. සො අත්තනො භජමානකෙ කතිපයෙ දුබ්බචෙ දුරාචාරෙ භික්ඛූ ගහෙත්වා, සායන්හසමයෙ අන්තොගාමං ගන්ත්වා, ගාමමජ්ඣෙ ඨිතො ගාමිකෙ පක්කොසාපෙත්වා, “අම්හාකං පයොගතො උට්ඨිතං ආයං කස්ස දෙථා”ති ආහ. භන්තෙ, තුම්හෙ පබ්බජිතා, මයං කස්ස දස්සාමාති? කිං පබ්බජිතානං අත්තනො සන්තකං න වට්ටතීති? කුද්දාල-පිටකං ගහෙත්වා, ඛෙත්තමරියාදබන්ධනාදීනි කරොන්තො නානාප්පකාරං පුබ්බණ්ණාපරණ්ණඤ්චෙව ඵලාඵලෙ ච සඞ්ගණ්හිත්වා, හෙමන්තගිම්හවස්සානෙසු යං යං ඉච්ඡති, තං තං පචාපෙත්වා ඛාදන්තො සමණකුටුම්බිකො හුත්වා ජීවති. කෙවලමස්ස පඤ්චචූළකෙන දාරකෙන සද්ධිං පාදපරිචාරිකාව එකා නත්ථි. අයං පුග්ගලො කිඤ්චාපි ඔලම්බිනීහි සාඛාහි උදකං ඵුසමානො අන්තොසාඛො රුක්ඛො විය චෙතියඞ්ගණබොධියඞ්ගණාදීසු භික්ඛූනං කායසාමග්ගිං දෙති, ගිහිබන්ධනස්ස පන අච්ඡින්නතාය බහිමූලත්තා අරියමග්ගං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
ගං ඉවුරෙහි බාහිර දෙසට මුල් විහිදුණා වූ ද, ඇතුල් දෙසට අතු විහිදුණා වූ ද යන මේ අයුරින් හටගත් වෘක්ෂයකට සමාන ලෙස, ගිහිබැඳීම්වලින් නොමිදුණ, ශ්‍රමණ කෙළෙඹියකු පිළිබඳව දත යුත්තේය. මෙම සිත වනාහී සැම විටක සේ නො පවතී. මම ශ්රමණයෙක්මියි කියමින්ම ගිහියෙක් වෙයි. මම ගිහියෙක්මි යි කියමින්ම ශ්‍රමණයෙක් වෙයි. කවුරු දනිත් ද? කවරකු නම් වන්නෙම් ද, (යනුවෙන් සිතයි) මහළු කල පැවිදිවන තැනැත්තා ද ගිහි බැඳීම් ඉවත් නො කරයි. මහළුව පැවිදි වූවන් හට සම්පත් ද නැත්තේය. ඉදින් ඔහුට සිවුරක් ලැබෙන්නේ නම් මැදින් ඉරී ගියාවූ හෝ දිරා ගොස් දුර්වර්ණ වූ හෝ එකක් ලැබෙයි. සෙනසුනක් නමුදු විහාරයෙන් ඈත කොළ අතු පැලක් හෝ මඩුවක් හෝ ලැබෙයි. පිඬු පිණිස හැසිරෙන්නහු විසින් වුව ද, පුත්, මුණුබුරු යන දරුවන්ගේ පසු පසින් යා යුතු වෙයි. කෙළවරෙහි හිඳගත යුතු වෙයි. එහෙයින් හෙතෙම දුක් වූයේ, දොම්නස් වූයේ කඳුලු හෙලන්නේ “මට කුලසන්තක ධනයක් ඇත. එය බුදිමින් ජීවත් වීම කැප නොවන්නේ දැ”යි සිතා එක් විනයධර තෙර නමකගෙන්” ස්වාමීනි, ආචාර්යයන් වහන්ස, තමා සතු දෙය වැය කොට අහර පිණිස ගැනීම කැප ද? අකැප දැයි විචාළේය. එහි දොසක් නැත, එය කිරීම වටනේ යයි පිළිතුරු ලැබිණ. ඒ (භික්ෂු) තෙමේ තමා ඇසුරු කරන නොහික්මුණු, අයහපත් සේ හැසිරෙන භික්ෂූන් කීම වටනේයයි පිළිතුරු ලැබිණ. ඒ (භික්ෂු) තෙමේ තමා ඇසුරු කරන නොහික්මුණු, අයහපත් සේ හැසිරෙන භික්ෂූන් කීප නමක් රැගෙන සවස් කාලයෙහි ඇතුළු ගමට ගොස් ගම මැද සිට ගම් වැසියන් කැඳවා අපගේ උත්සාහයෙන් දියුණු කරගත් මෙය කවරකුට දෙන්නාහු දැයි ඇසීය. “ස්වාමීනි, ඔබවහන්සේ පැවිදි වූවහුය. අපි කවරකුට දෙමුදැයි කීහ. පැවිදිවූවන් හට තමා අයත් දේ නොවටීදැයි අසා උදලු පැසක් ගෙන්වා කුඹුරුවල ඉම නියර බැඳීම් ආදිය කරමින් නන් අයුරු වී ආදීවූත්, මුං, මෑ, ආදීවූත් ධාන්‍ය වර්ග ද, කුදු මහත් ගෙඩි වර්ග ද රැස්කොට ශීත, උෂ්ණ. වර්ෂා යන සෘතුවලදි යම් යම් දේ කැමැත්තේ ද ඒ ඒ දෙය පිසවා අනුභව කරමින් ශ්‍රමණ කුටුම්බිකයකු (හෙවත් ගෘහස්ථ ශ්‍රමණයකු) වී ජීවත් වෙයි. ඔහුට කොණ්ඩා පසක් බැඳි දරුවකු සමග බිරිඳක් නැතිබව පමණක් (කිවහැකි) ය. මේ තැනැත්තා එල්ලෙන ශාඛාවලින් ජලය ස්පර්ශ කරන (ගඟෙහි) ඇතුල් පැත්තට අතු විහිදුණ රුකක් මෙන් සෑ මිදුල, බෝ මිදුල ආදී තන්හිදී භික්ෂුන් සමග කායිකව පෙනී සිටියි. ගිහි බැඳීමෙහි ද බිඳීමක් නැති බැවින් (සසුනෙන්) බැහැරට බැදුණ මුල් ඇත්තේ ආර්ය මාර්ගයට බැස සමාධිය නමැති පහුරෙහි හිඳ නිවන නමැති සයුරට පැමිණීමට නොහැකි වෙයි.
ගඞ්ගාය මජ්ඣෙ ජාතො බහිද්ධා වල්ලීහි ආබද්ධවඞ්කසාඛා විය සඞ්ඝසන්තකං නිස්සාය ජීවමානො භින්නාජීවපුග්ගලො දට්ඨබ්බො. එකච්චො ගිහිබන්ධනං පහාය පබ්බජන්තොපි සාරුප්පට්ඨානෙ පබ්බජ්ජං න ලභති. පබ්බජ්ජා හි නාමෙසා පටිසන්ධිග්ගහණසදිසා. යථා මනුස්සා යත්ථ පටිසන්ධිං ගණ්හන්ති, තෙසංයෙව කුලානං ආචාරං සික්ඛන්ති, එවං භික්ඛූපි යෙසං සන්තිකෙ පබ්බජන්ති, තෙසංයෙව ආචාරං ගණ්හන්ති. තස්මා එකච්චො අසාරුප්පට්ඨානෙ පබ්බජිත්වා ඔවාදානුසාසනීඋද්දෙසපරිපුච්ඡාදීහි පරිබාහිරො හුත්වා පාතොව මුණ්ඩඝටං ගහෙත්වා උදකතිත්ථං ගච්ඡති, ආචරියුපජ්ඣායානං භත්තත්ථාය ඛන්ධෙ පත්තං කත්වා භත්තසාලං ගච්ඡති, දුබ්බචසාමණෙරෙහි සද්ධිං නානාකීළං කීළති, ආරාමිකදාරකෙහි සංසට්ඨො විහරති.
ගඟ මැද හටගත්, බාහිර වැල්වලින් බැඳීගිය ඇදවූ අතු ඇති රුකක් මෙන් සඟසතු දෙය නිසා දිවි පවත්වන තැනැත්තේ ආජීව (පාරිශුද්ධි) ය. බිඳගත් පුද්ගලයකු යයි දැක්විය යුත්තේය. ඇතැමෙක් ගිහිබැඳීම් හැර පැවිදි වන්නෝ නමුදු යෝග්‍ය ස්ථානයෙක පැවිද්ද නො ලබති. පැවිද්ද යන මෙය වනාහී ප්රතිසන්ධි ග්‍රහණයකට සමාන වෙයි. යම්සේ මනුෂ්‍යයෝ යම් තැනෙක පිළිසිඳ ගනිත් ද, එම පවුල්වල හැසිරීම් අනුවම ජීවත් වීමට හුරු වෙත්. මෙසේ භික්ෂුවද යමකු සමීපයෙහි පැවිදි වේද, ඔවුන්ගේ ම ආචාර ධර්ම පිළි ගනියි. එබැවින් ඇතැමෙක් නො ගැළපෙන තැනෙක පැවිදි වී අවවාද අනුශාසනා හා ඉගෙනුම් ලැබීම, ප්‍රශ්න කිරීම ආදියෙන් බැහැර වී උදෑසන ම මුඩු කළය ගෙන පැන් තොටට යයි. ආචාර්ය උපාධ්‍යායයන්ගේ අහර පිණිස කඳෙන් පාත්‍රයක් සාදා බත්හලට යයි. අකීකරු හෙරණුන් සමග නොයෙක් ක්‍රීඩාවන් කරයි. අරමෙහි දරුවන් සමග එකට ගැටී වෙසෙයි.
සො දහරභික්ඛුකාලෙ අත්තනො අනුරූපෙහි දහරභික්ඛූහි චෙව ආරාමිකෙහි ච සද්ධිං සඞ්ඝභොගං ගන්ත්වා, “අයං ඛීණාසවෙහි අසුකරඤ්ඤො සන්තිකා පටිග්ගහිතසඞ්ඝභොගො, තුම්හෙ සඞ්ඝස්ස ඉදඤ්චිදඤ්ච න දෙථ, න හි තුම්හාකං පවත්තිං සුත්වා රාජා වා රාජමහාමත්තා වා අත්තමනා භවිස්සන්ති, එථ දානි ඉදඤ්චිදඤ්ච කරොථා”ති කුද්දාල-පිටකානි ගාහාපෙත්වා හෙට්ඨා තළාකමාතිකාසු කත්තබ්බකිච්චානි කාරාපෙත්වා බහුං පුබ්බණ්ණාපරණ්ණං විහාරං පවෙසෙත්වා ආරාමිකෙහි අත්තනො උපකාරභාවං සඞ්ඝස්ස ආරොචාපෙති. සඞ්ඝො “අයං දහරො බහූපකාරො, ඉමස්ස සතං වා ද්විසතං වා දෙථා”ති දාපෙති. ඉති සො ඉතො චිතො ච සඞ්ඝසන්තකෙනෙව වඩ්ඪන්තො බහිද්ධා එකවීසතිවිධාහි අනෙසනාහි බද්ධො අරියමග්ගං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
හේ ලාබාල භික්ෂු කාලයෙහි තමාට ගැළපෙන ලාබාල භික්ෂූන් හා අරමෙහි වෙසෙන්නන් ද සමග සඟසතු වස්තුව ඇති තැනට පැමිණ මෙය රහතුන් වහන්සේ විසින් අසුවල් රජු වෙතින් පිළිගන්නා ලද සඟ සතු දෙයකි, නුඹලා සංඝයාට මේ මේ දේ නො දෙවු, ඔබගේ තොරතුරු අසා රජවරු හෝ රාජමහාමාත්‍යවරු හෝ සතුටු නොවෙත්. මෙහිදී දැන් මේ මේ දේ කරවු යයි උදලු පැසවල් ගෙන්වා ගෙන පහල ජල මාර්ගයන්හි කළ යුතු කෘත්‍යයන් කරවා වී වැනි ධාන්‍ය වර්ග හා මුං, මෑ වැනි ධාන්‍ය වර්ග ද විහාරයට ගෙන්වා ගෙන (එසේ) පැමිණියවුන් තමාට උපකාරී වන බව සංඝයාට සැල කරයි. සංඝයා ද මේ බාලයා බොහෝ උපකාර කරයි. මොහුට සියයක් හෝ දෙසියයක් දෙවයි. මෙසේ හේ තෙමේ ඒ ඒ තැනින් සඟ සතු දෙයින් වැඩෙන්නේ බාහිර වූ විසි එක් වැදැරුම් නුසුදුසු දිවි පෙවෙත් හා බැඳුනේ ආර්ය මාර්ගයට බැස සමාධි නමැති පහුනෙහි හිඳ නිවන නමැති සයුරට පැමණීමට නො හැකි වෙයි.
පතිතට්ඨානෙයෙව වාලිකාය ඔත්ථරිත්වා පූතිභාවං ආපාදිතරුක්ඛො විය ආලසියමහග්ඝසො වෙදිතබ්බො. එවරූපඤ්හි පුග්ගලං ආමිසචක්ඛුං පච්චයලොලං විස්සට්ඨආචරියුපජ්ඣායවත්තං උද්දෙසපරිපුච්ඡායොනිසොමනසිකාරවජ්ජිතං සන්ධාය පඤ්ච නීවරණානි අත්ථතො එවං වදන්ති – “භො, කස්ස සන්තිකං ගච්ඡාමා”ති? අථ ථිනමිද්ධං උට්ඨාය එවමාහ – “කිං න පස්සථ? එසො අසුකවිහාරවාසී කුසීතපුග්ගලො අසුකං නාම ගාමං ගන්ත්වා යාගුමත්ථකෙ යාගුං, පූවමත්ථකෙ පූවං, භත්තමත්ථකෙ භත්තං අජ්ඣොහරිත්වා විහාරං ආගම්ම විස්සට්ඨසබ්බවත්තො උද්දෙසාදිවිරහිතො මඤ්චං උපගච්ඡන්තො මය්හං ඔකාසං කරොතී”ති.
වැටුණ තැනම වැලෙහි එරී දිරාපත් රුකක් මෙන් අලස වූ, අධික ලෙස අනුභව කරන්නාවූ පුද්ගලයා පිළිබඳව (මෙසේ) දත යුතුය. (කෙසේ ද යත්) ආමිසය කෙරෙහි නෙත් යොමා සිටින, (ආහාර ආදී) ප්‍රත්‍යයන් කෙරෙහි ලොල් වූ. ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහි පැවැත්විය යුතු වත් හැර දැමු, උපදෙස් ඇසීම. (දැන ගැනීම පිණිස) ප්‍රශ්න කිරීම, හා නුවණින් මෙනෙහි කිරීම අත්හළ මෙබඳු වූ පුද්ගලයා සඳහා පංච නීවරණයන් අදහස් කරමින් මෙසේ කියත්. “එම්බා සගයෙනි. කවරකු වෙතට යමු ද? ඉක්බිති ථීන මිද්ධ තෙමේ නැගිට මෙසේ කීය. මේ තැනැත්තේ අසවල් විහාරයෙහි වෙසෙන කම්මැලි පුද්ගලයාය. අසවල් නම ඇති ගමට ගොස් කැඳ, මතුයෙහි කැඳ ද, කැවුම් මතුයෙහි කැවුම් ද, බත් මතුයෙහි බත් ද ගිල දමා විහාරයට අවුත් සියලු වත් (පිළිවෙත්) අත්හලේ, උපදෙස් ඇසීම්, රහිත වූයේ, යහනට පිවිසෙන්නේ මට අවසරයක් (ඇති) කරන්නේ යයි නොදකින්නෙහි ද?
තතො කාමච්ඡන්දනීවරණං උට්ඨායාහ – “භො, තව ඔකාසෙ කතෙ මය්හං කතොව හොති, ඉදානෙව සො නිද්දායිත්වා කිලෙසානුරඤ්ජිතොව පබුජ්ඣිත්වා කාමවිතක්කං විතක්කෙස්සතී”ති. තතො බ්යාපාදනීවරණං උට්ඨායාහ – “තුම්හාකං ඔකාසෙ කතෙ මය්හං කතොව හොති. ඉදානෙව නිද්දායිත්වා වුට්ඨිතො ‘වත්තපටිවත්තං කරොහී’ති වුච්චමානො, ‘භො, ඉමෙ අත්තනො කම්මං අකත්වා අම්හෙසු බ්‍යාවටා’ති නානප්පකාරං ඵරුසවචනං වදන්තො අක්ඛීනි නීහරිත්වා විචරිස්සතී”ති. තතො උද්ධච්චනීවරණං උට්ඨායාහ – “තුම්හාකං ඔකාසෙ කතෙ මය්හං කතොව හොති, කුසීතො නාම වාතාහතො අග්ගික්ඛන්ධො විය උද්ධතො හොතී”ති. අථ කුකුච්චනීවරණං උට්ඨායාහ – “තුම්හාකං ඔකාසෙ කතෙ මය්හං කතොව හොති, කුසීතො නාම කුක්කුච්චපකතොව හොති, අකප්පියෙ කප්පියසඤ්ඤං කප්පියෙ ච අකප්පියසඤ්ඤං උප්පාදෙතී”ති. අථ විචිකිච්ඡානීවරණං උට්ඨායාහ – “තුම්හාකං ඔකාසෙ කතෙ මය්හං කතොව හොති. එවරූපො හි අට්ඨසු ඨානෙසු මහාවිචිකිච්ඡං උප්පාදෙසී”ති. එවං ආලසියමහග්ඝසං පඤ්ච නීවරණානි චණ්ඩසුනඛාදයො විය සිඞ්ගච්ඡින්නං ජරග්ගවං අජ්ඣොත්ථරිත්වා ගණ්හන්ති. සොපි අරියමග්ගසොතං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
ඉන් පසු කාමච්ඡන්ද නීවරණය නැගිට “ඔබට ඉඩක් ඇති කළ කල්හි මට (ද ඉඩක්) ඇති කරන ලද්දේම වෙයි. දැන්ම නිදා ගෙන කෙළෙස්හි අනුරතියෙන් යුතුවම පිබිද කාමයන් පිළිබඳ සිතුවිලි සිතන්නේය”යි කීය. ඉන් පසු ව්‍යාපාද නීවරණය නැගිට “ඔබට ඉඩක් (ඇති) කළ කල්හි මට (ද ඉඩක්) ඇති කරන ලද්දේ ම වෙයි, දැන් ම නිදා ගෙන නැගිට වත් පිළිවෙත් කරනු යයි කියනු ලබන්නේ එම්බා සගයෙනි, මොව්හු තමන්ගේ කටයුතු නො කොට අප (ගේ කටයුතු) කෙරෙහි යෙදෙන්නේ යයි නන් අයුරු රළු වදන් කියන්නාහු ඇස් විවර කරගෙන හැසිරෙන්නේ යයි කීය. ඉන් පසු උද්ධච්ච නීවරණය නැගිට ඔබට ඉඩක් (ඇති) කළ කල්හි මට (ද) ඉඩක් (ඇති) කරන ලද්දේම වෙයි. කුසීත බව වූ කලී කුකුස් බව විසින් ම සිදු කරන ලද්දක් වෙයි. අකැප දෙයෙහි කැපය යන සංඥාව ද, කැප දෙයෙහි අකැපය යන සංඥාව ද උපදවයි” යි කීය. ඉන් පසු විචිකිච්ඡාව නැගිට “ඔබට ඉඩක් (ඇති) කළ කල්හි මට (ද ඉඩක්) ඇති කරන ලද්දේම වෙයි. මෙසේ වන තැනැත්තේ අට තැන්හි මහා විචිකිච්ඡාවක් උපදවයි” යි කීය. මෙසේ පංච නීවරණයෝ චණ්ඩ වූ සුනඛ ආදීන් අං සිඳුණ මහලු ගවයකු (ඩැහැ ගන්නාක්) මෙන් අලස වූ, අධික ලෙස අනුභව කරන්නා වූ පුද්ගලයා මැඩ පවත්වා (තම ග්‍රහණයට) ගනිත්. ඒ තෙමේ ද ආර්ය මාර්ගය නමැති දිය පහරට බැස සමාදිය නමැති පහුරෙහි හිඳිමින් නිවන නමැති සයුරට පැමිණිමට නො හැක්කේ වෙයි.
ද්වින්නං පාසාණානං අන්තරෙ නිඛාතමූලාකාරෙන ඨිතරුක්ඛො විය දිට්ඨිං උප්පාදෙත්වා ඨිතො දිට්ඨිගතිකො වෙදිතබ්බො. සො හි “අරූපභවෙ රූපං අත්ථි, අසඤ්ඤීභවෙ චිත්තං පවත්තති, බහුචිත්තක්ඛණිකො ලොකුත්තරමග්ගො, අනුසයො චිත්තවිප්පයුත්තො, තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්තී”ති වදන්තො අරිට්ඨො විය කණ්ටකසාමණෙරො විය ච විචරති. පිසුණවාචො පන හොති, උපජ්ඣායාදයො සද්ධිවිහාරිකාදීහි භින්දන්තො විචරති. සොපි අරියමග්ගසොතං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
ගල් දෙකක් අතරෙහි පිහිටි මුල් ඇතිව සිටියාවූ රුකක් මෙන් දෘෂ්ටියක් (හෙවත් මතයක්) උපදවා ගෙන සිටිනා තැනැත්තේ දිට්ඨිගතිකයා යයි දත යුතුය. හේ තෙමේ වනාහී අරූප භවයෙහි රූපය ඇතැයි ද, අසඤ්ඤී භවයෙහි සිත පවතී යයි ද, ලොකෝත්තර මාර්ගය බොහෝ වූ චිත්ත ක්ෂණයන් ඇති තත්ත්වයක් යයිද, (සැඟවී පවත්නා) කෙලෙස් සිතෙන් වෙන්ව පවතීයයි ද, සත්ත්වයන් ඒ අනුවම දුවත් යයි ද හැසිරෙත් යයි ද කියමින් අරිෂ්ට මෙන් ද, කණ්ටක සාමණේරයන් මෙන් ද හැසිරෙයි, කේලාම් කියන්නේ ද වෙයි. උපාධ්‍යාය ආදීන් සද්ධිවිහාරික භික්ෂූන් සමග බිඳුවමින් හැසිරෙයි. ඒ (අයුරින් හැසිරෙන) තැනැත්තේ ද ආර්ය මාර්ගය නමැති දිය පහරට බැස සමාධිය නමැති පහුරෙහි හිඳිමින් නිවන නමැති සයුරට පැමිණීමට නොහැක්කේ වෙයි.
අබ්භොකාසෙ නභං පූරෙත්වා වල්ලීහි ආබද්ධො ඨිතො එකං ද්වෙ සංවච්ඡරෙ අතික්කමිත්වා ආගතෙ මහොඝෙ සකිං වා ද්වික්ඛත්තුං වා තෙමනරුක්ඛො විය මහල්ලකකාලෙ පබ්බජිත්වා පච්චන්තෙ වසමානො දුල්ලභසඞ්ඝදස්සනො චෙව දුල්ලභධම්මස්සවනො ච පුග්ගලො වෙදිතබ්බො. එකච්චො හි වුඩ්ඪකාලෙ පබ්බජිතො කතිපාහෙන උපසම්පදං ලභිත්වා පඤ්චවස්සකාලෙ පාතිමොක්ඛං පගුණං කත්වා දසවස්සකාලෙ විනයධරත්ථෙරස්ස සන්තිකෙ විනයකථාකාලෙ මරිචං වා හරීතකඛණ්ඩං වා මුඛෙ ඨපෙත්වා බීජනෙන මුඛං පිධාය නිද්දායන්තො නිසීදිත්වා ලෙසකප්පෙන කතවිනයො නාම හුත්වා පත්තචීවරං ආදාය පච්චන්තං ගච්ඡති. තත්ර නං මනුස්සා සක්කරිත්වා භික්ඛුදස්සනස්ස දුල්ලභතාය “ඉධෙව, භන්තෙ, වසථා”ති විහාරං කාරෙත්වා පුප්ඵූපගඵලූපගරුක්ඛෙ රොපෙත්වා තත්ථ වාසෙන්ති.
අවකාශ ඇති තන්හි අහස පුරා පැතිරී විහිදුණ වැල් වලින් බැඳී පිහිටි අවුරුදු එකකට හෝ දෙකකට පසුව එන මහ ගං වතුරකින් තෙමෙන වෘක්ෂයකට සමාන ලෙස, මහලු කල පැවිදිව පිටිසර දෙසක වසන්නා වූ සංඝයාගේ දර්ශනය ලැබිම දුර්ලභ වූ ද. ධර්ම ශ්‍රවණය කිරීම දුර්ලභ වූ ද පුද්ගලයකු පිළිබඳව සිහියට ගත යුත්තේය. ඇතැම් කෙනෙක් වනාහී මහලු කල පැවිදි ව කීප දිනකින් ප්‍රත්‍යන්ත දේශ උපසම්පදාව ලැබ පස් හවුරුදු කාලයක් ප්රාතිමෝක්ෂය ප්‍රගුණ කොට දස වසක දී විනයධර තෙරුන් හමුවෙහි විනය කියවන කල්හි මිරිස් හෝ අරළු කැබැල්ලක් හෝ මුවෙහි තබා විජිනි පතින් මුව වසා නිදමින් හිඳගෙන ස්වල්ප මාත්‍රයකින් කරන ලද විනය කර්ම ඇත්තකු බවට පත්වී පා සිවුරු ගෙන පිටිසර දෙසකට යති. එහි මනුෂ්‍යයෝ ඔහුට නමස්කාර කොට භික්ෂූන් දැකීමේ දුර්ලභත්වය නිසා “ස්වාමීනි, මෙහි ම වසනු මැනව” යි විහාරයක් කරවා, මල් ලැබෙන්නාවූ ද, ඵල ලැබෙන්නාවූ ද රුක් සිටුවා එහිම වාසය කරවත්.
අථ මහාවිහාරසදිසවිහාරා බහුස්සුතා භික්ඛූ, “ජනපදෙ චීවරරජනාදීනි කත්වා ආගමිස්සාමා”ති තත්ථ ගච්ඡන්ති. සො තෙ දිස්වා, හට්ඨතුට්ඨො වත්තපටිවත්තං කත්වා, පුනදිවසෙ ආදාය භික්ඛාචාරගාමං පවිසිත්වා, “අසුකො ථෙරො සුත්තන්තිකො, අසුකො අභිධම්මිකො, අසුකො විනයධරො, අසුකො තෙපිටකො, එවරූපෙ ථෙරෙ කදා ලභිස්සථ, ධම්මසවනං කාරෙථා”ති වදති. උපාසකා “ධම්මස්සවනං කාරෙස්සාමා”ති විහාරමග්ගං සොධෙත්වා, සප්පිතෙලාදීනි ආදාය, මහාථෙරං උපසඞ්කමිත්වා, “භන්තෙ, ධම්මස්සවනං කාරෙස්සාම, ධම්මකථිකානං විචාරෙථා”ති වත්වා පුනදිවසෙ ආගන්ත්වා ධම්මං සුණන්ති.
ඉක්බිති මහා විහාරය වැනි විහාරයන්ගෙන් බහුශ්‍රැත වූ භික්ෂූහු “ජන පදයෙහි දී විදර්ශනා ආදිය සිදු කොට පැමිණෙන්නෙමු” යි එහි යති. (එහි නේවාසික වූ) ඒ භික්ෂු තෙමේ (බැහැරින් පැමිණි) ඒ බහුශ්‍රැත භික්ෂූන් දැක තුටු පහටු වූයේ වත් පිළිවෙත් කොට දෙවන දිනයෙහි (බැහැරින් ආ භික්ෂූන්) රැගෙන පිඬු පිණිස ගමට පිවිස “අසවල් තෙරණුවෝ සූත්‍ර පිටකධාරී වෙති, අසවල් තෙරණුවෝ අභිධර්ම පිටකධාරී වෙති. අසවල් තෙරණුවෝ විනය පිටකධාරී වෙති. අසවල් තෙරණුවෝ ත්‍රිපිටකධාරි වෙති, මෙවැනි තෙරවරුන් කවරදාක ලබන්නහු ද? ධර්ම ශ්‍රවණය කරව්. යයි කියයි. උවසුවෝ ධර්ම ශ්‍රවණය කරන්නෙමු යයි විහාරයට යන මඟ පිරිසිදු කොට ගිතෙල් හා තෙල් ආදිය ගෙන මහ තෙරුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, ධර්ම ශ්‍රවණය කරන්නෙමු, ධර්ම කථිකයන් වහන්සේලාගෙන් විචාරනු මැනව” යි කියා ඊළඟ දිනයෙහි පැමිණ දහම් අසත්.
නෙවාසිකත්ථෙරො ආගන්තුකානං පත්තචීවරානි පටිසාමෙන්තො අන්තොගබ්භෙයෙව දිවසභාගං වීතිනාමෙති. දිවාකථිකො උට්ඨිතො සරභාණකො ඝටෙන උදකං වමෙන්තො විය සරභාණං භණිත්වා උට්ඨිතො, තම්පි සො න ජානාති. රත්තිකථිකො සාගරං ඛොභෙන්තො විය රත්තිං කථෙත්වා උට්ඨිතො, තම්පි සො න ජානාති. පච්චූසකථිකො කථෙත්වා උට්ඨාසි, තම්පි සො න ජානාති. පාතොව පන උට්ඨාය මුඛං ධොවිත්වා, ථෙරානං පත්තචීවරානි උපනාමෙත්වා, භික්ඛාචාරං උපගච්ඡන්තො මහාථෙරං ආහ – “භන්තෙ, දිවාකථිකො කතරං ජාතකං නාම කථෙසි, සරභාණකො කතරං සුත්තං නාම භණි, රත්තිකථිකො කතරං ධම්මකථං නාම කථෙසි, පච්චූසකථිකො කතරං ජාතකං නාම කථෙසි, ඛන්ධා නාම කති, ධාතුයො නාම කති, ආයතනා නාම කතී”ති. එවරූපො එකං ද්වෙ සංවච්ඡරානි අතික්කමිත්වා භික්ඛුදස්සනඤ්චෙව ධම්මස්සවනඤ්ච ලභන්තොපි ඔඝෙ ආගතෙ උදකෙන සකිං වා ද්වික්ඛත්තුං වා තෙමිතරුක්ඛසදිසො හොති. සො එවං සඞ්ඝදස්සනතො ච ධම්මස්සවනතො ච පටික්කම්ම දූරෙ වසන්තො අරියමග්ගං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
නේවාසික ස්ථවිර තෙමේ ආගන්තුක තෙරවරුන්ගේ පා සිවුරු තැත්පත් කොට ඇතුළු ගැබෙහි ම දිවා භාගය ගත කරයි. දිවා කතිකයා වූ ධර්මපද දේශක තෙමේ (දෙසුම) ඇරඹුයේ කළයෙන් ජලය පිට කරන්නාක් මෙන් දහම් පද දෙසන නැඟී සිටියේය. ඒ (නේවාසික භික්ෂු) තෙමේ එය ද නොදනි යි. රාත්‍රියෙහි දේශනා නොකොට නැඟීසිටියේය. එය ද (නේවාසික) භික්ෂු තෙමේ නොදනියි. අළුයම දේශක ස්ථවිර තෙමේ ව(ද) දේශනා කොට නැගී සිටියේය. (නේවාසික) භික්ෂු තෙමේ එය ද නොදනියි. (හෙතෙම) උදෑසන ම නැඟිට මුව දොවා තෙරුන්ගේ පා සිවුරු භාර දී පිඬු පිණිස ගමන් ගත්තේ මහ තෙරුන්ගෙන් (මෙසේ) ඇසීය. “ස්වාමීනි, දහවල් දේශක තෙමේ කවර නම් සූත්‍රයක් කීවේද? රාත්‍රි දේශක තෙමේ කවර නම් ධර්ම කථාවක් කීවේද? උදෑසන දේශක තෙමේ කුමන ජාතකයක් නම් කීවේද? ස්කන්ධයෝ නම් කෙතෙක්ද? ධාතූහු නම් කෙතෙක් ද? ආයතන නම් කෙතෙක් ද? මෙසේ වර්ෂ එකක් දෙකක් ඉක්ම ගිය පසු භික්ෂූන් දැකීම ද දහම් ඇසීම ද ලබන තැනැත්තා වනාහී ගංවතුර ආ කල්හි තෙමුණ තැනැත්තා මෙන් වන්නේ වෙයි. හේ තෙමේ මෙසේ සංඝ දර්ශනයෙන් ද, ධර්ම ශ්‍රවණයෙන් ද ඉවත් වී ඈත පෙදෙස් හි වෙසෙනුයේ ආර්ය මාර්ගයට බැස සමාධිය නමැති පහුරෙහි හිඳිමින් නිවන නමැති සයුරට පැමිණීමට නො හැක්කේ වෙයි.
මජ්ඣෙ ගඞ්ගාය දීපකෙ ජාතො මුදුරුක්ඛො විය මධුරස්සරභාණකපුග්ගලො වෙදිතබ්බො. සො හි අභිඤ්ඤාතානි අභිඤ්ඤාතානි වෙස්සන්තරාදීනි ජාතකානි උග්ගණ්හිත්වා, දුල්ලභභික්ඛුදස්සනං පච්චන්තං ගන්ත්වා, තත්ථ ධම්මකථාය පසාදිතහදයෙන ජනෙන උපට්ඨියමානො අත්තානං උද්දිස්ස කතෙ සම්පන්නපුප්ඵඵලරුක්ඛෙ නන්දනවනාභිරාමෙ විහාරෙ වසති. අථස්ස භාරහාරභික්ඛූ තං පවත්තිං සුත්වා, “අසුකො කිර එවං උපට්ඨාකෙසු පටිබද්ධචිත්තො විහරති. පණ්ඩිතො භික්ඛු පටිබලො බුද්ධවචනං වා උග්ගණ්හිතුං, කම්මට්ඨානං වා මනසිකාතුං, ආනෙත්වා තෙන සද්ධිං අසුකත්ථෙරස්ස සන්තිකෙ ධම්මං උග්ගණ්හිස්සාම, අසුකත්ථෙරස්ස සන්තිකෙ කම්මට්ඨාන”න්ති තත්ථ ගච්ඡන්ති.
ගඟ මැද කුඩා දිවයිනෙක හටගත් මෘදු වූ රුකක් මෙන් මිහිරි සරින් දෙසන තැනැත්තකු ගැන දත යුතුය. (එබඳු අයකු ගැන තොරතුරු දක්වනු ලැබේ) හේ තෙමේ දැනගත යුතු වූ වෙස්සන්තර ආදී ප්‍රසිද්ධ ජාතකයන් උගෙන දුර්ලභ වූ භික්ෂු දර්ශනය ප්‍රත්‍යන්තයට ගෙන ගොස් එහිදී ධර්ම කථාවෙන් පැහැදුණ හදවතින් යුත් මිනිසුන් විසින් උවටැන් කරනු ලබන්නේ තමා උදෙසා කළ මල්පල යුත් රුක් ඇති. නන්දන වනය සේ මනහර වූ විහාරයෙහි වාසය කරයි. ඉක්බිති එ (ම ප්‍රදේශයෙ) හි වගකිවයුතු භික්ෂූහු ඒ පුවත අසන “අසුවලා වනාහී මෙසේ උපස්ථායකයන් කෙරෙහි බැඳුණ සිත් ඇතිව වාසය කරයි, පණ්ඩිත වූ භික්ෂුව බුද්ධ වචනය ඉගෙනීමට හෝ කමටහන් මෙනෙහි කිරීමට හෝ සමත් වෙයි. ඔහු ගෙන්වා ගෙන ඔහු සමග අසුවල් තෙරුන් සමීපයෙහි දහම් උගනිමු. අසුවල් තෙරුන් සමීපයෙහි කමටහන් උගනිමු” යයි එහි යති.
සො තෙසං වත්තං කත්වා සායන්හසමයං විහාරචාරිකං නික්ඛන්තෙහි තෙහි “ඉමං, ආවුසො, චෙතියං තයා කාරිත”න්ති පුට්ඨො, “ආම, භන්තෙ”ති වදති. “අයං බොධි, අයං මණ්ඩපො, ඉදං උපොසථාගාරං, එසා අග්ගිසාලා, අයං චඞ්කමො තයා කාරිතො. ඉමෙ රුක්ඛෙ රොපාපෙත්වා තයා නන්දනවනාභිරාමො විහාරො කාරිතො”ති. “ආම, භන්තෙ”ති, වදති.
හෙතෙම ඒ (පැමිණි) භික්ෂූන්හට වත් සපයන, සවස් වේලෙහි විහාර චාරිකාවෙහි නික්මුණ ඔවුන් විසින් “ඇවැත්නි, මේ චෛත්‍යය ඔබ විසින් කරවන ලද්දේදැයි” විමසනු ලැබුයේ “එසේය ස්වාමීනි” යයි කියයි. “මේ බෝධිය. මේ මණ්ඩපය. මේ උපෝසථාගාරය. මේ ගිනිහල්ගෙය. මේ සක්මන් මලුව (ආදිය) ඔබ විසින් කරවන ලද්දේ ද? මේ ගස් සිටුවා ඔබ විසින් නන්දන වනය මෙන් මනරම් වූ විහාරයක් කරවන ලද්දේ දැ” යි ද විමසුහ. “එසේය ස්වාමීනි” යි පිළිතුරු දුන්නේය.
සො සායං ථෙරුපට්ඨානං ගන්ත්වා වන්දිත්වා පුච්ඡති – “කස්මා, භන්තෙ, ආගතත්ථා”ති? “ආවුසො, තං ආදාය ගන්ත්වා, අසුකත්ථෙරස්ස සන්තිකෙ ධම්මං උග්ගණ්හිත්වා, අසුකත්ථෙරස්ස සන්තිකෙ කම්මට්ඨානං, අසුකස්මිං නාම අරඤ්ඤෙ සමග්ගා සමණධම්මං කරිස්සාමාති ඉමිනා කාරණෙන ආගතම්හා”ති. සාධු, භන්තෙ, තුම්හෙ නාම මය්හං අත්ථාය ආගතා, අහම්පි චිරනිවාසෙන ඉධ උක්කණ්ඨිතො ගච්ඡාමි, පත්තචීවරං ගණ්හාමි, භන්තෙති. ආවුසො, සාමණෙරදහරා මග්ගකිලන්තා, අජ්ජ වසිත්වා ස්වෙ පච්ඡාභත්තං ගමිස්සාමාති. සාධු, භන්තෙති පුනදිවසෙ තෙහි සද්ධිං පිණ්ඩාය පවිසති. ගාමවාසිනො “අම්හාකං අය්යො බහූ ආගන්තුකෙ භික්ඛූ ගහෙත්වා ආගතො”ති ආසනානි පඤ්ඤාපෙත්වා යාගුං පායෙත්‍වා සුඛනිසින්නකථං සුත්වා භත්තං අදංසු. ථෙරා “ත්වං, ආවුසො, අනුමොදනං කත්වා නික්ඛම, මයං උදකඵාසුකට්ඨානෙ භත්තකිච්චං කරිස්සාමා”ති නික්ඛන්තා.
ඒ (භික්ෂු) තෙමේ සවස් කාලයෙහි තෙරවරුන් හට උවටැන් පිණිස ගොස් වැඳ “ස්වාමීනි, කුමක් හෙයින් (මෙහි) පැමිණියාහුදැ” යි විචාරයි. “ඇවැත්නි, ඔබ කැඳවා ගෙන ගොස් අසවල් තෙරුන්ගේ සමීපයෙහි කමටහන් උගෙන, අසවල් නම් අරණෙහි එක්ව මහණ දම් කරන්නෙමුය යන මේ කරුණෙන් පැමිණියෙමු” යි පිළිතුරු දුන්හ. “යහපති ස්වාමීනි, ඔබ වහන්සේ නම් මාගේ යහපත සඳහා ම පැමිණියහු ය, මම ද බොහෝ කල් වාසය නිසා මෙහි උකටලී වෙමි, යමි, පා සිවුරු ගණිමි ස්වාමීනි” යි කීය. ඇවැත්නි, ලාබාල සාමණේරවරු මඟදී වෙහෙසට පත්වෙති, (ඒ නිසා) අද නැවතී හෙට දිවා අහරින් පසු යන්නෙමු” යයි (ආගන්තුක භික්ෂූහු කීහ) “යහපති ස්වාමීනි” යි කියන දෙවන දිනයෙහි ඒ භික්ෂූන් සමග පිඬු පිණිස පිවිසෙයි. ගම් වැසියෝ අපගේ ආර්යයන් වහන්සේ බොහෝ වූ ආගන්තුක භික්ෂූන් රැගෙන පැමිණියහ.” යි අසුන් පනවා කැඳ බීමට දී, සුවසේ හිඳ දහම් කථා අසා අහර පිළිගන්වති. (ආගන්තුක) ස්ථවිරවරු “ඇවැත්නි, ඔබ අනුමෝදනා කොට පිටත් වන්න, අපි පැන් පහසුව ඇති තැනෙක බත් කිස කරන්නෙමු” යයි (කියා) නික්මෙති.
ගාමවාසිනො අනුමොදනං සුත්වා පුච්ඡිංසු, “කුතො, භන්තෙ, ථෙරා ආගතා”ති? එතෙ අම්හාකං ආචරියුපජ්ඣායා සමානුපජ්ඣායා සන්දිට්ඨා සම්භත්තාති. කස්මා ආගතාති? මං ගහෙත්වා ගන්තුකාමතායාති. තුම්හෙ පන ගන්තුකාමාති? ආමාවුසොති. කිං වදෙථ, භන්තෙ, අම්හෙහි කස්ස උපොසථාගාරං කාරිතං, කස්ස භොජනසාලා, කස්ස අග්ගිසාලාදයො කාරිතා, මයං මඞ්ගලාමඞ්ගලෙසු කස්ස සන්තිකං ගමිස්සාමාති? මහාඋපාසිකායොපි තත්ථෙව නිසීදිත්වා අස්සූනි පවත්තයිංසු. දහරො “තුම්හෙසු එවං දුක්ඛිතෙසු අහං ගන්ත්වා කිං කරිස්සාමි? ථෙරෙ උය්යොජෙස්සාමී”ති විහාරං ගතො.
ගම් වැසියෝ අනුමෝදනාව අසා “ස්වාමීනී. (ඒ) තෙරවරහු කවර දෙසකිත් පැමිණියෝ දැ” යි අසත්. මේ තෙරවරු අපගේ ආචාර්ය උපාධ්යායයෝය, සමාන උපාධ්යායයෝය, හිතවත් මිත්‍රයෝ ය. යී කීය. “කුමක් නිසා පැමිණියහු ද? මා කැඳවා ගෙන යනු කැමැත්තෙනි” “ඔබ වහන්සේ වනාහී යනු කැමැත්තහුද?” “එසේය පින්වතුනි” “ස්වාමීනි කුමක් කියන්නහුද? අප විසින් උපෝසථාගාරයක් කරවන ලද්දේ කවරකු හටද? බොදුන් හල්, ගිනිහල් ගෙවල්, ආදිය කරවන ලද්දේ කවරකු හට ද? මංගල අවමංගලවලදී කවරුකු වෙතට යන්නෙමු දැ යි (ඒ මනුෂ්‍යයෝ කීහ) මහ උවැසියෝ ද එහි ම හිඳ කඳුළු හෙලත්, තරුණ භික්ෂුව “නුඹලා මෙසේ දුක්වන කල්හි මම ගොස් කුමක් කරන්නෙම් ද? තෙරුවන් යවන්නෙමි” යි (කියා) විහාරයට යයි.
ථෙරාපි කතභත්තකිච්චා පත්තචීවරානි ගහෙත්වා නිසින්නා තං දිස්වාව, “කිං, ආවුසො, චිරායසි, දිවා හොති, ගච්ඡාමා”ති ආහංසු. ආම, භන්තෙ, තුම්හෙ සුඛිතා, අසුකගෙහස්ස ඉට්ඨකාමූලං ඨිතසණ්ඨානෙනෙව ඨිතං, අසුකගෙහාදීනං චිත්තකම්මමූලාදීනි අත්ථි, ගතස්සාපි මෙ චිත්තවික්ඛෙපො භවිස්සති, තුම්හෙ පුරතො ගන්ත්වා අසුකවිහාරෙ චීවරධොවනරජනාදීනි කරොථ, අහං තත්ථ සම්පාපුණිස්සාමීති. තෙ තස්ස ඔසක්කිතුකාමතං ඤත්වා ත්වං පච්ඡා ආගච්ඡෙය්යාසීති පක්කමිංසු.
කරන ලද අහර කිස ඇති, පා සිවුරු ද ගෙන හුන් ස්ථවිරවරු ද ඔහු දැකම “ඇවැත්නි, ප්‍රමාද වන්නෙහි ද? දහවල වී තිබේ, යමු” යි කීහ. එසේය ස්වාමීනි, ඔබ වහන්සේ සුවපත් ව සිටින්නාහුය. අසවල් නිවසේ ගඩොල් රැස තිබූ සැටියෙන් ම තිබේ. අසවල් නිවස ආදියේ චිත්‍ර කර්ම රාශියක් ආදී දේ ඇත. ගියේ වුව ද මාගේ සිතේ නොසන්සුන් බවක් ඇති වන්නේය. ඔබ වහන්සේලා පෙරටුව ගොස් අසවල් විහාරයෙහි සිවුරු සේදීම්, වර්ණ ගැන්වීම් ආදිය කරනු මැනවි. මම එහි පැමිණෙන්නෙමි” යි කීය. ඒ භික්ෂූහු ඔහුගේ ප්‍රමාද වීමෙහි කැමැත්ත දැනගෙන ඔබ පසුව පැමිණෙන්න” යයි කියා ඉවත්ව යති.
සො ථෙරෙ අනුගන්ත්වා නිවත්තො විහාරමෙව ආගන්ත්වා භොජනසාලාදීනි ඔලොකෙන්තො විහාරං රාමණෙය්යකං දිස්වා චින්තෙසි – “සාධු වතම්හි න ගතො. සචෙ අගමිස්සං, කොචි, දෙව, ධම්මකථිකො ආගන්ත්වා, සබ්බෙසං මනං භින්දිත්වා, විහාරං අත්තනො නිකායසන්තකං කරෙය්ය, අථ මයා පච්ඡා ආගන්ත්වා එතස්ස පච්ඡතො ලද්ධපිණ්ඩං භුඤ්ජන්තෙන චරිතබ්බං භවිස්සතී”ති.
හෙතෙම තෙරවරුනට පසුගමන් කොට නැවතුණේ විහාරයට ම පැමිණ බොජුන් හල් ආදිය බලන්නේ විහාරය සිත් අලවන්නක් බව දැක මගේ නො යාමෙන් යහපතක් කර ගත්තේ වෙමි, ඉදින් ගියෙම් නම් කිසියම් ධර්ම කථික (භික්ෂුවරයෙක්) පැමිණ හැමගේ ම සිත් බිඳ විහාරය තමා සතු කර ගන්නේය. එවිට පසුකලෙක මෙහි පැමිණ මා විසින් ඔහුට පසුව ලැබෙන පිණ්ඩපාතය බුදිමින් ජීවත් විය යුතු වන්නේය” යි සිතයි.
සො අපරෙන සමයෙන සුණාති, “තෙ කිර භික්ඛූ ගතට්ඨානෙ එකනිකායද්වෙනිකායඑකපිටකද්වෙපිටකාදිවසෙන බුද්ධවචනං උග්ගණ්හිත්වා අට්ඨකථාචරියා ජාතා විනයධරා ජාතා සතපරිවාරාපි සහස්සපරිවාරාපි චරන්ති. යෙ පනෙත්ථ සමණධම්මං කාතුං ගතා, තෙ ඝටෙන්තා වායමන්තා සොතාපන්නා ජාතා, සකදාගාමිනො අනාගාමිනො අරහන්තො ජාතා, මහාසක්කාරෙන පරිනිබ්බුතා”ති. සො චින්තෙසි – “සචෙ අහම්පි අගමිස්සං, මය්හම්පෙසා සම්පත්ති අභවිස්ස, ඉමං පන ඨානං මුඤ්චිතුං අසක්කොන්තො අතිවිය පරිහීනම්හී”ති. අයං පුග්ගලො අත්තනො මුදුතාය තං ඨානං අමුඤ්චන්තො අරියමග්ගං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
හෙතෙම පසු කලෙක මෙසේ සිතයි.” (ගියාවූ) ඒ භික්ෂූහු වනාහි ගිය තන්හිදී (අංගුත්තර, මජ්ඣිම ආදී) නිකාය එකක් හෝ දෙකක් ද, (ත්‍රිපිටකයෙන්) පිටක එකක් හෝ දෙකක් ද යන ආදී වශයෙන් බුද්ධ වචනය උගෙන අර්ථ කථාචාර්යවරුන් හෝ විනයධරයන් වී සිය ගණන් හෝ දහස් ගණන් පිරිවර ඇත්තන් බවට පත් වී හැසිරෙති, යමකු වනාහී මහණ දම් පිරීමට මෙහි පැමිණෙත් නම් ඔවුන් උත්සාහ කරමින්, වෑයම් කරමින් සෝවාන් වූවාහු. සකෘදාගාමී වූවාහු, අනාගාමී වූවාහු (නොහොත්) රහත් වූවාහු මහා සත්කාරයෙන් යුතුව පිරිනිවී යෙත්” යයි අසන්නට ලැබේ. (හෙවත් තොරතුරු දැන ගනියි) හෙතෙමේ “ඉදින් මම ද ගියෙම් නම් මට ද මේ සම්පත සිදුවන්නේය. මේ ස්ථානය මුදා හරින්නට නොහැක්කෙම් අතිශයින්ම පිරිහුණෙමි” යනුයි. මේ පුද්ගලයා තමාගේ මෘදු භාවයෙන් ඒ ස්ථානය මුදා නො හරින්නේ ආර්ය මාර්ගයට බැස සමාධිය නමැති පහුරෙහි හිඳ නිවන නමැති සයුරට පැමිණීමට නො හැක්කෙක් වෙයි.
ගඞ්ගාය නදියා තිරියං පතිත්වා, වාලිකාය ඔත්ථටභාවෙන අන්තරසෙතු විය හුත්වා, බහූනං පච්චයො ජාතරුක්ඛො විය රථවිනීතමහාඅරියවංසචන්දොපමාදිපටිපදාසු අඤ්ඤතරං පටිපදං උග්ගහෙත්වා ඨිතො ඔලීනවුත්තිකො පුග්ගලො වෙදිතබ්බො. සො හි තං පටිපත්තිනිස්සිතං ධම්මං උග්ගහෙත්වා පකතියා මඤ්ජුස්සරො චිත්තලපබ්බතාදිසදිසං මහන්තං ඨානං ගන්ත්වා චෙතියඞ්ගණවත්තාදීනි කරොති. අථ නං ධම්මස්සවනග්ගං පත්තං ආගන්තුකා දහරා “ධම්මං කථෙහී”ති වදන්ති. සො සම්මා උග්ගහිතං ධම්මං පටිපදං දීපෙත්වා කථෙති. අථස්ස පංසුකූලිකපිණ්ඩපාතිකාදයො සබ්බෙ ථෙරනවමජ්ඣිමා භික්ඛූ “අහො සප්පුරිසො”ති අත්තමනා භවන්ති.
ගංගා නම් නදියෙහි සරස්ව වැටී වැල්ලෙහි එරී (ඉවුරු දෙක) අතර ඒ දණ්ඩක් මෙන් වී බොහෝ දෙනාට හිත පිණිස හටගත් රුකක් වැනි රථ විනීත, මහා අරියවංස. චන්දෝපම ආදී ප්රතිපදාවන්හි එක්තරා ප්‍රතිපදාවක් උගෙන සිටි (එහෙත්) හීන වීර්ය ඇති පුද්ගලයකු පිළිබඳව දත යුත්තේය. (හෙවත් සිතාගත යුත්තේය) හෙතෙම වූ කලී එම ප්‍රතිපත්තිවලට යෝග්‍ය වූ දහම් උගෙන ප්‍රකෘතියෙන් ම මධුර ස්වර ඇත්තේ සිතුල් පව්ව ආදියට සමාන වූ විසල් තැනකට ගොස් චෛත්‍යය, මිදුල වැනි තන්හි වතාවත් ආදිය කරයි. එසේ ඇති කල්හි දහම් අසනු පිණිස ඔහු වෙතට පැමිණෙන ආගන්තුක බාලයෝ දහම් දෙසන්නැයි කියති. හෙතෙම මනාව උගතධර්මය අනු පිළිවෙළින් පෙන්වා දේසනා කරයි. ඉක්බිති පාංසුකූලික පිණ්ඩපාතික ආදී ස්ථවිර, නවක, මධ්‍යම යන සියළුම භික්ෂූහු අහෝ සත්පුරුෂයෙකැයි ඔහු පිළිබඳව සතුට වෙති.
සො කස්සචි නිදානමත්තං, කස්සචි උපඩ්ඪගාථං, කස්සචි ගාථං උපට්ඨාපෙන්තො අයපට්ටකෙන ආබන්ධන්තො විය දහරසාමණෙරෙ සඞ්ගණ්හිත්වා මහාථෙරෙ උපසඞ්කමිත්වා, “භන්තෙ, අයං පොරාණකවිහාරො අත්ථි, එත්ථ කොචි තත්රුප්පාදො”ති?, පුච්ඡති. ථෙරා – “කිං වදෙසි, ආවුසො, චතුවීසති කරීසසහස්සානි තත්රුප්පාදො”ති. භන්තෙ, තුම්හෙ එවං වදෙථ, උද්ධනෙ පන අග්ගිපි න ජලතීති. ආවුසො, මහාවිහාරවාසීහි ලද්ධා නාම එවමෙව නස්සන්ති, න කොචි සණ්ඨපෙතීති. භන්තෙ, පොරාණකරාජූහි දින්නං ඛීණාසවෙහි පටිග්ගහිතං කස්මා එතෙ නාසෙන්තීති? ආවුසො, තාදිසෙන ධම්මකථිකෙන සක්කා භවෙය්ය ලද්ධුන්ති. භන්තෙ, මා එවං වදෙථ, අම්හෙ පටිපත්තිදීපකධම්මකථිකා නාම, තුම්හෙ මං “සඞ්ඝකුටුම්බිකො විහාරුපට්ඨාකො”ති මඤ්ඤමානා කාතුකාමාති. කිං නු ඛො, ආවුසො, අකප්පියමෙතං, තුම්හාදිසෙහි පන කථිතෙ අම්හාකං උප්පජ්ජෙය්යාති? තෙන හි, භන්තෙ, ආරාමිකෙසු ආගතෙසු අම්හාකං භාරං කරොථ, එකං කප්පියද්වාරං කථෙස්සාමාති.
හේ තෙමේ යම් අයකුට (ගාථාවෙහි) නිදාන මාත්‍රය ද, තවත් යම් අයකුට ගාථාවෙන් අඩක් ද තවත් අයකුට ගාථාවම ද උගන්වන්නේ යකඩ පටියකින් බැඳ ගත්තාක් මෙන් බාල සාමණේරවරුන් හට සංග්‍රහ කොට (තමා කෙරෙහි බඳවා ගෙන) මහ තෙරුන් වෙත එළඹ “ස්වාමීනි. මෙය පුරාණ විහාරයක් වෙයි, මෙහි බිම් ප්‍රමාණය කෙතෙක් වේදැයි” විචාරයි. තෙරුන් වහන්සේ “ඇවැත්නි. කුමක් කියන්නෙහි ද? කරීස (හෙවත් අමුණු සතර බැගින් වූ බිම් කොටස්) සූවිසි දහසක් වපසරිය වේ යයි කියති. “ස්වාමීනි, උදුනෙහි ගින්නක් හෝ නො දැල්වෙයි (හෙවත් පිස ගැනීමට කිසිවක් හෝ ආරාමයෙහි නැත) යනුවෙන් කියනු මැනවි “ඇවැත්නි, මහා විහාරවාසී (භික්ෂු) න් විසින් ලබන ලද මෙය වැනසේ, කිසිවෙක් හෝ රැක නො ගනිත්” යයි කියයි. “ස්වාමීනි. පැරණි රජුන් විසින් දෙන ලදුව, රහතුන් විසින් පිළිගන්නා ලද දෙය කුමක් නිසා මොව්හු විනාස කරත් දැයි” ඇසීය. “ඇවැත්නි. ඔබ වැනි ධර්ම කථිකයකු විසින්ම) ලබා ගැනීමට (රැක ගැනීමට) හැකිවන්නේය” යි (විහාරවාසී තෙරණුවෝ කීහ) “ස්වාමීනි, මෙසේ නො කියනු මැනවි. අපි ප්‍රතිපත්ති පෙන්වා දෙන ධර්ම කථිකයෝ වෙමු, ඔබ වහන්සේ මා සංඝ සමුහය අතරෙහි අයකු ද, විහාරයෙහි උපස්ථායකයකු ද ලෙස සලකමින් ක්‍රියා කිරීමට කැමති වන්නහුදැ යි ඇසීය. කිමෙක්ද ඇවැත්නි, මෙසේ කීම කැප නො වේ, ඔබ වැන්නන් විසින්ම කියනු ලබන කල්හි අපහට උපදනේය (හෙවත් ලැබෙන්නේය) ය කීය. එසේ නම් ස්වාමීනි, ආරාම වාසීන් පැමිණි කල්හි අපට භාර කරනු මැනව, සුදුසු වන එක් දොරටුවක් ගැන කියන්නෙමි යි කීය.
සො පාතොව ගන්ත්වා, සන්නිපාතසාලායං ඨත්වා, ආරාමිකෙසු ආගතෙසු “උපාසකා අසුකඛෙත්තෙ භාගො කුහිං, අසුකඛෙත්තෙ කහාපණං කුහි”න්තිආදීනි වත්වා, අඤ්ඤස්ස ඛෙත්තං ගහෙත්වා, අඤ්ඤස්ස දෙති. එවං අනුක්කමෙන තං තං පටිසෙධෙන්තො තස්ස තස්ස දෙන්තො තථා අකාසි, යථා යාගුහත්ථා පූවහත්ථා භත්තහත්ථා තෙලමධුඵාණිතඝතාදිහත්ථා ච අත්තනොව සන්තිකං ආගච්ඡන්ති. සකලවිහාරො එකකොලාහලො හොති, පෙසලා භික්ඛූ නිබ්බිජ්ජ අපක්කමිංසු.
හෙතෙම උදෑසන ම ගොස් රැස්වන වේලෙහි සිට ආරාධිත පිරිස පැමිණි කල්හි “උපාසක වරුනි. අසවල් කුඹුරෙහි කොටස කොහිද? අසවල් කුඹුරෙහි කහවණු කොහිද? යන ආදිය කියා කෙනකුගේ අතින් ගෙන වෙනත් අයකුට අත දෙයි. මෙසේ අනුපිළිවෙළින් ඒ ඒ දෙය ප්‍රතිශෝධනය කරමින් ඒ ඒ අයට දෙමින් යම් සේ කැඳ ගෙනෙන අයද, කැවුම් ගෙනෙන අය ද, බත් ගෙනෙන අය ද, තෙල් මී පැණි, උක් පැණි ආදිය බහාලු බඳුන් ගෙනෙන ගෙනෙන අයද තමා වෙතටම පැමිණෙත් ද, ඒ අයුරින් කටයුතු කළේය. මුල් විහාරයම එකම ඝෝසාවක් (බවට පත්) වෙයි. සිල්වත් භික්ෂූහු කලකිරී ඉවත්ව යති.
සොපි ආචරියුපජ්ඣායෙහි විස්සට්ඨකානං බහූනං දුබ්බචපුග්ගලානං උපජ්ඣං දෙන්තො විහාරං පූරෙති. ආගන්තුකා භික්ඛූ විහාරද්වාරෙ ඨත්වාව “විහාරෙ කෙ වසන්තී”ති, පුච්ඡිත්වා, “එවරූපා නාම භික්ඛූ”ති සුත්වා බාහිරෙනෙව පක්කමන්ති. අයං පුග්ගලො සාසනෙ තිරියං නිපන්නතාය මහාජනස්ස පච්චයභාවං උපගතො අරියමග්ගං ඔතරිත්වා සමාධිකුල්ලෙ නිසින්නො නිබ්බානසාගරං පාපුණිතුං න සක්කොති.
ඒ තෙමේ ද ආචාර්ය උපාධ්‍යායන් විසින් අත්හැර දමන ලද අකීකරු පුද්ගලයන් බොහෝ දෙනකුට අවවාද දෙමින් විහාරය පුරවයි. ආගන්තුක භික්ෂූහු විහාර දොරටුවෙහි සිට ම විහාරයෙහි කවරෙක් වෙසෙත් දැයි අසා මෙවන් භික්ෂූන් යයි දැන බැහැර සිටම පිට වී යති. මේ පුද්ගලයා සසුනෙහි හරහට වැදහොත් (අයකු මෙන් වූ) බැවින් මහජනයාගේ ප්‍රත්‍යයන් සඳහා එළඹියේ ආර්ය මාර්ගයට බැස සමාධිය නමැති පහුරෙහි හිඳිමින් නිවන නමැති සයුරට පැමිණීමට නො හැක්කේ වෙයි.
භගවන්තං එතදවොචාති “නිබ්බානපබ්භාරා”ති පදෙන ඔසාපිතං ධම්මදෙසනං ඤත්වා අනුසන්ධිකුසලතාය එතං “කිං නු ඛො, භන්තෙ”තිආදිවචනං අවොච. තථාගතොපි හි ඉමිස්සං පරිසති නිසින්නො “අනුසන්ධිකුසලො භික්ඛු අත්ථි, සො මං පඤ්හං පුච්ඡිස්සතී”ති තස්සෙව ඔකාසකරණත්ථාය ඉමස්මිං ඨානෙ දෙසනං නිට්ඨාපෙසි.
භගවන්තං එතදවොච = (නිර්වාණය නම් වූ පර්වතා භ්‍යන්තරය” යන අරුත් ඇති “නිබ්බාණ පබ්හාර” යන පදයෙන් නිම වූ දහම් දෙසුම දැනගෙන ගැළපීමෙහි දක්ෂතාවය නිසා එතං කිං නුඛො භන්තෙ = (ස්වාමීනි මෙය කුමක් නම් වෙයිද) ආදී වචන කීය. තථාගතයන් වහන්සේ වනාහී මෙහි මුලු කාලයෙහි ම සිටියාවූ, ගැළපීමෙහි දක්ෂ වූ භික්ෂුවක් සිටිනු ඇත, හේ මාගෙන් ප්‍රශ්නයක් අසන්නේ යයි සිතා ඔහුටම අවසර ලබා දීම සඳහා මෙ තැන්හිදී දේසනාව නැවැත්වූහ.
ඉදානි ඔරිමං තීරන්තිආදිනා නයෙන වුත්තෙසු අජ්ඣත්තිකායතනාදීසු එවං උපගමනානුපගමනාදීනි වෙදිතබ්බානි. “මය්හං චක්ඛු-පසන්නං, අහං අප්පමත්තකම්පි රූපාරම්මණං පටිවිජ්ඣිතුං සක්කොමී”ති එතං නිස්සාය චක්ඛුං අස්සාදෙන්තොපි තිමිරකවාතාදීහි උපහතපසාදො “අමනාපං මය්හං චක්ඛු, මහන්තම්පි රූපාරම්මණං විභාවෙතුං න සක්කොමී”ති දොමනස්සං ආපජ්ජන්තොපි චක්ඛායතනං උපගච්ඡති නාම. අනිච්චං දුක්ඛං අනත්තාති තිණ්ණං ලක්ඛණානං වසෙන විපස්සන්තො පන න උපගච්ඡති නාම. සොතාදීසුපි එසෙව නයො.
දැන් ඔරිමං තීරං = (මෙ තෙර) යන ආදී වූ ක්‍රමයෙන් කියන ලද ආධ්‍යාත්මික ආයතන ආදීන්හි පැමිණීම, නො පැමිණීම ආදිය මෙසේ දත යුතු වේ. “මගේ ඇස ප්‍රසන්නය, මම ස්වල්ප මාත්‍ර වූ ද රූප අරමුණක් අවබෝධ කරගැනීමට හැක්කේ වෙමි,” යන මෙය නිසා ඇස ආස්වාදනය කරන්නේ ද අන්ධකාර කපාට ආදියෙන් නසන ලද ඉන්ද්රිය ප්‍රසාදය ඇති මගේ ඇස මහත් වූ රූපාරම්මණයක් හඳුනා ගෙන විස්තර කිරීමට නොහැක්කෙම් යයි දොම්නසට පැමිණෙන්නේ නමුදු ඇස නමැති ආයතනය කරා පැමිණේමය. අනිත්‍යය, දුඃඛය. අනාත්මය යන ත්රිලක්ෂණ වශයෙන් විදර්ශනාවෙන් බලන තැනැත්තේ වනාහී නො පැමිණේම ය. කන් ආදීයෙහි දී ද මේ පිළිවෙළම වේ.
මනායතනෙ පන “මනාපං වත මෙ මනො, කිඤ්චි වාමතො අග්ගහෙත්වා සබ්බං දක්ඛිණතොව ගණ්හාතී”ති වා “මනෙන මෙ චින්තිතචින්තිතස්ස අලාභො නාම නත්ථී”ති වා එවං අස්සාදෙන්තොපි, “දුචින්තිතචින්තිතස්ස මෙ මනො අප්පදක්ඛිණග්ගාහී”ති එවං දොමනස්සං උප්පාදෙන්තොපි මනායතනං උපගච්ඡති නාම. ඉට්ඨෙ පන රූපෙ රාගං, අනිට්ඨෙ පටිඝං උප්පාදෙන්තො රූපායතනං උපගච්ඡති නාම. සද්දායතනාදීසුපි එසෙව නයො.
මනස නම් ආයතනයෙහි වනාහී මගේ මනස මනාපය, කිසිවක් වමතින් නොගෙන සියල්ල දකුණකින් ගන්නේ යයි කියා හෝ මනසින් සිතන සිතන ලද මාහට අලාභයක් නම් නැතැයි හෝ මෙසේ ආස්වාදය කරන්නේ නමුදු වැරදි ලෙස සිතන්නහු හට “මගේ මනස දුන් දෙයින් සුළු දෙයක් ගන්නා එක කැයි” මෙසේ දොම්නසක් උපදවන්නේ නමුදු මනායතනය කරා පැමිණේ මය. ප්‍රිය වූ රූපය කෙරෙහි රාගය ද, අප්‍රිය වූ රුපය කෙරෙහි පටිඝය (අප්‍රසාදය) ද උපදවමින් රූපායතනය වෙත යන්නේ වෙයි. ශබ්ද ආයතන ආදියෙහි ද මේ පිළිවෙළම වේ.
නන්දීරාගස්සෙතං අධිවචනන්ති යථා හි මජ්ඣෙ සංසීදිත්වා ථලං පත්තං දාරුක්ඛන්ධං සණ්හථූලවාලිකා පිදහති, සො පුන සීසං උක්ඛිපිතුං න සක්කොති, එවං නන්දීරාගෙන ආබද්ධො පුග්ගලො චතූසු මහාඅපායෙසු පතිතො මහාදුක්ඛෙන පිධීයති, සො අනෙකෙහිපි වස්සසහස්සෙහි පුන සීසං උක්ඛිපිතුං න සක්කොති. තෙන වුත්තං “නන්දීරාගස්සෙතං අධිවචන”න්ති.
නන්දිරාගස්සෙතං අධිවචනං = යම් සේ (ජල පහරෙහි) මැද ගිලා බැස පතුලට පැමිණි දැව කඳ සියුම් වැලිතලාවෙන් වැසී යන්නේද, එය නැවත උඩට මතු වීමට නොහැකි වන්නේ ද, එසේම නන්දි රාගයෙන් (හෙවත් රාගික තෘෂ්ණාවෙන්) බැඳුණ පුද්ගලයා සතර අපායෙහි වැටෙනුයේ මහත්වු දුකකින් පෙළෙයි. හෙතෙම නොයෙක් වර්ෂ දහස් ගණනිනුදු නැවත හිස එසවීමට නොහැක්කේ වෙයි. ඒ නිසා “නන්දිරාගස්සෙතං අධිවචනං” යයි කියන ලදී.
අස්මිමානස්සෙතං අධිවචනන්ති යථා හි ථලෙ ආරුළ්හො දාරුක්ඛන්ධො හෙට්ඨා ගඞ්ගොදකෙන චෙව උපරි වස්සෙන ච තෙමෙන්තො අනුක්කමෙන සෙවාලපරියොනද්ධො “පාසාණො නු ඛො එස ඛාණුකො”ති වත්තබ්බතං ආපජ්ජති, එවමෙව අස්මිමානෙන උන්නතො පුග්ගලො පංසුකූලිකට්ඨානෙ පංසුකූලිකො හොති, ධම්මකථිකට්ඨානෙ ධම්මකථිකො, භණ්ඩනකාරකට්ඨානෙ භණ්ඩනකාරකො, වෙජ්ජට්ඨානෙ වෙජ්ජො, පිසුණට්ඨානෙ පිසුණො. සො නානප්පකාරං අනෙසනං ආපජ්ජන්තො තාහි තාහි ආපත්තීහි පලිවෙඨිතො “අත්ථි නු ඛො අස්ස අබ්භන්තරෙ කිඤ්චි සීලං, උදාහු නත්ථී”ති වත්තබ්බතං ආපජ්ජති. තෙන වුත්තං “අස්මිමානස්සෙතං අධිවචන”න්ති.
අස්මිමානස්සෙතං අධිවචනං - යම් සේ වනාහී භූමි තලයෙහි නැඟී සිටිනා දැව කඳක් යටින් ගං දියෙන් ද, උඩින් වැස්සෙන් ද තෙමෙන්නේ අනු ක්‍රමයෙන් දිය සෙවෙලින් වැසී ගියේ මෙය ගලක් ද, කණුවක් ද (යනුවෙන්) කිවයුතු බවට (හෙවත් තේරුම් ගැනීම අපහසු බවට පැමිණේ ද. මෙසේම මමත්වයෙන් නැඟී සිටි පුද්ගලයා පාංසු කූලික භික්ෂූන් සිටින තැන දී පාංසු කූලිකයෙක් වෙයි. ධර්ම කථිකයන් සිටින තැනදී ධර්ම කථිකයෙක් ද, කලහකරුවන් සිටින තැනදී, කලහකරුවෙක් ද, වෛද්‍යවරුන් සිටින තැන දී වෛද්‍යවරයෙක් ද, කේලාම් කියන්නන් සිටින තැන දී කේලාම් කියන්නෙක් ද වෙයි. හෙතෙම නන් විද නුසුදුසු දිවි පෙවෙත්වලට පැමිණෙන්නේ ඒ ඒ ඇවැත්වලින් වෙලී ගියේ මොහුගේ අභ්‍යන්තරයේ කිසියම් සීලයක් තිබේද, නො තිබේද යනුවෙන් කිවයුතු බවට (හෙවත් සැක සහිත බවට) පැමිණෙයි. ඒ නිසා “අස්මිමානස්සෙතං අධිවචනං” යී කියන ලදී.
පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනන්ති යථා හි ආවට්ටෙ පතිතදාරුඛන්ධො අන්තොයෙව පාසාණාදීසු ආහතසමබ්භාහතො භිජ්ජිත්වා චුණ්ණවිචුණ්ණං හොති, එවං පඤ්චකාමගුණාවට්ටෙ පතිතපුග්ගලො චතූසු අපායෙසු කම්මකාරණඛුප්පිපාසාදිදුක්ඛෙහි ආහතසමබ්භාහතො දීඝරත්තං චුණ්ණවිචුණ්ණතං ආපජ්ජති. තෙන වුත්තං “පඤ්චන්නෙතං කාමගුණානං අධිවචන”න්ති.
පඤ්චන්නෙතං කාම ගුණානං අධිවචනං = යම් සේ වනාහී දිය සුලියෙක්හි වැටුණ දැව කඳක් (දිය) තුළදීම ගල් ආදියේ ගැටෙමින් පුන පුනා ගැටෙමින් බිදී සුණු විසුණු වී යන්නේ ද, එසේ ම පංචකාම ගුණය නමැති දිය සුළියෙහි වැටුණ පුද්ගලයා සතර අපායෙහි වධ විඳීම් සා පිපාසා ආදී දුක්වලින් ගැටෙමින් පුන පුනා ගැටෙමින් දිගු කලක් සුණු විසුණු වූ බවට පැමිණෙයි. ඒ නිසා “පඤ්චන්නෙතං කාම ගුණානං අධිවචනං” යී කියන ලදී.
දුස්සීලොති නිස්සීලො. පාපධම්මොති ලාමකධම්මො. අසුචීති න සුචි. සඞ්කස්සරසමාචාරොති “ඉමස්ස මඤ්ඤෙ ඉමස්ස මඤ්ඤෙ ඉදං කම්ම”න්ති එවං පරෙහි සඞ්කාය සරිතබ්බසමාචාරො. සඞ්කාය වා පරෙසං සමාචාරං සරතීතිපි සඞ්කස්සරසමාචාරො. තස්ස හි ද්වෙ තයො ජනෙ කථෙන්තෙ දිස්වා, “මම දොසං මඤ්ඤෙ කථෙන්තී”ති තෙසං සමාචාරං සඞ්කස්සරති ධාවතීති සඞ්කස්සරසමාචාරො.
දුස්සීලො = සිල් නැති තැනැත්තේ. පාපධම්මො = පහත් ගති පැවතුම් ඇති. අසුචි = අපිරිසිදු සඞ්කස්සරසමාචාරො = මේ ක්‍රියාව මොහුගේ යයි හඟිමි, මොහුගේ යයි හඟිමි යනුවෙන් මෙසේ අනුන් විසින් සැකයෙන් යුතුව සිහි කළ යුතු ආචාර විධි ඇත්තේය, සැකයෙන් යුතුව හෝ අන් අය හට ආචාර විධි පවත්වන්නේය, යනුවෙන් “සඞ්ක ස්සර සම චාරො” යී යෙදේ. කතා බස් කරමින් සිටින මිනිසුන් දෙතුන් දෙනකු දැක තමාගේ දෝෂයක් කියනු ඇතැයි ඔහුට සිතෙයි. එසේ සිතමින් ඔවුන්ගේ හැසිරීම සැකයෙන් යුතුව සිහි කරයි. (ඒ අනුව ම සිතින්) ලුහුබඳියි යන අදහසින් ද “සඞ්ක ස්සර සමා චාරො” යී යෙදේ.
සමණපටිඤ්ඤොති සලාකග්ගහණාදීසු “කිත්තකා විහාරෙ සමණා”ති ගණනාය ආරද්ධාය “අහම්පි සමණො, අහම්පි සමණො”ති පටිඤ්ඤං දෙති, සලාකග්ගහණාදීනි කරොති. බ්රහ්මචාරිපටිඤ්ඤොති උපොසථපවාරණාදීසු “අහම්පි බ්‍රහ්මචාරී”ති පටිඤ්ඤාය තානි කම්මානි පවිසති. අන්තොපූතීති වක්කහදයාදීසු අපූතිකස්සපි ගුණානං පූතිභාවෙන, අන්තොපූති. අවස්සුතොති රාගෙන තින්තො. කසම්බුජාතොති රාගාදීහි කිලෙසෙහි කචවරජාතො.
සමණ පටිඤ්ඤො = සලාක (හෙවත් සීට්ටු) ගැනීම් ආදියෙහි දි විහාරයෙහි ශ්රමණයන් වහන්සේ කෙතෙක් වෙත්දැයි ගණන් ගැනීම ඇරඹීම සඳහා “මම ද ශ්‍රමණයෙක්මි, මම ද ශ්‍රමණයෙක් මියි ප්‍රතිඥාදෙයි, සලාක (හෙවත් සීට්ටු) ගැනීම් ද කරයි. බ්‍රහ්මචාරී පටිඤ්ඤො = සීල සමාදාන පවාරණ ආදියෙහි දී මම ද බ්‍රහ්මචාරී අයෙක්මියි යන ප්‍රතිඥාවෙන් ඒ ක්‍රියාවනට පිවිසෙයි. අන්තො පූති = වකුගඩු, හෘදයවස්තු ආදිය (ද්‍රව්‍යාත්මකව) කුණුනොවූයේ නමුදු (ගුණාත්මකව) කුණු වූ බැවින් “අන්තො පූති” යි යෙදේ. අවස්සුතො = රාගයෙන් තෙමී ගියේ. කසම්බුජාතො = රාගාදී කෙලෙස්වලින් කසල බවට පත්වූයේ.
එතදවොචාති ගොගණං ගඞ්ගාතීරාභිමුඛං කත්වා පරිසපරියන්තෙ ඨිතො ආදිතො පට්ඨාය යාව පරියොසානා සත්ථු ධම්මදෙසනං සුත්වා, “සත්ථා ඔරිමතීරාදීනං අනුපගච්ඡන්තාදිවසෙන සක්කා පටිපත්තිං පූරෙතුන්ති වදති. යදි එවං පූරෙතුං සක්කා, අහං පබ්බජිත්වා පූරෙස්සාමී”ති චින්තෙත්වා එතං “අහං ඛො, භන්තෙ”තිආදිවචනං අවොච.
එතදවොච = ගව රැළ ගංතෙරට යොමු කොට පිරිස් කෙළවර සිටි තැනැත්තේ මුලසිට අග තෙක් ශාස්තෲන් වහන්සේගේ දහම් දෙසුම අසා “මෙ තෙර ආදී තැන්වලට නො පැමිණීම වුව ද ප්‍රතිපත්ති පිරීමට හැකිවන්නේ යයි ශාස්තෲන් වහන්සේ දේශනා කරති. යම් හෙයකින් මෙසේ (ප්‍රතිපත්ති) පිරීමට හැක්කේ නම් මම (ද) පැවිදිව (ප්‍රතිපත්ති) පුරන්නෙමි” යි සිතා “අහං ඛො භන්තෙ යන ආදී මේ වදන් කීය.
වච්ඡගිද්ධිනියොති වච්ඡෙසු සස්නෙහා ථනෙහි ඛීරං පග්ඝරන්තෙහි වච්ඡකස්නෙහෙන සයමෙව ගමිස්සන්තීති. නිය්යාතෙහෙවාති නිය්යාතෙහියෙව. ගාවීසු හි අනිය්යාතිතාසු ගොසාමිකා ආගන්ත්වා, “එකා ගාවී න දිස්සති, එකො ගොණො, එකො වච්ඡකො න දිස්සතී”ති තුය්හං පිට්ඨිතො පිට්ඨිතො විචරිස්සන්ති, ඉති තෙ අඵාසුකං භවිස්සති. පබ්බජ්ජා ච නාමෙසා සඉණස්ස න රුහති, අණණා පබ්බජ්ජා ච බුද්ධාදීහි සංවණ්ණිතාති දස්සනත්ථං එවමාහ. නිය්යාතාති නිය්යාතිතා. ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
වච්ඡගද්ධිනියො = වසු පැටවුන් කෙරෙහි සෙනෙහසින් තන පුඩුවලින් කිරි වැගිරෙන කල්හි වනාහී පැටවූන් කෙරෙහි සෙනෙහසින් තුමුම යන්නෝය. නිය්යාතෙ භෙව = නික්මවන ලද්දවූන් විසින්ම යන අරුතයි. ගම දෙන්නු නො යවනු ලැබු කල්හි ගව හිමියෝ පැමිණ, එක් ගව දෙනක් පෙනෙන්නට නැත, එක් ගොනෙක්, එක් වස්සෙක් පෙනෙන්නට නැත ආදී වශයෙන් ඔබගේ පිටු පසින් ඇවිදිත්. මෙසේ ඔබට අපහසුතා ඇතිවන්නේය. මේ පැවිද්ද වනාහී ණය කරුවකුට නො ලැබේ. ණය නැති අයටම ලැබේ. එසේ වූ පැවිද්දෝ නුවණැත්තන් විසින් බැහැර නො කරන ලදහ, බුද්ධාදී උත්තමයන් විසින් ද වර්ණනා කරන ලදහ. (ඒ පැවිද්දන්) දැකීම පිණිස මෙසේ කීය. නිය්යතා = නික්මවන ලද්දාහු මේ සූත්‍රයෙහි සසරෙහි පැවැත්ම හා නිවන ගැන කියන ලදී.